පිටු

Monday, March 28, 2016

නෙළුම් යායේ මතක සුවඳ...

සේයා රූ - පසන් බුද්ධික (බස්සිගෙ බස්සා)

අදත් උදේ මං එද්දි කටු කම්බි වැට දිගට ඒ ‘‘අරුණෝද අසිරිය‘‘ මෝනිං ග්ලොරි මල් වැල බලන් උන්නා. කෙසඟ කේඩෑරි ශරීර කූඩුව, කුණු කාණුවක් අද්දර කටු කම්බි වැටක පැටළිලා තියෙද්දිත් අතරින් පතර අහස් නිල, සයුරු නිල කලම්බන මල් මල් හිනාවක් එක්ක ඒ මල් වැල හරිම උපේක්ෂා සහගතයි.

එයාල දන්නෙ නැහැ පහුණු වප් මහේ නිල් සලුවක් වියන්නැහේ යායට මල් පිපිල තියෙද්දි උදේ හවා එයාලයි මායි අතර තිවුණු පයුරු පාසානම කවියක් වුණ වග, ඒ කවියට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙදි තෑග්ගකුත් ලැබුණු වග...

සමහර විට දැනෙන්නත් ඇති. එදා ආදරෙන් රහස් කිව්ව ඉර,  මේ තරම්ම සැර පරුෂ වෙලා තියෙද්දිත්, හරිත පැහැය වියැකෙමින් දූවිලි පොරෝනාව වධයක් වෙලා තියෙද්දිත් එයාල මල් මිටක් අරන් අදත් මඟබලන් ඉන්න ඇත්තෙ ඒ නිසයි...

ස්තුතියි ඔයාලට... කඩිමුඩියේ දුවන අතර හදවතින්ම එහෙම කියන ගමන් මං මෝනිං ග්ලෝරි මල්වැලට ආදරණීය හිනාවක් තිළිණ කළා.

...............

නෙළුම් යායට ගොඩවෙද්දි සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.  බ්ලොග් ලොවේ සොඳුරු කවි කිවිඳියන් අතර මට මගේ කවි සුවිශේෂව දැනුණෙ නැති නිසා. ඒත් ‘‘රහසක් හෙම කීවාද හිරු රැස්‘‘ කියද්දි හිත ටිකක් තිගැස්සුණා. මං ආදරය කරන, ගරු කරන සොඳුරු ලියන්නෙක් වන සිව්මංසල කොලු ගැටයා ( නාලක ගුණවර්ධන ) අතින් තෑග්ගක් ගන්න ලැබීම ගැන අප්‍රමාණ සතුටක් හිතට දැනෙනවා. පළමු ස්ථානය දැන අඳුනගත් දා ඉඳන් ඉතාමත් සෙනෙහසින් තරු අක්කා කියන මහේෂ් මල්ලිගේ අවන්හල බ්ලොග් අඩවියට ලැබීමත් මහත් සතුටක්...

බ්ලොග්කරණයට සමාජය තුළ, මාධ්‍ය ලෝකය තුළ වැඩි අවධානයක් ලබාගන්න මෙය ඉතාම හොඳ අවස්ථාවක්. ඒ වගේම අන්තර්ගතයේ පොහොසත්කම රැකගනිමින් සාර්ථක බ්ලොග් අඩවි නිර්මාණය වෙන්නත් කදිම පන්නරයක් ලැබේවි. බ්ලොග් ලොවේ එකිනෙකා දැන අඳුනගන්න, සුහද වෙන්න ලැබුණු අවස්ථාවත් හරිම වටිනවා. පුංචි පුංචි අඩුපාඩු මගහැරගෙන ඉදිරියටත් නෙළුම් යාය සම්මාන උළෙල සාර්ථකව පවත්වන්න අපි හැමෝම හැකි විදියට උදව් වෙමු කියන ඉල්ලීම මේ මොහොතේ කරන්න කැමතියි.

නෙළුම් යායේ මල් පුබුදුවන්න වෙහෙස මහන්සි වුණු ලංකා නිව්ස් වෙබ් අඩවියේ සහ බ්ලොග් ලොවේ සහෘද සැමට හදවතින්ම ස්තුතියි...


