පිටු

Thursday, July 12, 2012

තනි තරුවක් නිවී දිලෙයි....



තනි තරුවක් අහස් ගැබේ
දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

කෑලි කපන ගණ අුරේ
බියකරු බව මකාලන්න
මුසලබව මකාලන්න
අපමණ වෙහෙසක් දරමින්

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

නොහැකි නමුත් අුරු තිරය
ඉරා දමා එළිය දෙන්න
සැව නොයා වළා අතර

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

පැවරුණු කාරිය අකුරට
ඉටු කරමියි සිතා සිතින්
තනි තරුවක් අහස් ගැබේ

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හැදෑරුව නිසා නාට්‍ය පිස්සුවක් හැදිලා තිබුණා.. අපේ ගම් පළාත්වල වේදිකා නාට්‍යයක් දකින්න ලැබෙන්නෙ හාවා හ දකින්නා වගේ තමා... ඉතින් ඒ අඩුව මකා ගන්නත් එක්ක වේදිකා නාට්‍ය අත් පිටපත් ‍කියෙව්වා ගොඩාක්...  හෙන්රික් ඉබ්සන්ගේ Public Enemy ( ජන හතුරා ) කියෙව්වම දැණුනු හැීම් තමයි මේ විදියට  කවියක් විදියට සටහන් උණේ... කවියට යටින් මම මෙහෙමත් ලි‍යල තියෙනවා....

'' ඔහු සමාජ සාධාරණය ඉල්ලා ලෝකය හමුවේ හ නැගුවේය. ලෝකයා සවන් වසා ගත්හ. දෙනෙත් වසා ගත්හ. එනමුත් ඔහු කිසිවිටක පසුබට නොවීය''

මේ වගේ දිලෙන තරු මහ‍ ගොඩක් ඕනෙ දැන් අපේ ලෝකයට... එහෙම නේද? 

20 comments:

  1. හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... හැමදාමත් මගේ ලිපි බලන මුල් අය අතර ඔයා ඉන්නවා...

      Delete
  2. අපි සාමාන්‍ය පෙළටයි නාට්‍ය හා රංග කලාව කළේ :)

    ReplyDelete
  3. ලස්සන අර්ථවත් කවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී... මේ කවියත් 96 ලියපු එකක් තමයි...

      Delete
  4. ඔව් අපේ ලෝකෙට මේ දිලෙන තරු ඔනේ..හුගක් ලස්සන කවිකමක්....

    ReplyDelete
    Replies
    1. තරු වගේ යහපත් සිතුවිලි, අරමුණුවලින් බැබළෙන තරු අපට ඕනෙ... එහෙම තරුවක් වෙන්න අපිත් උත්සාහ කරන්න ඕන.. ස්තුතියි ඔයාගෙ අදහසට

      Delete
  5. කවියෙන් කියවෙන් එකම තරුවත් ඇති අඳුරට එළිය දේ නම්. මොකද අඳුරේ සිටිනවාට වඩා ලද එළියෙන් විශාල ආලෝකයක් ලැබිය හැකි නිසා.

    ජන හතුරා කෘතිය කියවා අදහස කවියට නැගූ හැටි කදිමයි. ඒත් කවියේ දෙවන කොටසේ
    " මුසලබව මකාලන්න
    අපමණ වෙහෙසක් දරමින්"

    මේ කොටස නොකියා ඒ අදහසම වෙනත් අකාරයකින් තවත් ටිකක් නිර්මාණාත්මකව කිව්වානම් හොඳයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නම් අයියේ... මේ කවි ලියන කාලෙ මට හිතෙන්නෙ මගේ කවි බස ඒ තරම් ගොඩ නැගිල නැහැ... ඒත් දැන් නම් මේ තරම් වත් ලියා ගන්න බැරිද මන්ද? ලිපිගොනු, ප්ර ගති වාර්තා, රැස්වීම් , පැය අටේ සේවය අතර කවි ගඟුග හිඳිල ව‍ගේ......

      බලන්න මේ විදියට හොඳඳ කියල....
      රුදුරු සපුන් ඇස් දල්වන
      කෑලි කපන ගණ අඳුරේ
      නිලංකාර නොවී ඉන්න
      අපමණ වෙහෙසක් දරමින්

      Delete
    2. අන්න නියමයි තරූ.. ලස්සන කවියක්.. අර දයානන්ද සහෝදරයා කියපු තැන ඇරෙන්න අනිත් හැම වචනයක්ම ව්‍යංගාර්තයෙන් කියලා තියෙනවා.. දැන් ඔයා ලියලා තියෙන කොටස් නියෙමෙට ගැලපෙනවා.. :) ජය වේවා..

      Delete
  6. දයානන්ද අයිය කිව්ව වගේ කවියේ තියෙන අනිත් යෙදුම් එක්ක "මුසලබව මකාලන්න
    අපමණ වෙහෙසක් දරමින්" කියන කොටස තරමක් නොගැලපෙන බවක් තියෙනවා.හැබැයි එකෙන් කවියට පොඩි රැඩිකල් ගතියකුත් එකතු කරනවා!
    ලස්සනයි අදහස!

    ReplyDelete
    Replies
    1. පුංචි මල්ලි බලන්නකෝ උඩින් තියෙන විදිය හොඳඳ කියල..... රැඩිකල් නම් මං දන්නෙ නැහැ.. ඒත් වඩා යහපත් ලොවක් කියන අදහස නිතරම මගෙ හිතෙත් කැරලි ගහනවා... ස්තූතියි මල්ලි ඔයාගෙ අදහස්වලට... සතුටුයි ඔයාව අඳුන ගන්න ලැබුණට....

      Delete
  7. ලස්සනට ගලපලා තියෙනවා..
    පට්ට!!!!!!!!!!!!

    ReplyDelete
  8. මට ඕන එකම එක තරුවක්. හැබැයි ඒක කඩා වැටෙන එකක්. එළිය ලබන්න නෙවෙයි හිතේ තියෙන පැතුම ඉටුකරලා දෙන්න කියලා ඉල්ලන්න.....

    ReplyDelete
    Replies
    1. කඩා වැටෙන තරු දිහා බලන් ඉන්නෙ මොකටද? මෙතෙක් කලක් උණා වගේ ඔයාම තරුව වෙන්න.. මට නම් ඔයා තරුවක්.. කඩා වැටෙන තරුවක් නෙවෙයි.. බබළන එළිය දෙන තරුවක්...

      Delete
  9. තනි තරුවේ ගීතය මතක් වුනා..

    'ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතන ඉන්නවා'


    -හරී

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ගීතයක්... දෙතැනක හරි කමක් නැහැ.. තරු දිලෙනවනම් කඩා නොවැටී...

      Delete
  10. ලස්සන කවියක් තරු රසි ...දයානන්ද මහතාගේ කමෙන්ටුවට ලියු කවියත් .

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...