නුහුරුය මට සාහිත්‍ය විචාර
පැටි වියේ
සිටම පොත් සම්භාරයක් කියවා ඇති අවබෝධය මිස පොතපත ගැන විවාර ලියන්නට තරම් සමත්කමක්
මා සතුව නැතැයි මට සිතේ. මා ලියන්නේ පොතක් කියවීමෙන් මා විඳින, මට දැනෙන රසය, රමණීයත්වය සහ අපූර්වත්වය පිළිබඳවය. මට දැනෙන අඩුලුහුඬුකම් පිළිබඳවය. මාගේ මිනුම් දඬු අනුව, මාගේ බුද්ධි ප්‍රභාවේ
තරම අනුව හොඳ යැයි මා අගය කරන පොත පත පිළිබඳව මෙසේ සටහන් තබන්නේ මගේ මතක සංචිතයට රස පොත්
මතකයන් එක් කර ගැනීමට මෙන්ම, පොතපතට ළැදි අන් අයගේද අවධානය ඒ සඳහා යොමු කිරීමටය.
පෙරපර දෙදිග සාහිත්‍ය විචාර සංකල්ප හෝ ක්‍රමවේද ගැනද මට අවබෝධයක් නැත.
එබැවින් සාහිත්‍ය විචාරිකාවක් ලෙස මා දෙස නොබලන්නේ නම් මැනවි.
සොඳුරු සැරසර -
හනමිචිය දිගේ...
සුරස නව පොත්
මැදුර මරදානේ විවෘත වූ බවට ලද ආරංචිය ( මනෝරමට තුති ) අනුව එහි ගිය මම මුලින්ම මිල
දී ගත් පොත සමන් අතාවුදහෙට්ටි මහතා ( සමන් සන් ) විසින් රචිත සොඳුරු සැරිසර - හනමිචිය දිගේ කෘතියයි. එම
කෘතිය මිල දී ගන්නට හේතු වූ කරුණු කිහිපයක් තිබිණි.
- ප්‍රමුඛ වන්නේ ජපානයට හා එහි සංස්කෘතියට මගේ ඇති අසීමිත ළැදියාවයි. කලෙක මගේ සිහින දේශයක් වු ජපානයේ මාස තුනක් වැනි කෙටි කලක් දිවි ගෙවීමෙන් ලද ආස්වාදනීය මතකයන් සිත තුළ නොමැකී පැවතීමයි.
- අනෙක දෙස් විදෙස් සංචාර සටහන් කියවීමට, අන්‍ය සංස්කෘතීන් ගැන දැන ගැන්මට ඇති ඉමහත් ආශාවයි.
- එසේම ''හෘද සූත්‍රය'', ''එය මෙසේ සිදුවිය'' පොත් කියවීමෙන් සමන් සන්ගේ සරල සුගම ලේඛන ශෛලිය මා සිත් ගෙන තිබීමයි.
ඉහත කී කාරණාවන්
සමග පණ පෙවූණූ අප්‍රමාණ ආදරණීය අපේක්ෂාවන් රැසක් කියවන්නට පෙරම පොත ගැන විය. නමුත්
පොත කියවීමෙන් එය මුළුමනින් සන්තර්පණය වූයේ නම් නැත. අඩුවක් දැණිනි. ඒ මන්දැයි මට ද
නොතේරේ.
ජපන් බුදු දහම
හා එහි ව්‍යාප්තිය පිළිබද පර්යේෂණ කාර්යයක්
සඳහා ජපානයට ගිය
අවස්ථාවක කළ සංචාරයන්, ලද අත්දැකීම්, හමු වු පුද්ගලයන් පිළිබඳව ''හනමිචිය දිගේ'' හි සරලව සුන්දරව සටහන්
වී ඇත. එහෙයින් වැඩි වශයෙන් බුදු දහම හා සම්බන්ධ විහාර ආරාම, පිළිම, වත්පිළිවෙත්
සම්බන්ධ ආකර්ශණීය සටහන් අන්තර්ගතය.
මාළු දැලේ රන්
පිළිමය, මෛත්‍රී දෙවඟන, යෝධ බුදු බඳ, තෙන්දයි නිකායේ මහ පන්සල වැනි තේමාවන්
යටතේ ලියැවී ඇති සටහන් ඉතිහාසය, වර්තමානය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි බොහෝ
කරුණු එක්තැන් කොට ගෙන ඇත.
