පිටු

Saturday, May 16, 2015

ප්‍රේමයේ දහම හෙවත් සොබාදහම




‘‘පාරිසරික දෙව් දහම එයයි අදට නියමිතව පැවති විමුක්ති දේව ධර්මය පාඨමාලාවේ විෂය.. අරාධිත දේශක මහින්ද නාමල්... නාමල් අයියා...

කතා බහ ඇරඹෙන්නට පළමුව ඇරයුමක්.. ‘‘හැමෝම එන්න එළියට.. මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් බිමේ පන්ති කාමර සහිත ශාලාවන් තියෙන්නෙ විසල් හරිත තණ පලසක් වට කරගෙන.... ඉපැරණි බව කොතෙක්දැයි සිතිය නොහැකි දාර කඳන් සහිත මාර ගස්වල හෙවණ ලබමින්..

‘‘සෙරෙප්පු ගලවල පැත්තකින් තියල.. ටිකක් තණ බිස්සෙ ඇවිදල එන්න..‘‘ 

අපි හෙමිහිට තණබිස්සෙ ඇවිද්දා. නිස්කලංකව... දෙපතුළට දැණුනු සිහිල විඳගනිමින්.. උදෑසන සුළං රැළි පහස විඳිමින්..

ඒ අතර විදුහල් බිමේ වැඩපල කරන මාමා කෙනෙක් ළං වෙලා මෙහෙම ඇහුවා. 

‘‘මොනවද නැති වෙලාද.. මේ හොයන්නෙ?‘‘ එක්වනම හිතාගන්නට බැරිවුණත් අපි හැමදෙනාම උන්නෙ තණබිස්සෙ බිම බලාගෙන හෙමිහිට ඇවිදිමින්.. කතාවෙ අරුත හැඟුණෙ ඒ බව දුටුවමයි. 

‘‘මොනවත් නැති වුණේ නෑ අංකල්, මේ අපේ පන්තියෙ ක්‍රියාකාරකමක්..‘‘ මං හිනැහිලා කිව්වා.

පසුව මේ අත්දැකීම නාමල් අයියට කිව්වම ඔහු කිව්වේ මෙහෙම කතාවක්.. 

‘‘කියන්න තිබුණෙ නැති වුණ දෙයක් තමයි හොයන්නෙ කියල...

නැති වුණ දෙය........ ම් ඇත්ත නේන්නං..

අපි මේ හොයන්නෙ සොබාදහමත් එක්ක නැතිවුණ සම්බන්ධතාව.. සහජීවනය.. ආදරය...

LOVE WITH NATURE

............

මහින්ද නාමල් සොයුරා විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම කෘතිය එළිදැක්වීම ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙයදි පැවැත්වෙනවා. 

අදහස් දක්වන්නේ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා.. 

හරිත හිසක් - හරිත හදක් ඇති කිතුනුවකු වීමට උපතක් ඇති කරන කතිකාවක් යන තේමාව ඔස්සේ මේ සංවාදය මෙහෙයවනු ඇති... 

පරිසරයට ආදරය කිරීම, ගරුකිරීම, රැකගැනීම, වැඩිවර්ධනය කිරීම බයිබලීය දේව ධර්මය සමඟ විග්‍රහ කරමින් පාරිසරික දෙව්දහමක් ගොඩනඟන්නට මේ දරන වෑයම ලාංකේය කතෝලික සභාව තුළ ආරම්භක පියවරක් වනු ඇති සේම ඒ සඳහා හොඳ මඟපෙන්වීමක්ද වනු ඇති නිසැකවම..

සොබාදහමේ දෙව් දහම පිළිබඳ සංවාදයට ඔබ සැමට සුහද ඇරයුමයි මේ...


5 comments:

  1. හොඳ වැඩක්. පරිසරය සුරකින්න, පරිසරයට ආදරය කරන්න මිනිස්සු විදිහට අපි හැම දෙනාම පුරුදු වෙන්න ඕනෙ. ආගම කුමක් වුවත් අදාළ ආගමික පරිසරයෙනුත් ඒකට සහයෝගය ලැබෙන එක හොඳ දෙයක්. ඒ වගේම වෙන්න ඕන දෙයක්.
    ජය වේවා!!!

    ReplyDelete
  2. Nature Lovers කියල FB එකේ යන ක්‍රියාකාරකමත් මේකෙම දිගුවක් නේද? මෙහෙයවන්නේ කවුද කියන එක මතක් කරේ නැත්තෙ ඇයි ;)
    කිතුණුවන් නොවන අයට එන්න බාදාවක් නෑ නේද? දැනටනම් තියෙන විදියට එන්න පුළුවන්..

    ReplyDelete
  3. ඉඩක් ලදොත් අනිවාර්යෙන්ම එනවා.

    ReplyDelete
  4. අක්කා මේ පේජ් එකට මාවත් දාලා තිබුනනේ.. මම බැළුවා.. හුඟක් හොද වැඩක්.. ජය වේවා!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...