Thursday, November 13, 2014

‘‘කමු සහ කෑමට ඉඩහරිමු.” වර්ගයේ රෙජීමයක්.


මේ රෙජීමය හැර තවත් මේ වර්ගයේ රෙජීමයන් තිබේද?

අපෝ ඕන තරම් තිබේ.

මට එවැනි රෙජීමයක් හමුවුණා පොතක. ඕහ්.. හරිම භයානකයි. දුෂ්ටයි. පිළිකුල්සහගතයි. තියෙන ලොකුම ඛේදවාචකය තමයි කැඩපතක් වගේ ඒ පොතින් මා ඇතුළු අපේ පොදු ජනතාවත්, අපේ රෙජීමයත් පැහැදිලිවම දකින්න සලස්සන එක. එහෙම දැනෙන්නෙ ඉතින් දේශද්‍රෝහී හිතකටම තමයි. ඒත් මක් කරන්නද? දේශප්‍රේමී විදියට හිතන්න හැදුවට ඒක සිද්ද වෙන්නෙම නැහැනෙ. දේශප්‍රේමී සමානයි රාජපක්ෂ ප්‍රේමී කියල මතක් වෙද්දි ඔක්කාරෙට එන්න වගේ.

පොත ගැන වැඩි දෙයක් කියන්න අදහසක් නෑ. පසුවදනෙ මේ සටහන කියෙව්වම සමස්තය හිතා ගන්න පහසුවේවි..

‘‘රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සඳහා පොදු ජන නියෝජිතයන් පත් කර ගනුයේ බහුතර ඡන්දයෙනි. ඒ අය ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටිනුයේ පත්වන තෙක් පමණි. ඉන්පසු ඔවුන් ජනතාවගේ පාලකයන් බවට පත්ව පොදු ජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක් රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජීවිත ගත කරති. දේශයේ හිමිකරුවන් බවට පත් වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපළද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල්වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩගසා තබති.

ජනතාව මේවාට එරෙහි වන්නට නොදනී. මන්දයත් ඔවුන්ගේ නැණැස් පෑදී නැති බැවිනි. ඔවුන් සිතන්නේ කවුරු ආවත් කන එක නවත්වන්න බෑ කියා ය.

The Man of the People - Chinua Achebe
පොත ජන පුරිසෙක්... පරිවර්තනය එස්. නන්දලාල්

සමාජ ආර්ථික බලය පවත්ව ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාරයක් සහ යහපාලනයක් කියන්නෙ අහසයි පොළවයි තරම් දුරස් දෙයක්.  ඒකාධිපති පාලනයක් අවසන් කරන එක පහසු කටයුත්තක් නෙවෙයි. පාලක පන්තියට ආශිර්වාදයක් වෙන්නෙම ජනතාවගේ නිද්‍රාශීලීබව. ඒත් කවදා හරි සමාජ විප්ලවයක් වේවි කියන සිහිනය මනුෂ්‍යත්වයට ආදරය කරන කා තුළත් තියෙනවා. ජන පුරිසෙක් කතා කරන්නෙත් ඒ ගැනයි.  

පොතෙන් එහාට යමු.

හරි තීරණාත්මක මොහොතක් මේ ලංකාවට.

චිනුවා අචිබෙගේ කෘතියෙහි එන අප්‍රිකානු දේශයේ වැසියන් හා සමානයි අපිත්. කිසිම වෙනසක් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන බොහොම අහිංසක ජනතාවක්. අහිංසකකම කොයි තරම්ද කියනවනම් තමන්ගෙ බෙල්ල කපාගෙන යනකල් වුණත් එයාල ඉවසාගෙන ඉඳියි. එහෙම ජනතාවක් එක්ක ඒකාධිපති පාලනයකට අභියෝග කරන එක ලේසි නැහැ.

ඉතින්, අළුත් පොදු ජනතාවක් පත් කරගැනීම තමයි අප හමුවේ තියෙන විශාලම අභියෝගය. ඉතාම සුළු වාසියට තමන්ගේ ආත්මයත් මුළු මහත් දේශයත් පාවාදෙන්න පුළුවන් ජනතාවක් ඉන්න රටක අනාගතය හැමදාමත් අනතුරේ.

මගේ පෞද්ගලික අදහස නම් මේ මොහොතෙදි විපක්ෂය, සියලුම වාමවාදී ව්‍යාපාර, සමාජ ව්‍යාපාර එක්තැන් විය යුතුයි. ඒ එක්තැන් වීම හරහා විතරයි අපට ලාංකීය සමාජයේ නිදිගැට බිඳින්න පුළුවන් වෙන්නෙ. අළුත් පොදු ජනතාවක් ඒකරාශී කරගන්න පුළුවන් වෙන්නෙ.

