පිටු

Monday, October 6, 2014

කිමද සකිසඳ!!!


සඳ
මීදුම් දුමාරෙක
වැතිරගෙන
අලසව...
අන්ධකාරය කැටිගැහෙයි
ලන්ද පාමුල...
වළාකුල් යහනත
නිදිබරය තරුකැට....

සුළං රැල්ලක
දාංගලයේ මිහිර අහිමිව
ගල් ගැසී වේදනාබරිතව
තුරු පෙළ...
රෑහි වීණාවට
තාල අල්ලයි ගෙඹි රැල...
සඳට ඔච්චම් කර කර...

සාංකාවෙන් වගේ
සඳ මෙසඳ,
කිමද සකිසඳ!!!
වැඩ වරන්නටවත් සිතුණාද
මෙදා පාළොස්වකට.........





14 comments:

  1. ලස්සන කවියක් තරු..............

    ReplyDelete
  2. Replies
    1. වැහි අන්ධකාරෙ නිසා හඳ මලානික වෙලා උන්නෙ...

      Delete
  3. කවිය කියවගෙන ගියාම මට මතක් වුනේ මෙන්න මේ සින්දුව

    "පහළොස්වක සද පායන වැන්නේ...
    සොදුරැ කිදුරැ රැව ආල වඩන්නේ...
    සිතුම් පැතුම් ඉටු වේවි ද මන් දා.............................
    පුරැවෙ කළ පින් අපට කොයින්දා.....
    පුරැවෙ කළ පින් අපට කොයින්දා...

    ReplyDelete
  4. සඳ, මෙසඳ, සකිසඳ...ලස්සනයි. මුල සඳ ඇර අනෙක් දෙකේ තේරුම් කියාදෙන්ට තරූ...:)

    ReplyDelete
    Replies
    1. මෙසඳ - මේ වෙලාවෙ, මේ මොහොතෙ කාලය ගැන ඇඟවුමක්... එසඳ කිව්වම ඒ වෙලාවෙ...

      සකි කියන්නෙ යහළුවට.. සකිසඳ කිව්වම හිත ළඟම ඉන්න යහළුවෙක් කියන හැගීම දෙනවා...

      Delete
    2. පොඩ්ඩි....සකි කියන්නේ යහළුවාට...සකේ කියන්නේ යෙහෙළියට :D
      I like Sake කියන්නේ මම මගේ යෙහෙළියට මනාපයි කියන එක. ඒ කොහොම වුනත් I like Sake!!

      Delete
  5. තරු තියේනම් අහස පිරෙන්නට
    එක පසළොස්වකට නොතිබුනාම මොකෝ
    හඳ අහසට...:)

    ReplyDelete
    Replies
    1. තරුත් නැහැනෙ අහසෙ... ඒක‍ෙන වැඩේ..

      Delete
  6. මට මේ ලියමන මතක් උනාම මේ සින්දුවෙන් පිළිතුරු දෙන්න හිතුනා

    සද නිවාඩු ගිහින්
    කාටත් නොකියම කලින් නොදන්වා සද නිවාඩු ගිහින්
    ඉල්ලා අස්කරගත් හිත හින්දා මට දන්වන්නට සද නිවාඩු ගිහින්

    යායා පුරා පුරා පායා රෑ තිස්සේ
    බොහොය බොහොය රැස් පා ගස් අස්සෙන්
    ඔත්තු බල බලා හොරෙන් ගෙනත් දුන්
    ඔබේ සෙනෙහේ බලාගනිමි බැල්මෙන්
    ලිහිල් පැතුම් උහුලන්නට බැරි සද
    සද නිවාඩු ගිහින්

    බලාහිදිමි මම දේදුනු අස්සෙන්
    පාලු කපන මට ඔය අග්ගිස්සෙන්
    උපමා දෙන්නට කවි සිත ඔස්සේ
    පායයිදෝ සද කලුවර අස්සෙන්
    හිතේ සුසුම් අගවන්නට බැරි සද
    සද නිවාඩු ගිහින්

    මම හිතන්නේ හරියටම එක ගැලපෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. දුකටයි පාළුවටයි වෙන්න ඇති... සඳ නිවාඩු ගන්න හදන්නෙ...

      Delete
  7. සඳට දුක සිතී ඇත
    තරු ගැන
    වළාකුළු නිහඬව බලාගෙන
    මුදු සුසුමකට
    මුමුණමින් රහසක්
    ගෙම්බෙන් පමණක්
    මහ හඬින් කෑ ගසමින්..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...