2009
යුද්ධය නිමා වීම
නැවත යා කළ නොහැකි
තරමට අපි දුරස් වී ඇති බව තේරුම් ගන්නට යුද්ධය නිමා වෙලත් තවත් වසරක් ගත වුණා. තව
දුරටත් ආදරය ගැන කිසිදු සඳහනක් නැහැ. යුද්ධයට පෙර එවන් කතා බහක් තිබූ බවත් ඔහුට
මතක නෑ. මම මතක් කළෙත් නෑ.
'' ඔයා
මගේ සීනියර් ඇඩ්වයිසර්නෙ" රැකියාවේ, ජීවිතයේ ගැටලු
දුරකථනය හරහා ගෙනෙන සහන් මගෙන් උපදෙස් අහන්නෙ එහෙම කියමින්. අපි හැමදාමත් යාළුවො
විතරයි. ඉන් එහාට දෙයක් නැති බව තේරුම් ගත්තත් ආයෙම මිත්‍ර බන්ධනයකින් ළං වෙන්නත්
බැරිකමක් දැනෙමින් තිබුණා. හිතේ සැනසුම රැක ගැනීමේ හොදම මග ලෙස මා තෝරා ගත්තේ නිහඬවම
දුරස් වීමයි.
ඒ නිහඬතාවයටත් වසර දෙකක් ගෙවිල තියෙද්දී පහුගිය බක් මාසයේ නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබුණා. හඳුනා ගත නොහැකිව මං විපිළිසර වෙද්දි දුරකථනය එහා කොණින් මහ සද්‍දෙට හිනාවක් පැන නැගුණා.
'' මගෙ අම්මේ
හිනාව නං පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ..'' මං කිව්වෙ හිනාවත් එක්කම නාඳුනන අංකය හඳුනා ගනිමින්.
‘‘ කොහෙන්ද ආයෙම
මගේ නම්බර් එක හොයා ගත්‍තෙ?” මං ඇහුවා.
‘‘හොය
ගන්න නැති වෙලා තිබුණෙ නෑනෙ. ” ඔහු කිව්වා.
ඇයි මෙහෙම
කතා කරන්නෙ අහන්න හිතුණත් මං ඇහුවෙ නැහැ. හදවතේ වැහුණු දොරගුළු ආයෙම නොඇරෙන බවට මට
විශ්වාසයි.
ඉතින්
අන්න ඒ සහන් තමයි රෑ නවයට ‘‘රෑ මාතා” කියවමින් ඉද්දි නැවතත් කතා කළේ.
‘‘හෙලෝ සර් කොහොමද? ”
‘‘හෙල්
ලෝ.......ව් මැඩම් වරදක් නෑ. කොහෙද ඉන්නෙ?”
‘‘ගෙදර..”
‘‘කොයි
ගෙදරද?”
‘‘මගේ ගෙදර...”
‘‘තනියම!!!...........????????”
‘‘නැතුව”
‘‘ගෑණියෙකුට
පුළුවන්ද තනියම ගෙදරක ඉන්න?” තුන් වතාවකට
වඩා ඔය අදහසම නැවත නැවත... යවුල් අනින්න වගේ මගේ කණට.
‘‘ ගෑණියෙකුට
බැරිව ඇති... ඒත් මට පුළුවන්...” මං සන්සුන්ව කිව්වා. වෙනදට අම්ම එන බවත් අද අම්ම අසනීපෙන්
බවත් කියන්න ගියෙ
නැහැ. තාම කරන්ට් එක අරගෙනත් නැහැ. කාමරේ දොර විතරයි තියෙන්නෙ කිව්‍වොත් මේ
මනුස්සය මොනවා හිතාවිද? හිත යටින්
හිනාවකුත් මතු වුණා. ආගිය තොරතුරු කතාබහෙන් පස්‍සෙ
‘‘ඕකේ...
තරූ මං ඔයාට ආයෙම නිවාඩු වෙලාවක කෝල් එකක් දෙන්නං. ” ඔහු කිව්වා.
‘‘කතා නොකලයි
කියල අමනාපයක් නෑ...” මං කිව්වා...
‘‘
ඒ කතාව නං පපුවටම වැදුණා.” දිග හුස්මක්...
‘‘දැන්ද ඔයාගෙ
පපුවට වදින්නෙ. මගෙ නං පපුවට වැදිල වැදිල කැඩිල බිඳිල සුනුවිසුණු වෙලා ගිහින්
ඉවරයි. දැන් මොකුත් දැනෙන්නෙ නැහැ. ”
ඒ වචන නපුරු වැඩියි කියල මං දන්නවා. ඒත් මං හිතින් විඳවපු කාලයත් එක්ක බලද්දි ඒ හැටිම බරපතළ නෑ කියල මං හිත හදා ගත්තා.
