කන්‍ය මව්තුමියනි,
කොහෙන් ආවාද මේ හයිය
නදෙෂ්දා, මාරියා, යෙකතරිනා හට
ගිටාරයක් අතැතිව මහා
දෙව්මැදුරට පිවිස ගයන්නට මේ ලෙස
‘‘ කන්‍ය මරියතුමියනි...
පුටින් පළවා හරින්න.. ”
ලෝක සම්මතයට පිටු පා එදා
ඔබ
කී මෙබසිනි ඇරඹුණේ
විප්ලවයේ දිගු කතාන්දරය
‘‘ මේ මම ස්වාමින්
වහන්සේගේ දාසිය වෙමි.
ඔබ කී වචනය ලෙස මට
සිදුවේවා...”
පාලක පන්තියට හා ඔවුන්
ආසිරි ගන්වන පූජක පන්තියට
අභියෝගයක්ව කුරුසියේ මග
ගන්නා
විප්ලවයේ පුත්‍රයා කුස
දරන්නට හිස නැමූ
ඔබේ එඩිතරබවම නොවේද ...
ඔවුන් සතු වූ එකම ශක්තිය...
‘‘ කන්‍ය මරියතුමියනි...
පුටින් පළවා හරින්න.. ”
‘‘ එක්වරක් ගැයීම දෙවරක්
යැදීමකි”
ඔවුන්ගේ ගැයුම යැදුමක්
ලෙසින් එසවී ඇත ස්වර්ගයට
ඔවුන්ගේ ගැයුම හොරණෑ හඬක්ව
අවදි කර ඇත මුළු ලොවම...
දුටුවාද ඔබ ඔවුන්ගේ සිනා
පිරි මුහුණු
ලැබෙන විට ඊනියා අධිකරණ නියෝගය
හෘද සාක්ෂියේ හඬට අවනත වූ ඔවුන්
සිරගෙයද එකම ගීතයේ පාරාදීසයක්
කරනු ඇත....
කන්‍ය මව්තුමියනි,
ධනපතින්ගේ දේව පුත්‍රයාට
නොව
දිළිඳුන්ගේ දේව පුත්‍රයාට
මව් වූ ඔබට
වැටහෙනු ඇත නිසැකවම ඔවුන්ගේ
විප්ලවීය ගීතයේ අරුත.......
නිදහස් අදහස් දරන්නට
නොහැකි දේශයක
සැමට සම හිමිකම් නොලැබෙන
දේශයක
දිළිඳුන්ගේ අයිතිය සූරා කන
දේශයක
චක්‍රවර්ති රජවරුන් පහළ
වූවත් කුමටද?
දිළිඳු දරුවන්ගෙන් සිප්සතර
උදුරා ගන්නා දේශයක
සෑම අහුමුල්ලකම දූෂණය
වංචාව රජයන දේශයක
අතළොස්සකට සුර සැප බහුතරය
දුක් සාගරයක
කිමිදෙන දේශයක
ලෝකයේ පුදුම හත ඉදි වූවත්
කුමට?
කන්‍ය මරියතුමියනී,
මරා දැමූවද ඔබේ ආදරණීය
පුතු
නිහඬ කළ නොහැකි වූවා සේම
ඔහුගේ හඬ......
සිරගත කළද ඔවුන්
සිරගත කළ නොහැක ඔවුන්ගේ ගී
හඬ...
එය ඇදී යනු ඇත... දේශයෙන්
දේශය...
මුවින් මුව... යා කරමින්
හදවතින් හදවත....
"රෙජීමයට ගුඩ්බායි කියන්න
රුසියාව එන්න, පාරට බහින්න"
රුසියාව එන්න, පාරට බහින්න"
"පුසි රයට්" රුසියානු කාන්තා පන්ක් රොක් විරෝධතා සංගීත කණ්ඩායම පිළිබඳ බූන්දි ලිපිය මෙතනින් http://www.boondi.lk/CTRLPannel/MIYA_Index.php
මේ කාන්තාවෝ තුන්දෙනා හිරේ ගියා නේද?
ReplyDeleteඑයාල නඩු තීන්දුව බාර ගත්තෙ, හිරේට ගියේ පුදුමාකාර සන්සුන් සතුටක් එක්ක බවයි පෙණුනෙ... ඒ වගේ ආත්ම ශක්තියක්..
