මං උන්නෙ රෑ නමයට රෑ මාතා කියවමින්. ළා දළු මල් ඉහිණු
මදුරු දැල ඇතුළෙ බොහොම සුවපහස් විදිහට. යහන්තලා වෙන්න කළින් දොර අගුළු වැටිලද
බැලුවා. දොරට යටින් පාපිස්ස හිර කළා. ජනෙල් තිර ඇද්දා පිටත නොපෙනෙන්න. ඇඳ අසලින්ම
බිත්තියේ උන් මකුළුවාව හෙමින් පන්නා දැමුවා.
මං නැති අතර ගෙදර පදිංචි වෙලා ඉන්න ගෙම්බො, කටුස්සා රෑ තිස්සෙ හොල්මන් නොකරන්නෙයි
කියල ප්‍රාර්ථනා කළා. සතියකට සැරයක් එන මං දිහා උන් බලන්නෙ පිටස්තරයෙක් ගාණට. බෝඩිංකාර
ජීවිතෙන් උන් එළවල දාන්න මටත් දුකයි. ජීවිතේ අන් තැනක ගත වෙද්දි දැනෙන සැහැල්ලුව
වගේම හුදකලාවේ බරත් මං හොඳින්ම දන්න නිසා.
සියලුම ආරක්ෂක විධි විධාන තර කරලයි මං යහන් ගත උණේ.
නිදිබරින්ඇස් පියවෙනකල් පොත කියවීමයි අරමුණ. එය ඉතා අපූරු පොතක් එක හුස්මට කියවිය
හැකි.
යුද්ධයක් තිබූ බිමක, ඒ බව වාසියට මිස ලේසියට සිහිපත්
නොවන කාලයක එක්විටම යුධකාමී වන, එවිටම යුධ විරෝධී වන මා ද ඇතුළු තවත් බොහෝ අයට මුණ
ගැසී හෘද සාක්ෂිය හා ගැටිය යුතු පොතක්.
..... මං සොල්දාදුවෙක් නෙවෙයි. ඒ වගේම
දේශපාලඥයකුත් නෙවෙයි. මං ඇවිල්ලා කලාකාරයෙක්. යුද්ධයත් එනවා නං ඒකට මං කිසිම
විදිහකින් උදව් කරන්නේ නැහැ. ඒ යුද්ධය ඇතුළෙත් මං කරන්නේ, මට පුරුදු සාමකාමී මගේ
කලා රක්ෂාවමයි.
මගේ මතය අනුමත නොකරමින් ඔහු හිස සැලුවේය.
‘‘කැම්බල් මහත්තයට මං ඉහළින්ම සුබ ප්‍රාර්ථනා
කරනවා. ඒත් මං එකක් කියන්න ඕනේ. මේ යුද්දෙදි කිසි කෙනෙකුට පුළුවන් වෙන්නෙ නැහැ.
සාමකාමී විදිහකට ජීවිකාව ගෙනියන්න.......
මගේ නෙත හිත නතර වෙලා තිබුණෙ 59 වෙනි පිටුවෙ. එවිටමයි
කුරුළු කිචිබිචිය එක්ක ඉමිහිරි බටනලා වාදනය ඇසෙන්නට ගත්තෙ ඇමතුමක සංඥා එළි
දල්වමින්. මං කර පොවල බැලුවෙ පොතෙන් නෙත ගන්න අකමැත්තෙන්...
......... සහන්..........
තාමත් හිත තිගැස්සෙනව යාංතමට.. තාමත් ඒ නම දැකුම සියුම්
මිහිරක් ගෙන දෙනවා නෙතට.. ‘‘මිත්‍ර බන්ධනය පවා ලෙහිලා හිත නිදහස් වෙලා තියෙද්ත්
හිතේ හීනියට මලක් පිපෙන්නෙ කොහොමද? ” මගේ හිත මගෙන්ම අහනවා...
