මලකි සබඳ මල් කැකුලකි
කටු අකුලක පිපුණේ වුව
කටු අග විස ගැල්වූ අය
කවුරුන් වේදැයි නොම දැන...
වරද මලෙද කටු අකුලෙද
විස ගල්වන රුදු සිතකද
මල් පෙති මත වෙඩි සලකුණු
තැබුමට කළ පව කිව මැන.....
මුතු කැටයක ඉපුදුණු මුදු
මුතු බිමකම දිවි ගෙව් මුදු
මුතු අහුරක් නොවූ දිවිය
මූදු හතක එපිට යැවුණු....
ගහල කගට බිලි දුන් හිස
නිසල කළෙද විඳි දුක් කඳ
සසල වුණිද කඳුලක් අස
නිසල දිළිඳු මවක ඇසක...
ළා දල්ලකි පවනෙ සැළුණ
අරුණැල්ලට පෙරුම් පිරුව
හිනැහෙන්නට වරම් නොලැබ
නුරා ගින්නෙ දා අළු වුණ
රුදුරු වදන් අනග බැලුම්
අඳුරු කළෙන් ලොවම සැණෙන්
දැදුරු හදින් නොහැක විසුම්
දිවිය ඉතින් නිමා කළෙම්
අපි තරු කැට බාල බොළඳ
ඉර හඳ යට එළිය හොයන
ඒ ඉර හඳ දැවුණු කලෙක
පැරදුම මිස දිනුම කොතැන
මලක මෙලෙක දැන මුදු ලෙස
තරුවක ඇස දල්වනු මිස
දොස් නොකියා දෙස් නොතියා
දැල්වෙනු මැන ඉර හඳ ලෙස
( මල් කැකුළුවල ඉරණම සම්බන්ධයෙන් සයිබර්
අහසේ බොහෝ අකුණු , විදුලි එළි, චණ්ඩ සුළං ඇති වුණු මැදින් මහේ මම කවියක් ලීවෙමි. ඒ
''සෙත් කවියක් නොවේ'' නමිනි. එය කවියක් යැයි කීමට වඩා සිතුවිල්ලක් යැයි කීම සුදුසු
යැයි සිතමි. මේ එම සිතුවිල්ල නැවත ලිවීමකි. හද රිදුණු මොහොතක ලියූ සිතුවිල්ල කවියට
ගොනු කරන්නට ගත් වෑයමකි. )
අපිට මතක තියෙන්නෙ දවස් 14යි කියන කතාව නම් ඇත්ත තමයි. මෙහෙම හරි මතක් කරල දෙන එක ලොකු දෙයක්.
ReplyDeleteමතක් කරන්නමත් නෙමෙයි. මම මේ කවිය නැවත ලිව්වෙ කාව්ය භ්යාිසයක් විදියට... ඒත් මේ වගේ කවි ලියන්න වෙන එකම දුකක්...
Deleteගෑනු සීයක් එක්ක නිදිවැදලා පාර්ටි ඒක සමරන්න පාර්ටි දාපු පුංචි කෙල්ලෙක්ව සාමූහිකව දූෂණය කරලා ඒකට රිමාන්ඩ් කරපු සාරුවා සුනිල් කියන දකුනේ දේසපාලකයාව "නිදහස් කරපියව්" කියලා උද්ගෝසනය කරන උන් ඉන්න රටක මේ වගේ කවි නිකම් හුලුඟේ යන අදහස් විතරයි අප්පා . . . . ! ! !
ReplyDeleteහිතේ අමාරුවට ලිව්වට වැඩක් නෑ තමයි.... කවි විතරක්ම නෙවෙයි රටේ ජනගහණයෙන් වැඩි පිරිසකුත් හුළගට ගහගෙන යන තත්වයක් තියෙන්නෙ...
Deleteසමාජය දැන් දැන් හිතන්නෙ මල් කැකුළු කියන්නෙ කෙළි බඩු කියලයි. මිනිස්සුන්ගේ ආකල්පමයන් වෙනස් වෙනතුරු අපිට මල් කැකුළු ගැන දුක් වෙන්න වෙයි...
ReplyDeleteආකල්ප වෙනස් කර ගන්න, කරන්න අපි මහන්සි වෙන්න ඕන නංගි...
Deleteහිතේ අමාරුවට හරි මේ වගේ කවි ලියැවෙන එක කොච්චර දෙයක්ද?
ReplyDeleteලස්සන දෙයක් දුකකින් නිර්මාණය වෙලා. ...
කවිය කියන්නේ රිදුමේ, වේදනාවේ ප්රඕකාශනයද? ඒත් එහෙම වෙන්නම ඕනෙත් නැහැ කියල හිතෙනවා. ආදරය, සතුට, නිදහස මේ දේවලුත් කවි වෙන්න ඕන.. මම උත්සාහ කරන්නම්..
Deleteමිනිස්සුන් තමන්ගේ අවශයතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙලඹිලා, තමන් කරන දේ තමන්ම දන්නෙ නැති තරම් පිරිහිලා.
ReplyDeleteඅපි තරු කැට බාල බොළඳ
ReplyDeleteඉර හඳ යට එළිය හොයන
ඒ ඉර හඳ දැවුණු කලෙක
පැරදුම මිස දිනුම කොතැන
මේ කවිය නම් පට්ටයි.....
බුදුන් වැඩි දේශයලු මේ... වෙන දේවල්වලට කෑ ගහන අයට මේ වෙනුවෙන් මුකුත් කරන්න බැරිද ?
ReplyDelete