ඒ අතර ආගමික
පසුබිමෙන් බැහැර වූ සටහන්ද රැසකි. මුල්ම සටහන අපූරු අත්තම්මා කෙනෙක් ගැනය. ඇය
අවුරුදු 86 ක් වයසැති කිකුනො එනොඔ නම් වන රංගන ශිල්පිණියයි. ඇය පවසනුයේ රංගනය ඔස්සේ
තමන්තුළ ඇති බෝධිසත්වවරයා සොයා ගත හැකි බවය.
''රංගනය කියන්නේ ශරීරය වගේම සිතත්
පිරිසිදු කරන භාවනාවක්'' ඇය පවසයි.
රංගනය මුදලට විකුණන, විකිණෙන අපේ කලා ලෝකයට නැවත
නැවතත් සිතා බැලිය යුතු කරුණක් නොවේද මේ? තමන් තුළ සිටින බෝධිසත්වවරයා කලාව තුළින්
සොයා ගැනීම.... සියල්ල මුදල මත තීරණය වන සමාජයක එය අසීරු නමුත් අපූරු වැඩකි.
තෝකියෝවේ තොකි
ෂිසුඉ කිමොනො ප්‍රදර්ශනාගාරයේ නිර්මාණ ශිල්පී ෂිනෝ බු බාබා ගැන ලිපියද ජපානයටම
ආවේණික සුන්දර ඇඳුම් විලාසිතාව
ගැන නව මානයකින් බලන්නට ඇරයුම් කරයි.
( තනබතා උත්සවය දවසේ කිමෝනෝ ඇඳ තේ පානෝත්සවයකට සහභාගි වූ සුන්දර මතකය
මසිත දැල්වේ. )
කබුකි රඟහලක ප්‍රේමය දිනා ගත නොහැකි වූ අවාසනාවන්ත
පෙම්වතුන් යුවළක් ගැන කියැවෙන කබුකි ශෝකාන්තය නැරඹීම සමන් සන් විස්තර කරන්නේ අපද
එහි කැඳවා ගනිමිනි.
අවසානයේ
සුසුමක් නැගෙන්නේ පෙම්වතුන්ගේ ශෝකාන්තය වෙනුවෙන්ම නොවේ. වසර 120 ක් පැරණි ඒ කබුකි
සා රඟහලද කඩා දමා තට්ටු 49
ක විසල් ගොඩනැගිල්ලක් එහි ඉදි වන බව දැන ගන්නට ලැබීමෙනි. එහි පහත මාලයන් 4 ක් රඟහලට වෙන් වන බව දැන ගත්තද දුක්බර බව පහ වූයේ
නැත. .......
සම්ප්‍රදායට ඇළුම් කරන සිතක්ද මා සතුව ඇත්තේ.......''සයෝනාරා කබුකි
සා'' ........
යෞවන නගරය
නමින් හැදින්වෙන ෂිබුයා දුම්රිය පොළ ඉදිරිපිට දඩෝරි වාඩියද අපූරු කතා පුවතකි. ඒ
මැද තැනූ දඩෝරියාගේ ප්‍රතිමාව යහපත්, ගුණවත් හචිකෝ නම් බල්ලකුගේය. එය දඩෝරියාගේ
ගුණවත්කම මෙන්ම කළගුණ දත් ජපන් මිනිසුන්ගේ ගුණවත්කම ගැනද සංවේදී කතාවකි.
පෞද්ගලිකව
මෙන්ම පොදුවේ නිරුවත්ව උණු පැන් ස්නානය කරන ජපන් සිරිත ''නිරුවත් ඔන්සෙන් සුවය''
අපට නම් ලැජ්ජාවෙන් හැකිළෙන්නට කාරණයකි. නමුත් එහි සැබෑ අරුත, විඳිත හැකි සුවය වදනින් විස්තර කරන්නේ කෙසේද? ඒ
පිළිබද සමන් සන් ගේ සටහන සිනා කැන්දන්නකි. ඔන්සෙන් සුවය විඳින්නට ආශාවත් කුතුහලයත් දල්වන්නකි.
'' පොදු නාන
තඩාගයකදී නම් ඔබට සිඟිත්තන් තුවා
පිංචක් ලැබේ. එයින් යන්තමට ඉදිරිපස විළිය මුවා කර ගැනීමට හැකිය. පෞද්ගලික තඩාගයන්ට
නම් තුවා අදාළ නොවේ. ''....... ( පිටුව 185 )
( සැමට හොරෙන්
බයෙන් සැකෙන්, නමුත් අළුත් අත්දැකීමක් විඳීමේ අපේක්ෂාවෙන් ඔන්සෙන් සුවය විඳි, උණු පැනින් සැනහුණු
අත්දැකීමක් මතකයේ නිදන්ව ඇත. කෝල හැගුම් පසෙකලා එය ලිවිය යුතු යැයි සිතමි. )
මෙවැනි සුන්දර
අත්දැකීම් සමූහයක් ආකර්ශණීය මාතෘකා තුළ බහා ඇත. ලිපිය කියවන්නට පෙරම මාතෘකාවේ
ආකර්ශණීය බවත් කෙටි සටහනත් සිත් ඇඳ බැඳ ගනියි. අත්තම්මා,
මාළු දැලේ රන් පිළිමය, අකලට වට හිම වරුසා, අමු මාළු හරි රසයි, සයොනාරා කබුකි සා,
නිරුවත් ඔන්සෙන් සුවය, ජපන් අපාය එවැනි සිත් ගන්නා මාතෘකා කිහිපයකි.
