පිටු

Wednesday, August 29, 2012

දඟකාර මහල්ලා


හරි අපූරු පොතක් කියවන්නට ලැබුණා... සිනා සාගරයක්... වැඩට යන එන ගමන් කෝච්චියෙදි තමයි පොතේ වැඩි කොටසක් කියෙව්වෙ... ඒ ගැන ඔයාල එක්කත් බෙදා ගන්නට හිතුණා... තනියෙන් හිනා වෙවී පොතක් කියවන මං ගැන අනිත් අය මොනා හිතුවද දන්නෙ නැහැ... කොහොම උණත් මේ පොත කියවද්දි හිනා නොවී ඉන්නත් අමාරුයි....

මේ පොතේ කතා නායකයා අවුරුදු 72 ක් වයසැති සීයා කෙනෙක්.. ඔහු චෞද්රී කුශ්වන්ත සිංහ.. ජීවිතේ බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දී සිටියත් ඔහු පුංචි දරුවෙක් වගේ නිතරම විනෝදෙන්, සැහැල්ලු සිතින් ඉන්න, ජීවිතේ විඳින්නට කැමති කෙනෙක්... ඔහු ජීවිතේ විඳින විදිය හරිම වෙනස්... එයින් තමයි කතාව තුළ හාස්‍යය මතුවෙන්නේ... සිනාව උපදින්නේ...

කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මෝඩ කතාවක්නෙ... මේවත් වෙන්න පුළුවන් දේවල්ද, මේවට හිනා වෙන එකත් මෝඩ වැඩක් කියල..
අපි පුංචි කාලෙ ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි, අමල් බිසෝගෙ කතාව..... එතකොට රුසියන් සුරංගනා කතා රස කර කර කියවනවා නේද? අහනව නේද? ඒ කොයිම වෙලාවකත් මේවත් වෙන්න පුළුවන් දේවල්ද කියල හිතන්නෙ නැහැනෙ...

පුංචි අපේ හිත් ඒ කතාවල රසයෙන් අමන්දානන්දයට පත් වෙනවා... ඒ වගේ වෙන්න පුළුවන් දේවල්ද කියල සැක හිතින් නැතිව පිරිසිදු සිතින් සිනාවට ඉඩ දෙමින් කියෙව්වොත් නම් මේ කතාවෙ අපූර්වත්වය විඳ ගන්න හැකි වේවි....

ආබිද් සුරති 

ආබිද් සුරති කියන හින්දි ලේඛකයාගේ “ බහත් සාර් සාල් කා බච්චා” පොතේ නම... මම හින්දියෙන් කියවන්න නම් දන්නෙ නැහැ.. පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා “ දඟකාර මහල්ලා ” නමින්... ඒ දඟකාර මහල්ලාව තමයි මේ දවස් ටිකේ මම ඇසුරු කළේ....

මේ තියෙන්නෙ හින්දි පොත 
වෙන්ට ඕන...
පොතේ නම      - බහත්තර් සාල් කා බච්චා
කර්තෘ               - ආබ්ද් සුරති
සිංහලට             - දඟකාර මහල්ලා
පරිවර්තක         - ඩී.පී. සමරසිංහ

ප්‍රකාශනය         - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල                   - රු. 200.00

( අගනා පොත පත ගෙනත් දෙමින් මගේ පොත් පිපාසය සංසිඳවන්නට බෙහෙවින් උපකාර වන නිර්මලා නංගීට හද පිරි ස්තූතිය. )          

29 comments:

  1. එහෙනං පොත ටිප් ටොප් එකට ඇති.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පොත ටිප් ටොප් තමයි...

      Delete
  2. මට නම් කෝච්චියක පොතක් පත්තරයක් කියවන්න ගන්නවා කියන්නෙ එපාම කරපු වැඩක්.. දිග ඇරපු ගමන් ඔලු සීයක් විතර පොතේ.. සමහරු ඒ මදිවට විස්තරත් අහනවා.. ඉතින් අකුලල තියාගන්නමයි හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි.. පොතක් අතට ගත්තම දැහැනකට සමවැදුණා වගේ තමයි ඔලු කීයක් එබුණත් මට නම් ගාණක් නෑ...

      Delete
  3. කියෝලා නෑ..
    කියවන්න ඕනා....

    ReplyDelete
  4. මේක මාත් කියෙව්වා හොඳට හිනා වෙන්න පුළුවන් පොතක්.
    ෆිල්ම් එකක් වගේ හිතේ ඇඳෙනවා කියවනකොට

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි... පුදුමයි මේ කතාවෙන් තාම ෆිල්ම් එකක් ආවෙ නැති එක...

      Delete
  5. හරිම ලස්සන පොතක් මන් දෙපාරක්ම කියෙව්වා .

    ReplyDelete
    Replies
    1. සතුටුයි බින්දි මේ පැත්තෙ ආවට.. ඔයත් පොත් ගුල්ලියෙක්නේ...

      Delete
    2. ඒ වුනාට දැන් සිංහල පොත් හම්බ වෙන්නේ අවුරුද්දකට වතාවයි . ඒක ලොකු අඩුවක්

      Delete
  6. පොත් ගැන මේ දවස් වල කතාවෙනවත් වැඩියි.මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පොතක් වෙනුවෙන් ආයෝජනය කරන එක හොඳ දෙයක්...