සහන් කව්ද? මගේ ළඟින්ම ඉන්න බොහෝ දෙනක් දන්නව උණත්
ඔබ බොහෝ දෙනෙක් නොදන්නා නිසා කෙටියෙන්... ඉතාමත් කෙටියෙන් සටහනක් තියන්නං. අවුරුදු
15 ක කතාවක් කෙටියෙන් කියන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි උණත් උත්සාහ කරන්නම්.
1997 නවම් මහේ දවසක් - මම මුල්වරට සහන් හඳුනා ගැනීම
ටාසන් සෙල්ලම කරන්න ගිහින් පිම්ම වැරදිලා මල්ලි කජු
ගහෙන් වැටිල අත කඩා ගත් දවස. අම්ම මල්ලිව අරන් ඉස්පිරිතාලෙ ගියා. අපි උන්නෙ මිදුලට
වෙලා අඬ අඬා... ඒ මොහොතෙදියි ලියුම් මාමා ආවෙ. ටිලිං ටිලිං ගෑවෙ. ලියුම මගෙ අතේ
තිබ්බෙ. මගේ නොවන මගේ වගේ නමක් එක්ක, අපේ ගම නොවන අපේ ගම වගේ ගමක් එක්ක සහන්ගෙ
කුරුමිණි අඬු අකුරු මාවම හොයන් ආව එක පුදුමයක්. දෛවයට එඩ්‍රස් නැහැ වගේම දෛවයට එඩ්‍රස්
අදාළත් නැහැ.
1996 උඳුවප් මහේ සෙනසුරාදාවක් - සහන් මාව හඳුනා ගැනීම
පුංචිම කාලෙ ඉඳන් මට කවි පිස්සුව. උසස් පෙළ පන්තියේ සිටි
ඒ දවස්වල සිටි එෆ් එම් සේවයෙ සෙනසුරාදා උදේ අටට යනවා ‘‘සෙලාන් ගී සාදය” . කවි
ගුවනට මුසු කරන වැඩසටහනක්. මං මුල්ම වතාවට සෙලාන් ගී සාදයට යැවූ කවිය ඉහත දිනයේ ප්‍රචාරය
වෙලා තිබුණා.
මගේ නොවන මගේ ලිපිනය සහන්ට හමු වෙලා තියෙන්නෙ අන්න එදා. මේ ඉරණම්
කතාවෙ කොණක කමල් දේශප්‍රිය ඉන්නෙත් අන්න ඒ නිසා. ඔහු තමයි එදා මගේ කවිය එක්ක
ලිපිනයත් කියවල තියෙන්නෙ. ලිපිනය නොකීවා නම් මේ කතාව නැහැ. මීට වඩා ගොඩක් වෙනස් කතාවක්
තියේවි. ඒ කතාව මීට වඩා හොඳ වේවි ද? නරක වේවි ද? කාට ද කියන්න පුළුවන්.
1997 - 2004 දක්වා පෑනෙ මිතුරු අවධිය
පෑනෙ මිතුරු අවධියේ මුල් යුගය අප්‍රමාණ ලියුම් සංඛ්‍යාවක්
තැපෑල හරහා හුවමාරු වෙන්න ඇති. මේ අතර තුර කාලයේ නිහඬව ගෙවී ගිය මාස ගණන් තිබුණා.
ඒ හැම වතාවකම මුලින්ම මුනිවත බිඳුණෙ ඔහුගෙන්. ( අදටත් ඒක එහෙමමයි. අමතක කරල ඉන්න
තැනට වැඩ සිද්ධ කරල ඉන්පස්සෙ ආයෙම කාලෙකින් මතකය අවුස්සන්නෙ එයාම තමයි. )
නෑ සනුහරේම ආදරේ එක්ක දිගට ඇදුණු මගේ නම, ලියන්න වෙන හැම
අවස්ථාවකම එක රූලක් මදි වුණ මගේ නම මුල් වරට ළෙංගතු කෙටි ආමන්ත්‍රණයක් කළේ ඔහු යි.
