By Pon Ragunadan |
වෙසක් සඳ ද
අමනාපෙනි...
රැ අඳුර
කපාගෙන ඇදෙන
රාත්‍රී තැපැල් දුම්රියට
මුවා වී ගෙන...
උතුරු වසන්තයට
පිටු පා ගෙන
වෙසක් සඳ ද
ළතැවිල්ලෙනි...
නොසිඳුණු
කඳුළු උල්පත්වල
තෙතමනය සීරුවට හංගාන
අසරණව
හිනාවෙන තෙතමනය සීරුවට හංගාන
අම්මලාගේ ඇස්
ලැගුම් ගෙන හිත මත
දැවිල්ලකි ඇස් අග...
83 දී දකුණෙන් එළවා දැමූ
මානුෂික මෙහෙයුමෙන්
සන්තකයම උදුරා දැමූ
අසරණ අම්මලාගේ ඇස්...
නැතක්
දුක්ගිනි දැරූ පපුවක
වියෝ වූ පුතු
නමින්උපන් කඳුලක් සඟවමින්
සිංහල දියණියක
සෙනෙහසින් සිපගන්නා
අම්මේ ඔබේ ආදරය
නන්දිකඩාල් කලපුවේ
ගිලී නොගියා පුදුම ය......
ෂෙල්
වෙඩිල්ලක්
ළය මතපිපිරූ කලෙක මෙන්
හදවත ම සීසීකඩ ය....
නියඟලා මල්
මෙතරම්ම ගිනියම්
රත උරා ගත්තේ
කොතැනින්
ඉතින් අසමි ද
කෙලෙසින්...
( මේ කවියක් නොවේ.. කඳුලක් පමණි. වෙසක් දවස ගෙවුණේ දමිළ වැන්දඹු අම්මලා පිරිසකගේ සහ දරු පිරිසකගේ සෙනෙහසට මැදි වෙමිනි. වේදනාවට හවුල්කාරියක වෙමිනි... වරදකාරී හැඟුමකින් තවමත් හද රිදුම් දේ... )
සමාජය අමතක කළ පැතිකඩක් දැකීම සතුටක් තරු.................!
ReplyDeleteඈතින් ඉද්දි නොදකින, නොපෙනන, නොහැෙඟෙන බොහේ දේ සමීපව ඉද්දි දකින්න පුළුවන්... ඒ වෙලාවට හෘද සාක්ෂිය රිදුම් දෙන එක වළක්ව ගන්න අමාරුයි.... ඒ සත්‍යයට පිටුපාන්න මට නම් බැහැ...
Deleteදකුණේ අම්මලා මෙන්ම රැකියාවට ගිය තාත්තලා අහිමි දරු පිරිසක් මෙන්ම බොබ්බවලට බිලි වූ විශාල අහිංසක පිරසකගේ වැන්දමූ වුවන්ද සිටින බවත් අමතක නොකරන්න.
ReplyDeleteරුදුරු කොටින්ට බිලි වූ දකුණේ අහිංසකයන් ගණන අති විශාලය.(මේ කතාව හමුදාභටයන්ගේ පවුල් ගැන නොවේ. සිවිල් මිනිසුන් ගැනය)
මං ඒ ගැන දන්නවා නලින් අයියේ.... දකුණෙ මෙහෙම වුණයි කියල උතුරෙ සිදු වුණ දේවල් අදටත් සිදු වෙන දේවල් සාධාරණීකරණය කරන්නෙ කොහොමද? දේශපාලන උවමනාවන් මත උතුරෙත් දකුණෙත් යුද්දෙට බිලි වූ සියලුම අහිංසක මිනිස්සු ගැන වේදනයි මට... ඒ හැමදෙනාටම සාධාරණය ඉෂ්ට වෙන්න ඕන...
Deleteඅනික යුද්ධෙ නිමවුණා කියලත් දකුණෙ සාමාන්‍ය මිනිස්සුන්ට වෙලා තියෙන සාධාරණය මොකක්ද? උතුරෙත් දකුණෙත් දුප්පත් මිනිසුන් මත තව තවත් පීඩනය වැඩිවීම, මනුෂ්‍යාත්වයේ පිරිහීම තමයි මට දැනෙන්නෙ...
