මොහාන් රාජ්
මඩවලගේ ''මාගම් සෝලිය'' නවකතාව ගැන මහවැලි කේන්ද්‍රයේ පැවති කතාබහට යද්දි මම පොත
කියවල තිබුණෙ නැහැ. පොතේ නමට, කවරයේ ආකර්ශණීයබවට පොත ගැන ලෝබකමක් දැනිල තිබුණා.
එදා අහන්න ලැබුණෙ දීප්ති කුමාර ගුණරත්නගෙ කතාවත්, විවෘත සංවාදයත් විතරයි. අහම්බයකින්
පොත අතට ලැබුණෙ මෑතකදි.
මට හිතෙන්නෙ
''මාගම් සෝලිය'' නවකතාවෙ හැම චරිතයක්ම, හැම සිද්ධියක්ම සංකේතාත්මකයි කියලයි. අභව්‍යයි,
මායාකාරීයි කියල හිතෙන අවස්ථාවලදි උණත් ඒ ඇතුළෙ තියෙනවා මිනිස් සන්තානය ගැන,
ජීවිතය ගැන, සමාජය ගැන අර්ථයක්...යම් සත්‍යතාවයක්... දැක්මක්... මගේ කියවීමට විටක
හසු වෙන... විටෙක සැඟවෙන... සිද්ධිදාමය
අතීතයට අයිති උණාට මේ යටි පෙළ අර්ථය වර්තමානය නියෝජනය කරනවා. වර්තමානය විග්‍රහ කර
ගන්නත් උදව් දෙනවා.. ඒ වගේම අනාගතය ගැන ඉඟි කරනවා. මෙය කතුවරයා උවමනාවෙන්ම කරන දෙයක් බව පැහැදිලි වන
ඉගියක් කතාව ඇරඹෙන්නට පෙරම අපට හමු වෙනවා.
''කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා
විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. ''
කල්පනා ලෝකය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ඉංග්‍රීසීන් මුළුමනින්ම ලක් රජයේ පාලන බලය ලබා ගැනීම, ඌව
වෙල්ලස්ස කැරැල්ල ඇති වීම මීට සමාන්තර කාලයේ ඌවේ සැගවුනු කුඩා ගම්මානයක කතා
පුවතකුයි මෙයින් දිග හැරෙන්නෙ. ප්‍රබල දේශපාලන කුණාටුවකදී අතීතයේ දවසක කාගේවත්
අවධානයට ලක් නොවුනු ඉතා කුඩා ගමක සිදු වුණු කලබගෑනි දකිද්දි අද මුළුමනින්ම
දේශපාලනීකරණය වූ සමාජයක අපි කාටවත්ම මේ දේශපාලන කුණාටුවලට හසු නොවී පවතින්‍නට
හැකියාවක් නොමැති බව යළි යළිත් සිහිපත් වෙනවා...
කතාව විකාසනය වන්නෙ එකම පවුලක් කේන්ද්‍ර කර ගනිමින්. ඒ
පුංචිරාළගේ පවුල. ඒ පවුල ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රතිබිම්බයක්ද? එය එසේ විය හැකි
බවයි මට හැගෙන්නෙ...
පැවිද්ද,
පූජකත්වය තුළ පමණමද අධ්‍යාත්මික සංහිදීමකට යා හැක්කෙ... ඇබිත්ත උන්නාන්සේගේ චරිතය
එය එසේම නොවන බව පෙන්වා දෙනවා. ලොකු හාමුදුරුවන්ගේ භුමිකාව, ධර්මය තුළ මනුෂ්‍යත්වය
තුළ පූර්ණත්වය ලැබූ උත්තමයකු හදුන්වා දෙන අතරම, මිනිස් සමාජයට ඍජුවම බලපාන සමාජ
දේශපාලන කාරණාවලදී සාධාරණ යුක්ති සහගත මැදිහත්වීමකින් තොරව අධ්‍යාත්මික නිද්‍රාවක ඇලි ගැලී සිටිය
නොහැකි බව පල්ලේගම හාමුදුරුවන්ගේ භුමිකාව තුළින් මතු වෙනවා..
