පිටු

Thursday, June 18, 2015

අපර්ණා


‘‘අපර්ණා.........
නවතින්න තිබුණා ඔයාට‍.......

කොතෙක් සුවිසල්
වුණත් ලෝකය
උන්නෙ මට මම විතරම බව
දැන උන්නෙ නැහැනෙ
ඔයා තරම් වෙන කවුරුත්ම....

ප්‍රේමයම පිරී ඉතිරෙන
ඔය දෑස තරම්
ජීවිතය කියා දුන් අන් යමක්
නොවූ වග
ලියන්නට බැරි වුණා තමයි මට...


අපර්ණා,
නවතින්න තිබුණා ඔයාට
යා යුතු ම ගමනක් වුණත්
මේ තරම් කළින්
නොයා යුතු ව තිබුණා...

අපූ....‘‘



සත්‍යජිත් රායි ගේ සුන්දර සිනමා කාව්‍ය ය.. අපූර් සංසාර් ඇසග රැන්දූ සීතල කඳුළක් සමඟ.......

8 comments:

  1. අපූර්ව..
    ඔව්.. නවතින්න තිබුණා නම් මට..

    අදටවත් දන්නෙ නෑ
    සුවිසල් බවක් ලෝකය...
    නෙතු මිණිය හැකි රේඛාවේ
    ඔබම පමණයි හිටියෙ හැමතැන...

    අහගෙනම උන්න මං
    අහම්බෙන් තෑගි ලද මහඟු වස්දඬු රාවය...
    පැතුම් පොඩි කුස තියන් යද්දිවත්
    දැන උන්නෙ නෑ නැවත හමු නොවන බව...

    නවතින්න තිබුණ නම් මට
    තුන්පත් රෑන'තුර ඇතින්නියව...
    අනේ නැත්නම් කිසි දිනෙක
    මුණ නොගස්වා ඉන්න තිබුණා දෛවයට...

    මීට

    අපර්ණා :'(

    ReplyDelete
    Replies
    1. දෙයියනේ වචන නෑ.........

      එතරම්ම සොඳුරුයි.. ආදරණීයයි.. හරියටම අපර්ණා ස්වර්ගයේ ඉඳන් පිළිතුරු කවියක් ලීව වගේ...

      Delete
    2. අපර්ණා,
      නවතින්න කිව්වත් මම
      දන්නවා ඔබ නොනවතින බව

      නොදන්න බව කිව්වාට
      ලෝකය විසල් බව
      නුඹ දන්නවා නේද දෑසටත් වඩා
      මගේ ලෝකය විසල් බව

      දෛවයට දොස් නගනු කීම
      හැරදමා මා යන්න ගිය නුඹ...

      (මේ අපුර්වගේ කතා ත්‍රිත්වයේ මුල් පොත් දෙක නම් කියවලා මගේ ළඟ තියෙනවා,හැබැයි තවම අන්තිම පොත කියවලා නැහැ.චිත්‍රපටියනම් කොහෙත්ම බලලා නැහැ.දෙවැනි පොතෙන් පස්සේ මට හිතුනේ අපුර්වට ලීලා හම්බු වේවි කියලායි.)

      Delete
    3. අයියල මල්ලිල ඔක්කොම දැන් ලස්සනට කවි ලියනවා....

      Delete
  2. දැනම හොදටම ලියලා

    ReplyDelete
  3. ඇත්තටම හුඟක් ලස්සනයි. කවිය වගේම පිළිතුරු කවියත් නියමයි. මමත් පුංචි කාලේ ඉඳන්ම කැමති පොත් තුනක්. චිත්‍රපටිය නම් බලල නෑ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි තුනමත් ලස්සනයි...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...