පිටු

Monday, November 24, 2014

සඳු ඉතින්, නාවද කම් නැත


සඳු දිනකි
සඳු ඇස නොගැටි
මුදු හද දැවටි
සඳ සිසිල රැඳි...

ඇසි පිය ද
සිතුවිලි ද
හාද වී
ඇස ඇරුණු දිනකි අද
නිවිහැනේ නිවහනේ

දබරැඟිලි මුද්‍රාව
මට්ටු කරනා රිසින්
වෙට්ටු දමනා රකුස්
මන්තරේ සොරා ගත්
කාල යන්තරේ නැත

හෙට්ටු කරමින්
තත්පරේ වුව
හතිලමින් දුවනා
සාත්තරේ
උවමනා නැත

පොතක පත්ඉරු අතර
අතරමං විය හැකි ය
කවියක නවතිමින්
විඩා දුරලිය හැකි ය

කුරුළු ගී සංධ්වනියට
සීනියාස් වේදිකාවේ
සමනළ ඔපෙරාව
පුරා දවසක්ම...

මුදු සිනාවකි සිත

සඳු ඉතින්,
නාවද කම් නැත
තරු ඇසට සඳ සිසිල තවරන
පිදු එළිය බිඳ
තනි රකින සඳ...........



7 comments:

  1. ලස්සනයි

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. ගිනි ගිනි ගින්දර වෙනද වගේම....
    ජයවේවා

    ReplyDelete
  4. හබියා නැති දවසට පොඩි ළමයෙක් වෙන්න හදනවා නෙවද???

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉන්න නිවාඩු දවසක් ගැන නෙමේද කියන්නේ ?

      Delete
    2. එහෙම දවසක් ගැන තමයි මල්ලි...

      Delete
  5. මොනවා කියන්නද මන්දා.. ලස්සනයි..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...