පිටු

Monday, May 5, 2014

ස්නේහයක් කියන්නෙම



ඉරි තැළුණු පොළවකට
ඇද හැලෙන වැස්සකට
නම් ගම් කුමකට ද.....

හදවතම තබා උකසට 
බේර ගන්නත් බැරි කොට
සින්න වෙන්නෙත් නැති කොට
සදාතන හිමිකම්
ඉල්ලතැයි සිතුණෙද? 

ඉතින් ඔය
දසපණත ගෙන යන්න..
සුරදූත ගීයකට කන්දෙන්න...
මට හැකිය
මගෙ සිහින රැක ගන්න...

ස්නේහයක් කියන්නෙම
ස්වර්ගීය සිහිනයක්... 
සිහිනයක් කියන්නෙම
හද බිඳෙන ගීතයක්...

10 comments:

  1. ලස්සනයි අයේ ඒ ගැන ලොකු කතා මොකටද

    ReplyDelete
  2. //ස්නේහයක් කියන්නෙම
    ස්වර්ගීය සිහිනයක්...
    සිහිනයක් කියන්නෙම
    හද බිඳෙන ගීතයක්...// ++++

    ReplyDelete
  3. ස්නේහයක් හන්දා පොඩ්ඩක් හරි හද බිඳුමක් නැති ආදරයක් කොහෙන්ද ඉතින්.. ලස්සනයි අක්කෝ..

    ReplyDelete
  4. //ස්නේහයක් කියන්නෙම
    ස්වර්ගීය සිහිනයක්...
    සිහිනයක් කියන්නෙම
    හද බිඳෙන ගීතයක්...// :(

    ReplyDelete
  5. හද බිඳෙන සිහින පේන්නේ නැතිනම් හොදයි,එත් ඉතින් පේන්නෙම ඒ වගේ හින නම්........

    ReplyDelete
  6. ස්නේහයක් කොහොමද හඳ බිඳෙන ගීතයක් වෙන්නේ?

    ReplyDelete
  7. ෂහ් ෂහ් හද බිදෙන ගීයක්

    ජය වේවා!!!!

    ReplyDelete
  8. //බේර ගන්නත් බැරි කොට
    සින්න වෙන්නෙත් නැති කොට//
    .... හැමදාම ඔහොම කිය කිය ඉඳලා හරි යන්නේ නෑ...

    ඒක නෙමෙයි, පොඩ්ඩක් වගේ වෙඩ්ඩාගෙ ගති ලක්ෂණ පේනවා... :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...