කොහොම වුණත් හැමදාමත් වගේ තරුරසීයට ඇවිදින් ඔයාගෙ අදහස ලිවීම ගැන සතුටුයි.. ස්තුතියි...
යුද්ධය නිසා වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නෙ ගැහැණුන්.. ඒ වගේම දරුවන්... ඒකට ජාති ආගම් භේදයකුත් නැහැ.... අනික පරිසර විනාශය..
Deleteඅන්න එතැනදි මං එකගයි ඔබ එක්ක. මොකද උතුරට හෝ දකුණට කියා වෙන් නොකොට නිර්මාණය වුණානම් යන්නයි මං ඉස්මතු කරන්නේ.
Deleteඇත්ත.. අපි මේ ගැන කතා කරන්න ඕන උතුරු දකුණු භේදයක් නැතිව පොදුවේ මනුෂ්‍යත්වය ගොඩනැගීම කියන තැන ඉඳන්...
Deleteඒත් මේ අත්දැකීම මං ලැබුවෙ උතුරෙදි..
මේවා දශක තුනකටත් වැඩි කලක් යුද්ධයක් පැවති රටක නැගුණු කඳුළු - මීට උතුරත් දකුණත් කියා හෝ සිංහල දමිළ මුස්ලිම් කියා බේදයක් නෑ. මේවා දුක් විඳි මව්වරුන්ගේ - පියවරුන්ගේ - බිරින්දෑවරුන්ගේ - දූ දරුවන්ගේ කඳුළු- ඇත්ත 83 සිදුවූ සිදුවීම් ගැන මා සිතේ හටගන්නේද ලජ්ජාවක් - එවැනිම ලජ්ජාවක් දමිළ ජාතිකයින් තුලද හටගන්නවා ඇති මහා පිපුරුම් වලින් තොරවූ ජීවිත ගන ඒ නිසා තනිවූ ජීවිත ගැන සිතද්දී.
ReplyDelete:(
ReplyDeleteවෙන මොනවා කියන්නද
අතිවිශිෂ්ඨයි තරූ.
ReplyDeleteයුද්දෙට උතුර දකුණ කියලා වෙනසක් තිබුණ නෑ, එක හරියට දෙකොන ඇවිලුණු පන්දමක් වගේ දෙපැත්තම එක විදියටම පිච්චුනා.
ReplyDeleteමම නම් තරු අක්කේ එදාත්,අදත්,කවදත් යුද විරෝධියෙක්.උතුරේ වේවා,දකුණේ වේවා,එහෙමත් නැතිනම් ලෝකේ තවත් කොනක වේවා මේ නැතිවෙන්නේ මිනිස් ජිවිත නේද.?ඒ ඇගවල් ඇතුලේ ගලන්නෙත් අපේ ඇගේ ගලන රතු ලේ මනේ.එහෙව් එකේ මොකටද මේ මරා ගන්නේ කියන එක නම් පුදුම ගැටලුවක් තමයි.
ReplyDeleteදෙකොණ විලක්කුවක් නිසා පිලිස්සුණ අසරණ ජීවිතයක පසු විපරමක්
ReplyDeleteකුරුටු ගා ඇති අපූරුව
සංවේදී කවත්
ඔය පසුතැවිල්ල මිනිසුන් විදියට අපි හැමෝගෙම හිත්වල තියෙනවා. විශේෂයෙන්ම වරදකාරී හැගීම ඒක සුලුපටු නොවේ. කලාව තියෙන්නෙ මිනිසුන් වෙනුවෙන් මිනිසුන් ජීවත් කරවන්න.ඒ දැක්ම මේ කවිය තුළ තියෙනවා.
ReplyDeleteනියමයි අෑ..
ReplyDeleteජය වේවා!!!!
kiwa yuthu dewal oyata danatamath kiyala thiyenne
ReplyDelete