සඳරු පුතා
හය වසරෙ. අගනුවර සුප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්නෙ. ඉස්කෝලෙ ක්‍රීඩා උළෙල පැවැත්වුණේ පසුගිය සතියෙ.
සඳරු පුතත් හිටිය සරඹ කණ්ඩායමේ. පුහුණු උණා කාලයක් තිස්සෙ යාළුවොත් එක්ක හරිම
සතුටින්. ක්‍රීඩා උත්සවය දවසෙ අම්ම එක්ක සඳරු ඉස්කෝලෙ ආවෙ හරිම සතුටින්. සරඹ
කණ්ඩායමට නියමිත ඇඳුම් පැළඳුම් භාරව හිටියෙ අම්මල කිහිපදෙනෙක්. හැමෝටම තමන්ට
නියමිත ඇඳුම් ලැබුණා. යාළුවො ටික අම්මලගෙ උදව්වෙන් හැඩ වැඩ වෙනවා...
ඒත් සඳරුට
තමන්ගෙ ඇඳුම ලැබුණෙ නැහැ. '' ඇඳුම්වලට සල්ලි ගෙවපු අයට විතරයි දෙන්න කියල
තියෙන්නෙ. '' අම්ම කෙනෙක් කිව්වා. සඳරු දුවගෙන ආවා ආපහු අම්ම ළගට. රිදුණු බිඳුණු
හිතත් අරගෙන. දුක වාවගෙන බලා ගත් අත බලාන ඉන්නව ඇරෙන්න අම්මටත් කරන්න දෙයක් තිබුණෙ
නැහැ. වරදකාරී හැඟීමකින් ඇගේ හිත පිරිල ගිහින්. අතේ තිබුණෙ දෙන්නට ආපහු ගෙදර යන්න
බස් එකට තරම් වෙන මුදලක් විතරයි.
තාත්ත
රස්සාව අහිමි කර ගත් දා ඉඳල ගෙදර අගහිග එමටයි. සඳරු ශිෂ්‍යත්වෙ ලිව්වෙත් එකම
ටියුෂන් පන්තියකටවත් යන්නෙ නැතිව. අතමිට යහමින් ඇති යහළුවන්ගෙන් පිරුණු ඉස්කෝලෙ
ඉගෙනීම කියන එක සඳරුගෙ පුංචි හිතට දරන්න බැරි තරම් අභියෝගයක් වෙලා තිබුණ උනත්
හැමවෙලේම හෙවණැල්ලක් වගේ අම්ම ළඟින් හිටිය. ඒත් අද නම් ඇයටත් කරන්න දෙයක් නැහැ.
පන්තියෙ ටීචත් පේන මානෙක නැහැ.
ඇස්වල
පිරුණු කඳුළු බින්දුත් එක්ක සඳරු අම්මට ළං වෙලා ඉද්දි එතැනින් කලබලේ වැඩකට දුවන සඳරුගෙ
යාළුවෙක්ගෙ අම්ම කෙනෙක් ඔවුන්ව දැක්ක.
'' ඇයි පුතා
ලෑස්ති වෙන්නෙ නැද්ද?'' ඒ අම්ම කලබලේම ඇහුවා.
'' සල්ලි
දෙන්න බැරි උනා... දුන්නැති අයට ඇඳුම් දෙන්නෙ නැතිලු. '' සඳරුගෙ අම්ම කීවෙ නොකියාම බැරිකමට. ඒ අම්ම නැවතුණා. ඉද්ද ගැහුව
වගේ. පන්ති කාමරයේ අගහිගකම් බොහොමයකදි සඳරුට උදව් දුන්න එකම කෙනත් මේ යාළුවගෙ
අම්ම. ඇය පර්ස් එක දිග ඇරල පෙරළල බැලුවා. තිබුණ එකම මොණර නෝට්ටුව ඇදල අරන් සඳරුගෙ
අම්මගෙ අතේ මිට මෙලෙව්වා.
''බලන්න
කොහොම හරි ඇඳුම ගන්න. පොඩි එකා පව්නෙ. ''
අම්ම සඳරුත්
එක්ක ආයෙම සරඹ කණ්ඩායමට ඇඳුම් බෙදන පන්ති කාමරයට ගියා.
''
ටීචගෙන් අහන්නෙ නැතිව දැන් මොකුත් කරන්න බැහැ. ''
දාහෙ කොලේ දිහා බලන නොබලන දෑසින්
අම්ම කෙනෙක් කිව්වා. මේ තරම් ප්‍රතික්ෂේපයක් දරා ගන්න පුංචි හිතකට පුළුවන්ද?
