පිටු

Friday, June 19, 2015

පොදු අපේක්ෂකයා



මැතිඳ !!!!
අමතකව ඇති හැඩ ය..
දැන් ඔබට,
පොදු අරමුණක් උදෙසා
පොදු ජන අප විසින්
සිහසුන වෙත ඔසවා තැබූ
පොදු අපේක්ෂකයා බව
ඔබ අපේ........

නිල් කොල රතු ලොවක
කෙණෙහිලිකම් වින්ද
නිදහස් නිවහල්
දේදුනු පැහැ ලොවක
සිහිනය පොදි බැන්ද
පොදු ජනතාව අපි...

වියරු ඒකාධිපති
රෙජීම පයට පෑගී
තැලී පොඩිවී මරණාසන්න
එකොළොස්වෙනි පැයේ දී
බොහෝ වැර වෑයමෙන්
පණ ගලවා ගෙන
එල්ලෙන්න අත්වැලක්
සෙවූ සමයක
පිදුරු ගහක් වීද ඔබ....
දෙව්දත්, ආලවක
කේවට්ට පරපුරක
උරුමය රකින්නට
පාවා දෙනු කෙලෙස ඔබ
සුවහසක් සිහින
අප සැම පොදි බැන්ද
යහපත් රටක් ගැන

පැහැපත් හෙටක් ගැන...



.........

මේ දිනවල මගේ හිතේ පෙරළි කරන සිතුවිලිම තවත් බොහෝ සිත්වල පැන නැඟී ඇති බව පැහැදිලිය..



වඩා යහපත් දේශයක් ගැන අපේ අරමුුණු පාවා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ දේශපාලඥයන් වෙත බල කළ යුතු මොහොතකි මේ... 

26 comments:

  1. පීඩා විඳීමි අඛණ්ඩව
    අඳුරු අහුමුළුවල
    කවියක් නොවී නම් හිත මත
    වල ලූ තැන්වල මහ ගසුත් ඇත

    බෝවන රෝගයක් මෙන් වෛරසයක් විය
    හැම පිළිතුරු පතකම
    සුදුස්සා කපා දැමූ අත් මිනිස් අත්දැයි සැක විය
    අභියාචනා පොත් පිටින් සමුදුරට විසි විය
    සුනාමියකට වැසී හුස්ම ගන්ටත් බැරි විය

    විඩාපත් වුවත් දිගටම අත් නොහළ නිසා වීරිය
    හද තැවුල් පවා ඉවසා දරා ගත් නිසා මැදියම
    අත හළත් සියලු මිනිසුන් අත නොහළ නිසා මා මම
    නැඟෙත හැකි සබාවල වියත් ඇදුරෙකු වගේ තනිවම

    හුස්ම ගන්ඩත් බැරි වුණා මට ඡන්දෙ තිබු දවස්වල
    නිමා නොවුණොත් ගල් යුගේ රටින් යනවැයි සිතූ මම
    ෂෙඩ් එකක වැඩ කළත් පෙට්‍රල් පිච්චෙන්නෙ නෑ කියු කල

    අලු වෙලා අපේ හදවත් එක දිනෙක යළිත් පිබිදුණි

    බිඳවැටුණෙ අයුක්තිය, රජෙකු නම් නොවෙයි සකිසඳ
    හිසක් නැති නැතක් දන හඬා වැළපුණත් මහ මඟ
    එහෙව් ඒ අයුක්තිය නැඟේ නම් යළිත් තැන තැන
    වීසි කර සියලු ධනයම යා යුතුය අපිත් හිරගෙට

    නොදන්නව නොවේ හොඳ හැටි, දැන් වෙනත් කොටහකට වැඩ
    කාටවත් නොමැති මිනිසුන් අදත් තව තවත් මහ-මඟ
    විභාගත් නැත, විමසුමුත් නැත අලුත් රැකියාත් හැම තැන
    මලේ පෙති එකින් එක ගෙන සිඳින්නට එපා මැතිතුම

    ReplyDelete
    Replies
    1. ‘‘අලු වෙලා අපේ හදවත් එක දිනෙක යළිත් පිබිදුණි‘‘

      ඇත්තම තමයි...

      කාගෙද මේ කවිය... කවුරුන්ද මේ රිදුම් දෙන හදවතෙහි හිමිකරු.. මගේ හෘද සාක්ෂියටම සම වන හදවතක් හිමි...

      Delete
    2. ලිවෙ කවුද කියල නොදනිතත් අයිතිකාරි නං කදු අක්ක
      හිහි

      Delete
    3. අයිතිකාරිය හමුවුණා...

