By Kevin Bielfuss |
‘‘කොටුව හරස්
පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘතිම මල් අලෙවි සැලක වීදුරුවට පිට දී අඹ යහළුවෝ පොත
කියවන කුඩා දියණියක දුටිමි.”
දෙනෝදාහක්
ගැවසෙන
කොටුව වීදිය
කොණෙක
සුදු සැරයටිය
අතෙක
කාසි ඉල්ලන
මවෙක....
මල් සුවඳ
අහිමි
මල් සැල් ම
සපිරි
මල් පාර අගුවෙ
මල් කැකුළියෙකි...
අඳ මව්
නොතනියට
ආ මුත්
වීදියට
සුරත රැඳි
පොතක
නෙත සිත ඈත
දුරක..
ලහි ලහි ගමන්
මිස
ලිහෙනා
මදහසක් නැත
එහි වගක්
කුමට මට
කියනු වැනි
ඇගෙ වත...
අඹ යහළු හදවතක
උණුහුමක් නැතිව
ද
දියණි සිත
හඳුනන
‘අඹ යහළුවෝ’ ඇත.....
අඳුරු මුත්
ලොවම
මව් ඇසට උරුම
සොඳුරු දිවි
මහිම
සොයනු මෙනි
නිතින...
2014.05.16
හරියට දැනෙනවා තරු අක්කේ මේක.හරියට ඒ පොත කියවන මල් කැකුල මමත් දුටුවා වගෙයි.ඒ තරම්ම දැනෙන්න අකුරු කරලා තියෙනවා.
ReplyDelete16 වෙනිදා හැන්දෑවෙ වැඩකට ගිහින් ආපහු එන අතරෙ දැක්කෙ මේ දසුන... හරි දුක හිතුණා. කෝච්චියට දුවන අතෙර හිතුණා ආපහු ගිහින් කතා කරල එන්නත්..
Deleteඅතේ තිබුණ නම් සුදුසු පොතක් ඒ මොහොතෙ මං දුවට දීල එනවා... ආයෙ දවසක ඒ පැත්තෙ ගිහින් බලන්න ඕන...
හරිම සංවේදියි. මේ දසුන මෙවන් නිර්මාණයකට ගත් ඔබ ගැන සතුටුයි. දරුවන් ලෝකය හොයනවා. සියලු භාධක මැද. ඒත් රකුසන් ඒ ලොකය වනසනවා.
ReplyDeleteමටත් පුදුම හිතුණෙ මේ තරම් ගාලගෝට්ටියක් මැදත් කෙල්ල පොතට ඇලිල හිටි හැටි දැක්කම..
Deleteසංවේදී කතාවක් කවියට නගලා , මට මතක් වුනා තවත් සිංදුවක්
ReplyDelete"වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා "
මේ සිද්ධියට ඍජු සම්බන්ධයක් නැතත් එකම රාමුවේ කතා නේද?
මිල්ටන් මල්ලවආරච්චිගෙ ගීතයක්... වීදි දරුවො කියන්නෙ ඇත්තටම සමාජයට අමතක වුණ දරු පිරිසක්...
Deleteහිතට දැනෙන්න ලියල තියෙනව...
ReplyDeleteජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...
ඒකත් අර පොර කුකුල කොයි පොර කොටුවට දැම්මත් දිනනව වගේ
‘‘ජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...‘‘ ඇත්ත... ඒ අයගෙ ධෛර්යය බිඳින්න දුප්පත්කමට බැහැ.
Delete// අඳුරු මුත් ලොවම
ReplyDeleteමව් ඇසට උරුම
සොඳුරු දිවි මහිම
සොයනු මෙනි නිතින...//
සැබෑමයි.. සංවේදී නිර්මානයක්....
ස්තුතියි.
Delete//"උදේ ඉදන් හවස් වෙන තුරා
ReplyDeleteමේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......
මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....
යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ
යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ
මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා
ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?//
"මගේ වාරය එනතුරා......"
අම්මලාම විතරක් නෙවේ අසරණ වෙලා තියෙන්නේ දෙමාපියන් නැති වීදි ළමයි, එතකොට අතහැර දමන ලද දෙමාපියන් ඒ අයත් අසරණයි. ඔබේ නිර්මාණය ලස්සනයි. ඔය මන් මීට කලින් ලිව්වා නිර්මාණයක්.
