කෝ කොහිද ඔබගේ රන්සුණු?
කොහිද ඔබ නිමවන බව
කී රන් රෝස මල?
මම තැන තැන විසුල ඔබ ගේ රන් සුණු එක් කරමින්
හිඳිමි. ඒ ඔබ නිම වන බව
කී රන් රෝස මල වෙනුවෙනි. ඔබගේ දියණිවරුන් වෙනුවෙන්, ලොවේ සුවහසක් දූ පුතුන්
වෙනුවෙන් නිම වන බවට පිළිණ දුන් රන් රෝස මල වෙනුවෙනි.
නමුදු, ඔබ නැත.
සුසුමක්වත් නොතබාම සැඟව ගොසිනි.
අවන්හලක සීතල බියර වීදුරුවක් තොල ගාමින්
කඩදාසි අත්පිස්නාවක කුරුටු ගානා කවියක් දකින්නට මග බලා හිඳිමි. මත්පැන් අබිමුව දැඩි ලෙස විරෝධය පානා
මම ඔබේ මධුලෝලය අබියස මුනිවත රකින්නට හුරු වීමි. ඒ මධු බඳුනක ඉහිරෙන පෙණ කැටිති සමග පණ ගැහෙන කවියක අසිරිය විඳිනු රිසියෙනි.
ඒ අවන්හල හුදකලා වී ඇත්ද? කඩදාසි අත් පිස්නා
පෑන් තුඩක පහස පතමින් ළතවෙමින් ඇත්ද? මසිත වධ වෙයි.
''
නිකමට හිතන්න... මේ විශ්වයේ ඉන්න මිනිස්සුන්ගෙන් කී දෙනෙක් නම් එකම තරුව
දිහා බලාගෙන ඉන්නව ඇත්ද? ඒත් තරුව කවදාවත් ඒක දන්නෙ නැහැ...''
දුරකථන මතකයේ පමණක් නොව හදවතේද එවදන් නිධන්
වී ඇත.
'' ඔයා නිකමටවත් හිතල තියෙනවද මේ තරම් යෝධ හඳක් අහසෙ තියෙද්දිත් ඇයි සමහරු පුංචි තරුවකට
ආදරේ කරන්නෙ කියල. ඇයි කියල දන්නවනම් මට කියල එවන්න...''
එදත් ඒ පැණයට පිළිතුරක් මවෙත නොවිණි. හිත
තිගැස්සුණා පමණි. අදත් පිළිතුරක් ගොනු කරමින් වෙහෙසෙමි. රන්සුණු එක් කිරීමටත් වඩා එය
දුෂ්කරය. ඒ ඇයි දැයි ඔබෙන්ම විමසා දැන ගත යුතුය. ජීවිතයේ කෙදිනක හෝ එවැන්නකට ඉඩක්
ලැබේදැයි සිත සංකාබර ය.
හිම මිදෙන සීතල තරම් දැඩි නිසලතාවය කටුකය.
දුක්බරය. අවිනිශ්චිතය.
මගේ මිත්‍රත්වයේ දෑත ශක්තිමත් නැති බැව්....
සහෝදරත්‍වයේ දෑත දිගු මදි බැව් ඒ නිසලතාවය වරින් වර සිතට කොඳුරමින් හිඳීම දරා ගැනීම බෙහෙවින් අසීරුය.
ඉදින්, රන් රෝස මල රැගෙන කොයියම්ම මොහොතක හෝ
ඔබ එතැයි මම මග බලා හිඳිමි.
පොස්ට් එක කියෙව්වට කමෙන්ට් එකක් නොදාම යන්න හිතුන මුකුත්ම තේරුනේ නැති හින්ද. සෑහෙන්ට හිතන්න වෙයි වගේ තරු අක්කේ. මොනාඋනත් ලස්සනට ගලපලා තියෙනව නියමයි.
ReplyDeleteමේ ළමයට වෙන වැඩක් නෑ වගේ... පෝස්ට් එක දාලා අත ගන්න උණේ නැහැ... බ්ලොග් පිස්සුව ඕනෑවට වඩා ඕන නැහැ හොදේ... පොත් කියවන්නත් වෙලාව හදා ගන්න..
Deleteසෙංකොට්ටං බලල ඉවරද?
