මම ඇවිදගෙන යමින්
උන්නා තනියම.. ගිනි කාෂ්ටක අව්වක.. දූවිලි හුළඟක... පේන මානෙක හෙවණක නිවනක් නැතිවම...
ඒ අව්පූටකේ හුළං රැල්ලක්වත්
නැතිවෙද්දිත් එක පාරටම කොහෙදෝ ඉඳන් පාවෙලා ආව මල් පෙත්තක් මගේ ඇස් ඉස්සරහ නැවතුණා.
ප්‍රාතිහාර්යයක්.... මල් පෙත්තක් තියා මල් සුවඳක් ගැනවත් බලාපොරොත්තුවක් නොතිබුණු
මොහොතක ස්වර්ගයේ දොරටු විවර වෙලා තිබුණා...
සීරුවට මං ඒ මල් පෙත්ත
දෝතට ගත්තා.. සියුම් කටු තුඩකින් මල්
පෙත්ත පැරීලා... ඒ කවියක් .. නෑ කවියක් නෙවෙයි කඳුළක්.. ම්හ්.. කඳුළු පිරුණු
කවියක්...
‘‘මේ කොහෙද යන්නෙ?” කවිය මගෙන් ඇහුවා.
‘‘දන්නෙ නෑ”
‘‘එහෙනං යන්නෙ?”
‘‘නවතින්න විදියක්
නැති නිසා..”
‘‘හ්ම්.... මම ත්
යනවා..”
‘‘කොහෙට ද?”
‘‘ජීවිතයට...........
ඒත් මේ ගමන හරි දුෂ්කරයි.. ජීවිතේ කැටයම් කරගන්න බැරි කඳුළක් වගේ ඔහේ ගලාගෙන
යනවා...” කවියේ අහසටත්
දරන්න බැරි සුසුමක් දැවටිලා තිබුණා.
මම ගල්ගැහුණා...
නන්නාඳුනන කවියක් වෙනුවෙන් මගේ හිත දුකින් පිරුණා. ඒ කවියට ලස්සනම ලස්සන කැටයමක් වෙන්න ආත්මයෙන්ම
කැපවෙන්න මට පුළුවනි නේද මගෙ හිත කිව්වා....
‘‘මම ත් එන්නම්.. ඔයා
එක්ක....” එක හිත්
හිතාගෙන මං ඇහුවා.
‘‘කොහෙටද?”
‘‘ජීවිතයට..”
‘‘මේ ජීවිතේ අවුල්
ජාලයක්.. හරිම සංකීර්ණයි.. අපිට එකට යන්න බෑ.. ඔයා ඔයාගෙ ගමන යන්න.”
‘එහෙමනම් ඇයි මං ළඟ
නැවතුණේ.. මාව නොදැක්ක වගේ යන්න තිබුණ නේද?‘ මගේ හිත මිමිණුවා. ඒත් මං එහෙම ඇහුවෙ නෑ...
තිත්ත ඇත්ත ළඟ හිත
අසරණ වුණා.. ඒත් කවියේ පිටුපාන්න බැරි තෙතමනයක් දැවටිලා තිබුණා.. ස්වයං නිර්ණය හිමිකම
මනුෂ්‍ය අයිතියක්. ලෝකයම වෙනුවෙන් ඒ අයිතිය ඉල්ලල සටන් කරන කවියක් මගේ ආදරයේ
අයිතිය අහිමි කරන්න සටන්වදිමින් තිබුණා....
ඒ වෙද්දි හැමදේටම ප්‍රමාද
වැඩියි. ඒ ආදරය වෙනුවෙන් අනන්තාප්‍රමාණ වේදනාවක් විඳිය යුතු බවට ස්වර්ගයේ ලියවිලා
තිබුණා.... මං දේව කැමැත්තට හිස නැමුවා.
විටෙක වසන්තය හිනැහුණා...
