දෙතුන් වතාවක්ම කියවා ඇති නව කතාවක්... නැවතත් වසර
කිහිපයකට පසු කියෙව්වා... ඒත් දැණුනෙ මුල් වරට කියවනව වගේ හැගීමක්... 1997 යුද්ධය
පවතින කාලයක ලියවුණු පොතක තියෙන දේශපාලන සමාජ කාරණා යුද්ධය නිමි යැයි කියන අදටත්
වලංගුයි නේද කියල හිතෙනවා... අළුත් කියවීමකට යන්න පුළුවන් උණේ පශ්චාත් යුධ සමයක පෙරපර
සන්ධි ගළපමින්, අනාගතය කෙලෙස වේවි ද සිතමින් කිය වූ නිසාද කියලත් හිතෙනවා...
ඒ පොත සෝමා ජයකොඩිගෙ කැන්ගරුවෝ... මේ එහි පෙරවදන
දයාබර පාඨකය,
ආයුධ වෙළදාමෙන් විනිමය සොයනු ලබන බටහිර බොහෝ බලවත්
ජාතීන් තුන්වෙනි ලෝකය යැයි හදුන්වනු ලබන දුප්පත් රටවල, තමන්ට ගැතිකම් කරන නිවට
පාලකයින් රජ කරවීම සදහා උත්සාහ ගනු ලබන්නේ කුමක් නිසා දැයි මැනවින් සොයා බැලීමේ
කාලය උදා වී ඇත.
ජාති, ආගම්, ගෝත්‍ර, පක්ෂ ආදී වශයෙන් එකිනෙකා අතර ගැටුම්
ඇති කර යුදගිනි අවුළුවා, රට දැයට හිතැති පාලකයින් ඝාතනය කරවා, නව ආයුධ
සංස්කෘතියකින් තුන්වෙනි ලෝකයේ ජනතාව ග්‍රහණයට ගැන්මට ඔවුන් එන්නේ ආක්‍රමණික
වේෂයෙන් නොව සංක්‍රමණික වේශයෙන් නිසා ඔවුන්ගේ කූඨ උපාය ඥානයන් වටහා ගැනීමේ
හැකියාවෙන් ද අපි දිනෙන් දින දුර්වල වෙමු.
ආධාර, සහනාධාර, ණය ආධාර දෝතින් ගෙන ඔවුන් සංක්‍රමණය වන
විට බලය උදෙසා ඕනෑම දෙයක් බිලි දෙන්නට සූදානම් පාලකයින් සේම, නිකන් ලැබෙන ඕනෑම
දෙයකට දෝත පාන රටවැසියන් ද ඔවුන් අභියස නිවටුන් වන්නේ තමන් දෙපා තබා සිටිනා මහ
පොළවද ලැජ්ජාවට පත් කරවමිනි.
අවදි මනසින් වත්මන් ලෝකය දෙස බලා ස්වකීය ජන්ම භුමියේ
අනාගත සුරක්ෂිත භාවය ගැන සිතන කවරෙකු වුව ද ආත්ම ලාභයෙන් හා බලකාමයෙන් තොර වීමේ
උදාර ලක්ෂණය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නිතැතින්ම සිදුවන්නකි. ධනය, බලය, ශක්තිය
මෙහෙයවා ලබන කීර්තිය ප්‍රශංසාව සැබවින්ම
හිස්ය.
මිනිසකු ශ්‍රේෂ්ඨයකු වීමට නම් ආත්ම ලාභයෙන් තොරව,
ස්වකීය දේශයට, දැයට, වර්ගයාට ආදරය කළ යුතු අතර එමගින් මුළු මිනිස් ප්‍රජාව කෙරෙහිම
ආදරයක් ඇති කර ගත යුතුය.
''කැන්ගරුවෝ'' නවකතාව පෙරවදන
කතුවරිය සෝමා ජයකොඩි
1997 මුල්වරට මුද්‍රණය ( අදටත් වලංගු නොවේද මේ කියමන්....
)
කැන්ගරුවෝ හිතට දැණුනු එක් සිදුවීමක්....
ඒ......... අත්අඩංගුවේ පසුවන, එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක්
යැයි සැක කරමින් දින ගණනාවක් ප්‍රශ්න කිරීම්වලට ලක්වුණ රහල් කුමාරස්වාමි බලන්නට
බිම්බා අමන්‍දොළුව තරුණිය ගිය අවස්ථාව....