මේ තියෙන්නෙ ඒ කවිය.. ‘‘රහසක් හෙම කීවාද හිරු රැස්..“

විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන...

පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන...

හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන...

හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම...

සතර මහ අපායේ
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල...

රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග
ජීවිතය අස්වද්දන...


සේයා රූ - පසන් බුද්ධික (බස්සිගෙ බස්සා)

74 comments:

  1. කථා කල නොහැකි වුවත් ඔබව දැක්කා. ජයග්‍රහණයට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. කතා කරන්නට නොලැබීම ගැන කණගාටුයි.. අඳුනන්නෙ නැති නිසයි මග ඇරුණෙ. ලබන වසරෙදි අනිවාර්යයෙන්ම කතා කරමු...

      Delete
  2. උරුම ඇගයීමක්!

    උපරිමෙන්ම සතුටක් දැනෙන දෙයක්....

    මගේ ඒජන්ත උන්නාන්සේ හින්ද එකෙන්ම සතුටුයි.. හි හි....

    ReplyDelete
    Replies
    1. මැට්ටි... එන්නෙ නැතිව මට වධ දුන්නා දවසම...

      කොහොමින් හරි අන්තිමේ සම්මානෙකුත් ගත්තා මම.. නුවර කුමාරි මොකෝ මං මොකෝ නේ.....

      Delete


    2. ඒජන්ත උනාම ඉතින් ගිනි කන්න වෙනවා, විශේෂයෙන් මගේ ඒජන්ත කියන්නේ ආයේ නැහැ හම යන වැඩක්!

      අනේද කියන්නේ... ලියන්න අනේ ඔය ඉඩකඩන් ටිකත් මගේ නමටම! ඔයාගේ මොකෝ.. මගේ මොකෝ... නෙහ් ?

      Delete
    3. තරුවා බැන බැන ටෙක්ස්ට් කර කර කර හිටියෙ.. මේකි සැපට ගෙදර ඉඳන් මට වද ටෙක්ස්ට් කර කර වද දෙනව කිය කිය... හි හි.....

      ඊට පස්සෙ උපේක්ෂගෙ නම කියල ටික වෙලාවකින් මීටර් වෙලා කඩා ගෙන ස්ටේජ් එකට දිව්වද කොහෙද... හි හි

      Delete
    4. යම් දෝ නොයම් දෝ කියල හිත හිත ඉද්දි කළණෙත් මට ඉඟියක් දුන්නා.. මේ මැට්ටිත් කිය කියාමනෙ උන්නෙ එයාගෙ ඒජන්ට් වෙන්න කියල.. ඉතින් අන්තිමේ ස්ටේජ් එකට දිව්වා...

      Delete
  3. තරු අක්කව හම්බෙලා කතා කරන්න බැරි උනානෙ.

    සම්මානෙට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනිත් දවසෙ අනිවාර්යයෙන්ම කතා කරන්නම්... ඔයා ඇවිත් වග මං දැනන් උන්නෙ නැහැ මල්ලි...

      ස්තුතියි සුබ පැතුමට...

      Delete
  4. සික්..ඔහොමද තෑග්ග ගන්ට ගියේ?.....

    ගිරිතිල්ල මල් ගැන ලියපු කවියකට තෑග්ග හම්බ වුනාය කියන්නෙ ඔයාටත් තිබ්බෙ ගිරිතිල්ල මල් මාල හතක් බෙල්ලෙ දාගෙන ඔලුවෙත් ගිරිතිල්ල මල් පොකුරක් ගහගෙන තව මල් මාලයක් අරගෙන ගිහිල්ල කරු අයියගෙ බෙල්ලෙත් දාල..අන්න එහෙමනෙ වැඩක් කරන්ට ඕනෙ..මේක එහෙමද? නිකම්ම ස්ටේජ් එකට නැග්ග.... තෑග්ග ගත්ත... ආව..බොහොම නරකයි..බොහොම නරකයි.

    ReplyDelete
    Replies
    1. හීනෙකින්වත් හිතුවෙ නැහැනෙ රවී අයියා.. නැත්නම් මං මෝනිං ග්ලෝරි මල්වැලක් පැළඳගෙනම යනවා..

