පිස්සු කෙළින .... රටේ මිනිස්සු - උමතුයි. බලලොභියි.
දුෂ්ටයි.
පිස්සු කෙළින රටේ .... මිනිස්සු - නිහඬයි. නිද්‍රාශීලීයි.
බියගුළුයි.
එවැනි දේශයක යථාර්ථය මැනවින් අවබෝධ කොටගෙන, ‘‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු“ යනුවෙන් ගීතයක් ලියා තැබූ අපූරු මිනිසෙක් නිහඬවම සිය අවසන් හුස්ම පොද වා තලයට මුසුවන්නට ඉඩ හැරියේය.
‘‘විදර්ශනගෙ තාත්තා අසනීපෙන්.. ජෙනරල්
හොස්පිට්ල්.”
“විදර්ශනගෙ තාත්තා ගෙදර එක්කරගෙන ගිහින්..”
“විදර්ශනගෙ තාත්තා මහරගම.” වරින් වර සවන්
ගැටිණි.
යා යුතුය, සිතුවෙමි. යමු, කතා වූයෙමු. නමුත් අවසන යා හැකි වූයේ අවසන් ගමනට
සුසුමක් එක්කරනු පිණිස ය.
විදර්ශන කන්නන්ගර සහෝදරයාගේ තාත්තා ලෙස පමණක් ඔහු හැඳින්වීම කොතරම්
අසාධාරණදැයි සිතුණේ අවමංගල අවස්ථාවට සහභාගි වෙමින් සිටියදී ය.
සැබවින්ම ඔහු කේ.ඩී. නිකලස් ය.
‘‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු...” ගීතය ලියූවේ ඔහු බව
දැනගන්නට ලැබුණේ ඔහු මරණයේ දොරටුවෙන් නික්මී ගිය පසුව ය. ඉන්ද්‍රාණි පෙරේරා ගයන
‘‘සලා දෙතොල් මල් පෙති” ගීතයේ පද පෙළද ඔහුගේ ය. සුරඟන යහන චිත්‍රපටය
වෙනුවෙන් ඔහු ලියූ “බඳවා උඩු වියනක් බඳවා” ගීතයට 1999 වසරේ හොඳම
ගීත රචනය වෙනුවෙන් සම්මානයක්ද හිමි වී ඇත.
එපමණක් නොව ඔහු චිත්‍රපට විස්සකට පමණ තිර
රචනයෙන්ද දායක වී ඇත. මධුවන්ති, ආයාචනා, සිස්ටර් මේරි, ඇසල සඳ, බිතුසිතුවම්, නරලොව
හොල්මන්, ගුඩ්බායි ටෝකියෝ ඉන් කිහිපයකි.
බිතුසිතුවම් චිත්‍රපටය සඳහා 1996 වසරේ හොඳම තිර රචනය වෙනුවෙන් සරසවි සම්මානයෙන්ද
පිදුම් ලබා ඇත. ඔහු ලියූ ගීත, තිර නාටක විමර්ශනය කරන විට ඔහු සැබවින්ම පොදු
ජනතාවගේ මිනිසෙක් බව අවිවාදිත ය.
මළවුන් පවා දාහයෙන් දවාලන්නට සමත් කලාභවනේ
සැලකිය යුතු පිරිසක් තුන්කාන්සෙන් ගලන දහදියද නොතකා ගුණකථනයන්ට සවන් දෙමින් සිටියහ.
නමුත් සිනමාව වෙනුවෙන් ජීවිතයම කැප කළ මිනිසෙක් වෙනුවෙන් කෘතගුණ දක්වන්නට සිනමා
ක්ෂේත්‍රයෙන් පිවිස සිටියේ අල්ප වූ පිරිසකි. පුදුම විය යුතු නැත. මේ ශ්‍රී ලංකාව
ය.
නිකලස් මහතාගේ මිත්‍ර, මිල්රෝයි ධර්මරත්න,
හිනිඳුම සුනිල් සෙනෙවි, අරුණ මහේන්ද්‍ර, මොහාන් හෙට්ටිආරච්චි, උපුල් ප්‍රනාන්දු යන
අයගේ ගුණකථන කේ.ඩී. නිකලස් යනු කොතරම් අපූර්ව මිනිසෙකුද යන්න හෙළිදරව් කළේය. ඔහු ලාංකීය සිනමා ඉතිහාසය පිළිබඳව අත්පොතක් බඳු යැයි කීවේ හිනිඳුම සුනිල් සෙනෙවි ය.
