මැදින් මහේ
16 වෙනි ශනිදාව වෙන් කරල තිබුණෙ ළ.ක්‍රි.වී. කටයුත්තකට.. “ වර්තමාන ළමා පරපුර
මුහුණ දෙන අභියෝග හමුවේ ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ගමන්මග කෙසේ සකස්
විය යුතුද? ” උදැහැනැක්‍කෙම යන්න ලෑස්ති වෙද්දි නවාතැනේ
නැන්දණිය පැවසූ කතාවක් මා සිත සසල කළා වගේම
දවසේ කටයුත්ත කොයි තරම් බැරෑරුම්ද යන්න නැවත නැවතත් සිතන්න මා පෙළඹෙව්වා. ඇය
ප්‍රාථමික පාසකල විදුහල්පතිනියක්.
පාසලේ හතර
වසර පුතෙක් අසල්වැසි පාසලක පහ වසර පුතෙක් සමග ලිංගික හැසිරීමකට යොමු වෙලා. මේ
කතාව හෙලි වී
තිබෙන්නෙ මේ දරුවාගේ වෙනසක් දුටු ගුරුතුමිය ඒ ගැන විමසා බැලීම නිසයි. නමුත් ඛේදවාචකය එය පමණක්ම නොවේ. මේ පුතා පියාගේ දෙවෙනි විවාහයේ දරුවෙක්. තව ඔහුට දෙක වසර නැගණියක් සිටිනවා.
තිබෙන්නෙ මේ දරුවාගේ වෙනසක් දුටු ගුරුතුමිය ඒ ගැන විමසා බැලීම නිසයි. නමුත් ඛේදවාචකය එය පමණක්ම නොවේ. මේ පුතා පියාගේ දෙවෙනි විවාහයේ දරුවෙක්. තව ඔහුට දෙක වසර නැගණියක් සිටිනවා.
පළමු විවාහයේ
දරුවා නමය වසරේ. නමුත් පාසල් බෑගයේ කුඩු පැකට් එකක් තිබී අසුවීම නිසා පාසලෙන් අස්
කරලාලු. ඔහු තවමත් නිවසේ ඉන්නෙ. අයියා තමන්ගෙ
දෙක වසරේ නංගිව ලිංගිකව පාවිච්චි කරන බවත් මේ දරුවා ගුරුතුමියට හෙළි
කර තිබෙනවා. අයියාට පුංචි අම්මා අරන් දුන් පරිගණකයක් තිබෙනවාලු. මව්පිය දෙදෙනාම
රැකියාවට යන නිසා දවල් කාලයේ නිදහසේ ඔහු පරිගණකය භාවිත කර අසැබි වීඩියෝ පට
නරඹනවාලු.
දෙමව්පියන්ව
පාසලට ගෙන්වා මේ ගැන දැනුවත් කර ඇති අතර තරවටු නොකර උපදේශනය, ආදරය තුළ ළමුන් නිවැරදි
මගට ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි නැන්දණිය මා හා පැවසුවේ.
‘‘ඔයාල ළමයි
එක්ක වැඩ කරන නිසා මේ වගේ දේවල් දැන ගෙන ඉන්න ඕන...” ඇය අවසානයේ පැවසුවා.
ළ.ක්‍රි.වී.
කාර්යාලයේ පැවති විවෘත සංවාදයේ ආරාධිත දෙසුම පැවැත්වූවේ නීතිඥ කළණි අප්සරා මෙනවිය.
ලිංගික අපචාරයන්ට සහ අපයෝජනයන්ට ලක් වූ ළමුන් ගැන, එවැනි ළමුන් සමග කටයුතු කරන්නෙ කෙසේද, ළමුන් එවැනි ව්‍යසනයන්ට ලක් වන්නට ඉඩ නොදී රැක ගන්නේ කෙසේද? යන කරුණු පිළිබදව ඇය සාකච්ඡා කළා.
