පිටු

Wednesday, March 6, 2013

සඳගිරි පව්ව උසයි... කිඳුරා හරිම වසයි


Add caption



ගිරි පව්ව උසයි... කිුරා හරිම වසයි
මං ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ...

රත්තරන් කියා කඩුතුඩ මං ඇණ ගත්තේ පපුවට
නුඹ එපා කියද්දීමයි අම්මේ
ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ...

සල්පිලෙන් අරන් නටවන කිුරියන් රන සගිර
මට අරු‍මෝසම් හුරු නෑ අම්මේ
නිය පහුරු වැදුණු හිත බලපන්නේ....

ගායනය            :- විශාරද ශානිකා සුමනසේකර
පද රචනය         :- රවී සිරිවර්ධන
තනු නිර්මාණය  :- දර්ශන වික්‍රමතුංග

මූණුපොත හරහා දැන හුනාගෙන හිතේ ලැගුම් ගත් ගීයක් මේ... පහුගිය කාල වකවානුවේ වැඩිපුරම ඇසු ගීතය මේ යැයි සිතේ. ජීවිතයේ කප්පරක් හීන ළග අන්ත අසරණ වුණ තරුණ බිරිකගේ ළතැවිලි හිත ගීතය පුරා රැී ඇත. අම්මා ළ දුක කියන දියණියකගේ ඇස්වල කුළු මැවී පෙනේ. සෙනෙහසින් දියණිය ළමැදට තුරුළු කර ගන්නා අම්මා දියණියගේ හිස සිඹ නෙත්වල කුළු ඇයට හොරෙන් පිස දමා ගන්නා අයුරු මැවී පෙනේ.

මෙසේ මග වැරදුණු දියණියන්ට, පුතණුවන්ට අළුතෙන් ජීවිත ගමන අරඹන්නට දිරිය සවිය ලැබේවා.. ආදරණීය හිත් හමුවේවා. නව මං පෙත් විවර වේවා... කියා පැතුමක් මසිතේ රැ‍ේ.

මා සම්බන්ධයෙන් නම් මේ ගීතය බොහෝ වැඩදායකය. බොහෝ වැඩ ගන්නට හැකිය. පසුගිය පෙබරවාරි මස අනුරාධපුර පැවති ළ.ක්‍රි.වී. අනුශාසක පුහුණුවේදී නව යෞවනය ගැන කතා කරන විට අපි මේ ගීතය අසන්නට දුනිමු. ඒ හරහා සංවාදයක් ගොඩනැගුවෙමු. ජීවිතයේ වැරදීම් කියා අපි හිතන අත්දැකීම් පන්නරයක් කොට ගෙන අළුත් ජීවිතයක් ආරම්භ කළ යුතු බව කියා දුනිමු. ( වැරදීම් තරම් ජීවිතයට පාඩම් උගන්වන අන් යමක් වේද? නමුත් ඒ නිසාම වරද්දා ගත යුතු යැයි වරදවා නොසිතන්න.  )

සංවේදී සුගායනය, පද පේළිවල අර්ථය සමග සංගීතය මනාව ආත්මගත වී ඇත. එය හදවතට දැනෙන ගීතයක් වී ඇත්තේ එබැවිනි.

පහත සහන් වන්නේ සගිරි පව්ව ගීතය ගැන ‍යොවුන් සරාවක "හද ගී පොත" විශේෂාංගයට ලියූ සටහනකි.

චන්ද කින්නර ජාතකේ වගේ සුන්දර ආදර කතාවක් ගැන හීන දකින මේ දියණියට හමුවෙන්නෙ නපුරු සකිුරෙක්. ඒ සගිරි පව්ව ඇයට ළං වෙන්න බැරි තරමට උසයි. කාසිවලට රන සකිුරියන් එමටයි එහි. ඒ අරුමෝසම් ජීවිතේ ඇයට දරා ගන්න බැහැ. ඒත් දසමසක් කුසේ තියන් ඉල, ජීවිතයත් මරණයත් අතර සටනක් මැදින් ඇයට උපත දුන්න, ජීවිතයම දරු සෙනෙහසට කැප කළ අම්මා කියු දේත් අහන්නෙ නැතිවයි ඇය මේ සකිුරත් එක්ක දිගු ජීවිත ගමන යන්න එකතු වෙන්න. දැන් ඇය විඩාපත්. තවදුරටත් ඇයට දුෂ්කර ක්‍රියා කළ නොහැකියි. ඇය පැතු සිහින ලොව දෙදරා ගිහින්.