මං ජීවිතේ පළමු වතාවට ‘‘තරූ” කියල බෞතිස්ම
වුණේ සහන්ගේ ලිපියක.
‘‘ඔබ මට තරුවකි.. ගණඳුරු රැයකදි..” ලියා එව්වෙත් ඒ මුල්
කාලෙමයි.
‘‘මුළු ලොවම නැති උණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්” කියා
ලියා එව්වෙත් ඒ මුල් කාලෙමයි.
කවියක් නිසා දැන හඳුනා ගත්තත් ඔහු කවියෙක් නොවේ. නිතරම
ලියා එව්වෙ සින්දු කෑලි. පපුවේ සියුම් නහරවල ඇමිණිලා තිගැස්මක් ඇති කරන්න පුළුවන්
සින්දු කෑලි හොයා ගැනීමේ අපූරු හැකියාවක් නං තිබුණා.
හැම උපන්දිනයකටම රතු රෝස මලක්, සත්සර මිහිරක් කැටිවුණ සුබ
පැතුමකුත් මං හොයාන ආවා. නොදැණුනා වගේ මං හිටියෙ සහන් සහනයක්ව රැදේවි කියන
විශ්වාසය නොතිබුණු නිසා. හිතුවක්කාර සෙල්ලම් ගතියක් මට ඒ අකුරු අතර දැණුනෙ. අනික ඒ
කාලෙ ගාල්ල මට දැණුනෙ විශ්වයේ අනික් කෙළවර තරම් දුරක තියෙන තැනක් විදියට.
ඒ විතරක් නෙවෙයි මගෙ හිත තිබුණෙ වෙන කෙනෙක් ළග. ඒ හිත මට
හමුවුණෙත් අර කවිය හරහාම තමයි.
ඒ කතාවයි මේ කතාවයි දෙකම ගලාගෙන ගියේ සමාන්තරව. නමුත් ඒ කතාව අතරමග නැවතුණේ පෙළපත් දුන්නෙන්
මිදුණු විස ඊයක් ඇමිණිලා හිතේ ගැඹුරු තුවාලෙකුත් හදල.. හදවත සුවපත් වෙලා තිබුණත් අදටත්
ඉඳහිට සිහි වෙද්දි කැක්කුම් දෙන.
මේ කතාව දිගටම ගලාගෙන ගියේ ඇත්තටම ඒ මං හින්ද නං නෙවෙයි.
අදටත් නැවතුම් තිතක් තියන්න නොහැකි, නමක් දෙන්නත් නොහැකි බන්ධනයක් තියෙන්නෙ අවුරුදු
ගණනක ගල් ගැහුනු නිහඬතාවයක් උණත් ආයෙම කතා කරවන්න ක්‍රමවේදයක් ඔහු විසින්ම සොයා
ගන්නා නිසා.
2004 බක් මහේ මුල්ම හමුවීම
2000 අවුරුද්දෙ හමුදාවට බැදුණු සහන් ඒ වෙද්දි ලුතිනන්
ධුරයේ. මං ඒ වෙද්දි සමාජ සේවා ආයතනයක වැඩ. බක් මාසෙ පවත්වන සමුළුවකට අපි බරටම
සූදානම් වෙමින් හිටියෙ. අවුරුදු නිවාඩුවට ගමේ යන අතර සහන් මුල් වරට ආවෙ මා වැඩ කළ ආයතනයට.
කාලවර්ණ උස් දේහය ළග මට දැණුනෙ මං අගුටුමිට්ටෙක් වගේ. ඒත් ඇස් හීනි වෙලා මැවෙන
ලස්සන හිනාව සිත් ගත් බව නොකීම අසාධාරණයක්.. එදා දවසම ඔහු අපි එක්ක. අපේ දුප්පත්
කෑම වේලටත් සහභාගි උණේ කිසිම පැකිලීමකින් තොරව.
