පිටු

Wednesday, June 26, 2013

පෙර පිනක්දෝ මේ....!



මම හිතන්නෙ මම හරිම වාසනාවන්තියක් කියලයි... මගේ දහමට අනුව නම් දෙවියන්ගේ නොමද ආසිරි ලබන්න තරම් මම වාසනාවන්ත වෙලා... බුදු දහමට අනුව නම් මම ගොඩක් පෙර පින් කරල ඇති පොත පත දන්දීමෙන්.. ධර්ම දානයෙන්... මං අහල තියෙනවා උතුම්ම දානය ධර්ම දානය කියල.. පොතක් කියවන්න දීමත් ධර්ම දානයේම එක් පැතිකඩක් විදියට ගන්න බැරිද?

මට නිතරම මං ආස කරන පොත් ලැබෙනවා කියවන්න නොමිලයේම. එයම කොයි තරම් වාසනාවක්ද?  ආස කරන හැම පොතක්ම සල්ලිවලට ගැනීම හීනයක් වෙද්දි... කෙහෙන් හරි පොත් ලැබීම !!!!!! 

සමහර පොත් ලැබීම් හිතාගන්නත් බැරි විදියේ ඓශ්චර්යයන්...

අපේ ෆාද මල්ලි වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට විදෙස් ගත වෙන නිසා එයාගෙ විශාල පොත් බෑග් තුනක්ම ගෙදර ගෙනත් දැම්මා.. කවි පොත්, පරිවර්තන, ආගමික පොත්, විවිධ විෂයන්ට අයිති පොත්... මට නිධානයක් ලැබුණ වගේ... තවම ඒ නිධානයේ කිමිදෙන්න වෙලාව හොයා ගන්න බැරි උණා...

අදත් ලැබුණා පොත් දෙකක්.........මං වගේම පොත් පිස්සියෙකුගෙන්,  ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ මිහායිල් බුල්ගාකොව්ගෙ‘‘බල්ලෙකුගේ හදවත ..............

සාහිත්‍යයට හිතැති දයාබර සොයුරෙකුගෙන් “තාත්තයි මමයි “ රෝල් ඩාල් ගෙ ඩැනී.. පරිවර්තනය අනුර කේ එදිරිසූරිය...

තාත්තෙකුගෙයි පුතෙකුගෙයි ආදරණීය ජීවන අන්දරයක්.. 

ඉතාමත් සුන්දර පොතක්. මේ වෙද්දි ‘‘තාත්තයි මමයි ‘‘ කියවමින් ඉන්නෙ... විශේෂයෙන් හැම තාත්ත කෙනෙක්ම මේ පොත කියනවනම් හොදයි කියල හිතෙනවා.. එතකොට තාත්තල  ටිකක් නැවතිල්ලෙ හිතල බලාවි මගේ දරුවො මං ගැන මොනාද හිතන්නෙ කියල... ලෝකෙ ඉන්න හොදම තාත්ත වෙන්න මට මොනවද කරන්න පුළුවන් කියලත් තාත්තල හිතන්න ගනීවි....

‘‘ මගේ තාත්තා දෙනෙතින් සිනාසෙන්නෙකු වීම ගැන එකල මම උද්දාමයට පත් වූයෙමි. තාත්තා සිනාසුණේ දෙනෙතින් නිසා ඔහු මා සමග මූනිච්චාවට සිනා නැගුවේ නැත. හදවත සිනාසෙන්නේ නැති විට ඇස්වලින් සිනාසෙන්නට කිසිවකුට හැකියාවක් නැත. 

