Tuesday, November 11, 2014

හදවත ම සුවිසල් අහසකි..



සියතින්ම සිඳගත්
පියපත් ය
පිය හඹන්නට
නිදහසේ
අහසක් නොවන සඳ
පියපත් කුමකට ද...


හුදකලාවම
ඇවිද යමි හෙමිහිට
හිස ගිනි ඇවිළි
දන නඟන මැසිවිලි
රැව් නැඟෙන මාවතක.....

නුරා ගිනිදැල් සඟවන
ප්‍රේමයේ උණුහුම ම
ඉඟි කරන
මී මැසි බඹර සමනල
විහඟ බලමුළු
පියපත් සිඳුණු
කිරිල්ලකැයි
මහත් වූ කම්පාවෙන්
අත්තටු පළන්ඳන්නට
පෙළ ගැසෙන....

ණයට ගත් පියාපත්
කුමකටද මට
හදවත ම සුවිසල්
අහසකි.....
තනිකම ද
මුනිවර සැනසුමකි...

6 comments:

  1. අපුරු කවියක් තරු අක්කෙ මොකෝ මේ තරගයක් වත් තියේද පෝස්ට දමන. ඈ.........................
    හී.................
    ජයවේවා

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක්.... !!!

    ReplyDelete
  3. \\ පියපත් සිඳුණු
    කිරිල්ලකැයි
    මහත් වූ කම්පාවෙන්
    අත්තටු පළන්ඳන්නට
    පෙළ ගැසෙන....\\ මේ වගෙ මී මැසි බඹරු නම් දැන් හැම තැනම නේද? හිහ් හිහ්.. අදහසත් පබැඳුමත් දෙකම අගෙයි තරූ.. ජය ශ්‍රී!

    ReplyDelete
  4. ලස්සන අදහසක් අක්කේ...

    ReplyDelete
  5. ඇත්තනේ තරු අක්කේ විසල් අහසේ සිතුසේ නිදහසේ පියඹා යන්න බැරි නිසානේ තටු කපා ගත්තේ,ඉතින් ඒ අහසේම ඉගිල්ලෙන්න කාගෙවත් අත්තටු මොකටද ණයට?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...