පිටු

Thursday, March 17, 2016

නෙළුම් යායෙදි හමුවෙමු.

fr.aliexpress.com

අම්මගෙ අම්මා ( අපි කියන්නෙ ලොකු අම්මා..) බලන්න මහ ගෙදර යන්නෙ වෑ කන්ද උඩින්.. වටරවුමෙන් තාර පාරක් තිබුණත් වෑ කන්ද උඩින් වැටුණු ගුරු පාරෙ මේ ගමන යන එක මං හරිම ආස වැඩක්. එකාතකින් ඒ මං ආසම කරන ගම්මැද්දෙ පුංචි චාරිකාවක්..

චූටි මිමීවත් චැලියේ තියාගෙන වෑ කන්ද උඩින් මහ ගෙදර ගිය දොහක වැව පුරාම නෙළුම්, ඕලු, මානෙල් පිපිලා තිබුණා.. චූටි මිමීට ඕන වුණා මල් කඩන්න... ඒත් වැවට බැස්ස කාලයක් මතක තිබුණෙ නැහැ..

‘‘මල් කඩන්න බෑ මැණික ඈත නෙ තියෙන්නෙ. මඩ ඇති එරෙයි. ගිලෙයි..‘‘

මල් කඩන්න බහින්න කම්මැලිකමට, මඩ ගෑවෙනවට අකමැත්තට මම ඇයට සමාවට කාරණා දාහක් කිව්වා. නමුත් ඈ නෙවෙයි සැලුණෙ. ඇයට මලක් ඕනමයි. ඉතින් මැයි ගස් හෙවණක පුංචි මොටෝව ගාල් කරල පරිස්සමින් උඩටම වෙලා ඉන්න කියල අවවාද අනුශාසනා ටිකකුත් කරල, ඈත මෑත බලල මං වැවට බැස්සා.. 

වැඩිය දුර නොයා අත දිග මානෙන් නෙළුම්, ඕලු මල් කීපෙකුයි නෙළුම් කොල දෙක තුනකුයි කඩන් ආයෙම උඩට නැග්ගා. චූටි දෝණි පරිස්සමට තිබ්බ තැනම එහෙමම ඉන්නවා. ඒත් ඇගේ ඇස් නොඉවසිල්ලෙන් දිලිහෙනවා. අත් දෙකම මං දිහාට දිගු වෙලා..

ඇය මල් ටික අතට ගත්තෙ හරිම ආසාවෙන්... එච්චරටම සිඟිති හිතක් එළිය කරන්න නෙළුම් මලකට පුලුවන් ද?

..................

මෑතක ඉඳන් හැම තැනම කසු කුසු. බ්ලොග් අවකාශයෙත් නෙළුම් මල් යායක්ම පිපෙනවලු.

පහුණු සන්දියෙ සයිබර් සැණකෙලි, අවුරුදු උත්සව, සයිබර් චාරිකා, බ්ලොග් සම්මාන උළෙල මේ හැම සයිබර් මංගල්ලයක්ම නොපෙණුනා නොදැණුනා සේ උන්නෙ.. එකක් කම්මැලිකම.. අනික නොදන්නා සංගෙදි අස්සෙ එකෙල මෙකෙල වෙන්නට තිබුණු අකමැත්ත.. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන වැඩි කැමැත්ත...

මෙදා වංගියෙ නම් නෙළුම් කයිය මගාරින්න බැරි තත්වයක් තියෙන්නෙ. එක හේතුවක් සයිබරයෙ අකුරු අමුණන බොහෝ දෙනෙක් දැනටමත් මහ පොළව මත දැන හඳුනා ගත් සොඳුරු සිතැත්තන් වීම.. මේ නෙළුම් මල් පුප්පන වැඩේටත් එයින් කීපදෙනෙක්ම සෑහෙන්න මහන්සි වෙද්දි අහක බලන් ඉන්නත් බැහැනෙ. ඉතින් පළමු වතාවට නෙළුම් කයියෙ අසිරි සිරි බලන්න එන්නයි හිතන් ඉන්නෙ.

නෙළුම් සුවඳක් අරන් යන්නට සයිබර් සංහිඳ නෙළුම් යායෙදි හමුවෙමු... 

මාතලන්ගේ අඩවියෙන්

51 comments:

  1. අපිටත් එන්න පුලුවන්ද? එහෙම එන්න පුලුවන්නම් මාත් එන්න කැමතියි. තරුරසි ව දැන අඳුන ගන්නත් පුළුවනි නේ.. :)

    ReplyDelete
    Replies
    1. නෙළුම් යායෙ ලොක්කගෙන් අහන්න වේවි... මං නම් මනාප නෑ ඔයාව දැන අඳුනගන්න... කමක් නෑ ඉතින්, වෙලාවක් ලැබුණොත් එන්නකො...