'' අම්මෙ
අපි ගෙදර යමු. මට වමනෙ යන්න එනව වගේ...''
සඳරු පන්ති කාමරයෙන් එළියට දිව්වා.
ඇත්තටම සඳරුට වමනෙ ගියා. දුක පිට උණේ ඒ විදියට. අම්මටත් දරා ගන්න බැරි තරම්. පරවුණු මලක් වගේ සඳරුව තුරුල්
කර ගත්ත අම්මා ක්‍රීඩා පිටිය දිහාවත් නොබල ඉස්කෝලෙන් පිට උණා. කතා බහක් නැතිව
ගෙදර ගිය අම්මයි පුතයි දෙන්න දෙන්නට හොරෙන් ඇඬුවා. නින්දට ගියෙත් හිස් බඩම.
දාස් ගණන්
සල්ලි එහෙ මෙහෙ විසිවෙන ඉස්කෝලෙක සඳරු පුංචි පුතාට සිද්ධ උණේ කොයි තරම් ලොකු
අසාධාරණයක්ද? මේ වගේ අත්දැකීමකින් පස්සෙ තව දුරටත් ඒ හිතේ ඉගෙනීම ගැන, ඉස්කෝලෙ
ගැන, ගුරුවරු වැඩිහිටියන් ගැන ආදරයක් ගෞරවයක් ඉතිරි වේවිද?
අද සඳරු
ඉස්කෝලෙ ඇවිත්...
'' පුතේ
ටීච ඇහුවොත් ඇයි සරඹ කණ්ඩායමට ආවෙ නැත්තෙ කියල. පුතා ඇත්තම කියන්න.'' සඳරු ගෙදරින්
පිට වෙද්දි අම්ම එහෙම කිව්වා.
''.... සඳරු
පුතේ, ජීවිතේ නවතින්නෙ නෑ මෙතනින්. මේ වගේ නපුරු සමාජෙක ධෛර්යයෙන් හිට ගන්න, ලස්සන
මලක් වෙලා පිපෙන්න ලොකු හයියක් ඕන හිතට. ඔයාට වරදින්නෙ නෑ. හිතට හයිය ගන්න... ''
ආදර්ශමත් කථාවක්.අද දරුවන් ඉත්තන් කරගෙන දේශපාලන වාසි ගන්න රටක අපි සිටින්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හරි නම් දරුවො ඉත්තො කර ගන්න අයිතියක් දෙමව්පියන්ටවත් නෑ.
Deleteපොල් හොරකම් කළ කතාවේ ම අනෙක් කතාව... පාසල්වල යමක් තියන දෙමාපියෝ අනෙක් දරුවන් ගැන නොහිතා ගන්නා තීරණ නිසා තමයි මේ දේවල් වෙන්නේ...අවසානයේ වැරැද්ද පාසලටත් එනවා... හැමෝටම එක විදියට කරන්න අමාරු බව සමහර මා පියෝ දන්නේ නෑ..
ReplyDeleteඅද අධ්යා්පනයට තියෙන තරගය නිසාම දෙමව්පියන් විඳින අප්රඑමාණ දුක නොදන්න දරු පරපුරකුත් නිර්මාණය වෙනවා...
Deleteගොඩක් දෙනෙක් සමකය වටේ කියවනවා. තොරතුරු හුවමාරුවකට වඩා එහා ගිහින් මිනිසුන්ව අධ්යාපත්මිකව වෙනස් කරන්න බලපෑමක් කරන්න පුලුවන් ලිපි ගැන වැඩි අවධානයක් දෙන්න බැරි වේවිද?
ඕක ගොඩක් තැං වල වෙනවා..
ReplyDeleteවිශේෂයෙන් කොළඹ ඉස්කෝල වල...
ප්‍රාථමික පන්ති වල ළමයිගේ සමහර අම්මන්ඩිලගේ හැසිරීම දැක්කම ගෑනු ජාතිය කෙරේ ඇතිවෙන්නේ පුදුම කලකිරීමක්...
දරුවන්‍ගෙ කාරණාවලදී අම්මල ආත්මාර්ථකාමී වෙනව වැඩියි තමයි...
Deleteමේ වගේ කතා දාන්න මට තිබ්බ අවස්ථාව ඔයා නැති කෙරුවනෙ අප්පා...