‘‘ ෂෝක් කොල්ලෙක්නෙ. ඇයි තමුසෙ ඒ කොල්ලට අකමැති.” සහන්
ගියාම යාළුවො මට කෑ ගැහුවා. විහිළු කළා.
ඉන්පස්සෙ මාස දෙක තුනක නිහඬතාවක්.
‘‘ ඔයා හරිම හොඳයි..
මිනිස්සු වෙනුවෙන් ඔයා කරන දේවල් මට නං හිතන්නවත් බෑ...”
ලියද්දි එහෙම උණාට සමාජ
වැඩක් උණත් කොල්ලො කෙල්ලො වට කරගෙන නිතරම ඉන්න වෙන හැටි දෑහින්ම දැක්කම හිත
කැළඹෙන්න ඇති. බෝඩිමක ඉඳගෙන, රට වටේ යමින් මං අත්විඳින අසීමිත නිදහස හිතට බරක්
වෙන්න ඇති.
මං ඒ නිහඬතාවය කියව ගත්තෙ එහෙමයි. ඒ කියවීමෙන් හිතේ සීරීමක්වත් ඇති වුණේ නැහැ. විශ්වාසය, තේරුම් ගැනීම නැති මිත්‍ර බන්ධනයක්වත් ඵලක් නැහැ කියලයි මට හිතුණෙ.
මං ඒ නිහඬතාවය කියව ගත්තෙ එහෙමයි. ඒ කියවීමෙන් හිතේ සීරීමක්වත් ඇති වුණේ නැහැ. විශ්වාසය, තේරුම් ගැනීම නැති මිත්‍ර බන්ධනයක්වත් ඵලක් නැහැ කියලයි මට හිතුණෙ.
( තාම ඉවර නෑ.... මං ඒකනෙ කිව්වෙ අවුරුදු 15 ක කතාවක්
කෙටි කරන එක ලේසි නැහැ කියල... )
එක අතකට ඒක ප්‍රේමණීය කතාවක් නොවුනු එකත් හොඳයි. :)
ReplyDeleteහ්ම්... හ්ම්...
Deleteබැඳී නොබැඳි ඇලී - නොඇලි
ReplyDeleteමෙය ප්‍රේමයද නොදනිම් ....නේ තරු
බැඳී නොබැඳි ඇලී - නොඇලි
Deleteමෙය ප්‍රේමයද නොදනිම්
................ඇත්තමයි...............
?????????
ReplyDeleteකියන්නෙ මොනාද කියල හිතා ගන්න බෑ තරැ අක්කෙ. හෙට හම්බුනහම කථා කරමුකො.
කියවා රස විදීමට පමණක් බව කරුණාවෙන් සලකන්න...
Deleteනිහඬතාවය වැඩිපුර කියවන්න යන්න එපා... ගොඩක් වෙලාවට නිහඬතාවය තුල අපි කියවන්නෙ අපිවමයි. දැන් මම මේ නිහඬතාවය කියෙව්වා නම් කියවන්නෙ මෙහෙමයි.. "තමන්ගෙ රැකියාවත් එක්ක බැඳුනු ජීවන රටාව තුල මේ වගේ සමාජ සේවයට ලැදි කෙල්ලෙක්ව කොටු කරන එක අසාධාරණ බව එයාට දැනෙන්න ඇති... මිතුරුකරට එහා ගිය සම්බන්ධයක්, ඔයාගේ නිදහසට, ඒ නිදහස තුල ඔයා කරන සමාජ සේවා වැඩ වලට, බාධාවක් වෙන බව එයා දකින්න ඇති"... :)
ReplyDeleteරෑ මාතා පොත කියෙව්වෙ කාලෙකට කලින්... ඒත් මතකේ රැඳුනු දෙයක් තියනවා මෙන්න මේ වගේ... "... වමනය ගොඩක් පාගාගෙන යෑමට ඇති අකමැත්ත නිසා, අත්අඩංගුවට පත්වීමි.." ඔන්න ඔය වගේ වාක්‍යයක් තියනවා...