මාගම් සෝලිය නවකතාවේ
නිරූපිත ආගමික ආයතනය වන පන්සලද පැවිදි, පූජ්‍ය භුමිකා වන ලොකු හාමුදුරුවෝ, පල්ලේගම
හාමුදුරුවෝ, ඇබිත්ත උන්නාන්සේ, තාපස තුමා යන චරිත හරහාද වර්තමාන ආගමික ආයතන සහ
පුද්ගල චරිත පිළිබදව ගැඹුරු සාකච්ඡාවට යා හැකි බව මට හිතෙනවා.
ඌව වෙල්ලස්ස
සටන යුද්ධය සිහිපත් කරන අතරම, ඉන් පසුව ඇති වන තත්වය පශ්චාත් යුද සමයක කටුකත්වය
මතු කරනවා. මුළු කතාව පුරාම නිද්‍රාවක සිටින පුංචා දැඩි කම්පනයකින් යුතුව අවදි
වෙන්නෙ යටත් විජිත ප්‍රහාරයෙන් පසුව. අනතුරුව පුංචා, එතනාගේ සමාජ කාර්යභාරය අද
එවැනි සුවහසක් තරුණ හදවත්වල අවදි වීමක්, කැපවීමක් ඉල්ලා සිටින බව පැහැදිලියි.
කැරැල්ලෙන්
පසුව අපේක්ෂා භංගත්වය, සාගත වසංගතවලට පවා ගැමියන් මුහුණ දෙනවා. වසූරිය වසංගතයෙන්
මිනිසුන් මිය යන විට ජීවනය දෙන ඔසුව වන්නේ ලොකු හාමුදුරුවන්ගේ ලේ බරණිය.. මේ ලේ
බරණිය සංකේවත් කරන්නේ ධර්මය ද? සමාජවාදය ද? එය ධර්මය විය යුතුයි. වැඩි නැඹුරුවක්
ඇත්තේ ඒ වෙතටයි.
වික්ටෝරියානු
සුචරිතවාදය සමාජ වටිනාකමක් ලෙස ස්ථාපිත වෙන්න කළින් සිංහල සමාජය ඇතුලෙ ලිංගිකත්වය
කොයි තරම් නිදහස්ව පැවතියාද යන්න මතු කිරීමත් කතුවරයාගේ අරමුණක් වූවා ද සැකසහිතයි.
මහවැලි කේන්ද්‍රයේ පැවති කතා බහේදිත් ''මාගම් සෝලිය'' පොතේ ලිංගිකත්වය ගැන කතා බහ
උණා බරට. නමුත් ඒ කතා බහ පොතේ එන රමණ සිදුවීම් රමණීය ලෙස තලු මැරීමට එහා ගිය බවක්
පෙණුනෙ නැහැ. ( ජැක්සන් ඇන්තනීගේ කතාව අහන්නට නොහැකි උණ බවත් සිහිපත් කරමින් )
ලිංගික
සිදුවීම් විස්තර කරන රළු ආක්‍රමණශීලී භාෂා රටාව චමත්කාරයක් ඇති නොකළත් කතුවරයා
ලිංගිකත්වය හරහා අත් දකින්නට ඇරයුම් කරන ''දිව්‍යමය ආදරය'' චමත්කාරජනක හැගීමක් ඇති
කරන බව නම් කිව යුතුයි. එය මේ මහ පොළව මත යථාර්ථයක් වීම සිහිනයක් වුවත්... නමුත් හුදු
ලිංගික කාරණාවකට වඩා ගැඹුරු අත්දැකීමක් ගැන ඉගි කළත් කෘතිය තුළ ඒ ගැඹුර මතු නොවී
ඉස්මතු වන්නෙ ප්‍රාථමික ලිංගික අරගල බවයි මට හිතෙන්නෙ. එනිසාම ''දිව්‍යමය ආදරය''
වචනයට එහා ගිය අත්දැකීමක් වන්නේද සැක සහිතයි.