''....... තමන්ගෙ ජාතිය බලයට පත් වෙනවා දකින්න ඔයා කැමති
නැද්ද? ''
බිම්බාගේ අතුරු ප්‍රශ්නය දමිළ තරුණයා සිත ඇති කළේ කෝපයකට
වැඩි දුකකි.
'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට
අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව. බිම්බා මට
ඔයත් එක්ක කතා කරන්න දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ. කරුණාකරල දැන් ඔයා යන්න. මං මේ
කරදරේ වැටුණෙ වරදක් කරල නෙමේ. ඒක නිසා මට මං ගැන බයක් නැහැ. මං නිසා ඔයා කරදරේ
වැටෙනව දකින්න මං කැමති නැහැ. ඔයා යන්න..."
බිම්බා මලානික වුවාය. රහල් නැගී සිටියේය.
'' අපේ හොද හිත් විනාශ කළේ ඔයාගෙ ඇමරිකන් යාළුවා. ඔයා
එයාගෙන් පරෙස්සම් වෙන්න. ඇමරිකන් යාළුවො තමා මුළු ලෝකෙම විනාශ කරන්නෙ. ඒක ප්‍රභාකරන්ට
තේරුම් යන දවසත් වැඩි ඈතක නෙමේ...'' ( 213 පිටුව )
'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට
අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව.''
මේ කෙටි
වැකිය මට සිහිපත් කළේ පුදුවෙයි රත්නතුරෙයි කවියාගෙ මෙන්න මේ කියමන...
" මා
කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න යුගයෙදි මම කීවා මම ශ්‍රී
ලාංකිකයෙක් කියලා. එතකොට සිංහල මහා ජාතිවාදය කීවා , නෑ උඹ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි , උඹ දෙමළෙක්
කියලා. මම නැවත නැවතත් කීවා , නෑ මම දෙමළෙක්
නෙමෙයි , මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නෑ උඹ දෙමළෙක් , ඔවුන් කීවා. පසුව මම කියන්න ගත්තා , " ඔව් මම
දෙමළෙක් " කියලා. එතකොට ඔවුන් කියනවා , නෑ නෑ උඹ දෙමළෙක් නෙමෙයි , උඹ ශ්‍රී
ලාංකිකයෙක් කියලා... "
- පුදුවෙයි රත්නතුරෙයි - ( 2002 )
- පුදුවෙයි රත්නතුරෙයි - ( 2002 )
ලේඛිකාව චරිත තුළට ආරෝපණය වී තම දේශපාලන මති මතාන්තර ප්‍රකාශ කරන්නට දරන
උත්සාහය විටෙක ඒකාකාරී බවක් දැනවුවද කැන්ගරුවෝ අගය කළ හැකි දේශපාලන නවකතාවකැයි මම
සිතමි. දේශපාලනයෙන් තොර නවකතාවක් සෝමා ජයකොඩිගේ ලේඛන කලාව තුළ සොයා ගත නොහැකිය.
බොහෝ විට දේශපාලනය සමග ගලා යන ප්‍රේම කතාවක් ද ඇත. ඇගේ ප්‍රේම කතාද මගේ සිත්
ගනියි. නමුත් කැන්ගරුවෝ තුළ ප්‍රේම කතාවක් නැත.
වසරින් වසරට පොත බැගින් එළි දක්වන්නට හදිසියක් ඇතැයි විටක සිතුණද, එනිසාම
ඇගේ නවකතා කලාවේ යම් පසුබෑමක් දිස්වන්නේ යැයි සිතුණද මම ඇගේ පොත පතට ඇලුම් කරමි.
මේ කතාව බලලා නෑනේ. හොයාගෙන බලන්ට ඕනි පොතක්.:)
ReplyDeleteමදාරා, මිහිකතගේ දියණිය, වෘකයෝ සහ ළමයි සෝමා ජයකොඩිගෙ මම කැමති තවත් පොත් ටිකක්...
Delete/* වසරින් වසරට පොත බැගින් එළි දක්වන්නට හදිසියක් ඇතැයි විටක සිතුණද, */
ReplyDeleteමොකක්ද ඒකේ හදිස්සිය?