මුවින් සිනාසීම මීට වෙනස්ය. කැමති ඕනෑම විටක දෙතොල් පළල් කර මුවට සිනාවක් නගා ගන්නට ඔබට පුළුවන. ඒ නිසා නියම සිනා මුවත් සමග දෙඇසක් සිනාසෙන බව ඔබ මතක තබා ගත යුතුය. ඒ නිසා මම ඔබට කියමි. යමකු ඔබ සමග සිනාසෙන විට ඔබ ඔහුගේ දෙනෙත් දෙස බලන්න. මුව සමග දෙනෙතද සිනාසෙන්නේ නැති නම් එය සිනාවක් නොව මවා පෑමකි....“

තාත්තයි මමයි - 17 පිටුව


23 comments:

  1. රෝල්ඩ් ඩාල්ගේ පොත් නං මම හුඟක් කියවලා තියෙනවා. ඒත් මේ "තාත්ත යි මම යි" කියන පොත නං මම කියවලා නැහැ. උපුටා ගැනීමේ හැටියට නං ලස්සණ පොතක් වගේ. කියවන්න ඕනේ විභාගේ ඉවර වුණා ම! කොහොමත් ඊට පස්සේ පුස්තකාලේ පදිංචියට යන්න යි මගේ අදහස . . .

    ReplyDelete
    Replies
    1. මම එයාගෙ පොතක් ටික දවසකට කළින් බැලුවා... දැන් නම මතක් වෙන්නෙ නැහැනෙ.... ඒකත් ලස්සන පොතක්....

      Delete
  2. හ්ම්.. හ්ම්.. කතාව ඇත්ත තමා. හැබැයි ඉතින් පොත් ඉල්ලන් යන අය ආපහු දෙන්නැති උනාමනම් හරිම දුකයි. මගෙ පොලියානටයි අමුතු ඉස්කොලෙටයි වෙච්ච කෙරිච්ච දෙයක් නෑ.(සෙන්කොට්ටන් ආපහු දෙනව හරිද)

    මේ සටහන කියවන් යද්දි මට මතක් උනේ ඔයා දේශන වලදි කතා කරන විදිහ. ඒ භාෂා ශයිලියයි මේ සටහනේ භාෂා ශයිලියයි දෙකම එකම වගේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මගෙත් නැති වුණ පොත් නම් එමටයි... ඒව ගැන හිතන්නෙ නැහැ... දැන් පුළුවන් තරම් පොත් පරිස්සම් කර ගන්න උපක්‍රම පාවිච්චි කරනවා...

      පොත් දෙන්නෙ නම ලියාගෙන. අනික එක සැරේකට එක පොතයි... ඒක ගෙනත් දුන්නමයි තව පොතක් දෙන්නෙ.... පොත් පරිස්සම් කරන්නෙ නැති අයට අකමැත්තෙන් උනත් නොදී ඉන්නවා...

      ළමයි එක්ක වැඩ කරන්නත් පොත්වලින් ලැබුණු දැනුම ගොඩක් උදව් වෙනවා... ඒකනෙ මං නිතරම කියන්නෙ ඔයාලට පොත් කියවන්න කියල...

      Delete
  3. අපේ පුස්තකාලේ ඔක්කොම අහවරයි.... පැත්තේ ලොකුම එක උනාට පොත් සීමිතයි.. කාවෝ කකා පරණ පත්තරනම් ගොඩයි. ;) :p දැන් පැත්තෙවත් යන්නේ නෑ :D අනික ගෙදරිනුත් අමතර පොත් කියවද්දී බර බරේ :/

    "තාත්තයි මමයි" පොතත් හොයාගෙන කියවන්න ඕනේ. තව කල් තියෙනවනේ ;)

    ReplyDelete
    Replies
    1. "තාත්තයි මමයි" වැඩිහිටියන්ටත් රස විදින්න පුළුවන් ලස්සන ළමා කතාවක්...

      Delete
  4. ඇස් තමා මිනිස්සුන්ගේ හදවත පේන කැඩපත. ඉතින් අර ඇස්වලින් වෙන හිනාවෙන් ඇත්ත මනුස්සයා දකින්ට පුලුවන් කියන එක මාත් විශ්වාස කරනවා...:D

    ඔය කියන පොත නම් බලලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇස් කියවන්න පුළුවන් සමහරුන්ගෙ.. හැමෝගෙම නෙවෙයි... මමත් දැකල තියෙනව ඇස් හිනාවෙනවා....