ඇය කී කරුණු
අනුව නම් මේ සියලු ගැටළුවලදී නීතියේ පිළිසරණ ලැබෙනවාලු. නීතියේ අවශ්‍යතාව
ආදරණීය සමාජයක් ගොඩ නැගීමලු. නීතිය අර්ථකථනය කරන අය, නීතිය ක්‍රියාවට යොදන අය එය
නිවැරදිව ඉටු නොකරන නිසාලු මිනිසුන් නීතිය විශ්වාස නොකරන තැනට පත් වෙලා තියෙන්නෙ.
මේ ආශ්චර්යමත්
පොළවේ යථාර්ථය තුළ නම් නීතියෙන් අසරණයින්ට, ඵීඩිතයන්ට පිහිටක් ලැබේවි යැයි
බලාපොරොත්තු වීම අසීරුයි. මෙවැනි ව්‍යසනයන්ට ලක් වන දරුවන්ට, කාන්තාවන්ට නීතියෙන්
තබා සමාජයෙන් වත් රැකවරණය නොලැබෙන බවනෙ පසුගිය කාලයේ අපේ අත්දැකීම. විශේෂයෙන්ම
මාධ්‍ය මෙවැනි සිදුවීම් තලු මරමින් අලෙවි කරන ආකාරය නින්දිත බවයි මගේ හැගීම...
ඉන්පසුව දරුවෙක්/කාන්තාවක් නැවත සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?
අද කුඩා
දරුවන් පවා කුමන හෝ ලිංගික කටයුත්තකට පෙළඹෙන බවක් දක්නට තියෙනවා. ඔවුන් එවැනි
දේට යොමු වෙන්නෙ ලිංගිකත්වය ගැන අවබෝධයකින් නෙවෙයි.
අන් කෙනෙකුගේ පෙළඹවීම මත, එසේ නැතිනම් තමා ඇසු දුටු එවැනි සිද්ධීන් නිසා ඇති වන කුතුහලය සහ පෙළඹවීම මත.
අන් කෙනෙකුගේ පෙළඹවීම මත, එසේ නැතිනම් තමා ඇසු දුටු එවැනි සිද්ධීන් නිසා ඇති වන කුතුහලය සහ පෙළඹවීම මත.
ළමා අපචාරයක්
කියන්නෙ ළමයකු තමන් විසින්ම වැරදි ක්‍රියාවක් සිදු කිරීම.. වැරදි හැසිරීමකට යොමු
වීම. බොරු කීම, සොරකම් කිරීම, ළමුන් අතර සිදු වන ලිංගික ක්‍රියා උදාහරණ විදියට
දක්වන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නෙ, බලපාන හේතු මොනවද සොයා බැලීමත්, ඉවසීමෙන්
ආදරෙයන් අවශ්‍ය පිලියම් යෙදීමත් වැඩිහිටි සමාජයේ වගකීමක්.
ළමා අපයෝජනය
කියන්නෙ වැඩිහිටියන් විසින් වචනයෙන්, ක්‍රියාවෙන් ළමුන් වැරදි දෙයට යොමු
කරවීම, යොදා ගැනීම...
ළමයින්ට සත්තු
වත්තේම නම් කියමින් බැණ වැදීම, කාලකණ්ණියා, මෝඩයා වැනි වචන පාවිව්චි කිරීම පවා ළමා
අපයෝජනයක්. තාත්තා කෙනෙක් දරුවෙක් ලවා සිගරට්ටුවක් ගෙන්වා ගැනීමත් ළමා අපයෝජනයක්.
, මත්පැන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමට ළමුන් යොදා ගැනීම, ලිංගික කටයුතුවලට යොදා
ගැනීම ළමා අපයෝජන....
දැන හෝ
නොදැන අප අතිනුත් ළමා අපයෝජන සිදු වන්නේද යන්න සිතා බැලිය යුතුයි නේද?
