by Katie m. Berggren |
"ඒ මගේ පණ... කවදා නම් ඇස් දෙකට දකින්න ලැබෙයිද?"
- විප්‍රවාසී පුතෙකුගේ ආදරණීය මවක ඇස කඳුලින්.... -
පාට එරන්වන් පුතුනේ
ඈත දුරක වහන් උණේ
දෑසෙ කඳුළුම ය නිතිනේ
කාට කියම් මෙදුක අනේ..
සරැලි ය මුදු කෙහෙරැල්ලේ
අතැඟිලි පටලා ලොල්ලේ
පිරිමදිනුව සැනසිල්ලේ
කෙදිනද හිත ළතැවිල්ලේ..
කල්වරි පාමුල ඉතිනේ
මව්මරි ළය සෝ දුකිනේ
ඇවිළුණු ගිනි දළුලමිනේ
දැවුණි ද මා හද පුතුනේ..
දහසක් මව් ඇස කඳුලා
පිසිනුව තම දිවි හකුලා
පුද කළ මපුතුන් විපුලා
මට රන් කඳෙකි ය උදුලා....
මවුන් ළමැද ගිනිලමිනා
රජ මැති වැජඹෙත යෙහෙනා
මෙවන් මව්බිමක ඉතිනා
කෙලෙස වේද දෙවි කරුණා...
මරියාවන් සේ බැතිනී
උදාන ගීයක් ගොතමී
පුතු එන පෙර මඟ බලමී
දෑසෙ කඳුළු පිස හරිමී....
තරු රසී කියවන හැම විටම වගේ ගෙතයක් මතක් වෙනවා , මේ පොස්ටුව දැක්කම මතක් වුනේ මේ ගීතය
ReplyDeleteයදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වධය පමුණුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය හා විනිසුරන්
කකා බිබී නටන අතර - නරුම යහළු යෙලියන්
පන්දු කෙළින අතර ඉහළ - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්
යදමින් බැද විලංගුලා...//
ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ උතුම්
යදමින් බැද විලංගුලා...//
මේ ගීතයත්.. කවියේ අත්දැකීමත් එකට ගැළපිලා යනවා..... වර්තමානයත් මේ වගේ ගීත බිහිවෙන්න ඕනම කාලයක්.. ඒත් බොහෝ කලාකරුවන් ගොලුයි.. බිහිරියි... නෙ.. ඉතින් අම්මලාගෙ ඇස්වල කඳුලු උල්පත් නවතින්නෙ කොහොමද?
Deleteඉවාන් උඔ එල
Deleteලස්සනයි
ReplyDeleteඔබ නෙතින් එහා සමාජිකයෙක් නොවේද? අදම සමාජිකයෙක් වෙන්න.
තුති..
Deleteඒ අම්මා ජිවත් වෙනවා ඇත්තේ තමන්ගේ පුතා ගැන බලපොරොත්තුවෙන්.
ReplyDeleteඔය විදියට තවත් කොයි තරම් අම්මලා,තාත්තලා තමන්ගේ දරුවන් ආයේ එනකම් බලාගෙන ඇතිද කවදාවත්ම ආයේ එයලා නොඑන බව දැන දැනත්.
ලෝකෙ කොහේ හරි තැනක මගේ පුතා ඉන්නවනෙ කියන හැඟීම සැනසීමක් තමයි අම්ම කෙනෙකුට...
Deleteඒ බව නොදැන උණත් මග බලන් ඉන්නවා අම්මලා... ඒ අම්මලගෙ ආදරේ ....
තාමත් එහෙම අම්මලා ඉන්නවය කියලා මම හිතන්නේ නෑ. ඒත් ඒ වේදනාවේ අඩුවක් නම් කවදාවත් ඇති වන එකක් නෑ. දෙමව්පියෝ කී දෙනෙක් ඉන්නවද, සිහි විකල් උන?
ReplyDeleteතවමත් එහෙම අම්මලා ඉන්නවා.... තමන්ගෙ දරුවො කවදා හරි එයි කියල මඟ බලන් ඉන්න...
Deletelassanayi
ReplyDeleteතුති..
Deleteහරිම ලස්සනයි...සහ දුකයි....
ReplyDeleteහ්ම්.. දුකයි තමයි...
Deleteවිප්‍රවාසී වෙන්න සිද්ධවුණු කවියෙක් ද කවියට නිමිත්ත?
ReplyDeleteනැහැ.. අම්මා කෙනෙක් එක්ක කළ සංවාදයක්.. අතරතුර ගිලිහුණු කඳුලක්...
Deleteකාලයේ කළු දුමින්
ReplyDeleteවැසීගිය අතීතය
හඬනගා ගැයූ ගී
මදක් නැවතී අසන්
දයාබර සහෘදය,
මතක මළ පොතේ
ලියූ අමිහිරි ගීත
මුමුනන්න එකින් එක
එවිට යලි ඇසෙනු ඇත
වඩ වඩා තියුනු වී
සත්‍යයේ මිහිරි ගී
නැගී ඒ ගී හඬින්
ලොවම යළි යදිනු ඇත
අප වෙතින්
මළවුන්ට
යුක්තියක්
හැකියාවට පුනාමය
Deleteමළවුන්ට.. ජීවත් වන වුන්ට යුක්තියක් ඉටු වන දිනක්... කවදා උදා වෙයිද?
Deleteඔබේ කවි සිතුවිල්ල හරිම අගෙයි...
මේ කාලෙට ගැලපෙනම කවියක් අක්කේ.. අද හුඟක් අම්මලා මේ වගේ බලාගෙන ඇති එක අතකට..
ReplyDeleteමෑතක කිලිනොච්චියෙදි මට එවැනි අම්මලා ටිකක් මුණගැහුණා.. හරිම දුක්බර ජීවිත කතා... මේ ලිව්වෙ නම් සිංහල අම්මා කෙනෙක් ගැන... දකුණෙ...
Deleteඑවන් අම්මලා එදත් සිටියා, අදත් සිටිනවා,,හෙටත් හිඳී. වෙනස් කලයුත්තේ කොතනින්ද....
ReplyDeleteවෙනස් කළ යුත්තේ අම්මලාගේ දරු කැක්කුම, දරුවන්ගේ ජීවිතවල වටිනාකම, යහපත් සමාජයක් කියන්නෙ මොන වගේ තැනක්ද කියල නොදැන මේ සමාජය හැල්මේ දුවවන අනර්ථකාරී සමාජ ක්‍රමය නේද?
Deleteරස වින්දා සේම හිතටත් දැනුනා
ReplyDeleteවේදනාවත් රසයක් තමයි.... විරහව සුන්දර නිර්මාණ බිහි කරන්නෙ ඒ නිසානෙ...
Deleteසාම්ප්‍රදායික ජනකවි්යේ ආභාෂය අරන් ලියපු මේ කවිය අගෙයි එහි අරුත අතීතයටත්, වර්තමානයටත් අනාගතයටත් පොදුයි. අහිමි වෙච්ච දරුවන්, රට හැරගිය දරුවන්, නිවෙස්වලින් පළාගිය දරුවන්,අතුරුදහන් වූවන් මේ හැම දරුවකුගේම මවක දකින සිහිනයක්
ReplyDeleteඇත්ත අයියේ... කවදාවත්ම නොඑන දරුවන්ගෙ මතකය තුරුළු කරගෙන ජීවත් වෙන අම්මලාගෙ හිත්වල මොන වේදනාවක් ඇත්ද?
Delete