'' ....... ඒ
සුඛානන්දය ලිංගික රමණය තුළින් හැම විටම හැමෝටම එනම් හැම පිරිමියකුටම ගැහැණියකුටම
ළං කර ගත නොහැකි බවත්, එය ආදරයේ දිව්‍යමය ප්‍රකාශනයක් හරහා පමණක් බිහි වන බවත් ඔහු
හදුනාගත්තේය. එනම් ඔවුන් දෙදෙනාගේ ආදරයේ දිදුලන ආලෝක පුළිගුවක් ඔහු දුටුවේය.
මිනිසා උපන්නේ
ලිංගිකයෙන් බවත්, ඔහුගේ පැවැත්ම ලිංගික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත්, ඒ ලිංගික
ක්‍රියාවලිය දෙදෙනෙකුගේ දිව්‍යමය ආදරයක පිළිබිඹුවක් වූ විට අසමසම සමාධියකට එළඹිය
හැකි බවත් ඔහු තේරුම් ගත්තේය.
සැබවින්ම ඔහු
මෙතෙක් භාවනානුයෝගී ධ්‍යානයෙන් ළගා වූ සමාධි සුවය සහ ඒ විශ්වීය ශක්තිය, ආදරයේ
දිව්‍යමය ප්‍රතික්‍රියාවක් හරහා සිදු වූ ලිංගික රමණය තුළින්ද ළගා කර ගනිමින්
සිටියේය..''
පිටු අංක
136 - 137
කෘතිය සමග මට
ගැටලු තියෙනවා.. විශේෂයෙන්ම භාෂා රටාවෙ. භාෂාව භාවිතය ගැන මීට වඩා සැලකිලිමත් වුණා
නම් හොදයි කියල හිතෙනවා. මට අනුව භාෂාවේ
හැඩ වැඩ මදි.
අභුත සිද්ධි
වෙලාවකට විකාරයක් වෙන තරමටම වැඩියි කියලත් හිතුණා. නමුත් කතුවරයා ඒ හැම අවස්ථාවක්ම
යොදා ගන්න ඇත්තෙ යම්කිසි අරමුණක් අර්ථයක්
ඇතිව.
එක් එක් චරිත,
සිදුවීම් හරහා තව බොහෝ කාරණා ලිවිය හැකි නමුත් මගේ කියවීම ඔබගේද කියවීම විය යුතු
නැති නිසා මේ සටහන අවසන් කරන්නයි හදන්නෙ.. මොහාන් රාජ් මඩවලගේ මුල්ම නවකතාව අපූර්ව
අත්දැකීමක් අරන් ඇවිත් තියෙනවා. එය අගය කළ යුතුයි.
මාත් ආසාවෙන් කියවන ලද පොතක් මේක. මේ ගැන අපේ කියැවීම ගැන මෙතැන බලන්න.
ReplyDeletehttp://samakayawate.blogspot.com/2013/02/blog-post_13.html හූවට ආදරේ හිතෙන නව කතාවක්!
ගොඩක් දෙනෙක් පොත කියවල ඒ ගැන ලියලත් තියෙනව නේද? මට පොත ලැබුණෙ පමා වෙලානෙ. ස්තුතියි නලින් මං ඒ සටහන බැලුවා.
Deleteකියවපු නැති තවත් පොතක්. හැබැයි තරැ අක්ක කියල තියෙන විදිහට කියවන්න ආස හිතුක. මාත් ඉතින් ඔයා තරම්ම නැතත් අතට අහුවෙන හැම පොතක්ම කියවනවනෙ.
ReplyDeleteසාහිත්ය වැඩමුළු කතාබහේදිත් මං කිව්වෙ මල්ලි.. අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න. හොද නරක විග්රිහ කර ගන්න පුළුවන් වයසක දැන් ඔයාල ඉන්නෙ කියල. සීමා මායිම් දාගෙන කියවන්න අමාරුයි.