අද ළමා ලොව
හරිම සංකීර්ණයි. ළමා මනස තේරුම් ගන්නට, ළමා මනස ආමන්ත්‍රණය කරන්නට වැඩිහිටි අපි
අළුතෙන් ඉගෙන ගත යුතු කාලය එළඹිලා.. දැනුමෙන් අවබෝධයෙන් අද දරුවන් අපට බොහෝ
ඉදිරියෙන් සිටින්නෙ. නමුත් ඔවුන්ට දැනුම
ලබා දෙන මාධ්‍ය ළමුන් වෙළද භාණ්ඩයක් ලෙස සලකනු විනා, ඔවුන්ට ජීවිතයේ වටිනාකම
පිළිබදව අවබෝධයක් ලබා නොදීමයි ගැටළුව...
එනිසාවෙන්
මව්පිය, ගුරුවර, වැඩිහිටියන් පවතින සමාජය අළුතෙන් කියවිය යුතුයි. හැදෑරිය යුතුයි.
දරුවන්ට සමීප වන්නට අළුතෙන් ඉගෙන ගත යුතුයි. අපි නිවසේ බොහෝ වැරවීරියෙන් බෝසත්
දරුවෙක් හැදුවත් ඵලක් නැහැ.. අපි ඔහු නිවසින් පිට කර හරින්නේ පිරිහුණු , අන්ධකාර
සමාජයකට නිසා.... මගේ දරුවා සත්ගුණවත් වූ පමණින් ඔහුගේ ජීවිතය සුරක්ෂිත නැහැ.
ඇත්තම
කාරණයනම් අපේ දරුවන්ට දරුවන් ලෙස ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීමේ අභියෝගය
සියල්ලට පළමුවෙන් පෙරමුණ ගත යුතු බවයි. අපේ දරුවන් කියන්නෙ සිංහල, දෙමළ,
මුස්ලිම්, දුප්පත්, පොහොසත් ආදී වු කිසිදු වර්ගීකරණයකට හසු නොවූ දරුවන්...
සියලුම දරුවන්....
හොඳ පෝස්ටුවක් අක්කේ..
ReplyDeleteමේ ගැන සමාජය නිතරම කතාවෙනවා.. රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පත්තරවල නිතරම දැනුවත් කරනවා.. ඒත් අඩුවකුත් නෑනෙ..
මේ වගේ දේවල් නැති වෙන්න නම් මල්ලි.. මානසික අසහන නැති, අධ්යා ත්මිකව පොහොසත් මිනිස්සු ඉන්න සමාජයක් බිහි වෙන්න ඕන නේද?
Deleteහොඳ සිතුවිල්ලක්..
ReplyDeleteසිතුවිල්ලක් විතරක් නෙවෙයි නලින්.. මේක ඛේදවාචකයක්.. ඒ ඇතුළෙ කරන්න අපට වැඩ කොටසකුත් තියෙනවා..
Deleteමම වෙලාවකට අපේ මහත්තයටයි අපේ මල්ලිටයි කියන දෙයන් දෙයක් තියෙනවා.. ඒ තමයි පාරේ යනකොට තමන්ගේ ඩ්‍රයිවින් ගැන, තමන්ගේ වාහනේ කන්ඩිෂන් එක ගැන කොච්චර හොඳ දැනීමක් තිබ්බත් පාරේ යන අනිත් හැම වාහනේකට, ඩ්‍රයිවර්ලගේ තත්වෙ ගැන සහතිකයක් නැති නිසා තමන් පරිස්සමෙන් යන එකයි කරන්න ඕනේ කියලා.. මොකද ඇක්සිඩන්ට් එකක් උනාට පස්සේ අරෑගේ වැරද්දෙනුයි මේක උනේ කිව්වට වැඩක් නෑ නොවෙන්න ඕනේ දේ වෙලා ඉවර නිසා....
ReplyDeleteඒ වගේම තමයි මේකත්.. අපේ ළමයි ගැන පරිස්සම් වෙන්න ඕනේ වගේම එයාලා ඉන්න පරිසරයේ ඉන්න අය ගැනත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ.. වෙලාව නෑ කියන එක නිදහසට කරුණක් නෙවෙයි....