      අපි වගේය සම්මාන පිට සම්මාන ගත්තු ඔයා හිටියෙ නැහැනෙ... බොහොම නරකයි...

      Delete
    2. මම කල්පනා කරේ වෙලාවට රවිගේ සම්මාන ගන්න රවී නෑවිත් රන්දිල් ආවේ. නැත්නම් මූ කොහොමද කැනරි කුරුල්ලෝයි, අවිච්චියෝයි මනිෂා කොයිරාලයි තුරුලු කරන වේදිකාවට නැගලා කරු අයියටත් එව්වා දෙනකොට.. හැක්..

      Delete
    3. මෙන්න කලණෙ මට කලිං ඉස්සර වෙලා.. මාත් කියන්න ගියෙ රවි අයිය හිටිය නං මනීසා කොයි ??? රාල උස්සං ඉස්ටේජ් එකට නගී නේද කියල
      හිහි

      Delete
  5. සුබ පැතුම් තරු අක්කේ හදවතින්ම.

    මම මේ හැමතැනම බලන්නේ අපේ තරු අක්කගේ නාට්‍ය කෝ කියලා.කෝ තාම එක ගැන එක පින්තුරයක්වත් දැක්කේ නැහැනේ.

    නෙළුම් යායේ නෙළුම් පුබුදුවන්න වෙහෙසුණු හැමෝටම බොහෝ තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි... ඔයා එයි කියලයි හිතුවෙ...

      නාට්ටියෙ පින්තුර තාම කළඑළි බැහැල නැහැ මං හිතේ.. බලමු නිව්ස්වෙබ් කට්ටිය දාවි...

      Delete
    2. අන්න නිව්ස්වෙබ් එකේ දැම්ම පින්තූරවල නාට්‍යෙය් පින්තූරත් තියෙනවා මල්ලි..

      Delete
    3. නාට්ටියෙ පින්තුර නම් නිව්ස් වෙබ් එකේ දැක්කා.එත් කෝ අනේ තරු අක්කා නැහැනේ එව්වායේ...:(

      Delete
    4. හයියෝ.. ඒක මඩක්.. මං රඟපාන්නෙ නැහැනෙ.. මං ඒ නාට්‍යය සම්බන්ධ කරලා දුන්න විතරයි...

      Delete
    5. හෙහේ,එකත් එහෙමද ?අයියෝ මදැයි තරු අක්කගේ රඟපෑම් බලන්න හිතන් හිටියා.

      Delete
  6. හිරුත් සුබ පතනව තරැ ඔයාට..... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු තරු ආසන්නයේ පායා තිබීම සතුටක්... හිරූ... අර ලස්සනම කේක් කන්න දවසක එනවා.. ඒ ලස්සන තරම්ම රසත් ඇති නේද?

      Delete
  7. රහසින්වත් කියුවේ නැද්ද හිරුරැස්? :)

    කවිය ආයි ආයි කියවනකොට තවත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙම නැහැ ඒ කවියට තැනක් ඒවි කියල.. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනව වගේ නේ.. ඇත්ත අත්විඳීමක් නිසා වෙන්නත් ඇති...

      Delete
  8. congratulations tharu.
    u merit the award. all the hard work doing for arts n culture.
    again im really happy for u.
    (some one told me that u were there i think u guys had time to talk.)

    ReplyDelete
    Replies
    1. Thank u Rangi. Thank u verry much.

      (Yes I met him. had a nice time to talk.)

      Delete
    2. @BB, U sent someone from SISMI?

      මෙන්නෝ බටහිර කුමන්ත්‍රණයක්

      Congrats TR !

      Delete
  9. සුබ පැතුම් තරු!
    මේ ආරංචිය කියෙව්වේ බොහෝම සතුටින්.
    You deserve many more

    ReplyDelete
  10. සුභ පැතුම් තරු................