Deleteඔව්, ඔව් අතට අහුවෙන හැම එකම කියවන හින්ද තමා හොද දේවල් වෙන් කරල ගන්න පුළුවන් වෙන්නෙ. කියවගෙන කියවගෙන යද්දි මටනම් ඒකයි තේරැනේ
Deleteකියවලා නෑ.. සරසවියෙදි ඇහැ ගැටුනා පොත නම්,, කියවලා බලන්න ඕනෙ...
ReplyDeleteකියවන්න...
DeletePiyadasa Welikannage ge "Sudu Sewaneli" ekka yannewath netida...? Tharuge kiyaweemen penenne e bawak
ReplyDeleteසුදු සෙවණැලි බොහෝ කලකට පෙර බැලුවා මතකයි.. සන්සන්දනාත්මකව කතා කරන්න තරම් මතතකයක් නැහැ...
Deleteහොයාගෙන කියවන්න ඕන...
සුදු සෙවණැලි කියන්නේ නම් සුපිරිම පොතක්. මගේ ප්‍රියතම එකක්. මේකත් කියවන්න ඕනේ.
Deleteහ්ම්ම්ම් මට දැනුයි නේ තේරෙන්නේ තරුරිසි ගැන..ඔයා පොත් කියවන්න වැඩිපුර කැමති කෙනෙක් නේද ...? ඉස්සර මම හිතුවේ ඔයාට අහම්බෙන් ඇහැ ගැටුණ, හිතට අල්ලපු පොතක් දෙකක් ගැන පෝස්ට් එකක් දැම්මා කියලනේ...දිගටම ලියන්න තරුරිසි...රන්ජන් ලොක්කගේ ඒවට වඩා නම් සිය දහස් වාරයක් මේ විචාර හිතට දැනෙනවා...
ReplyDeleteපොත බැලුවට වඩා හැගීමක් මේකෙන් එනවා..ඒකයි වටින්නේ...
මං කියවන්න හරි කැමතියි සහන්... පොත් ගැන නිතර නොලීවට හැම සතියකම පොත් දෙක තුනක් කියවනවා... රන්ජන් මහත්තයා විචාරයේ ප්‍රවීණයෙක්... මං ඉතින් ලියන්නෙ විචාර නෙවෙයි මං විදින දේ... මට දැනෙන දේ...
Deleteසාර්ථක විචාරයක්.. මුළ මැද අවසානා, චරිත, පනිවිඩය.. වගේ දෙවල් ගැනත් කතා කලා නම් හොඳයි... පොතක් කියවපු කාලයක් මතක නෑ..
ReplyDeleteලියන්න තව බොහෝ කාරණා තියෙනවා අයියේ... කම්මැලිකම නිසා ලිව්වෙ නැහැ... අනික කතාව ගැන සම්පුර්ණයෙන් විස්තර කළොත් අළුතෙන් බලන අයට අසාධෘරණයක් කියල හිතුණා...
Deleteවිචාරයකදි මුළු කතාවම කියන්න ඕන නෑ. ප්‍රස්තුතය, චරිත විකාෂණය, ප්‍රධාන චරිත, කාළය, ආදර්ශය, සාර්ථක අසාර්ථක බව ඔබට දැනෙන විදියට ලියන්න ඕන. භාෂාව ගැන ලියලා තියෙන නිසා මම ඒ ගැන කිව්වේ නෑ. මගේ මතය නම්, මිනිස්සුන්ට කියන දේ තේරෙනවනම්, බසේ අවුලක් නෑ... සමාන්‍යයෙන් බස සරළ නම් කියවන්න ලේසියි...
Deleteමං පිළිගන්නවා මේ ලිපිය කම්මැලිකමට ඉක්මණින් අහවර කළ වග..... නැවත ලියන්න ඕන..
Deleteමම කැමති සරල කවි බසට නිසා වෙන්න ඇති අයියේ.. මට භාෂාවෙ කෘතිම ගතියක් දැණුනෙ...