ඇත්තටම ඉස්සර අපි නිදහසේ හැදුණා.. ඒත් අද ළමයින් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන.. මර උගුල් වැඩියි.. අනිත් පැත්තෙන් ළමයින්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් වෙනුවෙනුත් අපි මහන්සි වෙන්න ඕන හිරෑ...
Deleteහිතා ගන්නවත් බැ මේ විදියේ සිද්ධින් දරුවන් අතින් සිදු වෙන එක. තරු කියන කථාව නම් ඇත්ත.දැන් දරුවන් සමඟ ගැටිම සඳහා අපි අමුතුවෙන් ඉගෙන ගත යුතුය.ඔවුන්ගේ මනස අපි හිතනවට වඩා පුළුල් වි ඇත.ශාරීරිකව සහ වයසින් කුඩා වුවාට දැන් දරුවා මනසින් ඔවුන් සිතන සිතුම් හරිම පුළුල්. හරවත් ලිපියක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මීටත් වඩා බරපතළ, අනුවේදනීය අත්දැකීම් තියනවා ළමයින් සම්බන්ධව. ළමයින් එක්ක වැඩ කරන විදිය නම් අපි අළුතින් ඉගෙන ගත යුතුමයි කියල මට හිතෙනවා..
Deleteමේවා කියවපුවාම බය හිතෙනවානේ. මොනවා උනත් මේ ලමයින්ගේ වරද නම් නෙමේ. ලමයි එක්ක යහලුවන් හැසිරෙන දෙමව්පියන්ට ලමයින්ගේ වෙනසක් ඉකමන්ට තේරුම් ගන්ට පුලුවනි. ඒ එක්කම තද දඬුවම් දීම නම් හරියන එකක් නෑ මගේ හිතේ. පවුලෙන් මුල් පියවර ගත්තොත්, සමාජයකට එකතු වෙලා අනාගත පරම්පරාව ගොඩ ගන්ට පුලුවන් වේවි.
ReplyDeleteමේ වගේ ලිංගික ක්‍රියාවල්වලට ලමුන් මෙච්චර අද කාලේ පෙලඹෙන්නේ තාක්ෂනයේ දියුණුව හන්දද?
මාධ්යන හරහා මේ වගේ දේවල් ළමයින්ගෙ ඇහැ ගැටෙනවා... ඒ ගැන හරි අවබෝධයක් නැතිව උණත් ළමයි අත්හදා බලන්න පෙළඹෙනවා... ඒක ඇබ්බැහියක් වුණාම ජීවිතේ කඩා වැටීම් සිද්ධ වෙන්න පුළුවනි.
Delete+++++++++++++++++++
ReplyDeletemeyin ma adahas kare obe lipiya agaya
Deletekarana bawai..namuth obata eya watahi naha wagei..
සමාවෙන්න.. ඇත්තටම මට වැටහුණේ නෑ... ස්තුතියි..
Deleteනියම ලිපියක්.
ReplyDeleteමේකේ අකුරු වල පොඩි පොඩි වැරදි ටිකක් තියෙනවා.
ඒ ටික හදන්න මේ ලිපිය ඊමේල් වලින් එහෙම දරුවෝ ඉන්න යාලුවෝ එකක් බෙදා ගන්න ඕන.
ඇත්තෙන්ම ළමා අපචාර ගැන අලුතෙන්ම හිතන්න උගන්වන ජාතියේ ලිපියක්.
මමත් බ්ලොග් එක පටන් ගත්තු මුල් කාලයේ ලිව්වා මේ ගැන ලිපියක්
මේ තියෙන්නේ ඒක.
පොඩ්ඩක් කියවලා බලන්න ඔයාලගේ වැඩ වලට ගන්න දෙයක් තියෙයි සමහර විට.
ස්තුතියි ඔබට... මගේ පරිගණකයේ අවුලක් තියෙනවා ටයිප් කරල පළ කරද්දි පොඩි පොඩි අකුරු වෙනස්කම් තියෙනවා.. මම අඩුපාඩු ටික හදන්නම්.. ලිපියත් බලන්නම් විවේකීව...