      Delete
  2. අහෝ! දේශපාලනය කලා හිත්ද මුකුලිත කර ඇත..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න ඉඩදෙන්න බැහැ... අරගලය අත් නොහැරිය යුතු ය...

      Delete
  3. මොනවා කරන්නද අක්කේ.. හුඟක් අයට ඔය තැනට ආවම ආවේ ඇයි කියන කාරණේ ටික කාලෙකින් අමතක වෙනවා.. මේ වතාවෙත් අවාසනාවකට වගේ එහෙමම වේවි වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්න බලපෑම් කිරීමේ වගකීමක් අපට තියෙනවා මල්ලි..

      Delete
  4. බ්ලා බ්ලා බ්ලා තමා බං අක්කෙ

    ReplyDelete
    Replies
    1. ගඟට කපන ඉණි වෙන්ටත් පුළුවනි.. ඒත් එහෙමයි කියල මොනවත්ම නොකර ඉන්නත් බැහැ මල්ලි.

      Delete
  5. මම හිතන්නේ තවමත් මෛත්‍රී ගැන විශ්වාශය තියන්න පුළුවන් කියලායි.

    තරු අක්කා කියන දේ හරි අරගලය කිසි විටක නතර වෙන්න හොඳ නැහැ.මෛත්‍රී නරක නැහැ.හැබැයි ඕනේ නැති බුරුලක් මෛත්‍රීට දෙන්න හොඳ නැහැ.ඔය විස්සේ එල්ලිලා ඉන්නවාට වඩා මේ මොහොතේ කරන්න ඕනේ ඉක්මනින් මහා ජන්දෙකට යන එක එහෙම නොයන්න වෙන්නේ අර මහින්ද හා ඔහු වටා ඉන්න පිරිස තමන්ගේ බලය ක්‍රමාණුකුලව වර්ධනය කරගෙන රට ව්‍යාකුල කිරීම විතරයි.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නැති කර නොගෙන ඉදිරිය දකින්න මමත් කැමතියි මල්ලි.. මං හිතන්නෙ ශ්‍රීලනිපය, එජාපය, ජේවීපිය, දෙමළ සංධාන මේ හැම පක්ෂයකටම මේ ලැබිල තියෙන්නෙ හොඳ අවස්ථාවක්.. අතීතය ගැන විග්‍රහයක් එක්ක වඩා යහපත් වෙනස්කම් ඇති කරගෙන ඉදිරිය දකින්න...

      වත්මන් ජනාධිපතිට ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති වීමේ අවස්ථාව හිමිවෙලා තියෙනවා.. ශ්‍රීලනිපයත් නිවැරදි මාවතට අරගෙන සියයට සියයක් නැති වුණත් යහපත් මිනිසුන් ටිකක් එක්ක ගමනක් යන්න.. බලමු ඒ අවස්ථාව කොහොම අරගනීවිද කියල..

      ලේසි නැහැ.. දශක ගාණක් ජරාජීර්ණ වුණ දේශපාලන ක්‍රමයක් වෙනස් කරන එක...

      තවමත් බලාපොරොත්තු අත්හැරල නැහැ මමත්... මේ මොහොත යම් බලපෑමක් කිරීමේ නිදහස් අවකාශයක් තියෙනවා. ඒකත් ඉතාම හොඳ දෙයක්...

      Delete
    2. http://www.infosrilankanews.com/2015/06/my3_20.html

      හොඳ ආරංචියක්... සිදු විය යුත්තේ මෙයයි...

      ‘‘පක්ෂ නායකත්වයට පිටුපා කටයුතු කරන සියලුම ශ්‍රීලනිප දිස්ත්‍රීක් ප්‍රධානින් වහාම ඉවත්කර, ඉදිරි මහ මැතිවරණයේ දී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අලුත් පිරිසකට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කොට ඇතැයි වාර්තාවේ.

      ඒ අනුව, වංචා දුෂණ හෝ වෙනත් අපකීර්තිමත් චෝදනා නොමැති නීති, වෛද්‍ය, ගණකාධිකරණ, ව්‍යාපාරික, ජනමාධ්‍ය, ක්‍රීඩා, කලා ඇතුළු විද්වත් ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් කාර්යශුර තරුණයින් හට ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කර තිබේ.