      Delete
  5. ඒක නම් සෑහෙන ලොකු පිනක් තමයි.... අපේ ගෙදර පොත් කියවන්නේ තාත්තයි මමයි විතරයි. ඒ නිස තාත්තා ගන්න පොත් සමහර වෙලාවට මම අරගෙන එනවා... මට එවන්න තාත්තා ගන්න පොත්, එවන්න කලින් තාත්තා කියවනවා.

    පොතපත කියවන පිරිස වැඩිවෙලා කියලා පහුගිය කාලේ නිතරම අහන්නට ලැබුණා, සාහිත්‍ය මාසය, පොත් ප්‍රදර්ශනය වගේ දේවල් එක්ක. ඒත් ඒක ගුණාත්මක වැඩිවීමක්ද කියලා සැකයි. "මම ඒ පොත කියෙව්වා" යන තැනින් එහාට ගිහින් පොතක අන්තර්ගතය ගැන කතාබහ කරන්න, ඒ ගැන සංවාද කරන්න පුළුවන් පොත් කියවන මිතුරන් ඉන්නේ ඉතාම අඩුවෙන්.

    තරූ කියවන පොත්පත් ගැන අපිව දැනුවත් කරන එක, විශේෂයෙන්ම පොතේ අන්තර්ගතයට අදාල සටහනක් සමගින් අපව දැනුවත් කරන එක බොහොම අගේ ඇති වැඩක්. ඒ පිනෙන් තව තවත් පොත පත කියවන්න ලැබේවි.... :)

    ReplyDelete
    Replies
    1. ‍එසේම වේවා.... එසේම වේවා..

      ඇත්තටම මට සතුටුයි, මම ගොඩක් අයව පොතපතට ළං කරල තියෙනවා... අනික ලේඛකයන්ව දිරිමත් කරන එකත් හොද දෙයක් කියල මං හිතනවා...

      මගේ පොත් හුවමාරු කරගෙන කියවන ගොඩක් දෙනෙක් ඉන්නවා.. ඒත් පොත් එකතුවක් තිබුණත් ගෙදර අයගෙන් නම් පොත් කියවන්නෙ ලොකු නංගි විතරයි.... ඒක නම් දුකට කාරණයක්...

      Delete
  6. Roald Dahl?
    පොඩි ළමයින් ගේ පොත් නේද ඒවා?

    ReplyDelete
    Replies
    1. ළමා කතාවක් තමයි... මං වැඩිපුර ගැවසෙන්නෙ ළමයි එක්ක නිසා වැඩිපුර ළමා පොත් කියවනවා... ඒ නැතත් මං තාමත් ආසයි පුංචි කාලෙ කියවපු කඩමාලි, රතුකැටය, සමන්මලී, තිලකසිරි... වගේ පොත් උණත් ආයෙම කියවන්න...

      Delete
  7. ඇස් කතාකරනවා කියන්නේ නිකංද...? ඕක පුරුෂාධිපත්‍යයේ ගොන් ලක්ෂනයක් කියලා මම නම් හිතන්නේ. අපේ තාත්තා නම් අපිට යාළුවෙක්. මම එතනිනුත් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ කියවෙන්නෙත් යාළුවෙක් වගේ තාත්ත කෙනෙක් ගැන තමයි...

      එතනිනුත් ඉස්සරහට යන්න අයියට හැකි වේවි...

      Delete
  8. බලමු මේ පොත් කීපයත් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. අනුර කේ එදිරිසූරිය ඔයාලත් එක්ක නේද වැඩ කරන්‍නෙ.