    එදා මට මතක විදිහට කාංචනා ඔයාව හම්බෙලා කතා කරලා මටත් (තුෂාර) හදුන්වලා දුන්නා..... ඇත්තට ම ස්ටේජ් එකට යනකල් ම දැනගෙන හිටියේ නැහැ..... ඒ වෙලාවේ තමා දැනගත්තේ...... කොහොම හරි කතා කරානේ..... සුභ පැතුම් ඔබේ කවි දිවියට..... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. මටත් යාම්තමට මතකයි පොත් ප්‍රදර්ශනයෙදි...

      කොහොම හරි කුරුටු පවුලම දැන අඳුනගන්න ලැබීම සතුටක්... සුබපැතුම් ඔයාලටත්...

      Delete
  11. ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තුන්ඩු කැලි අරගෙන වරෙල්ලා මොකාට හරි ස්ටේජ් එක උඩදී ප්‍රධාන කොකාට දෙන්න
    බස්සියො කටුසු ගෙන්බෝ පුසෝ බල්ලෝ වවුලෝ මන්කොල්ල කාරයෝ මිනි මරුවෝ ලබබෝ මදුරුවෝ ගැටයෝ මැට්ටෝ කුරු කොට්ටෝ ඔක්කොටම කියන්නේ මතක් ඇතිව තුන්ඩු ගෙනෙන් නැත්නම් සම්මාන සුම්මා

    මාරම මාරයි ඔයි !!!!!!!
    ප්‍රධාන කොකාට ත් කියාපන් සිලි සිලි බැග් එකක් අරන් එන්න කියලා මතක ඇතිව තුන්ඩු කැලි ගොඩ දාගෙන යන්න හැක්..හැක්

    ජයවේවා නැන්දේ !

    ReplyDelete
    Replies
    1. මේ මොන ජෝක්ස් එකක්ද අප්පා මේ...
      :-/ :-/

      Delete
    2. ඒ ජෝක් එක හැමතැනම අලවල තියෙනවා...

      Delete
    3. කොන්ද පන නැතුව ඉපදීමේ කර්ම විපාකය පෙනෙනවද පින්වතුනි...හිතේ තියන දේ තමුන්ගේ නමින් කියාගන්න බැරිකම කොයිතරම් දුකක්ද... පිට කොන්ඩේ එක්ස්රේ එකක් අරන් බලහන් ඇනෝ බෙහෙතක් හේතක් කරලවත් ඔය අසනීපෙ සුව කරගන්න පුළුවන් වෙයිද කියල...

      Delete
  12. මං මේ බැලුවේ මොනවා ලියන්නද මොනවා කියන්නද කියලා..
    මාවත් මෙන්සොං කොරාල තියෙන්නෙ. හිහි. දැං ඉතිං අවුලක් නෑ. තරු අක්ක ලීව කියන්නෙ නෙලුං යාය ගැන මමත් ලීව වගේ තමා. හැක් හැක්..

    ඊළඟ මාසෙ 23 වෙනිද මං හිතන්නෙ අපි ආයෙ හම්බෙයි නේද.. හිහි
    එදාට දෙන්න අරුණළු උත්කර්ෂ මලක් ඇන්න එන්න.. හී....

    දෙවනි වතාවටත් ඔන්න අපෙං සුභ පැතුම් තරු අක්කා...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. දෙන්නට දෙන්න සුබ පතා ගනිමු නේද?

      Delete
  13. හදපිරි සුබ පැතුම්..

    ReplyDelete
  14. සුබ පැතුම් තරූ අක්කේ.
    අර නැටුම නම් හරි ලස්සනයි හොදේ.

    ReplyDelete
    Replies
    1. ඔයා විතරයි වගේ නැටුම දැකල තියෙන්නෙ...

      ස්තුතියි මල්ලි...

      Delete
  15. සුපිරි අක්කෙ.... ආයේ දවසක හමුවෙමු.... සම්මානෙට උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ඔයාටත්, අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න.. අම්මගෙ බත් එකත් හරිම රසයි...

      Delete
  16. තරු හතයි ඈ...

    සම්මානෙට සුභ පැතුම්

    ReplyDelete
  17. තරු රසි යෝ...
    ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. විභීෂණ ඇවිත් උන්න බව කොතැන හෝ ලියවිලා තියෙනව දැක්ක. අඳුනන්නෙ නැති නිසා මගහැරුණා..ආයෙම දවසක කතා කරමු.