පොත ලැබුනොත් කියවීමට සිතා ගත්තෙමි :)
ReplyDeleteකියවන්න.... වෙනස් විදියක පොතක්... මෑත කාලයේ ලියවුණ..
Delete//''කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. '' //
ReplyDeleteමොන තරම් ඇත්තක්ද? ඒ ලෝවේ ජීවත් වෙන්ට අපි කෙතරම් නම් ආසද?
කියවන ලිස්ට් එකේ පොත් එන්ට, එන්ටම වැඩිවෙනවා.:)
''මොන තරම් ඇත්තක්ද? ඒ ලෝවේ ජීවත් වෙන්ට අපි කෙතරම් නම් ආසද?''
Deleteමේ කතාවත් මොන තරම් ඇත්තක්ද?
මට මේ පොත එච්චර ඇල්ලුවේ නැහැ
ReplyDeleteකම්මැලි නැතුව කියන්න නම් පුළුවන්
ඒ තරම්ම හිතට නාල්ලන ගතිය එන්නෙ භාෂාවේ දුප්පත්කමත්, භාෂා රටාවේ අවුලත්, මායාරූපී ගතිය වැඩිවීමත් නිසා කියලයි මට හිතෙන්නෙ...
Deleteසමාජ දේශපාලන කාරණා මතු කරන්න දරන උත්සාහය වටිනවා.. මෑත කාලයේ ආව වෙනස් විදියක පොතක්.
ගොඩක් ම මෙන්න මේක නිසා
Delete"මායාරූපී ගතිය වැඩිවීමත් නිසා "
මන් කැමති යතර්තයට කිට්ටුවෙන් යන කතා වලට ගොඩක්
ඒක ඇත්ත... මටත් වෙලාවකට විකාරයක් වෙන තරමට වැඩි ගතියක් දැණුනා..
Deleteඉතාම කාර්යබහුලව හිටියත් මේකට මොනවා හරි ලියන්න හිතුනේ, මමත් මේ පොත කියවලා මේ ගැන ලියන්න හිතන් හිටිය නිසාත්, ඒක ලියවෙන බවක් පේන්න නැති නිසාත්. මේ පොත ගැන මට ඇති ප්‍රධාන ගැටළුව තමයි.. අවශ්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකත්වයට දීලා තියන ඉඩ. ඒවා සංකේතාත්මක උණත් එතරම්ම විකෘති ලිංගික සිද්ධීන් සම්බන්ධ කිරීම නිසා පොත අදාල මාතෘකාවෙන් පිට පනිනවා කියන හැඟීම ඇති වෙනවා. තරූ කියනවා වගේ අසීමාන්තික ලෙස ගුප්ත සිද්ධීන් සම්බන්ධ කර ගැනීමෙනුත් අවසානය වෙනකොට යම් කිසි නීරස ගතියක් දැනෙනවා. පොතේ මුලින් ඇඟවෙන පරිදි වෙල්ලස්සේ ඓතිහාසික සිද්ධීන් මේ කතාවට සම්බන්ධ වෙන්නෙ ඉතාම අඩුවෙන්. අන්තිමේදී, පොතේ කතා කරන්න හදන මාතෘකාව මොකක් උණත්, කියවලා ඉවර වෙනකොට බොහොම සෘජුව අමු අමුවේ කතා කරන ලිංගිකත්වය හා බැඳුණු සිද්ධීන් නිසා යම් කිසි අපහසුතාවයකට පාඨකයා පත්වෙන බවක් මට හිතුණා.
ReplyDeleteතිසර එක්ක එකග වෙන්න පුළුවනි...
Deleteචරිත සිද්ධි හුදකලාව ගත්තම ගැඹුරු යටි පෙළ අරුත් මතු කරනවා.. ඒත් සමස්තය තරමක් අවුල්.. කතුවරයාගෙ හිතේ සමස්ත අරමුණක් ඇති.. ඒක අපට අහුවෙන්නෙ නෑ වෙන්නත් පුළුවන්...
නවකතාව වගේම ඔබේ කියවිමත් අගෙයි..
ReplyDelete