Wednesday, November 26, 2014

උකුත් වන සුයාමය.......



කුරුසියකි
උර මත
සැබවි...
ප්‍රේමණීය ය
එය...
රිදුමකි අපමණ
ළය
නමුදු,
උහුළනු හැකි ය..

සීමොන්
අනවැසිය
අත්වාරු
හිත්වාරු

හුදකලාවම
මනරම් ය
කපාල දුර්ගය
නොතරම් ය...

උකුත් වන
සුයාමය
ස්නේහයේ
නිවීම ය
ස්වර්ගීය තානය
හද සිඹින
යාමය.........


3 comments:

  1. කවිය හොදයි
    ඒත් වචන මං කීවෙ පාරිභාෂික වචන නොතේරෙන එකයි අවුල...

    ReplyDelete
  2. //'හුදකලාව මනරම්ය' //

    ඇත්ත කියලා මේ ටිකේම හිතුණා...:D

    ReplyDelete
  3. බරයි කුරුසිය
    නමුත් කම් නැත
    දැනෙයි සැනසුම දුක උහුලනා විට

    හඬයි හදවත
    කඳුළු නැතුවම
    නමුත් කම් නැත
    හුදකලාවේ ඉඳිමි තනියම

    නොවේ අත්වාරු
    ඇත ගිර තරණයට
    නමුත් කම් නැත
    බලා සැනසෙමි පොළව මත හිඳ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...