පිටු

Wednesday, April 22, 2015

NEVER GIVE UP





සාංකාබර
හද ඔලොගුවෙහි ලා ගනිමි
එකිනෙක සිහින..
නිශ්චිත නරකයක
අවිනිශ්චිත සුබ සිහින....

යහපාලනය
යුක්තිය... සාධාරණය..
නිදහස.. ආදරය...
සමානාත්මතාවය
තිරසර සංවර්ධනය......

මෙවන් පාදඩ ලොවක
අකැප ය
එවන් සුන්දර සිහින....

අයියන්දේ, නෙරූදා, වික්ටර් හාරා
අවකාශයට මුසු කළ
අවසාන සුසුම් කැටි
තැන්පත්ව හද පත්ළ
මහ බරකි ජීවිතය....

විටින් විට අතීතෙන්
ඇසෙන්නෙය කටහඬක්...
"අත්නොහැරිය යුතු ය සුබ සිහින
යහපත් හෙටක් ගැන"
චේ ද..... කැස්ත්‍රෝ ද...
මැන්ඩෙලා ද.....
නොදනිමි..
ඒ සියල්ලන්ම විය හැකි ය....

ප්‍රේමය ම මිස අන් අවියක් වේද
සියල් දුසිරිත් නසන
කුරුස ගසෙහි එල්ලී
විමසයි ජේසු ප්‍රේමය ම පිරි නෙතින්...

අරාජික සිහිනයකි
වෙඩි වැදුණ... පණ ගැහෙන...
ජීවිතය දෙන්නට
සැවොම පෙළ ගැසිය යුතු... 


9 comments:

  1. ප්‍රේමය තරම් අවියක් කොහේද තව
    බිඳුණු සිත් සුවපත් කරන
    බලාපොරොත්තුව තරම් සිහිනයක් කොහේද තව
    හැමදාටම අප ජිවත් කරවන.

    ReplyDelete
  2. ප්‍රේමයෙන් හැම දේම දිනා ගත්ත කාලය දැන් අතීතයට අයිතියි කියලා වෙලාවකට හිතෙනවා.. දැන් එහෙම කරලා බෑ..

    ReplyDelete
    Replies
    1. විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය ශ්‍රේෂඨතම ධර්මතා තුන.. බයිබලයේ එහෙමයි සඳහන් වෙන්නෙ... මම තවමත් ප්‍රේමය ගැන විශ්වාස කරනවා මල්ලි.. බලාපොරොත්තු තියනවා.. හැබැයි ඒ ලෝකයාගේ ප්‍රේමය ගැන නම් නෙවෙයි.. මා තුළ පවතින ප්‍රේමය ගැන...

      ‘‘ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි...‘‘ රත්න ශ්‍රී ගෙ මේ පැදි පෙළ මම විශ්වාස කරනවා.. එයට ගරු කරනවා.. වගේම එය පිළිපදින්න උත්සාහ කරනවා..

      බලමු යහපතක් වේවි....

      Delete
  3. ප්‍රේමය දෙපැත්ත කැපෙන පිහියකි....
    හොද වුවත් නරක වූවත් අත කපාගෙන නතර වෙනු ඇත....

    ReplyDelete
  4. හම්මේ ඉතිං නේ...
    හා හා පුරා කියල මාස ගාණකට පස්සෙ ආවම පස්ටම කවියක් දැක්ක...
    අපූරුයි තරු අක්කෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.... මේ දවස්වල දැනෙන හැඟෙන දේවල් කවි කරගන්න පුළුවන් නම් යහපාලන කවි පොතක් ලියන්න හැකි...

      Delete
  5. ලස්සනයි තරු..... මං කතා කරන්නේ අදහස ගැන විතරක් නෙමෙයි ඒක පද ගලපලා ලියලා තියෙන විදිහ නියමයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...