Deleteඅකුරු වැරදි ටික නම් හැදුවා ...
Deleteබොහෝම ස්තූතියි.
Deleteමේක හරිම බරපතල ඛේදවාචකයක්. මුළු මහත් සමාජයේම තියන පිරිහීමේ අවාසනාවන්තම පැතිකඩක්. එක අතකින් දියුණු තාක්ෂණය, අන්තර්ජාලය එක්ක අපිත් ලෝකය සමග ඉදිරියට යනවා. ඒකෙ තියන හොඳ වගේම නරකත් අපිට අදාලයි. ඒත් යහපත් ළමයෙක් කියන සංකල්පය ඇතුලේ ඉන්නෙ මීට පරම්පරා දෙකකට විතර කලින් හිටිය ළමයාමයි. එක අතකින් අපේ ළමයින් වේගයෙන් ඉදිරියට යද්දි, අනිත් අතින් අපි යහපත් දේවල් කියලා ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි පොඩි කාලෙ හැදෙනකොට අර හොඳ ළමයා කියලා අපිට පෙන්වපු ප්‍රතිරූපය. ඕකෙන් වෙන්නේ පරම්පරා දෙක අතර පරතරය වැඩි වෙන එකයි. අද අපි ළමයින් කරන බොහෝ දේ විවේචනය කරනවා. ඔවුන් අහන ගීත, ඔවුන් කියවන පොත් විවේචනය කරනවා. අපිට අදාල රාමුවක් තුල මේ විවේචන සාධාරන වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අපි කරන්නේ ළමයාගේ ලෝකයෙන් ඈත් වීමක් කියන එකත් අපි තේරුම් ගනන් ඕනේ.
ReplyDeleteමට නිතර එකට වැඩ කරනන් සිද්ධවෙන මිතුරන් පිරිස මට වඩා අවුරුදු 10-15 වැඩිමල් පිරිසක්. ඔවුන් බොහෝමයකට ඉන්නවා යව්වන වයසේ ළමයින්. මේ ළමයි මා එක්ක බොහොම විවෘතව කතාබස් කරනවා, තමන්ගේ දෙමාපියන්ගේ මිතුරෙක් කියලා දැනගෙන හිටියට ඒ අයට පේනවා ඇති මම ඊට වඩා අඩු වයසක කෙනෙක් බව. ඒ එක්කම, ඔවුන් ප්‍රිය කරන ගීත, චිත්‍රපට වගේ දේවල් ගැනත් මට ඔවුන් එක්ක කතා කරන්න පුළුවන්, මම ආස කරන ඒවා නොවුනත් ඒ දේවල් ගැන යම් යම් විස්තර මම දන්න නිසා.
මම ඉන්නේ විදේශයක, මේ අම්මලා තාත්තලා බොහොමයක් ළමයි හදන්නේ ලංකාවේ ලමයාගේ ප්‍රතිරූප ඔලුවේ තියාගෙන, නමුත් ළමයි හැදෙන්නේ වෙනම සංස්කෘතියක. මේ ලමයි එක්ක කිට්ටුවෙන් කතාබස් කරනකොට ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න අපහසු නැහැ. ඔවුන් අගය කරන දේවල් හෙලා දැකලා, අපේ කාලේ නම් මෙහෙමයි වගේ ප්‍රකාශ ළමයින්ට දෙමාපියන් සමග යම් දෙයක් සාකච්ඡාකිරීමට හිතෙන ඉඩකඩ අහුරලා දානවා. ළමයින්ගේ මිතුරෙක් වෙන හැටි අපි ඉගෙන ගන්න ඕනේ.
තිසර ළමයින්ව තේරුම් ගන්න, ළමයි එක්ක වැඩ කරන්න ඔයාට තියෙන හැකියාව මං අගය කරනවා.. ඒ වගේම ළමයි වෙනුවෙන් පෙනී හිටීමත්... ළමයින්ගෙන් තොරව අපි කොහොමද අනාගතයක් ගැන හිතන්නේ...
ReplyDelete