අයයෝ නෑ තරු අක්කේ දවස් ගානකට පස්සෙ අද තමා සයිබරේ පැත්තෙ අවෙ. අවගමන් ඉතින් ඔයවත් බලලා යන්න ආව. ඔයත් ඉතින් එවෙලෙම පොස්ට් එකක් දැම්මට අහින්සක මං මොනා කරන්නද අප්පා.
Deleteඉවරයි. ඒක අවදාම ඉවරකරා අපරාදෙ ඒක මං කලින් දැක්කනම් එහෙන්ම කියවල දෙනවනෙ.
ඇත්තටම අපිත් ආදරේ කරන්නෙ සඳට වඩා අර ඈතට වෙලා ඉන්න පුංචි තරුවකට නේද ?
ReplyDeleteමේවට උත්තර සොයන්න අමාරුයි තරූ ....
රන් රෝස මලත් රැගෙන ඒවි කොයි මොහොතක හෝ ඔබ සොයාගෙන .
ආවෙ නැතත් කමක් නෑ රන් රෝස මල හදනවනම්... රන් රෝස මල් යායක්.. නේද ගිම්...
Deleteමම එනවා.. මම එනවා... කවදාහරි ඇත්ත නමින්ම එනවා තරූ.........!!!!!, එතකං ඔය ආදරේ තියා ගන්න මං වෙනුවෙන්.
ReplyDeleteවිහිළුවක් වගේ....
Deleteවිහිලුවක් නෙමෙයි සත්තයි...!!
Deleteඉතාම අපූරු සටහනක්.මාතෘකාව දැක්කාම හිතුවේ රන්සුණු පොත ගැනවත්දෝ කියලා....
ReplyDeleteඔයා හරි.. මේ දවස්වල ආයෙමත් පවුස්තොවුස්කිගේ රන් රෝස පොත කියවමින් ඉන්නවා.. ඒ මතකයත් මේ සටහනට එක් වුණා...
Deleteරන් රෝස කියලා ආරියවංශ රණවීර කවියා කාලෙකට කලින් අපූරු සාහිත්‍ය කෘතියක් ලිව්වා නිර්මාණකරුවන්ට අත්වැලක් වෙන්න හැබැයි ඔබ කියන මේ පොත ඒක නෙවෙයි වගේ ඔබ සදහන් කරන්නේ "රන් රෝස මල" ගැන නේ
ReplyDeleteඒ පොතේ පළමු පරිච්‍ඡේදයේ එන ෂාමිට්‍ගෙ රන් රෝස මල ගැන තමයි අයියො මමත් මේ කියන්‍නෙ.
Deleteඒ පොත කොන්ස්ටන්ටයින් පවුස්‍තොවුස්කිගෙ. නිර්මාණ කලාව ගැන අත්දැකීම් එක්ක ලියවුණු අපූරු රසවත් පොතක්. පරිවර්තනය ආරියවංශ රණවීරයන්‍ගේ තමයි. ගොඩගේ ප්‍රකාශනයක්.
එක තරුවකට කීදෙනෙක් නම් ආදරේ කරනවා ඇද්ද? ඒකට තරුව වැරදිද තරූ? :)
ReplyDeleteසටහන වෙනදා වගේම අපූරුයි.
ආදරේ කියන කාරණාවෙදි කවුරුවත් වැරදි නැහැ නේද?
Deleteතරුව දූවිලි අංශුවේ ඉදන් ගහකොල, ඇල දොල, සතා සිවුපාවුන්, මිනිසුන් මේ හැම දෙනාටම ආදරේ කරනව වෙන්න පුළුවන්... තරුව මේ හැමෝටම අයිතියි.
ඒත් තරුවටත් ඇති සුවිශේෂ ආදරයක්... ඒ අර ආදරෙයි කියන කවුරුවත්ම නොවෙන්නත් පුළුවන්...ඔන්න ඔහොමයි පොඩ්ඩි ජීවිතේ....
ඇත්තටම අපූරුයි..තරුවකට ආදරේ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්නේ බලාගෙන යද්දී..
ReplyDeleteආදරේට බය වෙලා තරුව කඩන් වැටෙන එකක් නැහැ නේද මල්ලී....
Deleteසඳට සදහට සෙෙන් පෑ මුත් උදුල තරු කැටයම්
ReplyDeleteහිරුට පෙම් බැඳි ඒක ම තරුවක් තිබිය ෙනාහැකි ද යම්....
මං කැමති ලස්සන ගීතයක්...
Delete