ඇය තීරණය කරනවා ආපහු හැරෙන්න. නිය පහුරින් තුවාල වුණු හිතත් අරන් ඇය ආපහු එන්නෙ අම්ම ළට. ඇයට දොර විවර වෙන්නෙ අම්මගෙ නිවහනේ විතරයි... අම්මගෙ හදවතේ විතරයි... විශ්වාසය, බලාපොරොත්තුව අරන් ඇය එන්නෙ ඇගේ සෙනෙහසේ නවාතැනට...

වරදින තැන් ජීවිතේ අපමණයි... ඒ වැරදීම්වලින් ගොඩ එන එක, හරි පාරට වැටෙන එක හරිම දුෂ්කරයි. වරද්ද ගන්න එපා කියන්න ලේසියි. නමුත් වැරදීම් මග හැර ඉන්න අමාරුයි ජීවිතේ. නමුත් වැරදුණ බව දැන දැනම එහිම ඇලී ගැලී ඉන්නවට වඩා ආපසු හැරෙන්න, වැරදි හදා ගන්න, ජීවිතේ අළුත් කර ගන්න තීරණයක් ගැනීම අගෙයි. ජීවිතයට ආදරෙයි නම් ආපහු හැරෙන්න, වැරදීම් හදා ගන්න, අළුත් ගමනක් පටන් ගන්න සිදු වෙනවමයි නේද? එය කළ යුතුමයි.

නව යෞවනයේ ආදරය හිතට එබෙන්නෙ රන් තැටියක් වගේ දිස්න දීගෙන. සුන්දර හීන ගොඩක් අරගෙන. ආකර්ශණීයව. එයින් තොර ලොවක් නැතැයි කියන්නා වගේ. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය අපේ ඇස් ඉස්සරහ මවන හීනයයි අපි මේ පාට පාටින් සිත්තම් කරන්න උත්සාහ ගන්නෙ.. නමුත් මුදලට විකිණෙන වෛර්ණ හීන තරම් සුන්ද නැහැ ඇත්ත ජීවිතේ. හැම ආදර කතාවක්ම සකිුරු ජාතකේ කතාව වගේ වෙන්නෙ නැහැ. යෞවනය ජීවිතේ ගැන ඉගෙන ගන්න තියෙන කාලය මිස, ජීවිතය ගැන බරපතළ තීරණ ගන්න සුදුසු කාලය නොවෙයි.

ආදරය කරන්න පොතපතට... සොබාදහමට.... අම්මට තාත්තට පවු‍ලේ අයට.... ගමට රටට ... ජීවිතයට... ආදරයෙන් බැදෙන්න මේ සියල්ල සමග... ඒ ආදරය තුළ ජීවිතය පොහොසත් වන හැටි හුනා ගන්න. එලෙස පොහොසත් වූ හදවතක් පසු කලෙක ජීවිතය ගැන නිවැරදි තීරණවලට එළඹෙන්නට ආලෝකයක් වේවි...

9 comments:

  1. ගීතයක සැගවුණු කතාවක්

    ReplyDelete
  2. හැමටම කලින් තමන් තමන්ට ආදරේ කරා නම් නොවේ මෙවන් විපත්....

    ගෑල්ලමයින්ට හොඳ පාඩම්

    ReplyDelete
  3. මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත අක්කි.... කොහෙද ඉතින් වයස පටන් ගද්දිම අන්ධ වෙලා යනවනේ...

    ReplyDelete
  4. පෞද්ගලිකව මම නම් මේ ගීතයේ කියැවෙන අර්ථයට එකඟ නැහැ.. නමුත් එහෙම කියල ගීතයක් රස විඳින්න බැරි කමක් නැහැනේ.