තනි පුද්ගලයෙක්,පවුලක් හෝ බලලෝභී කණ්ඩායමක් අතට බලය ලබා දෙනු වෙනුවට ජනතාවට සහ මනුෂ්‍යත්වයට වග කියන පිරිසක් බලය ලබා ගෙන මේ රටේ යහපත් වෙනසක් ඇති කරනවනම් අපි හදවතින්ම කැමතියි. ආරම්භයේ ඉඳන්ම පොදු අපේක්ෂකයෙක් කියන කාරණය දිහා අපි දෑස් දල්වන් බලන් ඉන්නෙ ඒ නිසයි.  

රාජපක්ෂ රෙජීමය පරද්දන එක තමයි මේ මොහොතෙ අත්‍යවශ්‍යම දේ. ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. ඉගුරු දීලා මිරිස් අරන් විඳවන අපි ඊළගට ගන්නෙ කොච්චිද?

ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්. ආත්මාර්ථයම මිස පරාර්ථය ලාංකීය දේශපාලනයෙ ගෑවිලාවත් නැහැ. ඒ නිසාම සාධාරණ බියක් අපිට තියෙනවා. ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ලිබියාව ඉතාම මෑත බුර්කිනා ෆාසෝ වගේ රටවලට අත්වුණු ඉරණම අපේ රටටත් අත් වෙනවට අපි කැමති නැහැ.

ඒ නිසා විපක්ෂ බලවේගවල එකමුතුව, ස්ථාවරබව, ප්‍රතිපත්ති ගැන අපි අවධානයෙන් ඉන්නවා.

මේ මොහොතෙදි දේශද්‍රෝහී පොදු ජනතාව විදියට අපිටත් පුංචිම හරි වැඩ කොටසක් කරන්න පුළුවන්. අඩුම තරමේ ‘‘මහින්දට නැතිව වෙන කාට හරි ඡන්දෙ දෙන්න. කියල තමන්ගෙ වටේ ඉන්න අයගෙන් ඉල්ලීමක් කරන එක.


ඒ වෙන කවුද කියල නිශ්චිතවම කියන්න පුළුවන් වෙන්නෙ මේ මොහොතෙදි විකල්ප බලවේග ගන්නා තීරණය අනුව තමයි. එය අප හැමටම පිළිගත හැකි රටට යහපතක් වන තීරණයක්ම වේවා කියල ප්‍රාර්ථනා පෙරදැරිව අපි බලන් ඉන්නවා. 

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? 

12 comments:

  1. හැමෝම එකතු උනොත්... බොදු බල සේනා අර සේනා මේ සේනා චොර වෙලාම යනවා..

    ReplyDelete
  2. ජහමනතාව කවදා තේරුම් ගනීද පොත් පිට පොත් ගැහුවත්.

    ReplyDelete
  3. හම්බුනොත් ගන්න ඕන.. වැඩේ කියන්නෙ අපි ළිදේ දාපු ඉබ්බො වගේ කුරුණුගලින් යන්නම විදියක් නෑ ගියත් කලුව මාරපං ගියා වගේ උට වැඩකුත් නැ මට වැඩකුත් නෑ එ්ත් කවුරු හරි ඇහුවොත් කොහෙද යන්නෙ මල්ලෙ දෙල් වගේ කතාවක්...
    හරියට මේ කමෙන්ටුව වගේ

    ReplyDelete
  4. //ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්//

    සීයට සීයක් ඇත්ත. අපි රජ්ජුරුවෝ කුදලං ගිහිං නැවට පටවලා සුද්දන්නට යටවුණු ජාතියක් නොවැ.. අනික් අතට මිනිහා මැරුණ ගෑණූ කීයකට පව් කියලා රට දුන්නා ද?? යකෝ වෙන දෙයක් නම් කමක් නැහැ.. රට දුන්නේ... අඩන ගෑණුන්ට රට දෙන ජාතියක් අපි..... තව මොන කතාද????

    ReplyDelete
  5. ඇත්තෙන්ම අපේ පාලකයෝ දකිද්දී මට මතක් වෙන්නේම චිනුවා ඇචිබේ මවන නයිජීරියාවමයි

    ReplyDelete
  6. / මේ මොහොතෙදි දේශද්‍රෝහී පොදු ජනතාව විදියට අපිටත් පුංචිම හරි වැඩ කොටසක් කරන්න පුළුවන්. අඩුම තරමේ ‘‘මහින්දට නැතිව වෙන කාට හරි ඡන්දෙ දෙන්න.”කියල තමන්ගෙ වටේ ඉන්න අයගෙන් ඉල්ලීමක් කරන එක. /

    පොදු අපේක්ෂකයෙක් එනවනම් කවුරු උනත් එයාට ඡන්දෙ දෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඊට පස්සෙ තිබ්බටත් වැඩිය වැඩේ සවුත්තුවෙයිද? අරකද? මේකද? ඔය පස්මහ බැලුම් බල බල ඉන්ට ගියොත් මේ මනුස්සය අයින් කරන්ට වෙන්නෙ නෑ. ඒ නිසා මූලික කර්තව්‍යය වෙන්ට ඕන මෙතුමා පරාජය කිරීම.