Deleteආ මේ විස්තර ලින්ක් එකක් තියෙනවා නේ.හරි හරි
ReplyDeleteමේ සිද්ධිය ගැන ගොඩක් තැන්වල කතාබහ වෙනවා.. මමත් හරිටම තොරතුරු දැන ගත්තෙ මේ බූන්දි ලිපියෙන්.
Deleteමේ අර තුන්දෙනාගේ ගීය නෙහ්... !
ReplyDeleteමරු නේ.. ලංකාවේ ඔහොම ගීයක් ගැයුවා නම් මෙලහට්ට අඩි තුනක් පොලෝ යට ඇඩ්‍රස් නැති මරණයක් !
සුදු වෑන් එකක ගිහින්... නඩු නැති මරණ තීන්දුවක්...
Deleteපුටිං කියන තරංම කලු නෑ...
ReplyDelete(මට හිතෙන විදිහ)
අනිවා!... පුටින් අයගේ හම නම් සුදුයි නේ...
Deleteමමත් හිතන් හිටියෙ මහ ඉහළින් තමයි... ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් තැනට රුසියාව ගෙන ඒම ගැන සතුටක් තිබුණා.. අනික ඉතින් පොත පත කියවන්න පටන් ගත්ත දා ඉඳල රුසියාවත් තමන්ගේ වෙලානෙ තිබුණේ. නිවි සැනසිල්ලෙ කල්පනා කරද්දි හිතෙනවා මේ තරම් කාලයක් බලයේ ඉන්න ඕනම පාලකයෙක් තුළ ඒකාධිපති ලක්ෂණ පහළ වෙන එක පුදුමයක් නෙවෙයි කියල...
Deleteමට හොස්ටල් එක මතක් උනා..ගීතිකා කියපු කාලේ..ඒ ඔක්කොම එක පාරටම..
ReplyDeleteකවදාවත් හිතුවෙ නැහැ ගීතිකාවෙන් මේ වගේ විප්ලවයක් කරන්න පුළුවන් කියල...
Deleteහ්ම්...
ReplyDeleteලංකාවෙත් පුසි රයට්ල බිහිවෙන්න වෙයි වගේ!
ReplyDeleteලංකාවෙ සමාජය තාම සූදානම් නෑ ඒකට... දැක්කනෙ ඡන්ද ප්රතිඵල... අයුක්තිය, අසාධාරණයට හිස නමල පැත්තට වෙන බහුතරයක් ලංකාවෙ ඉන්නෙ... සාර්ථක විප්ලවයක් ලංකාවෙ කවදාවත් සිද්ධ වෙයිද මන්ද?
Deleteබයවෙන්න එපා දැන් විප්ලව වෙන්නේ නැහැ . විප්ලව වුනේ පහුගිය සියවසේ .වෙන්න පුළුවන් එකම දේ පාලකයාට විරුද්ධ වුනහම රැල්ලක් ඇති වුනහම නේටෝ එකෙන් හරි ඇමරිකාවෙන් හරි සපෝර්ට් කරනවා . පාලකයන්ව එලවල හරි මරල හරි දානවා . හැබැයි මෙහෙම වෙන්න තෙල් හරි රත්තරන් හරි පොළවේ තියෙන්න ඕන . පුසී රියෝට්ල පව් . කළු ගල් වල ඔලුව ගහගන්න එපා කියල අම්මල කියල දීල නැහැ .
Deleteබෙහොම අතළොස්සක් දෙනා කළු ගල් බව දැනගෙනම ඔළුව ගහගන්නෙ බොහොම ආදරයෙන්, කැමැත්තෙන් වගේම තමන්ගෙ අරමුණ ගැන උදාර හැඟීමෙන් බින්දි. එයාල තෝර ගන්න මාර්ගය ඒකයි. දුෂ්කර බව ඇත්ත. ඒ මාර්ගයේ යන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මට එහෙම නැති නිසානෙ කවියක් ලියල හිත සනස ගන්නෙ.
Deleteලෝකයේ ඔනෑම රටක විරෝධතා ගිත සාහිත්‍යයක් බිහිවෙනවා. ස්ටීව් බිකෝ , යාල්ලා, වැනි ගායක කණ්ඩායම් වගේමන නන්දා , කපුගේ වැනි පිරිසක් අපට හිටියා. ඒ ගිත සාඑහාත්‍යය සංගිතයේ හමුවෙන වැදගත කඩඉමක්.