      Delete
  2. එහෙනම් හම්බෙමූ තරු....

    ReplyDelete
    Replies
    1. බස්සි නගාගෙ කවි පොත දවසෙ දුරට දැක්කා. කතා කරන්න ලැබුණෙ නැහැ.. මෙදා හමුවෙමු...

      Delete
  3. ලියැවිල්ල නම් මරූ - එහෙදි හමුවෙමු තරූ
    :)

    ReplyDelete
  4. තරු ..හඳත් එක්ක එන්න නැතිනම් ,බන්ඩි ...කොළඹ අවා වගේ තියේවිද ? නෙලුම් පොකුණ තියෙන්න වික්ටෝරියා ගේ පස්ස පැත්තේ නෙලුම් කුළුණු පොල්ල තියෙන්නේ මරදාන පැත්තේනේ නිව් ඔලිම්පියාගේ ගෙවල් කිට්ටුව

    ReplyDelete
    Replies
    1. හරි හරි.. කාව හරි ඇන්න එන්නම්.. නැත්නම් ඔය කියන කොළොංතොට අතරමං වෙන්නත් බැරි නෑ නේද? ගමේ අපට නුහුරුයිනෙ සිදාදියෙ වග විත්ති...

      Delete
  5. තරු එන නිසා වැඩිපුර ගල් බෝතලයක් ලිස්ට් එකට එකතුකලා. හැක්

    ReplyDelete
    Replies
    1. ඔබ ගෙනේ නම් ගල්... මට ගෙනෙන්නට ඇහැකි මල්...

      ඉයන් දවසක් දා මං මල්ලි කිව්වෙ අපේ ඉවාන් කියල පටළවගෙන හොඳද...

      Delete
    2. මේ වයසට කවුරු හරි මල්ලි කිව්වම කිසිම ප්‍රශ්ණයක් නැහැ හෙහ් හෙහ්

      Delete
    3. අපේ ඉවාන් කොහොමත් පටලවාගෙන තමයි ඉන්නෙ

      Delete
  6. ලස්සනට ලියලා, ලබන අවුරුද්දෙවත් එන්න බලන්නම්, සැමට සුබපැතුම්, සිංහල බ්ලොග්ගලෙන්...

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දෙ එන්න.. මමත් මේ සයිබර් උළෙලකට යන්න ලකලෑස්ති වෙනවමයි...

      Delete
  7. Replies
    1. කෝ විදානෙ කියල හොයන්න වේවි ද?

      Delete
  8. හම්මේ තරු රසී ත් එනවා කියන්නේ, ලිපියක් දැම්මා කියන්නේ නෙලුම් යාය හදවත් වලට ගිහිල්ල කියන එක. බොහොම සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. මේ ලොක්කෝ ඔය ඇඩ්රස් එක තියන තැන පෙන්නලා ගුගල් මැප් පින්තතුරයක් දාන්වකෝ බන් ඩි.... ලාට හරි පාර බලාගන්න

      Delete
    2. ඒකනෙ.... පාර වැරදුණොත් හෙම... කොළඹ කාල් ගාල ආපහු ගමේ යන්නයි වෙන්නෙ...

      Delete
    3. ඔයා අව් කන්නාඩි දානවද නැතිනම් ඇස්වාට්ටුව හන්දියෙන් බැහැලා පේමන්ට් එකෙන් කුට්ටමක් අරගෙන බෑග් එකේ දාගෙන එන්න. ඔය සම්මාන දෙන වේලාවට් විතරක් දාගන්න. වැඩි විස්තර හුම් හුම් ගාන එක්කෙනාගෙන් අහ ගන්න

      Delete
    4. කවුද මේ ඇනෝ... මොනවද මේ කියන්නේ... වහාම බස්සි අමතන්න ඕනි.

      Delete
    5. ලිප්ටන් වටරවුමට ඇවිල්ලා පසුවට කෑගසුවත් වැඩක්වෙන්නේ නැ ලොක්කෝ මේවා දන්නේත් නැ දැනගත්තත් වැඩක් වෙන්නේ නෑ

      Delete
    6. තරු...ශුස් .....ශුස් ......හුම්..හුම් ගාන්නි මොනවත් කිවද ? නැහැ නේද ? තව ඔයා ට පුලුවන්නම් කඳුරට මිටකොට රතුම රතු අකුලන කොට කුඩයක් හොයාගෙන එන්න එදාට

      Delete
    7. අනේ මට මේ ඇනෝ කියන එක අගක්මුලක් තේරෙන්නෙ නෑනෙ. මමනම් සම්මාන උළෙලවලදි මොන කණ්නාඩියක්වත් දැම්මෙ නැහැලු ඉතින්.
      :P

      Delete
  9. තරුරසී මෙදා පාරත් කලින් යයිද?

