පිටු

Friday, May 9, 2014

ඉපැරණි පෙමක සුහද හමුව

 

Add caption
   
ගම ද කඳවුර ද
අතර මැද
කොටුව දුම්රිය නැවතුම
ඒ අවන්හල ද
මේසය ද
තවම ඔබට ත්
මතක ඇති සැටි
පුදුම ය....
 
ඇස් අගින් ගල්ද්දි මන්දහාසය 
සත්තකින් තිගැස්සී බිඳෙයි ළය
හිත් අගින් මිදෙද්දි මිත්‍ර ස්නේහය
සුස්මකින් නිවෙයි හද සන්තානය..
 
සර්වකාලත්‍ර ප්‍රේමයක 
සුවඳට ලොබ පිරූ අතීතෙක
උදුරාගෙන මවෙතින්
ඔබ ම සඟවා ලූ
මගෙ සිනා පිරි හද
සොයා
දෝතින් රැගෙන එන්නට
අදත් ඔබට
අමතකව ඇති හැඩ ය...
 
නෙස්කැෆේ සුවඳ මැද තනිවෙමි
බත් කටක සෙනෙහ සිත රඳවමි
නෝක්කඩු වදන් සඟවා ගමි
ආයෙ එන දිනක් ගැන නොඅසමී...
 
පිවිතුරුය පළමු පෙම
තනිකඩ ය තවම මම
කියා නොකියාම සමුගෙන
යන්නෙද අදත් පෙර සේම.... 
 
2014.05.08
 
 
 

21 comments:

  1. හරිම ලස්සනයි. ආදරණීය මතකයක සුවඳ.

    ReplyDelete
  2. අඩ නං අපූරු කවි පෙළක්,රිද්මය අනර්ඝයි පපුවටම වැදුණා,වෙඩ්ඩගෙ ඌරුව ලාවට තියෙනව වගේ.හරිම රසවත් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ කවිවලට මං ගොඩක් කැමතියි.. රස විඳිනවා.. ඒ නිසා ඒ ආභාෂය ඔබ දකිනවා විය හැකියි...

      Delete
  3. nescafe bonna epa heart walata hodana.wihiluwak hode.hoda pada sakasumak.

    ReplyDelete
  4. මහ අගේ ඇති වචන ටිකක් තරු.
    හිත නවත්තන නමුත් ඇස් අරවන.

    ReplyDelete
  5. සොඳුරු මතක සැමරුමක්.. හරිම අගේ ඇති නිර්මාණයක්.

    අදයි මේ ඉස්සෙල්ලාම මේ පැත්තට ආවෙ.

    ReplyDelete
  6. හදවත දවා ගියා...

    ReplyDelete
  7. හරිම ලස්සන අහිමි මතකයන්ගේ සැමරුම් පෙළක්, ගොඩක් රස වින්දා වගේම හුගක් ඈතට නොදනීම හිත ගිහින් එක තැනක නතර උනා වගේ උනා මේ නිර්මාණය කියවද්දී, හරිම ව්පුඋරුයි වගේම ගොඩක් ස්තුතියි ඔබට අහිමි මතකයන් නැවතත් මතකයට ගෙන අවාට, ඔබට ජය වේවා.

    ReplyDelete
  8. දිවුල්ගනේ ගේ සින්දුවක් තියෙනවා නේද මේ අදහස එන

    "පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුණු දින
    ලෙන්ගතුය තවම මම
    සුදු හාමිනේ ....
    තනිකඩය තවම මම "

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයෙන් තමයි ඒ පදපේලි දෙක අරගත්තෙ...

      Delete
  9. දුක හිතෙනව අප්පා මෙව්වා කියවන කොට..

    අගේ අැති නිර්මාණයක්...

    ජය වේවා!!!

    ReplyDelete
  10. හැම මොහොතේම සිත පාරවන අමතක කල නොහැකි මිහිරි අතීතය.

    ReplyDelete
  11. හිත නැවතුන තරම් ලස්සනයි...

    පිච්චිලා නොගියත්.., හීන් රස්නයක් දැනුනා.... :)

    ReplyDelete
  12. ආදරණියම මතක කොහොම හරි හොරෙන් මතකයන් වලට ඇවිත් යනවනේ අක්කෝ..

    ReplyDelete
  13. වෙනද වගේම ලස්සණ පද ඇමුණුමක්!!!

    //පිවිතුරුය පළමු පෙම//

    ඒ කියන්නේ දෙවෙනි, තුන්වෙනි පෙම පිවිතුරු නෑ කියන එකද? :)

    ReplyDelete
    Replies
    1. කොයි පෙමත් පිවිතුරුයි පොඩ්ඩී...

      Delete
  14. //නෙස්කැෆේ සුවඳ මැද තනිවෙමි
    බත් කටක සෙනෙහ සිත රඳවමි
    නෝක්කඩු වදන් සඟවා ගමි
    ආයෙ එන දිනක් ගැන නොඅසමී...//

    ලස්සන පද පෙළක්... හරිම අගෙයි. ඔබගේ කවීත්වයට අපගේ ප්‍රණාමය...........

    ReplyDelete
  15. අදහස් දැක්වූ හැමදෙනාටම ස්තුතියි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...