Tuesday, June 10, 2014

දැන් මා නොවෙද අම්මා ඔබේ....


 
තේවත්ත පල්ලියෙ
රබර් හේඩාව යට
පන්පැදුරෙ....
හිස තියන් මා උකුල මත
හොරෙන් පිසලූ කඳුළු කැට
නොදුටු සේ උනිමි
අම්මේ....

නොපෙන්වා සඟවාන
හිනැහෙන
අපමණක් කඳුළු උල්පත්ය
ම හද බැම්මේ....

අප මුවින් ගිලිහෙන
යැදුම් හඬ
අසා උන් සුළඟ වුව 
සාංකාවෙන් වගෙයි
අම්මේ...
සල සල ව සසැලෙන
හීන් කෙඳිරිල්ලක්ව
ඈතටම ඇදී යයි
පිම්මේ....

කෙසඟ කේඩෑරි සිරුර තුළ
අන්තිම දිරි පොදත්
එක්කරන්
නැගිටින්න වෙර ගන්න
අම්මේ...
 
අපමණක් දුක් දැරූ
මව්කමට
මාතෘ ස්නේහයෙන්
උර දෙනුව
පැතුම් කප්පරකි හද
දැන් මේ...
 

 
2014.05.07

9 comments:

  1. ආදරයේ උල්පත අම්මා.....

    ReplyDelete
  2. ඔබේ ගුන කීමට හෝඩියේ අකුරු මට මදි... අම්මා.....!!

    ReplyDelete
  3. කොහොම මේ ගුණ කියල ඉවරකරන්නද.

    ReplyDelete
  4. අම්මා පෙව් ලේ කිරි කදුලෙනි .. මේ ලොව මෙතරම් හැඩ උනේ

    ReplyDelete
  5. අපූරු සංවේදී පද පෙලක්...
    ලස්සනයි තරු...
    ජයවේවා

    ReplyDelete
  6. අපූරු කවි පෙලක් අක්කේ..

    ReplyDelete
  7. අම්මා ගැන ලිවීමට මා දන්නා වචන මදි.

    ReplyDelete
  8. හරියටම නිර්වචනයක් දෙන්න බැරි වචන වලින් එකක්....අම්මා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...