පිටු

Monday, November 10, 2014

ඉල් මහේ කඳුළක්

සිත්තම - Christy Olsen

මුදුන් කොට සෑදූ නැවුම් පස් කණ්ඩිය මත
තැනින් තැන විසුල සුදු මල් ය
එමත දැල්වෙන ඉටි පහන් පොකුරට
එක් කරමි සුසුමින් දැල්වූ මේ ඉටි පහන....

බොඳ වෙමින් මැකී මැකී යන
අවසන් සිනා සිත්තම රැගෙන
ඉහත්තාවේ නැගුණු කුරුස කණුව
සරදම් කරනුයේ ඔබට ද.. මට ද...

මධුවිතක දිය කළ ජීවිතේ මහා බර කුරුසිය
දුහුවිල්ලට ම මුසු කොට
සැනසුමෙන් නිදන්නෙද ඔබ මෙතැන
හුදකලා සුසුමක් තබා යන්නද තනියට...

15 comments:

  1. තියන සුසුමත් නුඹ ලග
    තියා නොතියා යන්න
    ආයෙමත් එපා එන්න
    නුඹ හඩන හඩන වාරයකට
    හඩන්න බැරි කමට
    වෙලා මම අසරණ..........

    ReplyDelete
    Replies
    1. හරි හරි.. එහෙනම් මම සුසුමත් අරගෙනම යන්නම යන්නම්...

      Delete
  2. මධුවිතට
    දියවූවද නොවුවද
    එයම පමණයි
    දිනෙක හිමි

    ReplyDelete
    Replies
    1. සත්‍යයකි.. ඒත් අකාලයේ ජීවිතේ අත්හරින්නට සිදුවෙන එක නම් ඛේදවාචකයක්.

      Delete
  3. මේ කවිය රසවිඳින්න වෙලාව මදී. හෙට ඇවිත් කියවන්නම්...

    ReplyDelete
  4. සැනසුමක් කොයින්ද
    මා නිදන පස් යට
    ඔබ ඇවිත් හෙලන විට
    සුසුම් හරි උණුසුමට

    විඳගන්න බැරිව ඒ
    සුසුම් හදවතට
    ඉතින් කිම නුඹ එන්නේ
    මළ නමුත් මා
    රිදවන්න.

    ReplyDelete
    Replies
    1. මනෝ.......මේ පද තුලත් ලොකු කතාවක් කියවෙනවා. නියමයි!!

      Delete
    2. හ්ම්... මනෝජ් මල්ලිත් කවියෙක් වෙලා. සතුටුයි.

      Delete
  5. ලස්සන සිතුවිලි ටිකක්...

    ReplyDelete
  6. ඉතාම අලංකාරයි. බොහොම රසවින්දා. ඔබට බෙහෙවින්ම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔබටත් තුති.. කවියක් විඳින්න මේ පැත්තෙ ආවට.

      Delete
  7. තරු.......................

    කවිය නම් ඉස්තරම්... ඇත්තමයි හරිම කලාත්මකයි.......... සුන්දරයි...........

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...