භාෂාව සරලය. සුන්දරය.
සොබාදහම වර්ණනා කරන අවස්ථාවල එය වඩ වඩාත් කාව්‍යාත්මක වේ. සොබාදම් වැනුම් තවත්
බොහෝ වී නම් අගේ යැයි සිතේ.
නමුත් කෘතිය
කියවා අවසන් වන විට දැණුනු අඩුව කුමක් දැයි මම විග්‍රහ කර ගන්නට උත්සාහ ගනිමි. ජපානයේ
ප්‍රතිපත්තිගරුක ධෛර්යවන්ත මිනිසුන්, අතීතයේ ඔවුන් විඳි දුක් කන්දරාවක අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක්
ලෙස වත්මනේ ලබා ඇති දියුණුව, කලාවට සොබාදහමට ඔවුන්ගේ ඇති ආදරය, සීඝ්‍රයෙන්
ඇමරිකානු වන වත්මන් තරුණ පරපුර ............ මෙවන් වූ පොදු ජන ජීවන රටාවන්,
ඔවුන්ගේ හදගැස්ම මගේ අධ්‍යයන කටයුතුවලදී සමීපව ඇසුරු කරන්නට ඉඩ ලැබිණි.
මේ මා
අපේක්ෂා කළ නමුත් සමන් සන්ගේ සංචාර සටහනේ ඉස්මතු නොවන කරුණු කාරණා වන්නට පුළුවන.
සමන් සන්ගේ චීනයේ
චාරිකාවන් ගැන ලියවුණ ''සොඳුරු සැරිසර - සේද
මාවත දිගේ'' කෘතිය ලැබුණේ උපන් දින තිළිණයක් ලෙසිනි. දැන් එය කියවා අවසන්ය.
''හනමිචිය දිගේ'' කෘතියට වඩා ''සේද මාවත දිගේ'' බොහෝ සුන්දර යැයි සිතේ. වඩාත්
සිත් ගත්තා යැයි කීම නිවැරදිය. සැරිසරක අපූර්වත්වය මනා සේ විඳිය හැකිය. ඒ ගැන පසුව ලියමි.
This comment has been removed by the author.
ReplyDeleteහරිම අගෙයි මෙන්න කියවන්න
ReplyDeleteසමන් සමග මතකයක්
සමන් සමග ගිය දේශාටය සටහනක මතකයක්
ස්තුතියි නලින්... පොත එළිදැක්වීම ගැන සටහන කියවුවා... අනික් සටහන විවේකීව බලන්නම්... සමන් සර් එක්ක චාරිකාවක් යන්න ලැබීම වාසනාවක් නේද?
Deleteසමන් සාන් ඔහුගේ ජපන් චාරිකාව කොටස් වශයෙන් පුවත් පතක කොටස් වශයෙන් පලකලා වගේ මතකයක් තිබෙනවා.මමත් එය කොටස් කීපයක් කියවූවා.ජපානය සිතියමකින් පමණක් දැකල තිබෙන කෙනකුට වුවත්,ජපානයෙ ඇවිද්ද/ඇවිදින කෙනකු ලෙසට කියවන්නාට හැගෙන අයුරින් ලිවිමනම් විශිෂ්ටයි.
ReplyDeleteස්වභාවික [උණු දිය]ඔන්සෙන් කදුකර පැතිවල ගොඩක් තිබෙනව.එහෙම නැති පැතිවල කෘතීමව තැනූ ඔන්සෙන් හොටෙල් වල තිබෙනවා.
ඔබ මාස 3ක් හිටියම හොදටම ඇති කියවන්නන්ට දැනෙන්න යමක් ලියන්න.ලියද්දි ඔන්සෙන් ඇතුල් වීමේ සිටම ලියන්න.
