පිටු

Friday, October 2, 2015

එ'කව ඔබට ය...


සිඟිති අතැඟිලි ලෙළවා ලෙළවා
ඉරු රැස් කෙඳිති බේරෙ දිය මත
පළිඟු සිත්තම් මවන මොහොතක...

සන්සුන්ව ඇදී ආ රිය සක
නුහුරු නුපුරුදු නැවතුමක
අඳුරු වීදුරු තිරය අතරින්
එබෙන සඳවත..

එදා ඒ ළෙංගතු සිනාවම
එදා ඒ පෙම් බැඳි කතාවම
කිසිදු වෙනසක් නැති
එදා ඒ ඔබම ය...

‘‘මේ මගෙ කවි පොත.. ඒ තමයි දෙන්න තියෙන තෑග්ග. ඔයා ගැන එකම එක කවියක් තියෙනවා. පුළුවන්නම් හොයා ගන්න...‘‘

දැල්වෙනා සිනාව ය
එසවෙනා දහස් ඇස් අබියස
ගොළු වෙනා සිතුවිලි ය
නොනැවතුණු බැවින්
එදවස එතැනම මම ද
අද ද නවතනු නොහැකිය
ඔබව ද.... 
යනු යෙහෙකිය..
මේ සිනාවම මිස 
ඇසෙහි තෙත
ඔබ දකිනු නොරිසි ය....

‘‘යන්නං නංගා..... බුදු සරණයි..‘‘

තාම හිත ළඟ සුවඳ ය
ඒ පෙරපුරුදු ස්නේහය
නොමියැදෙන මහිමය
ඇවිළුණා සත්තයි ළය..

හිත පෑරෙනා හැම රෑක
කඳුළක සිහිනමය ලැගුම් පල
ඒ පුළුල් උරහිස ය
වදනසිපතින් හිත 
හීරෙනා හැමදාක
ළතෙත් මුදු හද බසක
සිහිල සිහිවන අරුමය...

දුරකථන හද වෙණ තත් සිහින් ස්වරයෙන් වැයේ.
ඒ ඔබ ය.

‘‘කෝ මගේ කවිය.. පිටුව කියන්න..‘‘
‘‘ම්හ්.. කියන්නෙ නෑ...ඔයා හොයා ගන්න ඕනි..‘‘
‘‘හැත්තැ තුන පිටුව නේද?‘‘
‘‘ආ...............‘‘

විස්මපත් වෙමි.

කවියක ළෙංගතුකමින්
අප බැඳුණු හැටි එදවස
හසුනෙන් හසුනට මුසු වුණ 
කවිකම්හි උණුහුම
මට ම අමතක වීම කදිමය...



12 comments:

  1. ලොකු කතාවක් පොඩි කවියකින්..

    ReplyDelete
  2. මේ අද්දැකීමක්ද තරු අක්කේ. මට ඒ තරමටම දැනුනා.
    ලස්සනම ලස්සනා......යි

    ReplyDelete
  3. සුපිරියි................................ ජයවේවා

    ReplyDelete
  4. හිතට තදටම දැනෙන්න ලියපු කවියක්..
    ලස්සනයි.

    ReplyDelete
  5. කලින් ඇවිත් ගියාට අදහසක් පලකලේ නැ.
    ලස්සන පබැදුමක්..
    සිතකට ගලාගෙන එන සිතිවිලි ගොන්නක් ලස්සන කවි පද ටිකක් කරන්න පුලුවන් කම තියෙන්නේ සැබැම දක්ෂයකුට විතරයි.
    ඔය උඩින් ඉන්න ආර්යන්ගෙයි,කුරුටුගෙයිත් ඒ දක්ෂකම තියනවා.ඒ වගේම තවත් කෙනෙකු හදුනාගැනිමට ලැබිම සතුටක්.

    තරැ අක්කට ජය (හැමෝම අක්කා කියන නිසා මමත් කීවෙ.)

    ReplyDelete
  6. අපූරු පබැදුමක් ... ලස්සනයි..

    ReplyDelete
  7. මේ වගේ මතක අමතක කරනු ලේසි නැහැ තරු අක්කේ.
    හැත්තෑ තුන් වෙනි පිටුවේ කවිය ගෙදර ගියාම කියවන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. මාත් කියෙව්වා. (හැබැයි ඔන්න කියවල අනම් මනම් කියෝනව එහෙම නෙවෙයි..)

      Delete
  8. එ'කව කියවා,
    තරව පියවුණු දෑස අබියස,
    මැවෙන සහසක් සොඳුරු සැමරුම්,
    අතර ගතවුනු අසුරු සැණයක්,

    ReplyDelete
  9. එකම එක පිටුවක
    සිරකල එවන් සෙනෙහස
    නුඹගෙන් නොඅසාම
    විසිරිලා මුළු පොත පුරාම

    බලමු එහෙම ද කියලා පොත හම්බ වුණාම :)

    ReplyDelete
  10. හප්පා, අර කතාව කියවලා ඇවිල්ලා මේක කියෙව්වම!

    තරු, මට තාම ඔයාගෙ පොත ගන්න හම්බවුනේ නෑ. ඉක්මණටම ගන්නවා. මේ වගේ හිත කූරුගාන අකුරු මගඇරෙන්න දෙන්න බෑ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...