සංවේදී නිර්මාණයක්...
Deleteසංවේදී අත්දැකීමක් .....අර්ථවත් පද ගැලපීමක්....
ReplyDeleteස්තුතියි අයියේ...
Deleteඅපූරුයි අක්කේ... හිතට දැනෙන්න කවිය ලියවිලා තියෙනවා..
ReplyDeleteදුකක් වගේම සතුටකුත් දැණුනා.. ඒ අම්මයි දුවයි මතකයෛන් ඈත් උනේ නැහැ.
Delete//‘‘කොටුව හරස් පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘතිම මල් අලෙවි සැලක වීදුරුවට පිට දී අඹ යහළුවෝ පොත කියවන කුඩා දියණියක දුටිමි.”//
ReplyDeleteහරියට දුක හිතුණා තරු....:(
දුකක් වගේම ඒ දරුවා ගැන ආදරයකුත් දැණුනා...
Deleteහරිම සංවේදී දසුනක් ..ඔයාගේ කවිය අපිටත් හදවතට බරක් එක්කහු කළා
ReplyDeleteඅනන්ත අප්‍රමාණ බාධක මැද වුණත් ජීවිතයට ආදරය කරන අළුත් පරම්පරාවකුත් ඉන්න එක ගැන සතුටු වෙමු.
Deleteඒ වගේ පරිසරයක් මැද්දේ ළමයෙක්ගේ හිත කොහොම පොතක් කෙරෙහි ඇදී යනවද කියලා හිතෙනවා. පොත් ළමයින්ගේ හිතේ ලොකු හීන අඳිනවා. එහෙම හීන තියන ළමයින් කොයි අස්සක මුල්ලක හිටියත් ලෝකය හොයාගෙන යනවා.
ReplyDeleteබොහොම ලස්සන ලියවිල්ලක් තරු.
පොතකට ඇස් දෙකයි හිතයි බැඳුණට පස්සෙ ලෝකෙ හෙල්ලුණත් නොතේරෙන ගතියක් මටත් තියෙනවා.... ඒ දුවටත් එහෙමම වෙන්න ඇති..
Deleteමේ කවිය කියෙව්වම මටත් කියන්න කතාවක් මතක් උනා. ඒක පෝස්ට් එකකින්ම ලියන්නම්...
ReplyDeleteඒ කතාවත් ලියන්නකො... එහෙනම්..
Deleteතරු,
ReplyDeleteමම ඔයාගෙ බ්ලොග් එක හැමදාම බලන කෙනෙක්.මේ දරුවට එකම එක පොතක්වත් අරන් නුදුන්නොත් මගේ හිතට සැනසිල්ලක් නැතිවෙයි කියලා හිතනවා.ඔයා අයෙත් කොහොම හරි එයාව දකිනේ යන එන කොට.මට ඔයාගේ email එක දෙනවාද.
tharurasi@gmail.com
Deleteස්තුතියි.. ඔබේ සංවේදී හිතට.. ආයෙම ඒ පැත්තෙ ඇවිදල බලන්නම්...
ගොඩක් සාර්ථකයි ඔබේ සංවේදී නිර්මාණය නඟේ!
ReplyDeleteස්තුතියි අයියේ..
Deleteතරු.........
ReplyDeleteසමාජයේ ජීවත්වන,ඒත් අරමුණක් නැතිව පාවෙන හිස් ජීවිත අතර මෙවන් දරුවන්ව දැකීමත් සතුටක්. ඔව් තරු ආයෙත් දවසක ගිහින් බලන්න ඒ දියණිය එතන ඉන්නවද කියල. සමහර විට ඇය කවදහරි මේ ලෝකෙම ගරු කරන විශිෂ්ට ලේඛිකාවක් වෙන්නත් පුළුවන්. මාත් ලංකාවේ ඉද්දී ඒ වගේ දරුවන්ට උදව් කරල තියෙනව.
ඔබේ නිර්මාණය සඳහා අපූරු ප්‍රස්තුතයක් යොදා ගත්තාට මගේ හිස නමා ආචාරය මිතුරිය ........!
ස්තුතියි රුක්ෂි...
Delete