      Delete
  7. කියවන්නම්කො වෙලාවක හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. කම්මැලි නැතිව කියවන්න හිරූ... ලියන ළමයි අනිවාර්යයෙන්ම කියවන්න ඕන...

      Delete
  8. මේ දවස්වල පොත් ගැනමයි බ්ලොග් වල පෝස්ට් යන්නේ.
    සාහිත්‍ය මාසය ලඟ හන්දද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් හැමදාමත් පොත් ගැන කතා කළා... “ පොත් මගේ නෙත් වගේ“ බලන්නකෝ...

      Delete
  9. මමත් දුර ගමනක් යන්න හිතාගෙන පොතක් අරන් බස් එකකට නැංගොත් පොත දැක්ක වෙලාවේ ඉඳන් නිදිමත එනවා..

    කොහොමත් නිස්කාංසුවේ පොත්ලත් කියවන්න කැමතියි. සාහිත්‍ය මාසේ එළඹෙනවා..

    ReplyDelete
    Replies
    1. ඕනෑම කාලගෝට්ටියක් මැද මගේ හිත් නිස්කලංක කරන්න හොඳ පොතකට පුළුවන්..

      Delete
  10. හොයාගන්න පුළුවන් උනොත් කොහොමහරි කියවනවා..

    ReplyDelete
    Replies
    1. නිර්මලා නංගිගෙන් තමයි මටත් ‍මේ ‍‍පොත ලැබු‍ණෙ.. එයා ළගත් ලස්සන පරිවර්තන ‍ගොඩක් ති‍යෙනවා... මොකද එයා‍්ගේ තාත්තා ප්රිනන්සිපල් ‍කෙ‍නෙක්... අම්ම ටීච ‍කෙ‍නෙක්... ඒ ‍දෙන්නත් ‍ගොඩක් ‍පොත් කියවන අය.. ජංගම පුස්තකාල කිහිපයක්ම ම‍ගේ යහළු‍වො නිසා මට නිතරම ‍පොත් ලැ‍බෙනවා...

      Delete
  11. book fair එකෙන් අරගෙනම කියවලා බලලා කියන්නම්කෝ කොහොමද කියලා :)

    ReplyDelete
    Replies
    1. කියවල බලන්න‍කෝ... කියවී‍ම තුළින් ලබන වින්දනයත් පුද්ගලයා‍ගෙන් පුද්ගලයාට ‍වෙනස් ‍‍නේ... බලමු‍ලකෝ හසිත මල්ලිත් මේ ‍පොතට කැමති ‍වෙයිද කියල...

      Delete
  12. හනේ අප්පේ. මෙයත් හරියට පොඩි එකා වගේ... ‍මේ කම්පියුටරයක් බදාගෙන දැන් පොත් කියවිල්ලත් අමතකම වෙලා ගිහින්... රස කරලා තිබ්බ විදිහට ලස්සණ ඇති.. කියවලා බලන්න ඕන වෙලාවක...

    ReplyDelete
    Replies
    1. මම නම් කැමති ‍පොත් බදා ‍ගෙන ඉන්නයි.. කම්පියුටරය බදා ‍ගෙන ඉන්න එක එපා ‍වෙන වැඩක්...

      Delete
    2. ඒක ඇත්ත කම්පියුටරය බදාගැනීම බයානක වෙන්න පුලුවන්.. මොකද ශෝට් එකක් මොකක් හරි තිබුනොත් කරන්ට් එක වදින්න පුලුවන්.. පොත් වලින් නම් එහෙම දෙයක් නෑනෙ ඔය ඉඳලා හිටලා කාවෙක් දෙන්නෙක් ඇඟ අස්සෙ යනවා ඇරෙන්න..

      Delete
    3. අනේ ඇත්තද? ඔයා හරි ලස්සනට පැහැදිලි කරල ති‍යෙනවා මල්ලී... ‍මේ ‍පොත් කියවන තරමට කා‍වො දැන් එහෙනම් මාව ආක්ර මණය කරල ති‍යෙන්න ඕන...

      Delete
  13. මන් මේ පොත ගිය සතියේ දැක්කා.. ඒත් ගන්න ගියාම ඒක ඉන්දියන් එකක් නිසා ගත්තේ නැ.. මන් ටිකක් ඉන්දියන් කතා කියවන්න කම්මැලි.. ඒ නිසා 'ඉහිරුණු දිය' කියන පොතයි 'කඳුළු මාළිඟා' කියලා පොතකුයි අරන් ආවා.. ම්ම්ම්.. පස්සේ වෙලාවක ගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඉහිරුණු දිය ත් ලස්සන ‍පොතක්... මා ළඟත් ති‍යෙනවා... කදුළු මාළිගා නම් කියවල නැහැ.. ඔයා කියවල කියන්න‍කෝ ‍පොත ‍කො‍හොමද කියල... ඉන්දියන් කතාවලට මම කැමතියි.. හරි සමීපබවක් දැ‍නෙනවා හිතට.. අපි අසල්වැසි රටවල් නිසා ‍වෙන්න ඇති..

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...