    ඔබේ සටහනට ස්තූතියි තරුරසී....

    ReplyDelete
    Replies
    1. රවී.......මචං මට කවුරුහරි පිහියෙන් අනින්න ආවොත් , මම දුවලා දුවලා ගිහිල්ලා ලඟම තියෙන්නේ ලේඩීස් ටොයිලට් එකක් නම් ඒකට ගිහිල්ලා හරි දොර ලොක් කරගන්නවා. ඊට පස්සේ එන ගැටලුව බේරගන්න පුළුවන්. මේ වෙන්නෙත් ඒ වගේ වැඩක්. ජනතා පරමාධිත්වයට පිහියෙන් අනින්න පස්සෙන් පන්නනවා. අපි ටොයිලට් එකේ බෝඩ් බල බල ඉන්නව. මේ මොහොතේ කලයුතු දේ වටහාගන්නේ නැතුව, න්‍යායයේ දිග පළල මනිනවා.

      Delete
  7. //තනි පුද්ගලයෙක්,පවුලක් හෝ බලලෝභී කණ්ඩායමක් අතට බලය ලබා දෙනු වෙනුවට ජනතාවට සහ මනුෂ්‍යත්වයට වග කියන පිරිසක් බලය ලබා ගෙන මේ රටේ යහපත් වෙනසක් ඇති කරනවනම් අපි හදවතින්ම කැමතියි. //

    එහෙම පිරිසක් නැති එකනේ අවුල

    ReplyDelete
  8. රවී අයියා උඩින් ලියල තියෙනව වගේ.. මේ වෙලාවේ පොදු සතුරා පරාජය කරන්න ගේන මොකක් නමුත් විකල්පයකට සහය දිය යුතුම වෙනවා.. ඒ හරහා තමයි ඉදිරි වැඩපිළිවෙලවල් සියල්ලක්ම තීරණය විය යුත්තේ..

    තරූ ඔබේ ලියවිල්ල වගේම එය ලිවීමට තිබූ ආත්ම ශක්තියටත් ගරු කරනව.. ජය ශ්‍රී

    ReplyDelete
  9. මම හැමදාමත් පාලක රෙජීමය අර්ථ දක්වන විදියේ දේශද්‍රෝහීයෙක්, සමුල ඝතන සමරන බලයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට සංවේදී නායකයෙක් කියන්න තරම් රට පහත වැටිලා.

    අපේ මුළු සමාජෙම නිර්වින්දනය වෙලා ඉන්නේ තමන්ට වෙන හානිය ගැන වැටහීමක් නැති,වැටහිමක් තිබ්බත් ඒ ගැන තැකීමක් නැති තරමට මිනිස්සු තරු අක්කා කියනවා වගේ නිද්‍රශීලි වෙලා.හැබයි මේ තත්වය හැමදාම තියෙන්නේ නැහැ.හැමෝම එක පොදු අරමුණක් තුල එකතු වුනොත් අපිට මේ රට,සමාජය ව්‍යාජ දේශප්‍රේමින්ගෙන් බේරා ගන්න පුළුවන්.මේ වගේ පොත් තවත් සමාජ ගත කලයුත්තේ ඒ නිසයි.

    ReplyDelete
  10. //////මගේ පෞද්ගලික අදහස නම් මේ මොහොතෙදි විපක්ෂය, සියලුම වාමවාදී ව්‍යාපාර, සමාජ ව්‍යාපාර එක්තැන් විය යුතුයි. ඒ එක්තැන් වීම හරහා විතරයි අපට ලාංකීය සමාජයේ නිදිගැට බිඳින්න පුළුවන් වෙන්නෙ. අළුත් පොදු ජනතාවක් ඒකරාශී කරගන්න පුළුවන් වෙන්නෙ.////////////

    මේ රෙජීමය හා සම්බන්දව මමත් කියන්නේ මෙන්න මේ ටිකම තමයි දන්න දවසේ ඉඳන්. මේක තමයි වියයුත්තේ. අහක යන කාටවත් වැඩක් නැති නැටිවලින් අල්ලගෙන මේ ගමන වලක්වන්න හදන එක තමයි දේශද්‍රෝහිත්වය.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...