      ජනාධිපතිවරයා, ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා බලාපොරොත්තුව සිටින විද්වත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් පෞද්ගලිකව වරින්වර හමුවී සාකච්ජා පවත්වා ඇතැයි වාර්ථාවන අතර, ඒ අනුව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධනට ද අමාත්‍යංශ වල ඉහල නිල දරන නිලධාරීන් කිහිපදෙනෙකුද , සරසවි ආචාර්යවරුන් කිහිප දෙනෙකුද, කලාකරුවන් පිරිසක්ද මෙලෙස එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ‘‘

      Delete
  6. මම හිතන්නේ දේශපාලකයෝ කියන්නේ මොන මුහුන්වරකින් ආවත් විශ්වාසය තියන්න පුලුවන්පිරිසක් නෙවෙයි, මම නම් ඒ බව දැනගෙනයි ඡන්දය පාවිච්චි කලේ, ඒ නිසා මේ වෙන සිදුවීම් ගැන විශේෂ කලකිරීමක් නෑ. ඒ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වෙලා තිබ්බේ තිබුණු මදාවි පාලන රටාව වෙනස් කිරීම , ඒක පමණයි බලාපොරොත්තු වුනේ ඒ වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොහොතෙදි අපි බලාපරෛාත්තු වුණ දේ ඉටුවුණා.. ඒ වගේම ඉදිරි යහපත් වෙනස්වීම් වෙනුවෙනුත් මැදිහත් වෙන්න ඕන මල්ලි...

      Delete
  7. දේශපාලනේ වෙනස් කරන අයට සුදු වෑන් ප්‍රවාහන සේවය පහසුකම් සපයනවාලු.කොයි පාලනේදිත් අපි පරාදයි.තට්ටුමාරු ක්‍රමයට රට කනවා සේරම.කවුරු ආවත් තත්වෙ ඒකයි.පීනමු උඩුගම්බලා..මාත් එනවා ඔයාලා එක්ක

    ReplyDelete
  8. මෙකනං වෙන්ඩ බැ.....

    විජේවීරල, සිරිමල, ජේ.ආර්.ල, ප්‍රේමදාසල, චන්ද්‍රිකාල, රනිල්ල එක්ක ප්‍රභාකරන් මහත්තය ගස් වැල් වල මල් පුප්පල, ඵල දරෝල, බව භෝග සම්පත් හන්දියක් හන්දියක් ගානෙ පුරෝල තිබ්බ ජනයා නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතියෙන් හිටපු ප්‍රජාත්ත්‍රවාදය වාන් දමපු රටක්නෙ මිණිමරු එකාධිපති රෙජීමෙට යට උනේ.......


    යාන්තන් මේ කවිකාරි වගේ බුද්ධිමත් ප්‍රගතිශීලී ජනයා සෝබිත සාදුලගෙ කාණ්ඩේ එක්ක එකතුවෙලා බෙර නොගත්තනං පොල්පොට්ගේ කාම්බෝජෙ වෙන්න ඉඩ තිබ්බ....


    අපමණ අගය හතර අතේ දෝරේ ගලන මේ කාලේ කවිය රුයිතෙට ගියේ මොකද .........?


    කවිකාරේ ඔලුව කොහේවත් හැපිලද....... ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම කී හැම කාලවකවානුවක් ගැනම විවේචනයක් තියෙන බව කවිය හොඳින් කියෙව්වනම් පැහැදිලි වේවි... රාජපක්ෂ අවදිය කියන්නෙ ඒකෙ කූටප්‍රාප්තිය...

      වැඩිමනත් දේවල් නොතේරුණාට මේ කවිකාරිට හැමදාමත් හිටගත්තෙ මනුෂ්‍යත්වය පැත්තෙ.. ඉදිරියෙදිත් ඒක එහෙමම තමයි....

      Delete
    2. හිටගන්න ඇත්තෙ කකුල් දෙකෙන් වෙන්ඩ බැ...

      Delete
  9. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17417-2015-06-20-22-57-59

    ReplyDelete
  10. ඇත්ත කතාව..යකා එලෙව්වට තාම යන්ට සූදානම් නෑ වගෙ. ජනවාරි අට පටන්ගත්තු වැඩේ තාම ඉවරයක් නෑ. ස්තූතියි ඔබට තරූ....:)

    පලි - ලොක්කා පිෂ්ෂු නම් කෙලින්ට එපා..ලක්ස හැටදෙකක් ඔහෙට මනාපෙ දුන්නෙ පල්හොරු රැලක් එක්ක එකතුවෙන්ට එහෙම නෙමෙයි හොඳේ?

    ReplyDelete
    Replies
    1. යකා එළවලම දාන්ට සැබෑ උවමනාවෙන් වැඩ කරන පාටක් පේන්ට නැහැ. මේ මොහොතෙ පක්ෂ ගැන නොහිතා පොදුවේ රට ගැනයි හිතන්න ඕන... ඒ නිසා කාලයක් කළ කැපකිරීම් වතුරෙ යයි ද කියන සාධාරණ බය දැනෙනවා රවී..

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...