ReplyDeleteඅනේ එහෙම කියන්න එපා මල්ලි.. ඔයා ලියන විදිය වෙනස්නෙ.. අනික මේ වගේ කතා තව ඕන තරම් තියෙනවනේ... ඔයත් ලියන්න.
Deleteකියපු දේ තේරිලා නෑනෙ.. :D
Deleteඅනේ අක්කි මේක කියෙව්වහම මට මගේ පොඩි කාලේ මැවිල පෙනුන, ඉස්සර අපේ ඉස්කෝලෙ හිටිය නැටුම් ගුරුතුමිය හවස පන්තියක් කලා ඉස්කෝලෙ හිට්ය ලමයින්ටම සල්ලි වලට, ඉතින් මම හොදටම දන්නවා මගේ අම්මිට තාත්තිට මාව මේකට යවන්න බෑ කියල.. පුංචි කමට මම මේක නොකිය හිටිය පස්සෙ එන්න එන්නම කරදර වැඩි, ඉස්කෝලෙදි නටන්න ඉස්සරහටවත් එන්න දෙන්නෙ නෑ. කතා කරන්නෙ මුකුත් කියල දෙන්නෙ නෑ.. පස්සෙ බැරිම තැන මම අම්මිට කිව්වා. අම්මි කදුලු පුරෝගෙන තාත්තිගෙ නංගිට විස්තරේ කිව්ව මතකයි මට, නැන්දි කිව්ව මම ඒකෙ සල්ලි දෙන්න කෙල්ලව යවන්න නිකන් කතා අහන්න ඕනි නෑනේ කියල. ඉතින් මමත් දවස් දෙකක් ගියා පස්සෙ මටම තේරුනා එතනදිත් මේ ගුරුතුමී විශේෂ දෙයක් කියල දෙන්නෙ නෑ කියල. පස්සෙ මම හිත හදාගෙන නැවතුනා.. අම්මිටත් කිව්ව බය වෙන්න එපා මොනව කිව්වත් මම ගනන් ගන්නෙ නැතුව ඉන්නම් කියල.. ටික දවසක් ඇනුම් පද කිව්ව එච්චරයි..
ReplyDeleteඅනිත් අයගෙ වත්පොහොසත්කම් මැද පුංචි අයගෙ හිත් කොයිතරම් රිදෙනවද කියල මම හොදටම දන්නවා...
මම සාමාන්ය් පෙළ වෙනකල් ඉගෙන ගත්ත ගමේ ඉස්කෝටලෙ හිටියෙ ගමේ ගුරුවරුමයි. ශිෂ්ය.ත්වෙ.දිත්, සාමාන්යන පෙළදිත් අමතර පන්ති දාල අපිට ඉගැන්නුවො නොමිලෙ. ඇත්තටම ඒ ගුරු දෙවිවරු. අද හිතද්දි පුදුමාකාර ආදරයක් දැනෙනවා එයාල ගැන.
Deleteදරුවන්ගෙ හිත් ගැන අපි ගොඩක් හිතන්න ඕන.. පුංචි කාලෙ සිද්ද වෙන දේවල කැලැල් වයසත් එක්ක වැඩි වෙනවා.. ඒව බයානක විදියට බලපාන්නත් පුළුවන්..
දරුවන්ගේ බලාපොරොත්තු සුන්වෙන්න අවශ්‍ය තත්පර කිපයයි. එහි පීඩනය දරුවාට වගේම දෙමව්පියන්ටත් බලපානවා. මෙනැනි දේ නිසා තමයි දරුවන් නොදැනුවත්වම නොමට යොමු වන්නේ. පාසල් වල මෙවැනි අහීදුප්පත් දරැවන් ගැන වැඩි අවධානයක් යොමු කල යුතුය. මේ සංවේදි සටහනද නොකියා කියන්නේ එයයි
ReplyDeleteමමත් මේ කතාව දැන ගත්තෙ ඊයෙ උදේ.. හරි පව් කියල හිතුණා. ඉස්සර නම් ළමයින්ගෙ දක්ෂතාවයටනෙ තැන දුන්නෙ. ළමයින්ගෙ හිත් ගැන හිතලනෙ වැඩ කළේ. ගුරුවරු සල්ලි ගැන හිතුවෙ පස්සෙනෙ. සල්ලි ඉස්සරහට ඇවිත් මනුස්සකම් යට ගිහින්.
Deleteඅනිවාර්යයෙන්ම... ඔය අත්දැකීමට මුහුණ දෙන්න ඇත්ද? මේ ලෝකේ කී දෙනෙක්!
ReplyDelete