‘‘පොත් තුළ
සිටින මිනිසුන් නිවී සැනසිල්ලේ
ඔවුන්ගේ දේ අප
හා කතාකරනවා පමණි
ඔවුන් අප වෙත
කඩාපනින්නේ නැත...
ඊට අමතරව අපේ
සිතේ ඇති දේ
ඔවුන් හා
කතාකරන්නත් අපට පුළුවනි...
නිසොල්මනේ
ඔවුන් අසා සිටිනු ඇත...
අපේ හැඟීම්වලට
සිනාසෙන්නේද නැත....”
තරුරසී කළින්
ලිපියට මේ අදහස ලියා තිබුණෙ නිමන්ති. මේ අදහස කොයිතරම්
ඇත්තක්ද කියල මට හිතුණා. සාහිත්‍ය කලා ඇසුරින් හිත සුවපත් වෙන තරම මෙතෙකැයි කියන්න
බෑ. පුදුමෙ කියන්නෙ මනුෂ්‍ය නිර්මාණ මිනිස් හිත් සුවපත් කරනවා.. සැබෑ මිනිස් ඇසුර හදවත බිඳල දානවා. සමහර විට ඒ තැළුණු බිඳුණු හිත එක වචනයකින්
සුවපත් වෙනවා. ඒ බිඳුණු හදවත් තවත් මනුෂ්‍ය සම්බන්ධතා හරහා පිළිසකර වෙනවා. ජීවිතේ
ගලායන්නෙ එහෙම තමයි.
ඊයෙ දවසම
උන්නෙ කෞන්පූර්වල... රමා, රමේෂ්, බෙනී, බිෂ්වේශ්වරී පුංචි අම්මා, දිළිඳු බ්‍රාහ්මණයින්
එක්ක.
සරත්චන්ද්‍ර
චැටර්ජිගේ ‘පල්ලිසමාජ්’ ලස්සන
නවකතාවක්. කියවගෙන යද්දි මතක් වුණේ මම මේ නවකතාව කියවල තියෙනවා කළින්. ඒත් පසෙකින්
තියන්න ලෝබ හිතුණා. සේනාරත්න වීරසිංහ පරිවර්තනය. මං කැමති පරිවර්තකයෙක්... ඔහු පරිවර්තන
කාර්යයට තෝරා ගන්නෙ මනුෂ්‍ය හදවත්වලට සංවේදීව ආමන්ත්‍රණය කළ හැකි පොත් කියල මට හිතෙනවා. ඒ වගේම අදාළ
කෘතිය, කතුවරයා, අදාළ සමාජ පසුබිම අවබෝධ කරගත හැකි අගනා පෙරවදනක් ඔහුගේ හැම
පරිවර්තනයකම වගේ ඇතුළත්....
පරිවර්තනයේ නම
‘අලුත් මිනිහෙක්’. ප්‍රභා ප්‍රකාශනයක්.
මිල රු. 380.00..........
කෞන්පූර්
ගම්වැසියන්ගෙ දිළිඳුබව, නූගත්කම... ඒ නිසාම ඇති වන හැලහැප්පීම්.............
ඒ දරිද්‍ර
ජීවිත නගා සිටුවන්න රමේෂ් දරන උත්සාහය.. ඔහු ලබන ජයග්‍රහණයන්, පරාජයන්...
උගත් රමේෂ්
දුරස්ත වන පුද්ගල සමාජ යථාර්ථය ඔහුට අභිමුඛ කරවන බිෂ්වේෂ්වරී පුංචි අම්මා...
රමා, රමේෂ්
අප්‍රකාශිත ප්‍රේමය, ඒ ප්‍රේමය නිසා ඇති වන අප්‍රමාණ වේදනාව....
මේ නවකතාව වෙත
අපිව ඇද බැඳ තබාගන්නවා.