    ReplyDelete
    Replies
    1. මගෙ යාළුවොත් හිනාවෙනවා මං ජීවත් වෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ කාල සටහනට කියල.. එදා නම් කළින් ගියේ ලයනල් වෙන්ට් එකේ නාට්‍යයක් බලන්න අයියේ...

      මේ සැරේ සම්පූර්ණ උළෙලටම ඉන්නයි කල්පනාව.

      Delete
  10. නෙළුම් විල නමින් බ්ලොගයක් තිබුණි.

    එය පිපුනේ වියට්නාමයේ සිට ය. එහි සිට සිංගප්පුරුවට විතැත් වීමෙන් අනතුරු නෙළුම් පිපුනේ ඉතා අඩුවෙනි.
    http://nelumwila.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳ බ්ලොගයක්.

      Delete
    2. මමත් බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලෙ ආශාවෙන් බැලූ බ්ලොග් අඩවියක්.. දැන් බින්දි ලියන්නෙ හරිම අඩුවෙන්...

      Delete
  11. අපිටත් ඔය උළෙල බලන්න වීඩියෝ ටිකක්වත් යුටියුබ් දාන විදිහක් ත්බ්බනම් අගෙයි තරූ.. කෝ කව්රුවත් වැඩේට උනන්දු නැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. දාන්න උත්සහයක් තිබෙනවා.

      Delete
    2. වීඩියෝව යූ ටියුබ් දාන්න ලොකු මහත්තැන් වැඩ කරාවි කියල හිතනවා..

      Delete
  12. ආපෝ ඔය කොලොං රටේ මංදු කොරල අතරමං වෙන්න බෑ හිටඃ
    ඔව්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මහේෂ් අපිට පුරුදු නැහැනෙ නේද?

      Delete
  13. අම්මේ එන්නම ඕන තරු අක්කව බලාගන්න

    ReplyDelete
    Replies
    1. අක්කා කෝමද ඉතිං මල්ලිට අඩ ගහන්නේ..

      Delete
    2. ඒකෙන දැකලම නැහැනෙ නේද?

      Delete
  14. කලින් ගෙවන්නෝනිද එනව නම්?

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙන් අහන්න වේවි..

      Delete
  15. මටත් තියේ ඔයැයි එක්ක ඇරියස් එකක්. අර වයසක අංකල්ල දෙන්නට කිව්ව කතා මතක නේ බිඑම්අයිසීඑච් එකේදී?? හැක්..


    //මෙදා වංගියෙ නම් නෙළුම් කයිය මගාරින්න බැරි තත්වයක් තියෙන්නෙ. එක හේතුවක් සයිබරයෙ අකුරු අමුණන බොහෝ දෙනෙක් දැනටමත් මහ පොළව මත දැන හඳුනා ගත් සොඳුරු සිතැත්තන් වීම.. //

    අනේ අපි නොදන්න චැස්.. අදුරදර්සියෝ සෙට් එකක් මේක කරන්නේ. මහා අදුරදර්සියා එනවලු එංගලන්තේ ඉදලා ඇවිදගෙන යන අයත් එක්ක. .හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක අවුරුදු දෙක තුනකට එහා කතාවක්නෙ.. ඔය අතීත කතන්දර අමතක කරන්න දේශක මහත්තයා...

      අදූරදර්ෂියො නම් තමයි, ඒත් ඉතින් ඕව එළිපිට කියන්න ඇහැකියැ..

      Delete
  16. තත්පර ගාණකට හමුවෙලා තියනව මගෙ හිතේ. ???? (ඉතාලියෙන් පොතක්)

    ReplyDelete
    Replies
    1. මට මතකයි... මගේ සේවා ස්ථානය ඉදිරිපිටදි පොත් ටික අතට දීලා ඉක්මණින් ගියා.. අවුරුදු තුනකට විතර එහා මගෙ හිතේ.. මා ළඟ තවම ඒ දුරකථන අංකයත් තියෙනවා..

      Delete
    2. නෙලුම්යාය හොයා ගන්න බැරිවුනොත් එහෙනම් කෝල් කරන්න

      Delete
    3. මාප එකක් දාන්න වෙයි නේද?

      Delete
  17. බලන බලන තැන නෙළුම් යායට බුලත්.තරු අක්කා නටනවා කියලාත් ආරංචියි.

    ReplyDelete
  18. අපිටත් එන්න පුළුවන්ද දන්නේ නෑ ;)

    ReplyDelete
  19. මේකට එන්න පුලුවන් කාට ද? මාත් එන්න ද? අර ඉවානය, කමිය, එහෙම එනව කියල කට්ටිය කියනව. ඒ නිසා එන්න බෑ කියලත් හිතෙනව.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...