මං මලක්...
මලක්මත් නෙවෙයි තාම...
මල්
පොහොට්ටුවක්
නටුවෙ කටු
උපතක උරුමය මිස
මගේ ඕනකමට
නොවේ...
ඕන නෑ මට
අනින්න රිද්දන්න
අහිංසක
සමනළයින්ට...
ඒත් විස බඹර
තුඩක රිදුම
නොදන්නවා නොවෙයි
මගේ හිත....
ඇනී හිල්
උණාට පසුව පපු කුහරයම....
මම කැත දළඹුවෙක්ව උන්නා....
දුප්පත් කටු
අකුලක වියළුණු කොල ගොන්නක
සමනළයෙක්
වෙලා මං එද්දි ලෝකෙට
පැණි බිඳක්වත් ඉතිරි කරල නෑ
ඔහෙල මට...
ඉතින් මං මල්
පැණි සොරෙකැයි
චෝදනා නගන්නට
ඔබට ඇති
අයිතිය ?
මං
කිරිල්ලියක්... පුංචි කිරිල්ලියක්..
නොමේරූ
කිරිල්ලියක්...
ඉගිළුණේ දුර
ඈත කහවණු හොයන්නට
අසරණ කුරුළු
පවුලක දුක් ගින්දර නිවන්නට
ගහල කගපත සිඳ දැමු මගෙ හිස
බරක් නොවෙයිද
ඔබෙ හිතට...
මං ළා
දල්ලක්...
මද පවනේ
නැළවෙමින්
හෑල්ලුවේ
ජීවත් වුණු
නුරා ගිනි
ගොඩක දැවුණේ
ඒ ළා
දල්ලයි... හිරු රැස් වෙනුවෙන් මග බලපු
සිඳ ගත්තා තමයි මං මගේ
ජීවිතය
නටුව
කොනිත්තා දමා
දරන්නට බැරිම
තැන....
දැන් ඉතින් ඔබට
සතුටුද?
අපි පුංචි
තරු කැට
ඉර හඳ එළිය යට ජීවිතේ හොයන
ඒ ඉර හඳම ගිනි ගෙන දැවුණු අහසක
නිවී ගිය තරු
එළිවලට
දොස් කියන්නට.....
දෙස් තියන්නට
ඔබට හැකි
වූයේ කෙලෙසද?
වචන වෙඩි
උණ්ඩ .. කඩුතුඩු...
කිණිසි ඇනී
තුවාලයි මුළු
හිතම....
සැනසීමෙ
නින්ද යනවද ඔබට?
වැඩිහිටියන්ගේ නොමිනිස්කම් නිසා පිපෙන්නට පෙරම පරව ගිය කැකුළු මල් වලට උපහාරයක් වේවා ඔබගේ කවිය...
ReplyDeleteමටත් අහන්න තියෙන්නෙ සැනසීමෙ නින්ද යනවද මුන්ට කියලා විතරයි...
ලස්සන කවියක් තරූ.
ReplyDeleteවචන වෙඩි උණ්ඩ .. කඩුතුඩු...
ReplyDeleteකිණිසි ඇනී
තුවාලයි මුළු හිතම....
සැනසීමෙ නින්ද යනවද ඔබට?
///වචන වෙඩි උණ්ඩ .. කඩුතුඩු...
ReplyDeleteකිණිසි ඇනී
තුවාලයි මුළු හිතම....
සැනසීමෙ නින්ද යනවද ඔබට?///
ම්ම්ම්ම්ම්ම්.. හිතක් තුවාල වුනාට පස්සෙ ලේසි නෑ... සුව වෙන්න හුඟාක් කල් ගත වෙනවානෙ.. සමහරවිට සදාකාලිකවම සුව නොවෙන්නත් පුලුවන්.... :(
කොහොම නින්ද යන්නද හිතක් තුවාල කරලා..... ??
ඉරහඳ තරුවල සෙවන සොදන දරුවන් මව් ඇකයෙන් මිදුනාම වැඩිහිටියෝ. ඒත් ඒ දරුවන් ඒවයසට එන්නේ මල් පොහොට්ටු වාගේ.
ReplyDelete