Wednesday, November 19, 2014

පැටලී හිඳිමි...



බිඳිනු නොරිසි ය
විසිතුරු ය
එතරම් ම
ඔබ වියූ මේ දැල...

සිඳී යන්නට
පණනල එහි ම
ඉඩහරිමි
නිසල වෙමි....



ගොදුරු කර ගන්නෙද
දැදුරු හද
මැදුර කරගන්නද
ගොදුරු බිම...



2014.11.19

8 comments:

  1. වියුවේ දැල ගොදුරු කරගන්න නොවේ ඔබ
    හසුවුනත් ඔබ මා වියු දැල් වලට
    ඇවසි නම් බිඳලන්න මා වියු දැල් පට
    සොඳුර ඔබ ගොදුරක් නොවේ මට කිසිම ලෙස

    ReplyDelete
    Replies
    1. මනෝජ් මල්ලිත් කවියෙක් වෙලානෙ.. සතුටුයි.

      Delete
  2. සමහර වෙලාවට එහෙමත් වෙනව නේද. ජීවිතේ මොනතරම් අසීරුද ඒ වගේ මොහොතක.

    ReplyDelete
    Replies
    1. ඕනෑම අසීරු මොහොතක් නික්ම ගියාට පස්සෙ ඒක තවත් අත්දැකීමක් විතරයි.

      Delete
    2. එහෙම හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද.

      Delete
  3. දැන් ඉතින් අහුවෙනකල් බලං ඉන්න තමයි තියෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.... මකුළුදැලක පැටළුණු සලඹයෙක් දැකල හිතට ආව අදහසක්...

      Delete
  4. //ගොදුරු කර ගන්නෙද
    දැදුරු හද
    මැදුර කරගන්නද
    ගොදුරු බිම...// අපුරුයි!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...