සඳ
මීදුම් දුමාරෙක
වැතිරගෙන
අලසව...
අන්ධකාරය කැටිගැහෙයි
ලන්ද පාමුල...
වළාකුල් යහනත
නිදිබරය තරුකැට....
සුළං රැල්ලක
දාංගලයේ මිහිර අහිමිව
ගල් ගැසී වේදනාබරිතව
තුරු පෙළ...
රෑහි වීණාවට
තාල අල්ලයි ගෙඹි රැල...
සඳට ඔච්චම් කර කර...
සාංකාවෙන් වගේ
සඳ මෙසඳ,
කිමද සකිසඳ!!!
වැඩ වරන්නටවත් සිතුණාද
මෙදා පාළොස්වකට.........
ලස්සන කවියක් තරු..............
ReplyDeleteස්තුතියි...
Deleteඒකත් එහෙමද
ReplyDeleteවැහි අන්ධකාරෙ නිසා හඳ මලානික වෙලා උන්නෙ...
Deleteකවිය කියවගෙන ගියාම මට මතක් වුනේ මෙන්න මේ සින්දුව
ReplyDelete"පහළොස්වක සද පායන වැන්නේ...
සොදුරැ කිදුරැ රැව ආල වඩන්නේ...
සිතුම් පැතුම් ඉටු වේවි ද මන් දා.............................
පුරැවෙ කළ පින් අපට කොයින්දා.....
පුරැවෙ කළ පින් අපට කොයින්දා...
ලස්සන සින්දුව...
Deleteසඳ, මෙසඳ, සකිසඳ...ලස්සනයි. මුල සඳ ඇර අනෙක් දෙකේ තේරුම් කියාදෙන්ට තරූ...:)
ReplyDeleteමෙසඳ - මේ වෙලාවෙ, මේ මොහොතෙ කාලය ගැන ඇඟවුමක්... එසඳ කිව්වම ඒ වෙලාවෙ...
Deleteසකි කියන්නෙ යහළුවට.. සකිසඳ කිව්වම හිත ළඟම ඉන්න යහළුවෙක් කියන හැගීම දෙනවා...
පොඩ්ඩි....සකි කියන්නේ යහළුවාට...සකේ කියන්නේ යෙහෙළියට :D
DeleteI like Sake කියන්නේ මම මගේ යෙහෙළියට මනාපයි කියන එක. ඒ කොහොම වුනත් I like Sake!!
තරු තියේනම් අහස පිරෙන්නට
ReplyDeleteඑක පසළොස්වකට නොතිබුනාම මොකෝ
හඳ අහසට...:)
තරුත් නැහැනෙ අහසෙ... ඒකෙන වැඩේ..
Deleteමට මේ ලියමන මතක් උනාම මේ සින්දුවෙන් පිළිතුරු දෙන්න හිතුනා
ReplyDeleteසද නිවාඩු ගිහින්
කාටත් නොකියම කලින් නොදන්වා සද නිවාඩු ගිහින්
ඉල්ලා අස්කරගත් හිත හින්දා මට දන්වන්නට සද නිවාඩු ගිහින්
යායා පුරා පුරා පායා රෑ තිස්සේ
බොහොය බොහොය රැස් පා ගස් අස්සෙන්
ඔත්තු බල බලා හොරෙන් ගෙනත් දුන්
ඔබේ සෙනෙහේ බලාගනිමි බැල්මෙන්
ලිහිල් පැතුම් උහුලන්නට බැරි සද
සද නිවාඩු ගිහින්
බලාහිදිමි මම දේදුනු අස්සෙන්
පාලු කපන මට ඔය අග්ගිස්සෙන්
උපමා දෙන්නට කවි සිත ඔස්සේ
පායයිදෝ සද කලුවර අස්සෙන්
හිතේ සුසුම් අගවන්නට බැරි සද
සද නිවාඩු ගිහින්
මම හිතන්නේ හරියටම එක ගැලපෙනවා කියලා
දුකටයි පාළුවටයි වෙන්න ඇති... සඳ නිවාඩු ගන්න හදන්නෙ...
Deleteසඳට දුක සිතී ඇත
ReplyDeleteතරු ගැන
වළාකුළු නිහඬව බලාගෙන
මුදු සුසුමකට
මුමුණමින් රහසක්
ගෙම්බෙන් පමණක්
මහ හඬින් කෑ ගසමින්..