මල් පොහොට්ටු පීදුණා... ස්නේහයේ මල් සුවඳ දැවුටණා... ඒත් ගිම්හානයේ කටුක බවත් අඩු
නැතිව දැණුනා.. සිසිරයේ කටු අනින ශීතලට හදවත ගල්ගැහුණා.. ඒත් එකම එක හුස්මකින් ආයෙමත්
උණුහුම් වෙවී හිත දියවෙලා ආදරය ගලා හැළුණා...
මම සමාන්තරව ඇවිදගෙන
ආවා....
හැම තත්පරයකම, හැම දවසකම, හැම පියවරකම ආදරය ම පිරුණා...
මං හිතුවා ඒ ආදරයට
ගොඩාක් දේවල් දරාගන්න හැකි වේවි කියලා.. ඒත් දැන් මට හිතෙනවා ආදරයට වුණත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනව කියල..
රිදිල රිදිල රිදිල.. කැඩිල.. බිඳිල.... අන්තිමටම හදවතක්
වුණත් මරණාසන්න වෙන මොහොතක් එනවා.
කල්වාරියට තව කොයි
තරම් දුර ද මන්දන්නෙ නෑ.. ඒත් දැන් මට වෙහෙසයි...
ඉතින් මේ නවතින්න කාලයද?
කවියක්නේ... ඒකයි මේ තරම් ගැඹුරට ම හිතලා තියෙන්නේ.. කවියා හම්බුනේ නැද්ද???? මොකද තවත් ගැඹුරට අහගන්න තිබුණා
ReplyDeleteකවියක් විතරයි හමුවුණේ.... ඒ කවියේ ගැඹුරම වුණත් ඇති අප්පා...
Deleteවෙහෙසයි කියලා හිතලා නවතින්නේ නැතුව කොහොම හරි ඉස්සරහට යන එකයි කරන්න තියෙන්නේ.
ReplyDeleteනැවතුමක් නෑ තුශානි...
Deleteනැවතීමක් නැත....
ReplyDeleteඑක් කවියකින් ජිවීතය අවසන් වන්නේ ද නැත....
ඊට වඩා තෙතමයක් ඇති කවියක් අතරමදි හමුවිය හැක.....
+++
Deleteරූපේ හරි කවියක් නිසාවත් වෙන දෙයක් නිසාවත් ජිවිතේ මගින් නතර කරගන්න බැහැ.
කල්වාරිය හම්බ වුනත් ගමන නවතින්නේ නැහැ.කල්වරියෙන් පස්සේ තමයි ගමන හරියටම පටන් ගන්නේ.
ජීවිතය නතර වෙන්නෙ නැහැ මල්ලි.. දරාගෙන ඉදිරියට යනවා.. රිදෙන බිඳෙන වෙලාවට කුරුටු ගානවා මොනා හරි... ඒව එහෙම තමයි ඉතින්..
Deleteමිනිසා කලාතුරකින්වත් හිනැහෙන්නේ
ReplyDeleteකවියා නිසා බව ටික දෙනෙකුයි දන්නෙ...
මේ තව පැත්තක්.
සිනහවක් ගේන්න පුළුවන් කවිත් තියෙනවා.. අහඹු වාසනාවත් මොහොතවලදි හමුවෙන..
Deleteකවියක් එක්ක ජීවිතේ අමාරුයි කියලා කියද්දිත්, කවියක් වෙනුවෙන් ආත්මයක් කැපවෙන්න ලෑස්තියි කිව්වා නේද...?
ReplyDeleteකැපවීමෙ තරමටම තමයි රිදීමත්... ඒ රිදුම දරාගනනෙකම තමයි ජීවිතේ...
Deleteජීවිතය කියන්නේ කොහොමත් හැල හැප්පීම් මැද ගලාගෙන එකක් තමයි.
ReplyDeleteහ්ම්... හ්ම්... අලුත් යාළුවෙක්..
Delete