පිටු

Wednesday, November 9, 2016

පෙම්වතී මා සාලමොන් පෙම් කතාවේ


පෙම්වතී මා
සාලමොන් පෙම් කතාවේ
මුවැත්තියනේ ඇලුම් පානා
පෙම්වතී මම වෙම්
සාලමොන් පෙම් ගීතයේ...

නැහැවෙමී ඔබ සුමිහිරී හාදුවෙන්
විතක මී මධු ඉහිරෙනා ස්නේහෙන්
සුවඳ වෑහෙන මපෙම්වත නාමෙන්
කල්පයක් වුව අසුරු සැණෙකිය
ප්‍රේමයේ ආරම්මණේ...

ඇසි පියන් යට ගුළිගැහුණු හීනයේ
මුව පොව්වකු සේ කඩිනම්ව ඒ
සිසිරයේ අවසන් සුසුම් අතරේ
ෂාරොන්හි සෙව්වන්දි පූදින
ප්‍රේමයේ වස්සානයේ...


( ගේය පද රචනා ලෙසින් ගිනිය හැකි නිර්මාණ මා අතින් ලියවී ඇත්නම් ඒ අල්පයයි. මේ නිර්මාණයට පාදක වුණේ බයිබලයේ සලමොන් ප්‍රේම ගීතාවලිය..)


6 comments:

  1. මා දැන සිටියේ සාලමන් ෆොන්සේකා ගැන විතරයි. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. බයිබලයේ ප්‍රේම ගීත් කියවල බලන්නකො එහෙනම්.

      Delete
  2. බයිබලයේ සිංහල පරිවර්තනයක් මෙතන තියනවා.

    http://bsceylon.org/sinhala_bible/CBS/OT/SNU-22SNG/b22_Chapter1.html

    ReplyDelete
  3. මට මතකයි මිට කාලෙකට කලිනුත් තරු අක්කා "ෂාරොන්හි රෝස මල" ගැන ලිව්වා විත්තියක්.

    ReplyDelete
  4. ලස්සනයි තරූ, "ආරම්මණේ" කියන වචනේ තේරුම මොකද්ද...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...