මං හැමදාමත්
හිතන දෙයක්.. ගමක් වෙනස් කරන්න, ගමක් ගොඩනගන්න ගමට, මිනිස්සුන්ට, පරිසරයට අවංකවම
ආදරය කරන කැපවෙන එක මනුස්සයෙක් හිටියොත් හොඳටෝම ඇති කියන එක. එහෙම වැඩ කරන
මිනිස්සු ඉන්නවා. ආදරයෙන් පිරුණු මිනිස්සු... එහෙම අය දැන අඳුනගෙන එයාල එක්ක වැඩ
කරන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා...
ගමක් ගමක්
ගාණෙ එහෙම හොඳ හදවතක් බිහි කරන්න පුළුවන් නම් විප්ලව සියදහස් ගණනක් එක වර කළා වගේ
ජයක් ලබන්න හැකි වේවි...... ඒක ලේසි වැඩක් නොවන බව රමේෂ්ගෙ ජීවන අරගලයෙනුත්
පැහැදිලි වෙනවා.... නමුත් ඒ සැබෑ කරගන්න අසීරු සිහිනයකුත් නෙවෙයි.... ආදරයයි, කැපවීමයි, ධෛර්යයි එක්තැන් කරන්න පුළුවන් හොඳ හිත්වල හමුවයි වැදගත්..
......................
ඉන්දියාව පුරා
සුන්දර රස්තියාදුවක සැරිසැරීමේ හීනයක් මටත් තියෙනවා. ඒ හීනය හිතේ පැලපදියම් වුණේ
පොත් නිසා... ඒ හීනෙට පියාපත් පැළැන්දුවෙ සුනේත්‍රා... ඒත් තාමත් ඒ පියාපත් සවිමත්
නැහැ, ඈත අහසෙ දුරකට පියාඹල යන්න තරම්.
නිමන්තිගේ කතාව නම් ඇත්තට ම ඇත්ත. ඒ මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා... ලෝකය හැල්මේ දුවනවා.. හරිම විහිළුවක්...
ReplyDeleteලෝකය හැල්මේ දිව්වාට කමක් නැත ..
Deleteපාඩුවේ ඉන්නට කැමති අයට
ඒ විදියට ඉන්නට අරිනවා නම්..
ඔවුන් එසේ කරන්නේද නැත...
@ තරු මේ කමෙන්ට් කරනකොට වෙරිෆිකේශන් කෝඩ් එකක් එන එක අයින් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි.
//////ගමක් ගමක් ගාණෙ එහෙම හොඳ හදවතක් බිහි කරන්න පුළුවන් නම් විප්ලව සියදහස් ගණනක් එක වර කළා වගේ ජයක් ලබන්න හැකි වේවි...... ඒක ලේසි වැඩක් නොවන බව රමේෂ්ගෙ ජීවන අරගලයෙනුත් පැහැදිලි වෙනවා.... නමුත් ඒ සැබෑ කරගන්න අසීරු සිහිනයකුත් නෙවෙයි.... ආදරයයි, කැපවීමයි, ධෛර්යයි එක්තැන් කරන්න පුළුවන් හොඳ හිත්වල හමුවයි වැදගත්../////////
ReplyDeleteඒ තමයි වඩාත් වැදගත්!
පොත් වල ඉන්න මිනිස්සු ගැන කියලා නිමන්ති කියලා තියෙන දේට මාත් එකඟයි.
ReplyDelete@ තරූ - ඔව් තරූ.. ඔය හීනේ මටත් පොත් නිසා ඇතිවුනා.
මේ පොත් ඔක්කොම කියවගන්ට බැරි එක ගැන පුදුම දුකක් තියෙන්නේ.:(
ReplyDeleteමුලින් තියෙන නිමන්තිගේ කමෙන්ට් එක හරිම ලස්සණයි.
ඔය අසීරු හීනේ කවදා හරි දවසක හැබෑ වෙනවා.එක විශ්වාසයි...:)
ReplyDelete