පිටු

Tuesday, May 13, 2014

දළ බිඳුමට වඩා....

 
 
පා මුලින් ඇරඹ
ඉහ‍මොළ දවාලන
ගිනි පිඹින
‍ගෝනුසු දළ පහර...
ළෙහි තෙතක්

ඇත්තේම නැතුවාද
දළ බින්දෙ මේ මට ම...

මං ආවෙ
අන්ධ අඳුරට මැදි ව
තනි මඟ ම

අහසත් ඉකි ගගහ අඬද්දිම..
නොදුටිමි සත්තකින්
නුඹ ඔතැන
දරු පවුල එක්කම...


නෙත් ඉවුරු බිඳි බිඳී
ගලද්දි හද නදිය
ගෝනුසු පැටවුන් පවා
භීතියෙන් හැකිළෙත් ය
අහිතකින් නොවේ මේ
කඳුළු නුඹ නමට නොව


දළ බිඳුමට වඩා
රිදුම් දෙයි

හද බිඳුම....

2013.05.02

21 comments:

  1. ඕනෑම බිඳුමකට වඩා රිදුම් දෙයි
    හද බිඳුම

    හදවතේ රිදුම තරම් රිදුමක් තවත් නැහැ තරු අක්කේ...:(

    ReplyDelete
  2. ලස්සන සිතිවිල්ලක් තරැ නඟේ! ජය!

    ReplyDelete
  3. ඔහුගේ හෝ ඇයගේ ලෝකයම වූවන් සමගින් අහිමි වූ පෙම දකින්නට තරම් සිත් දැඩි වූවෝ කවරහුද?

    ReplyDelete
  4. හදවතින් වැළපෙන්නෝ කොතෙක් වෙද්ද අපතරම..... එහෙත් සිනාවෙන් ඒ හදවත් වැසී ඇති නිසාවෙන් කිසිවකු එය නොදකිනු ඇත.

    ReplyDelete
  5. ඔවැනි විරහ දුක් වලට ඇති සරලම උත්තරේ ඉතින්

    ආදරේ කරන්න එත් වහලෙක් වෙලා ඇලෙන්නේ එපා
    ආදරේ දකින්න එත් මනෝ ලෝක ගොඩ නගන්න එපා
    ආදරේ විඳින්න එත් විඳීම හිතින් අරගෙන යන්න එපා
    ආදරේ හොයන්න එත් එය සත්‍ය සෙවීම කර ගන්න එපා

    ටිකක් වෙනස් විදියට බලන්න හැමෝම ආදරේ කරන විධියට නැතුව, මොකද අහිමි විමක දුකක් දැනෙන්නේ නෑ, මොකද මනෝ ලෝක නෑ කඩාගෙන වැටෙන්න, ඇලිලා නෑ ඇත අරගන්න බැරිව, වින්දට විඳවන්න තියා ගත්තේ නෑ, හෙව්වට ඒ තුල සැබෑවක් නෑ. ගණන් ගන්න එපා මන් ටිකක් අමුතුයි ඇ :D

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා නිර්මාණය නම් අපූරුයි, මන් උඩින් කිව්වේ අර විරහව නිසා විඳව විඳව ඉන්න අයට ඇ, මොකද අපිත් ඕක විඳලා තියෙනවා, එකම ටිකක් වෙනස් විදියකට බැලුවම මොන මගුලට වින්දවනවද කියල හිතුනා. :D

      Delete
  6. අහා බිඳුම කියන්නෙ රල බිඳුම විතරක් නෙමෙයි වාගේ.

    ReplyDelete
  7. ගෝනුස්සගෙත් හද රිදෙන්න ඇති ඒ හැඬුමට

    ReplyDelete
  8. අපේ බ්ලොග් සින්ඩියට ඔබේ පිටුවත් එක්කරන්න. මෙන්න ලින්ක් එක

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  9. හද බිඳුම තරම් දරුණු බිඳුමක් මා නොදනී...

    ජය වේවා!!!!!

    ReplyDelete
  10. මටනම් ඔය බිංගෙවල්වලදි හූ කියනකොට කේන්ති යනවා. ඒ මගේ වරදක් වෙන්න ඇති. බීඩි නඩුකාරයා කොච්චර සැහැල්ලුද කියලා බලපන්.

    ReplyDelete
    Replies
    1. වැරදි තැනක වැටුනු කමෙන්ට් එකක්. තරු මට සමාවෙන්න.

      Delete
    2. බීලද මන්දා...

      Delete
    3. පුහ්....පෝයට කවුද යකෝ බොන්නේ. අරක්කු ටික සේලයින් බෝතලයකට දාලා නහරගත කරනවා ඇරෙන්න. වැඩි විස්තර රවීගේ පහුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස්වල බලපන්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හේක් හෙක් අයිස් කිරීම් කාල මත් වෙලා වත්ද

      Delete
  11. //දළ බිඳුමට වඩා
    රිදුම් දෙයි
    හද බිඳුම.... // :(

    ReplyDelete
  12. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  13. හද බිඳී ඇතිවාට සැක නැත.

    ReplyDelete
  14. මෙවන් කවි කියවා ලබන අත්දැකීම් නූතන කවිය කෙරෙහි උනන්දුව දක්වන නව පරපුරට හොඳ අත්දැකීමක් වගේම වස්තු විෂය තෝරාගැනිම අවශ්‍ය බස ආකෘතියට අනුව සකස් කර ගැනිම පිළිබඳව කවියට උනන්දුවක් දක්වන්නන්ට වඩාත් වැදගත් වේවි.

    තරූගේ කවි ගැන වෙනත් කුමක් කියන්නද? එකතු කරල කවි පොතක් හදන්න. ඒක ලොකු ආයෝජනයක් වේවි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...