    විවාහය කියන දේ පිළිබඳ තීරණයක් ගන්න තරමක් මුහුකුරා යනකම් සිටිය යුතුයි කියන එක පිළිගන්නවා. නමුත් අපි අවුරුදු 20දී ගන්න සමහර තීරණ ගැන 30දි පසුතැවෙනවා, 30දී ගන්න සමහර තීරණ ගැන 40දි පසුතැවෙනවා. අනික ළාබල කාලෙම විවාපත් සහ මුහුකුරාගිහින් විවාපත් යුවලවල් අතර සාර්ථක අසාර්ථක බව වෙන් වෙන් කරලා කියන්න අපහසු බවයි මට හිතෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රශ්නය වෙන්නේ, අවශ්‍ය තරම් ආශ්‍රය කිරීමට කාලයක් නොලැබීම නිසා එකිනෙකා තේරුම් ගන්න බැරිකම. ලංකාවේ සංස්කෘතියත් විවාහයට පෙර ලඟින් ඇසුරු කිරීම වැඩිය අනුමත කරන්නෙ නැහැනේ.

    නමුත් මෙම ගීතයේ මම එකඟ නොවෙන දේ තමයි... විවාහය අසාර්ථක වුනාම තමන්ගේ අම්මට දුක කියාගෙන එන එක. දෙමාපිය ආදරයේ වැරදි භාවිතයක් කියල මට හිතෙන්නේ. අද ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ විවාහයේදි ප්‍රශ්නයක් ඇති වුනාම, ඒකට අදාල තමන්ගේ සැමියා හෝ බිරිඳ සමග කතාබහ කරනවට වඩා තමන්ගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ, ලඟම මිතුරෝ එක්ක ඒක කතා කරන්න. සාර්ථක විවාහයකට ඒක බාධාවක් කියලා මම හිතන්නෙ.

    නමුත් කලින් කිව්ව වගේ ගීතයක් රස විඳින්න පෞද්ගලික මතය අදාල කරගන්න ඕනේ නෑ... කොහොම උනත් මේ ගීතය අහන්න කියලා මම හෙව්ව අන්තර්ජාලයේ, හොයාගන්න නම් බැරි උනා.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=CB-JhgOZtvQ

      මේ ලින්ක් එකෙන් ගීතය අහන්න පුලුවන් මල්ලි... ඔයාගෙ අදහසත් හරි... අපිට නිර්මාණයක් දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන්... ඔයා අදහස් විදිහට ලියන කවිත් අපූරුයි.

      Delete
  5. මේ තේරුම ම තියෙන වෙන ගීයකට තමා මම නම් කැමති . .

    ගීතය මේකයි . .

    විදුලිය එලිය දැක ගිනිහුල ලිපේ හෙලා
    මඟ වැරදිලා දිව්වේ මංමුලා වෙලා
    පැනගිය මුවන් දැක දැමුවයි නෙලූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමා වෙලා . . .. !

    http://www.youtube.com/watch?v=6iEzP0xhuZY&feature=share

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි... මට මේ ගීතය ගැන මතක් උණේ දැන්... ඒ ගීතයත් හරිම සංවේදීයි... ව්යංැගයෙන් කියන අදහස්වල ජීවිතේ ගැන ලොකු ගැඹුරක්, පාඩමක් තියෙනවා... ගීත දෙකටම මුල් වෙන්නෙ එක සමාන ජීවිත අත්දැකීමක්.

      ''අම්මේ දොර හරින් මේ පොඩි හිගන්නිට..." ඒ කොටස ඇහෙද්දි දුකයි...

      Delete
    2. මටත් මතක් වුනේ මේ ගිය . වරදින වෙලාව ඉතින් කල් තියා කියන්න බැහැනේ . ආපහු ගෙදර ආවම දොර අරින්න අම්මෙක් උන්න එකම මදැයි .

      Delete
  6. ඇත්තටම තරු රවීගේ ගී අතර මේ පදවැල මෑතක සිට මුනුපොත පුරා නිතරම එහේ මෙහේ සැරිසරනවා. ඒකට
    තරු ඇදපු සිතුවිල් සිත්තමත් අගෙයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...