නමුත් කේ.ඩී. නිකලස් නාමය පැවතියේ මාධ්‍ය කලා ක්ෂේත්‍රයෙන් සැඟවීගෙන ය. වැඩ කිරීමේ සිහිනයක් මිස, නම බැබළවීමේ සිහිනයක් නොවූ නිසා ම ඔහු මාධ්‍ය පසුපස හඹා නොයන්නට ඇත. නමුත් මෙබඳු මිනිසුන් හෙළිදරව් කිරීමේ සහ නිසි ඇගයුම ලබා දීමේ සමාජ වගකීමෙන් බැහැර වීම පිළිබඳව මාධ්‍ය කලා ක්ෂේත්‍රයේ වගකිව යුතු අයගේ හෘද සාක්ෂිය අවදි විය යුතු යැයි සිතමි.
නමුත් කේ.ඩී. නිකලස් නාමය පැවතියේ මාධ්‍ය කලා ක්ෂේත්‍රයෙන් සැඟවීගෙන ය. වැඩ කිරීමේ සිහිනයක් මිස, නම බැබළවීමේ සිහිනයක් නොවූ නිසා ම ඔහු මාධ්‍ය පසුපස හඹා නොයන්නට ඇත. නමුත් මෙබඳු මිනිසුන් හෙළිදරව් කිරීමේ සහ නිසි ඇගයුම ලබා දීමේ සමාජ වගකීමෙන් බැහැර වීම පිළිබඳව මාධ්‍ය කලා ක්ෂේත්‍රයේ වගකිව යුතු අයගේ හෘද සාක්ෂිය අවදි විය යුතු යැයි සිතමි.
..........
වඩාත් සිත කම්පනයට පත් කළ මොහාන්
හෙට්ටිආරච්චිගේ කථාවේ අදහසක් ඔබ හා බෙදා ගන්නට රිසි වෙමි. මනුෂ්‍යත්වය වෙනුවෙන්
සංවේදීව දැල්වෙන සිත්වල මේ පණිවිඩය නිධන් කරගනු ඇතැයිද, ඒ වෙනුවෙන් සක්‍රීය
දායකත්වයක් ලබා දෙනු ඇතැයිද සිතමි.
‘‘මෑත කාලයේ කලා ක්ෂේත්‍රයේ හයදෙනෙක්
විතර පිලිකා රෝගය නිසා මියගිහින් තියෙනවා.
පිලිකා තත්වයක් හඳුනාගත්තම ඉන්පස්සෙ වැඩි කාලයක් මනුෂ්‍යෙයක් ජීවත් වෙන්නෙ නැහැ. ඒ
වගේම ඒ පවුලෙ අය, සමීපතමයින් මානසික, ආර්ථික ප්‍රශ්න ගොඩකට මැදිවෙනවා. මේ වගේ
තත්වයක් දරාගන්න හරිම අමාරුයි.
ඒ නිසා කවුරු වුණත් මේ වගේ තත්ත්වයක් නිසා
අසරණ වුණාම ඒ මිනිස්සුන්ව අත්හරින්න එපා. ළඟින් ඉන්න. පුළුවන් විදියට උදව්වක්
කරන්න...”
ගොඩක් ස්තූතියි තරෑ. එතුමාට නිවන් සුව පතමි!
ReplyDeleteබොහොම ස්තූතියි තරූ......... ඔහුට නිවන් සුව පතමු..... මෙවැනි මිනිසුන් ගැන කතා කරන්නට අපේ මාධ්‍යයන්ට වෙලාවක් නැහැ.....
ReplyDeleteඔහුට සුබ ගමන්.!
ReplyDeleteඑතුමාට නිවන් සුව , මේ ගීතය ඔහුගේ බව මම දන්නේ අදයි
ReplyDeleteනිවන් සුව පතමි! :'(
ReplyDeleteඑතුමාට නිවන් සුව පතමි!
ReplyDelete