      අනුර සොයුරාගෙ අගනා පරිවර්තන කිහිපයක්ම බලන්න ලැබුණා මෑත කාලෙ. අප්පච්චිගෙ පුංචි කාලෙ, ඉසිරි විසිරි දේ, මේ අවිය බර වැඩියි.... මට හිතෙනවා වැඩි කතා බහකට ලක් නොවුණට ඔහු හොද පරිවර්තකයෙක්... ළමයින් ගැන තියෙන අවධානය, ආදරය, කාලීන සමාජ ප්‍රශ්න ගැන අවබෝධය.... ඒ වගේම විදෙස් පොතක් අපේ කමට අපේ බසට හරවන්නට තියෙන දක්ෂතාව මම කියවපු ‍පරිවර්තන කිහිපයෙන් පැහැදිලි වෙනවා....

      Delete
  9. පොත් ලැබෙන එක පිනක් කියල හිතෙන එකත් ඇත්තටම පිනක් නේ...ඔය හිනාව ගැන කියල තියන ටික කියෙව්වහම ම මට පොත කියවන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. ළමයින්ගෙ හිත් කියවන්න මග පෙන්වන ලස්සන කතාවක්...

      Delete
  10. ඔයාට වගේමයි මටත් ඔය පොත් පින.... විටින් විට මතු වෙනවා..මේ දවස්වල මම සෙනසුරාදට පුතාව පන්තියට දාලා යනවා ගම්පහ මින්සර පොත් මැදුරට, එතන පොඩි කියවීම් කාමරයකුත් තියෙනවා.. පන්තිය ඇරෙනකම් ඉතින් කියවනවා. ඔතනින් මම සෙන්කොට්ටන් පොත කියෙව්වා දවස් දෙකට... පොත් වල ගණන් හැටියට නැත්නම් කොහොමෙයි මේ උණ හොඳ කර ගන්නේ...
    ඔයාගේ පොත් පිස්සුව ගැන මම කලින් ඉඳම්ම කියවලා තියෙනවා.... ගොඩක් අත්දැකීම් මට සමානයි... හැබැයි අදමයි මට කමෙන්ට් කරන්න වෙලාවක් ලැබුනේ....(අනික කියවන්න ඇති ආසාව ලියන්න නැහැනේ,...) තව හොඳ පොත් තිබුනොත් ඒ ගැනත් දාන්න.....

    ReplyDelete
    Replies
    1. මුල්ම වතාවට මට ලිව්ව උණත් කාලෙක ඉදල දන්න යාළුවෙක් වගේ දැනෙනවා...

      මගේ අක්ක කෙනෙකුත් පුතාව අරන් එනවා සෙනසුරාදට ගම්පහ පන්තියකට... ‍දෙන්න අදුන ගත්ත නම් මට පුළුවන් සතියකට පොත ගානෙ එවන්න ඔයාට කියවන්න....

      නරක නැහැ නේද අදහස?

      Delete
  11. නොකියවූ පොත් තොගයක්ම මේසෙ උඩ. යන එන ගමන් කියවන්න තවත් දෙකතුනක් බෑග් එකේ ඒ මදිවට අඟහරුවාදා දවල් මහ වැස්සට බේරෙන්න මරදානෙ දයාවංශ ජයකොඩි එකට ගොඩ වුණා.එයින් පිට වුනේ තවත් පොත් මල්ලක් එල්ලගෙන.
    ඒත් කවුරුහරි පොතක් දෙනවනම් ඒතරම් වටිනාකමක් ඇති දෙයක් තවත් නෑ.

    ReplyDelete
  12. කියවන්න වටින පොතක් වගේ.. බලමු හොයා ගන්න උත්සාහයක් දීලා..

    ReplyDelete
  13. අක්කා පොත් තෑගි කරනවා. ඉතිං අක්කට තව තව පොත් වැඩි වැඩියෙන් ලැබෙනවා.
    මම හුගක් වෙලාවට ආස ඕනම කෙනෙක්ගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න. එතකොට දැන ගන්න පුළුවන් එයා කියන දේවල් බොරුද ඇත්තද කියලා.
    අක්කා බලන්න ආපු දවසට ම‍ට පුළුවන්නේද ඔය පොත කියවන්න?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...