අහස් පෙම්වත...
විසල් සමුදුරු සයනයෙහි
වැතිර ඉමි
දිව්‍යමය ප්‍රේමයේ
සහස් සුවහස් රැස් දහරින්
නැහැවී හිඳිමි...
කොතරම් පියකරු ද
මේ නිල් යහන් ගැබ
කොතරම් නැළවිලි ද
රළ රැලි අත් දහස...
පෙම්වත,
අනන්තාපරිමාණ
ඔය දෑස අබියස
කුරා කුහුඹු පණ නලකි, හද ගැහෙන
ෂාරොන්හි සෙව්වන්දියක සේ
විකසිතව හිනැහෙමි.. සැනහෙමි...
වලා සේලය විසුරුවා දස අත
මවමින් නෙක විසුළු රූ රැස
මෙතරම්ම ඔච්චම් කිම ද
එතරම්ම සියුමැලි ද මා පෙම.....
මන්දස්මිතව මඳ සුළඟ මුමුණන
ස්වර්ගීය ප්‍රේමයේ ගීතයට
තනු මවන සරැලි දිය කෙළි
නෑසුකන්ව හිඳින්නද කොයි ලෙස....
පෙම්වත,
විසල් පවුරකි ඔබ මා වට බැඳි
සුන්දර ම සිහිනයක කිමිදෙනු පිණිස
සැනහුමින් දෑස් පියා ගනු හැකිය මට
ඉතින් තනි නැත...........
( ප්‍රේම ගීතාවලිය - 01 )
නුබ කුස සිප ගන්න නුඹ බලනා මාන
ReplyDeleteසොඳුරිය නුඹ මෙන්ම මම දකිනෙමි හීන.. (අම්මාගේ කවියකින් උපුටා ගන්නා ලදී)
අම්මට ලස්සනට කවි ලියන්න පුළුවන් වගේ..
Deleteශුද්ධ බයිබලයේ ගීතාවලි තුලත් ශාරෝන් (ඊශ්‍රායලයේ) වල ලස්සන රෝස ගැන කියවෙනවා,, ඔයා දන්නවද ඒ පළාතේ තියෙන මල් වර්ග හරිම ලස්සනයි
ReplyDeleteඒ වගේම ඔයාගේ කවිත් ලස්සනයි,,
මමත් ඒ වචනය අල්ල ගත්තෙ බයිබලයෙන්... අහල තියෙනවා ඒ පැත්තෙ ලස්සන ශුද්ධවු දේශයේ ගිය අයගෙන්.. මමත් දවසක යන්න ආසයි... බලමු නේද?
Deleteස්තුතියි ඔමා...
ලස්සනයි
ReplyDeleteස්තුතියි...
Deleteතනි නැහැ.... ඒත් පාලුයි
ReplyDeleteඇත්ත.. වෙලාවකට ඒ තනිකම දරන්න අමාරුයි.
Deleteඒත් තනිකමටත්, පාළුවටත්, වේදනාවටත් පිළිතුර තියෙන්න තමන් තුළමයි... මට හිතෙන්නෙ එහෙමයි...
කියවද්දී අමුතුම හැඟීමක් හිතට දැනුනේ.. ලස්සනයි අක්කේ..
ReplyDeleteආදරය කොහොමත් අරන් එන්නෙ අමුතු හැඟීම් තමයි මුලින්ම... දරුණු වේදනාව එන්නෙ ඒ එක්කම අත්වැල් බැඳගෙන.. එහෙම නේද?
Deleteෂාරොන් ගැන අහන්ට ගියෙ ඔමක්ක ගෙ කමෙන්ටුවෙන් ටිකක් තේරං ගත්ත
ReplyDeleteඅපූරුයි කවිය
ජයවේවා
තුති මහේෂ්..... ශාරොන් රෝස ගැන දැනගත්තෙ බයිබලයෙන්... ඒ වගේම අපේ ගීතිකාවලත් ලියවිලා තියෙනවා....
Deleteමර්සලින් ජයකොඩි පියතුමා ලියූ ‘‘සපිරි සෑම අසිරි සෝම‘‘ ගීතිකාව...
ෂාරොන්හි රෝස මල,
ReplyDeleteවිසල් පවුරක්ව ඔබ වටා
රැකගන්නම් සැමදා
ඔබ දකින සිහිනයේ මතුදා
රජ කරවන්නම් ඔටුනු පලදා
මනෝ මල්ලිත් ලස්සන කවි ලියනවා දැන්...
Deleteළඟදිම දවසක අපි කවි සැඳැවක් උදාවේවි අපට.... එහෙම නේද?
ඔව්,ඔව් අනිවර්යෙන්ම..:)
Deleteෂාරොන්හි සෙවුවන්දියට, අහස් පෙම්වතා කී කව
ReplyDelete___________________________________
පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි
පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි
සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි
ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි
"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
~ බස්සි ~
++++
Delete"ආදරෙද මට?" නො අසමි
Deleteආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
හරිම ලස්සනයි... මේ අවසන් කවි පදය තදින්ම හිතට දැණුනා නංගි.... ඒ කතාව ඇත්තම ඇත්තයි...
+++++
Deleteසියුම් සියුමැලි ඒත් ගැඹුරු යමක් හිතට දැනෙනවා කියවද්දී . අගෙයි තරූ
ReplyDelete‘‘සියුම් සියුමැලි ගැඹුැරු යමක්.!!!!!‘‘ ස්තුතියි අයියේ...
Deleteආදරය ස්වර්ගයක්
ReplyDeleteඇත්තටම........ එය අප විසින්ම නරකාදියක් බවට පත්කරගන්නෙ නැති තාක්කල්....
Deleteකව්රුවත් දැක්කේ නැද්ද මේකේ 01 කියලා තියෙනවා....
ReplyDeleteඒ කියන්නේ තව පෝලිමක් ඇති...
02 ආවා.............. ඉන්එහා තවම අදහසක් නෑ....
Delete