එහෙම ලිව්වට කමක් නැහැ.. ඒත් එහෙම ලියද්දි ලියන දේවල ඒකාකාරී ගතියක් මතු නොවෙන්න වග බලා ගන්න ඕන...
Deleteඉදල හිටලා හෝ පාඨකයාට හිතට දැනෙන,මතකයෙ රැදෙන පොතක් ලියන්න අය ඉන්න එකත් ලොකු දෙයක් මාසෙ ගානෙ හරයක් නැතිව පොත් ලියන අයට වඩා.
ReplyDeleteඒ කතාව ඇත්ත...
Deleteහොයාගෙන කියවන්න හිතුනා.. මොන තරම් ඇත්තද... අපි හැමෝම එකම මනුෂ්‍ය ජාතියේ...
ReplyDeleteගොඩගේ පොත් හලේ ගන්න තිබුණා.. දැන් අළුත් මුද්රාණයෙ මිල නම් කොහොමද දන්නෙ නැහැ නංගි...
Deleteඅදින නාවන කවන පොවන වඩාගෙන ඉන්න දේවල් විස්තර කරන කට්ටිය ඉන්න රටක මේ වගේ නවකතාකරුවන් වාසනාවන්...
ReplyDeleteනිහතමානී ලේඛිකාවක්...
Deleteමාත් බොහොම ආශාවෙන් කියවපු පොතක්.
ReplyDeleteඒත් මොන එහෙකටද මන්දා මට මතක හිටියේ ඔය බිම්බා විතරමනේ.
ඒත් මදෑ... ආයෙම කියෙව්ව නම් මතකය අළුත් වේවි...
Deleteබලමුකෝ හොයාගන්න පුළුවන් උනොත්...
ReplyDeleteමම කියන්නෙ නැහැ අනර්ඝයි කියල... නමුත් හොද පොතක් සයුරි...
Deleteනිතර පොත්පත් කියවන එකනම් ඇත්තටම වටිනවා. ඒතරමටම වෙලාව පිලිබද ගැටලු මතුවෙනවා. ඒත් නවකතා කියවන්නෙ තෝරාගත් කෘතීන් පමණක් නිසා මෙවන් පොත්පත මගහැරෙනවා
ReplyDeleteමම ගොඩක් වෙලාවට පොත් කියවන්නෙ යන එන ගමනෙදි අයියෙ.. කෝච්චියෙ වැඩට යන එක ආශිර්වාදයක් වගේ කියවීමට... සතියට පොත් දෙක තුනක් කියවනවා.. කෝච්චියෙදි..
Deleteaththatama mewani lekakayo blog karanayata
ReplyDeletepiwisenawanam hodai...wade thiyenne e aya
enne nahane..meeta wada ugath minissu tikak
lankawe blog nokarana ekayi warada...
sthoothiyi me satahana beda gaththata...
මම නං කැමතියි එයාලා බ්ලොග් නොලියා පොත් ලියනවට...
Deleteබ්ලොග් ලිවීම මට දැනෙන්නෙ පෙර පුහුණුවක් වගේ.. අනික දිගට ලියන්න කියවන්න වෙලාව හොයා ගන්න බැරි අයටත්, තමන්ගෙ සිතුවිලි බෙදා හදා ගන්න කැමති අයටත්, තමන් ලියන දේ ගැන ඉක්මන් ප්රනතිචාර ලබා ගන්නත් බ්ලොග් ලිවීම හොදයි.. බ්ලොග්කරණය හරියට පාවිච්චි කරන කෙනෙකුට තමන්ගෙ හැකියාවන් මුවහත් කර ගන්න පුළුවන් කියල මට හිතෙනවා...
ඔයා හොඳයි කියනවානම අනිවාර්යෙන් හොඳ පොතක් වෙන්නට ඕනේ . පොත් කීපයක්ම තියනවා ගන්න . මේ පොතත් ඒ අතරට එකතු කරගන්නම් .
ReplyDeleteමේ පොත ආයෙම කියවද්දි මට හිතුණෙ ගිම් 1997 දී යුද්දෙ තිබුණු කාලෙ ලිව්ව කාරණා අදටත් කොයි තරං වලංගුද කියලයි...
Deleteකියවලම බලන්නකෝ... මං කියන නිසාම නෙවෙයි...
මම් මේ පොත කියවලා නෑ. කියවලා බලන්න ඕන.
ReplyDelete