පෙම්වත..
ළඳ බොළඳ සන්දියේ
මගහැරුණු ඉඟි බිඟි
තුරුණු විය අග්ගිස්සෙ
අකැප යැයි නොකියන්න...
සුරත් සුළැඟිල්ලක පැටලී
ඇවිද යන්නට නොහැකි වූ
මං මාවත් කොතරම්ද?
අප එන තුරු මඟ බලන....
මේ විසල් ප්‍රේමයට
රනින් රිදියෙන් අල්ලස්
අනවැසි ය...
ගෙත්තම් කළ සිහින
පමණක් ම සෑහේ ය....
කඩල ගොටුවක්... හිම කිරමක්
ඉඳ හිට කවි පොතක්
දිනපතා අදර වදනක්
කැමති විට උණුහුම් හාදුවක්...
පෙම්වත..... ඉතින්,
පෙම්පතක ලියැවෙන
පෙම් හිතක අවනඩුව
සුළුකොට නොතකන්න
නිදොස් කොට නිදහස් කරනු නැත
නිදොස් මා අත ඉතින් වරද නැත....
( ප්‍රේම ගීතාවලිය 02 )
ඇවිද යන්නට නොහැකි වූ
මං මාවත් කොතරම්ද?
අප එන තුරු මඟ බලන....
මේ විසල් ප්‍රේමයට
රනින් රිදියෙන් අල්ලස්
අනවැසි ය...
ගෙත්තම් කළ සිහින
පමණක් ම සෑහේ ය....
කඩල ගොටුවක්... හිම කිරමක්
ඉඳ හිට කවි පොතක්
දිනපතා අදර වදනක්
කැමති විට උණුහුම් හාදුවක්...
පෙම්වත..... ඉතින්,
පෙම්පතක ලියැවෙන
පෙම් හිතක අවනඩුව
සුළුකොට නොතකන්න
නිදොස් කොට නිදහස් කරනු නැත
නිදොස් මා අත ඉතින් වරද නැත....
( ප්‍රේම ගීතාවලිය 02 )
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ReplyDeleteගයන්නේ සුපෙම් ගීත හේමන්ත කාලේ..
වසන්තේ ලදල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයෙදී... :)
මමත් ආසම ගීතයක්...
Deleteකෝකිලාවන්ටත්, කෝකිලයන්ටත් වසන්තෙදි වගේම ගිම්හානයෙදිත් සුපෙම් ගීත ගයන්න පුළුවන් නම් කොයි තරම් හොඳද?
මගේ බ්ලොග් එකේ තීම් එකත් මේකමයි.. මං නම් මේ ගයන්නේ ඒ කාලේ ඇරියස්.. ඒ කාලේත් සුපෙම් ගී ගයපු කෝකිල කෝකිලාවෝ තවම ඒ වගේ ගයනවනම් ඉතින් එක්ශෙප්ශනල් ජෝඩු වෙන්නෝනේ.. කොහෙද මේ කරමල් සුදු වෙනවනේ ලඟට ගත්තම අර බංඩාර ආතාවුද කියනව වගේ.. ඒ දුරක එදා අප පිරිලා.. තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා.. හැක්.
Deleteආදරේ සුන්දර වෙන්නෙ අයිතිය ගැන නොහිතන තාක්කල් තමයි...
Deleteආදරය පාන් වගේ දිනපතා අළුතින් නිර්මාණය කරන්න ඕනි කියල උර්සුලි ලිගුවින් කියල කෙනෙක් කියල තියෙන බව කොහෙදෝ කියෙව්ව මතකයි.. මමත් මේ ලිවීම් හරහා කරන්නෙ ඇරියස් කවර් කරන එකම නේද කියලත් හිතුණා...
ආදරේට සීමා නෑ...:)
ReplyDeleteආදරේ කියන්නෙම සීමාවක් පොඩ්ඩි මට දැනෙන විදියට.... පුද්ගලයෙකුට ආදරේ කරන්න පටන්ගන්න පළමු මොහොතෙම අපි අපි වටේටත් සීමා මායිම් ඇඳගෙන ඒ මනුස්සයවත් කොටු කරන්න හදනවා.. ඉතින් උපදින්නෙ ආදරය නෙවි තණ්හාව.. වේදනාව..
Deleteලස්සනයි මගේ නගේ ඔයා
ReplyDeleteගස්සලා බලන්නෙ ඇයි ඔයා...
Deleteවසන්තය නික්මගියේ නැත
ReplyDeleteනැවතත් එනවා සත්තයි
ප්‍රේමය කල් ඉකුත් වූයේ නැත.
හැමදාම තරුණයි.
ප්‍රේමය කල් ඉකුත් නොවනා බව ඇත්ත... කල් ඉකුත් වෙන්නෙ ප්‍රේමය නිසා උපදින සිහින..
Deleteසොඳුර,
ReplyDeleteපෙම් පතක ලියු
අවනඩුව ඔබේ
මම නිෂ්ප්‍රභා කරමි
කරුණු නොඅසම මෙසේ
ඔබ මට ගෙනෙන චෝදනා
සියල්ලට මා වරදකරු නොවන බව
මා මෙන්ම ඔබත් දනී ඉඳුරාම
ඔබට මට එදිරිව
ගෙන ආ හැකි එකම චෝදනව
ඔබේ විසල් ප්‍රේමයට වඩා වැඩි ප්‍රේමයක්
මා සන්තකයේ ඔබ වෙත ඇති බවම පමණි.
මල්ලි පෙම්වතාව නිදොස් කොට නිදහස් කරන්න ඔයා කරුණු ගොනු කරනවා...
Deleteඅසාධාරණයි.. පැමිණිල්ලට උදව් කරන්නෙ නැද්ද?
//මේ විසල් ප්‍රේමයට
ReplyDeleteරනින් රිදියෙන් අල්ලස්
අනවැසි ය...
ගෙත්තම් කළ සිහින
පමණක් ම සෑහේ ය....///
ලස්සනයි
ස්තුතියි ඔමා..
Deleteමහළු වූවද දෑත් පටලා
ReplyDeleteඅතීතයෙ මාවතක් මත හිඳ
ඇවිද යන්නට තවදු හැකිනම්
කොතෙක් සොඳුරුද එබඳු ප්‍රේමය
සැබවි සොඳුරු ය එබඳු ප්‍රේමය...
Deleteලස්සන කවි ටිකක්. නියමයි. ජය වේවා!!!
ReplyDeleteස්තුතියි... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා...
Deleteකිසිවක් නොකියමි..
ReplyDeleteදනිමි ඒ මන්දැයි....
Deleteපෙම් සිතක අවනඩුව සුළුකොට නොතකන්න.... ඒක් අැත්ත..... කිසිසේත්ම නිදොස් කොට නිදහස් නොකළ යුතුයි...
ReplyDeleteඒත් හැමදාම වෙන්නෙ නිදොස් කොට නිදහස් කිරීම තමයි.. ඒ ආදරේ හැටි මන් හිතන්නෙ...
Deleteමුදුවක් දමා ගෙල වට
ReplyDeleteරන් දමින් එල්ලා හිමිහිට
දිවිනසා ගනිති ප්‍රේමය
පෝරුවේ ගිලටිනය මත
ලස්සනයි කවිය.. බින්දි කාලෙකින්...
Deleteදිවි නසා ගන්ට කිසි දින
ඉඩ නොදෙමි ප්‍රේමයට
නීති පත් කුමකට ද
දෙසිත් පෑහුුණු විට..........