      Delete
  18. සුභ පැතුම්.දැක්කට කතා කොරන්ඩ බැරි වුනා නොවැ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... දැන් ඉතින් අඳුනනවනෙ.. නැවත හමුවෙමු වත්සලා..

      Delete
  19. සුබ පැතුම් තරූ . මේ සටහනත් කවියක් වගේ

    ReplyDelete
  20. well deserved tharu akka ! congrats...
    නිතර ලියන නිතර අමතක නොකර කතා බස් ලියා තියා මතක තැන් පත් කරන සොඳුරු ලියන්නියට සුභ පැතුම්....

    ReplyDelete
  21. හැකියාවට වෙනුවෙන් ලැබුණු අගයකිරීම වෙනුවෙන් සුභපැතුම්... තව තවත් දෑ ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. බ්ලොග් ලොවේ හැමදෙනාටම...

      Delete
  22. පිලිගන්න මගෙනුත් සුබ පැතුම්. තවත් ඉදිරියට යන්න, නිර්මාණ කරන්න අත්දැකීම් වරුසාවක් ඇද හැලේවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් සම්පූර්ණයි.. සතුටුයි... ස්තුතියි...

      Delete
  23. මූණේ තියන හිනාව :)

    අපිටත් සම්මානයක් ලැබුනා වගේ තමයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. තිසරටත් සම්මානය හිමි යි තමයි...

      Delete
  24. හම්බවෙලාම සුබ පතන්න ලැබීම ගැන සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඇතුතටම.. හමුවන්න ලැබීම සතුටක්...

      Delete
  25. තරු අක්ක එක්ක බොහොම පොඩි වෙලාවනෙ කතා කරන්න හම්බුනෙ.ඒත් හිනාවෙලා කතා කලේ ගොඩක් ඉඳන් අඳුනනව වගේ ඒ හමුවීමම සතුටක් ^_^ ගෙදර යද්දී තරු අක්කගේ පොතකුත් අරගෙනම තමා ගියෙ. අද තමා හෙම්හිට කවි කියවන්න පටන් ගත්තෙ :) ලැබුන සම්මානෙට මගෙනුත් සුබපැතුම් අක්කෙ :)

    ReplyDelete
    Replies
    1. හංසි හංසියක් වගේමයි.. වේදිකාවට නගිද්දිම අපි ඒ ගැන කතා වුණා..

      ස්තුතියි නංගි.. ඔයාටත් සුබ පතනවා.. කවි කියවල අදහස කියන්න...

      Delete
  26. සුභපැතුම් කිව්ව

    ReplyDelete
  27. උණුසුම් සුභ පැතුම් තරුරසී. කතාබහ කරන්න නම් බැරි වුණා. ආපහු හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. සතුටුයි අශාන්.. සම්මාන ගනිද්දි මමත් අත්පොළසන් දුන්නා.. කතා කරන්න නම් බැරිවුණා තමයි.. ලබන වසරෙදි හමුවෙමු...

      Delete
    2. අනිවාර්යයෙන්ම.. :)

      Delete
  28. තරූ අක්කට සුභ පැතුම්. හදුනා ගන්න ලැබීම සතුටුයි.
    ජය වේවා!!!

    ReplyDelete
  29. අනේ තරු...හරියට කතා බහ කරන්නවත් බැරි වුණා. දවල්ටත් කාල නොසිටි නිසා ඉක්මනින් කේක් කෑල්ලක් කාල තේ එකක් බොන්න බඩජහරිකමක් ආව නිසාත්, එදා රෑම ගුවන්ගත වෙන්න කලබලේ නිසාත් එහෙං මෙහෙං දක්න අයට යන්නම් කියල ඉක්මනින් පිටත් වුණා.
    සුබ පැතුම්....!

    ReplyDelete
  30. තරු...කතා කරන්න, සුබ පතන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් ඉක්මනින් පිටත් වුණ නිසා කොහොමින් හරි මග හැරුණා. උණුසුම් සුබ පැතුම්..!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...