Add caption |
|
ගම ද කඳවුර ද
අතර මැද
කොටුව දුම්රිය නැවතුම
ඒ අවන්හල ද
මේසය ද
තවම ඔබට ත්
මතක ඇති සැටි
පුදුම ය....
ඇස් අගින් ගල්ද්දි මන්දහාසය
සත්තකින් තිගැස්සී බිඳෙයි ළය
හිත් අගින් මිදෙද්දි මිත්‍ර ස්නේහය
සුස්මකින් නිවෙයි හද සන්තානය..
සර්වකාලත්‍ර ප්‍රේමයක
සුවඳට ලොබ පිරූ අතීතෙක
උදුරාගෙන මවෙතින්
ඔබ ම සඟවා ලූ
මගෙ සිනා පිරි හද
සොයා
දෝතින් රැගෙන එන්නට
අදත් ඔබට
අමතකව ඇති හැඩ ය...
නෙස්කැෆේ සුවඳ මැද තනිවෙමි
බත් කටක සෙනෙහ සිත රඳවමි
නෝක්කඩු වදන් සඟවා ගමි
ආයෙ එන දිනක් ගැන නොඅසමී...
පිවිතුරුය පළමු පෙම
තනිකඩ ය තවම මම
කියා නොකියාම සමුගෙන
යන්නෙද අදත් පෙර සේම....
2014.05.08
හරිම ලස්සනයි. ආදරණීය මතකයක සුවඳ.
ReplyDeleteඅඩ නං අපූරු කවි පෙළක්,රිද්මය අනර්ඝයි පපුවටම වැදුණා,වෙඩ්ඩගෙ ඌරුව ලාවට තියෙනව වගේ.හරිම රසවත් ජයවේවා.
ReplyDeleteඔහුගේ කවිවලට මං ගොඩක් කැමතියි.. රස විඳිනවා.. ඒ නිසා ඒ ආභාෂය ඔබ දකිනවා විය හැකියි...
Deleteතනු අතර ලස්සන කවි පෙලක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
nescafe bonna epa heart walata hodana.wihiluwak hode.hoda pada sakasumak.
ReplyDeleteමහ අගේ ඇති වචන ටිකක් තරු.
ReplyDeleteහිත නවත්තන නමුත් ඇස් අරවන.
සොඳුරු මතක සැමරුමක්.. හරිම අගේ ඇති නිර්මාණයක්.
ReplyDeleteඅදයි මේ ඉස්සෙල්ලාම මේ පැත්තට ආවෙ.
හදවත දවා ගියා...
ReplyDeleteහරිම ලස්සන අහිමි මතකයන්ගේ සැමරුම් පෙළක්, ගොඩක් රස වින්දා වගේම හුගක් ඈතට නොදනීම හිත ගිහින් එක තැනක නතර උනා වගේ උනා මේ නිර්මාණය කියවද්දී, හරිම ව්පුඋරුයි වගේම ගොඩක් ස්තුතියි ඔබට අහිමි මතකයන් නැවතත් මතකයට ගෙන අවාට, ඔබට ජය වේවා.
ReplyDeleteදිවුල්ගනේ ගේ සින්දුවක් තියෙනවා නේද මේ අදහස එන
ReplyDelete"පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය තවම මම
සුදු හාමිනේ ....
තනිකඩය තවම මම "
ඒ ගීතයෙන් තමයි ඒ පදපේලි දෙක අරගත්තෙ...
Deleteදුක හිතෙනව අප්පා මෙව්වා කියවන කොට..
ReplyDeleteඅගේ අැති නිර්මාණයක්...
ජය වේවා!!!
හැම මොහොතේම සිත පාරවන අමතක කල නොහැකි මිහිරි අතීතය.
ReplyDeleteහිත නැවතුන තරම් ලස්සනයි...
ReplyDeleteපිච්චිලා නොගියත්.., හීන් රස්නයක් දැනුනා.... :)
ආදරණියම මතක කොහොම හරි හොරෙන් මතකයන් වලට ඇවිත් යනවනේ අක්කෝ..
ReplyDeleteවෙනද වගේම ලස්සණ පද ඇමුණුමක්!!!
ReplyDelete//පිවිතුරුය පළමු පෙම//
ඒ කියන්නේ දෙවෙනි, තුන්වෙනි පෙම පිවිතුරු නෑ කියන එකද? :)
කොයි පෙමත් පිවිතුරුයි පොඩ්ඩී...
Delete//නෙස්කැෆේ සුවඳ මැද තනිවෙමි
ReplyDeleteබත් කටක සෙනෙහ සිත රඳවමි
නෝක්කඩු වදන් සඟවා ගමි
ආයෙ එන දිනක් ගැන නොඅසමී...//
ලස්සන පද පෙළක්... හරිම අගෙයි. ඔබගේ කවීත්වයට අපගේ ප්‍රණාමය...........
Superb!!
ReplyDeleteලස්සන මතකයක් !
ReplyDeleteඅදහස් දැක්වූ හැමදෙනාටම ස්තුතියි...
ReplyDelete