ජපානය ගැන හොදම කියැවීම සරච්චන්ද්‍රයන්ගේ පොත් දෙක. දෙවන්න සමන් අයියගේ පොත.ජපානේ ඉන්න කෙන්ජිට මීට වඩා කිව යුතු නෑනේ.සමන් එක්ක චාරිකා රට රටවල යන්න මාත් වාසනාවන්ත වුණා කෙන්ජි.
Deleteනලී,ඔබ ජපානයටත් ආවද?
Deleteමේ ලිපි පෙළ ලංකාදීප පුවත්පතේ පළ වුණා...
Deleteජපානයේ මාස තුනක් උණත් විදි අත්දැකීම් අපමණයි.. ඒ ගැන ලියන්න ඕන ඇත්තටම.. ආයෙම වතාවක් සකුරා මල් පිපෙන කාලයක ජපානයට යන හීනයක් තියෙනවා... ස්තුතියි කෙන්ජි..
සකුරා පිපෙන්නෙ අප්‍රියෙල් පළමු සතියෙ.පිපිල දෙවැනි දවසේ වැස්සක් වැහැල සේරම මල් හැලිල යනවා. ඔබ මෙහෙ ආවෙ සකුරා පිපෙන කාලෙකද?එහෙම ආවනම් දකින්න ඇතිනෙ.ඔබගේ ඒ අත්දැකීම් කොටස් වශයන් ලියන්න.හෙන්රි කීප සැරයක්ම කියල තියෙනව ජපානය ගැන විස්තර දැන ගන්න ආසයි කියල.මම හිතනව හුගක් අය කැමැත්තෙන් කියවයි.අඩුපාඩුවක් තිබුනොත් මම කොමන්ට් එහෙකින් නිවැරදි කරන්නම්.
ReplyDeleteමම ගියේ ගිම්හාන කාලයක.. ජුනි සිට අගෝස්තු... ශිකොකුවල OISCA පුහුණූ මධ්යවස්ථානයේ නැවතිලා හිටියෙ. මාසයක් විතර ටකමට්සුවලත් හිටියා... ඒ අතර කියුෂූ යන්න ලැබුණා.. හිරෝෂිමාවට හෙම.. ඔසාකාවලින් තමයි ආවෙත්, ගියෙත්..
Deleteඅයගාවා කියන්නෙ සුන්දර ගමක්.. පුහුණු මධ්යතස්ථානය තිබුණෙ එහෙ. හිතේ හැටියට බයිසිකලෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් උණා... ලංකාවෙ වගේ බයවෙන්න දෙයක් නැහැනෙ මහ පාරක උණත් බයිසිකල් පදින්න.
ඒ කාලෙ මම බ්ලොග් ලියන්නෙ නැහැ... අපරාදෙ ඒ ලස්සන මතකයන්... දැන් ආයෙම මතකය අවුස්සන්න ඕන.. කෙටි සටහන් පොතකුත් තියෙනවා... මං ලියන්නම්. ස්තුතියි දිරි ගන්වනවට..
කවුද මේ හෙන්රි...
මොන අවුරුද්දේද මෙහෙ ආවේ?ඔසාකා ඇරුනම ඒ අනිත් පැති මුහුද ආශ්‍රිත ගම්බද පැති වගේ.ජපන් අයම නගරබද අය ඔය පැතිවලට යනව මලු සහ ගමේ කෑම කන්න.දිග පාලම් එහෙම දකින්න ඇතිනේ?හෙන්රි කියන්නෙ ඩුඩ් ට.මාතලන්ගෙ බ්ලොග් එකට ගියාම ගොඩක් අයව අදුරගන්න පුළුවන්.මෙහෙ ඉතින් තනියම යන්න කිසි දේකට බයවෙන්න දෙයක් නැති බව ඔබ දැක්කනෙ.
ReplyDeletehttp://tharurasi.blogspot.com/search/label/%E0%B6%AD%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A
ReplyDeleteජපන් මතක ලිවීම ආරම්භ කළ ලිපිය මේ.. ඉන්පස්සෙ ලියන්න බැරි උණා...
බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් උණාට මං තාම බොහෝ දෙනෙක්ව දන්නෙ නැහැ.. බ්ලොග් බලන්නත් කමෙන්ට් කරන්නත් වෙලාව හොයා ගන්න අමාරු නිසා, මගේ බ්ලොගය එතරම් ජනප්රිොය නැහැ...
මටත් සමන් අතාවුද හෙට්ටිගේ මේ පොත් දෙක් දැන් සෑහෙන දවසක ඉඳල කියවන්න හිතක් ඇවිල් තිබුනේ. ඉදිරි දවසක සුරස පොත් සාප්පුව පැත්තෙ ගොඩ වෙන්න ඕනේ.
ReplyDelete