තවමත් මට උත්තර
හොයා ගන්න බැරි උණ ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
යුධ විරෝධී මං යුද්ධයක් ඇතුළෙ සොල්දාදුවෙකුට ආදරය කළේ කොහොමද? යුද්ධය නිමා වෙනකල් ඇගිලි ගැන්නෙ කොහොමද?
යුද්ධයෙන් පීඩා විදින මිනිස්සු ගැන තැවෙන අතරම සොල්දාදුවෙකුගෙ ජීවිතය ආරක්ෂා කරල දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලුවෙ කොහොමද?
ඔහු
යටත් සොල්දාදුවන්ට කතා කරන විදිය දුරකථනයෙන් ඇහෙද්දි ඒ වචන අල්ලන් රණ්ඩු උණ මං දෙවන
ලුතිනන් ධූරයේ ඉඳන් මේජර් දක්වා යන ගමන සතුටින් බලා හිටියෙ කොහොමද?
රෑ මාතා පුරාමත් තියෙන්නෙ මේ අවුලම තමයි. රෑ මාතා නිමා වෙන්නෙත් මේ අවුලට විසදුමක් ඉදිරිපත් නොකරමයි.
හිට්ලර්ගෙ
පෙරමුණේ ප්‍රබල යුධ වාර්තාකරුවෙක් වෙන අතරම කැම්බල් කොහොමද ඇමරිකන් රහස් ඔත්තු
සේවයට උදව් කරන්නෙ.????
භයානක යුද්ධයක හවුල් කරුවෙක් වෙමින් ඉන්න අතරම කැම්බල් කොහොමද අනුරාගී ප්‍රේමයක ගැඹුරු පත්ලෙ කෙලි සෙල්ලම් කරන්නෙ???
කැම්බල්ව රුසියාවේ ග්‍රහණයට නතු කර දෙන්න එන රෙසී නෝත් ඔහු නිසා ජීවිතය පූජා කරන තරමට ගැඹුරු ප්‍රේමයක වෙළෙන්නෙ කොහොමද????
දෙබිඩි ස්වභාවය සෑම මනුෂ්‍යයෙකුටම පොදු දෙයක්ද? ඒ දෙබිඩි බව විටක අති දුෂ්කර ව්‍යායාමයක් වෙද්දි තවත් විටක අතිශය සරල සාමාන්‍ය ජීවන සංසිද්ධියක් වෙන්නෙ කොහොමද?
ඒ කතාව මෙතෙකින් නිමි.
Mother Night - Kurt Vonnegut
''රෑ මාතා'' - පරිවර්තනය
ගාමිණී වියන්ගොඩ
සංහිද ප්‍රකාශන
මිල රු. 550.00
ප.ලි.
දයා අයියා ලියල තිබුණා ''අවුරුදු 15 අතිතය එහෙම කෙටියෙන් ලියන්න පුළුවන්ද මතකයෙන් අඩුම තරමින් දින පොතක්වත් පෙරලන්නෙ නැතිව..''
එක දිගට දිනපොත් ලියන පුරුද්දක් තිබුණෙ නෑ මට කවදාවත්.. මේ හැම දිනයක්ම කෙටිල තියෙන්නෙ හදවත් දින පොතේ.
දැන් ඒ අතීතය ඇත්තටම මතක සැමරුමක්ම විතරයි තමයි. විටෙක සුන්දර.. විටෙක දුක්බර...
ගොඩ කලෙකින් ගොඩ වුනත්, කියෙව්වා එක හුස්මට ඔබේ කතා කිහිපය... හරි අපූරුයි තරු.. විඳීම් රැසක් බොහොම අපූරුවට ලියවිලා. හිතේ සැනසුම රැකගැනීමේ හොඳම මග ඔබ ලියූ ලෙසටම නිහඬ වීමම තමයි. බොහෝ වේදනා රැඳි ජීවිතේ ඈත්වෙන්නන් සහ විඳීම් ගැන ලියූ අපූරු කෙටි කතාවක්
ReplyDeleteඅවිවේකී ජීවිතේ මේ පැත්තට ඇවිත් යන්නත් කාලය හොයා ගත්තට ස්තුතියි... අතීතය දුකක් උණත් මෙහෙම ලියල ආයෙම කියවද්දි දැනෙන්නෙ සතුටක්... ඒකත් හරිම පරස්පරයි නේද?
Deleteසමහර වෙලාවට තමන් පුද්ගලිකව ලද අත්දැකිමක් ඒ ආකාරයෙන්ම කොහේ හරි සඳහන්වෙලා තියෙනව දැක්කම ඒ ඔස්සේ අතීතාවර්ජනය කරන්න අපි කවුරුත් කැමතියි.
ReplyDeleteඊට පස්සෙ ඒක පොදු අත්දැකිමකට හරවන්න ගන්න වෙහෙස අර මුල් අත්දැකිම පිඩාවට පත්කරන්නක්.