මගේ කියවීම වැරදියි වෙන්න ඇති තිසර... ආත්මාර්ථකාමීයි... කවදාවත් කාටවත් කාවවත්ම හරියටම කියවා ගන්න පුළුවන් වේවි ද?
Delete"... වමනය ගොඩක් පාගාගෙන යෑමට ඇති අකමැත්ත නිසා, අත්අඩංගුවට පත්වීමි.."
ඔව් මෙහෙම කොටසක් තියෙනවා තමයි.. ඇත්තටම මේ වාක්‍යය හරිම සංකේතාත්මකයි. මේ වමනය ගොඩ කැම්බල්ගෙ වරදකාරී හෘදය සාක්ෂිය වෙන්නත් පුළුවන් නේද? හිත පෙළන අතීත ස්මරණයන් වෙන්නත් පුළුවන් නේද?
ඔව්.. දැන් තරූ කිව්වහම තමයි මම ඒ විදිහට හිතුවේ... වමනය ගොඩක් කියන්නේ තමන් ආසාවෙන් රස කර කර කාපු දේවල් දිරවගන්න බැරුව ආපසු ආවහමනේ. සමහර විට ඒකෙන් දක්වන්න ඇත්තේ ඔහු හරිය කියලා හිතාගෙන කරපු දේවල් වල ප්‍රතිපලය ඒ වගේ අප්‍රිය සහගත දෙයක් කියලා ඔහු වටහා ගත්ත බව දක්වන්න වෙන්න ඇති.
Deleteනිහඬබව කියවීම වැරදියි කියන එක නෙමෙයි.. හැබැයි ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් කියන එක තමයි මම කිව්වේ... මම කියපු එකත්, මගේ පැත්තෙන් ආත්මාර්ථකාමී කියවීමක් තමයි :)
බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනේ මන්දා, හිතට දුකක් දැනෙනවා.
ReplyDeleteබලමුකෝ....
Deleteවචනවලට හසු නොවෙන දේවල් පෙළ ගස්වා ඇති හැටි අපූරු යි. වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්න.http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteඑන්නම් දිලිනි.... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...
Deleteමේ ලිවිල්ල එක එල්ලේ හිතට දැනෙනවා, :) ම්ම්ම්ම්ම්ම්ම්... කියවන්න ආස හිතෙනවා..
ReplyDelete//‘මිත්‍ර බන්ධනය පවා ලෙහිලා හිත නිදහස් වෙලා තියෙද්ත් හිතේ හීනියට මලක් පිපෙන්නෙ කොහොමද? ”// එහෙම මල් පිපෙනවා තමා අක්කෙ. අත්දැකීමෙන් කියන්නෙ ;)
හම්.. හ්ම්.. ඒකත් එහෙමද?
Deleteතේරුම් ගැනිම සහ නියම වටහා ගැනිම තමයි ඒ.
ReplyDeleteඅවුරුදු 15 අතිතය එහෙම කෙටියෙන් ලියන්න පුළුවන්ද මතකයෙන් අඩුම තරමින් දින පොතක්වත් පෙරලන්නෙ නැතිව..
ජීවිතයත් හරියට අමකව යන මතකයන් අතරේ සමරු සටහනක් වගේ..
කතාව ඉවරද... සිතුවිලි වලට තාවකාලික විරාමයක්ද
මේ හැම දෙයක්ම ලියවිලා තියෙන්නෙ හදවත් දින පොතේ තමයි අයියේ...
Deleteඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...anthimata mehema liyala thibuna nisa nikanma kiyawala yanna hithune na tharu ahasa.godak duka hithena kathawak wage thawama ithiri tika baluwe na.
ReplyDelete