ReplyDeleteසමාජ වෙනසක් ගැන අදහස් මිනිසුන් අතරට ගෙන යන්න ගීතය ප්ර බල මාධ්ය්යක් වෙනවා. එහෙම කියද්දි මට මතක් වෙනවා අයියෙ මගේ යාළුවෙක් කියපු කතාවක්.
Delete" නන්දාල කපුගේලා සින්දු කියල කොල්ලන්ව ඇවිස්සුවා. කොල්ලො ටික නිරපරාදෙ මැරුණා. ඒගොල්ලො තාම සින්දු කියනවා."
මම කවදාවත් විරෝධාකල්ප ගීත ගැන මේ විදියට හිතල තිබුණෙ නැහැ. ඒත් 89 සංසිද්ධිය ගැන එක එක අය දරණ මත කොයි තරම් වෙනස්ද කියල හිතුණා.
හ්ම්ම්ම්... බොන්න ඕනේ ප්‍රශ්නයක්.. පොඩි නිවැරදි කිරීමක් අවශ්‍යයි. ස්ටීව් බිකෝ කියන්නේ නම් සංගීත කණ්ඩායමක් නෙවෙයි. දකුණු අප්‍රිකාවේ කළු නායකයෙක්. ඔහු ලේඛකයෙක් විදියට සලකන්න පුළුවන්. මූලික වශයෙන් චින්තකයෙක්.
Deleteහඬනු මැන නිදහස
Deleteඅපිත් ඔය වගේ එකක් ලියලා ජනතාව අවදි කරවමු.. :)
ReplyDeleteඊට පස්සේ ....
Deleteජනතාවට දේශපාලනික අවබෝධය වගේම, තමන් වටේ ඉන්න මිනිසුන්ගෙ දුෂ්කර ජීවිත ගැන සංවේදීකම ලබා දෙන්න ඕන. ඒ වෙනුවෙන් ගීතය, ගීතිකාව යොදා ගන්න පුළුවන් නම් හරිම අපූරුයි.
Deleteඅපිටත් විප්ලවයක් සිද්දවෙයි ඔය වගෙ විරොධතා ගීයක් ගැයුවානම්, නේද තරු :) හැබැයි ඉතිං අපෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එක බුත්ති විඳින්න වෙන්නෙ හිරෙ ඉඳගෙන.:D තරුගෙ උත්සාහයට ජය!!
ReplyDeleteමේ සිද්ධියට මේ තරම් ජාත්යින්තර ප්රණසිද්ධියක් ලැබුණෙ ඒ ගැයුණෙ රුසියාවෙ පුටින්ට විරුද්ධව නිසා. අපේ රටේ එහෙම දෙයක් උණාට ඒ තරම් ජාත්යයන්තර අවධානයක් ලැබෙන එකක් නැහැ. සතුටු වෙන්න පුළුවන් එයාල තාම ජීවතුන් අතර ඒ වගේම සිනා පිරුණු මුහුණුවලින්. ඒත් අපේ රටේ මොනව වෙයිද කියල හිතා ගන්නවත් බෑ.
Deleteඅපූරුයි . . . රටේ ලෝකේ දේවල් ගැන මම කොයි තරම් අසංවේදිද කියලා ලැජ්ජ හිතුනා වගේ මේක කියෙව්වාම . .
ReplyDeleteඇත්තටම අයියෙ අපේ ජීවිත අපේම ප්රකශ්නවලින් පිරිලා. ඒ නිසයි අපිට සමාජමය යුතුකම් මග හැරෙන්නෙ. ඒත් අපේ ජීවන අරගලය මැද්දෙ මේ කරුණු කාරණා ගැනත් සංවේදී වෙන්න ඕන කියල මට හිතෙනවා. බූන්දි ලිපිය දැක්කම මට හිතුණා අපේ රටේ ප්රණශ්න ගැනත් මේ විදියට කතා කරන්න ඕන නේද කියල.
Deleteම්ම්ම්... රැසියාව ලෝකය ඉදිරියේ හොඳ වුනාට ඒ තුළ ඉන්න මිනිස්සු ඉන්නේ පීඩනයකින්..
ReplyDelete