මේ කතාවේ අවසානය රෑ මාතා නවකතාවට සම්බන්ධ වෙන ආකාරය දැක්කම මට හිතුනෙත් එහෙමයි
මට මාවම ප්‍රශ්නයක් උණ තැන්වලදි නං... විශේෂයෙන්ම හෘද සාක්ෂියත් එක්ක ගැටෙන වෙලාවට ඒක හරිම පීඩාවක් තමයි...
Deleteහ්ම්ම්ම්ම්ම්.. මොනවා කියන්නද මංදා.
ReplyDeleteපොත නම් කියවලා නෑ.කියවන්න ඕනෙ..
//‘‘දැන්ද ඔයාගෙ පපුවට වදින්නෙ. මගෙ නං පපුවට වැදිල වැදිල කැඩිල බිඳිල සුනුවිසුණු වෙලා ගිහින් ඉවරයි. දැන් මොකුත් දැනෙන්නෙ නැහැ. ” // අත්දැකීමෙන් ඇත්ත! හිත කැඩිලා බිඳිලා විසිරිලාම ගියාට පස්සෙ, උණ්ඩ වගේ වචන ඔහේ කියල දාන්න ලෙසියි. මොකද පිට කරපු වචන ගැන දෙපාරක් හිතුවත් පපුවට දැනෙනවා අඩුයිනෙ.
කියල දැම්මට පස්සෙ ඇයි මම එහෙම කිව්වෙ කියල හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතින් කිව්ව වචනයක් ආපහු ඇදල ගන්න බැහැනෙ....
Deleteදුකක් දැනුනා...හොඳටම .මගෙ හිතට.තරූ... ඔය සිදුවීම් වැලම,,,, මටත් අමතක නොවෙන සමබන්ධතාවක් මතක් කරල දුන්න නිසා...අහිමි වීම අපි හැමොටම පොදුයි....නමුත් සදාකාලික අහිමිවීමුත් ඒ අතර තියනවා....ඔයාගේම නොවුනත් ඒ රණවිරුවා අද ජීවත් වෙනවා.එක්තරා කාලයක මටත් ආගම හා ඔය රැකියාවම නිසා ආ ප්‍රශ්නය ඔය විදිහටම විසඳුනා..නමුත් ඔහු මට අහිමි උනා....සදාකාලයටම....ඔයාගෙ කතාව බලද්දි...මගෙ හිත අවසානය දක්වාම හරිම නොසන්සුන් උනා......
ReplyDeleteයුද්ධයත් එක්ක බැදුණු මීටත් වඩා කටුක අත්දැකීම් කොයි තරං තියෙනවද? ඒත් බොහෝ දෙනෙකුට ඉක්මණින් එවැනි අත්දැකීම් අමතක වෙලා යනවා...
Deleteරෑ මාතා පොතෙත් ඒ ගැන කියවෙනවා... සමහරුන්ට ඉක්මණින්ම අමතක වෙනවා.. සමහරුන් මතක් කරන්න අකමැතියි...
පමා වෙලා හරි මේකට කොමෙන්ටුවක් දාන්න හිතුණා... අපි මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන්නේ පොදු හැඟීමක් විදිහට, නමුත් එයින් එක්කෙනෙක් තෝරාගෙන ඇති කරගන්නා පෞද්ගලික බැඳීම බලවත් වීම තුල අර පොදු හැඟීමට ප්‍රතිවිරුද්ධ දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. යුද්ධය සම්බන්ධ බොහෝ චිත්‍රපට වල මිනිස් සිතේ මේ ස්වභාවය පෙන්නනවා.
ReplyDeleteමුලින් මිතුරු කමකින් ඇරඹෙන මේ වගේ ප්‍රේම සම්බන්ධ බොහෝ විට යන්නේ මේ වගේ මගක තමයි. සමහර විට මුලින්ම ඇති නොවුනු ඒ ප්‍රේමණීය අකර්ෂණය පස්සේ ඇති කරගන්න අමාරු ඇති. නව කතාවකටත් සුදුසුයි කීමෙන් තරූගෙ සංවේදී ඇත්දැකීම මම ලඝුකර සැලකුවා යැයි නොහිතාවි කියලා බලාපොරොත්තු වෙනවා.
මගේ ලියවිලි උණත් ඔයාලගෙ ඇස්වලිනුත් ආපහු දකින එක සතුටක්... අතීත කතා, වර්තමාන කතා, අනාගතේ වේවි යැයි හිතන කතා ඔක්කොම එක්කාසු කළාම සුනේත්‍රාගේ ප්‍රේම පුරාණය වගේ අමුතු තාලෙ නවකතාවක් ලියන්න පුළුවන් වේවි....
Delete//ඒ කතාව මෙතෙකින් නිමි.//
ReplyDeleteඅවුරුදු ගානක කතාවක් ඔහොම නිමි වෙයිද ? මටනම් පිළිගන්න බැහැ
ඒක ඇත්ත... නිමා නොවන බවට හොදම සාක්ෂියක්නේ මේ ලිපියම උණත්.....
Delete