පිටු

Friday, June 8, 2012

කිරිල්ලිය කැදැල්ල හැර ගියා... සදහටම



අකුරු හදාරන කාලෙ ඉලමයි මේ කුරුළු ජෝඩුව පෙමින් බැුණෙ.....
වසර ගණනාවක් පෙරුම් පුරල කැදැල්ලක කූඩු උණේ පහුගිය දුරුතු මහේ...
කැදැල්ලේ උණුසුමට කැටි වෙන්නට ලැබුණෙ එකම සතියක් පමණයි...

කුරුළු ඉළන්දාරියා සත් සමුදුරෙන් එහා ඉගිළුණේ
කිරිල්ලියවත් ඉක්මණින් තමන් ළට කැන්ද ගන්න හිතා ගෙන...
අනේ කොයි තරම් බලාපොරොත්තු ගොඩක් පොදි බැගෙන ඉන්න ඇද්ද හිත්වල....

කිරිල්ලිය ගිලන් වුණා.... හීන බො උණා.... කුරුළු ඉළන්දාරියා ආපහු ගම රට ආවා...
අහිංසක කිරිල්ලිය සදහටම දෙනෙත් පියා ගත් බව ඊයෙ දැන ගන්නට ලැබුණා...
පිලිකාවක්ලු කිරිල්ලිගෙ ජීවිතේ අරන් ගියේ......

දෛවය මේ තරම් අකාරුණික වෙන්නෙ කොහොමද?
මේ කර්මයද?
ලබා උපන් හැටිද?
දේව කැමැත්තද?
අපි කන්නෙ බොන්නෙ හුස්ම ගන්නෙ විස නිසාද?

මනාලියක් වූදා කිරිල්ලියගෙ අහිංසක හිනාව, සුන්දරත්වය හි‍තේ මැවි මැවී ජීවිතේ අර්ථය ගැන වැඩි වැඩියෙන් හිතන්න කියල මගේ හිතට බල කරනවා....

ආදර සොයුරිය ඔබට නිවන් සුව අත්වේවා... කිසිදු අත් භවයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා..
සදාතනික සැනසුම ලැබේවා.....

8 comments:

  1. මරණය අපි පිටුපස වධකයෙක් වගේ හඹා ගෙන එනවලු.

    අපිත් ඒ සොහොයුරියට නිවන් සුව පතනවා

    ReplyDelete
    Replies
    1. පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ.... එහෙම නේද?
      ස්තුතියි මල්ලි.... ඔයාගෙ පැතුමට...

      Delete
  2. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියල කියනවනේ :-/
    මරණයෙන් ගැලවෙන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ නෑනේ!
    බෞද්ධයෝ විදියට අපි ඒ සහෝදරීට නිවන් සුව පතමු!

    (මේ බ්ලොග් 1 ෆලෝවර් ගැජට් 1 නැද්ද,නැත්තම් මට පෙන්නේ නැද්ද??:-/)

    ReplyDelete
    Replies
    1. සතුටුයි මගේ බ්ලොග් පැත්තෙ ආවට.. ඔයා කියන්නෙ ඇත්ත... අපේ පැතුම් ඒ නංගිගෙ ආත්මයට සැනසීමක් වේවි...

      තාම බ්ලොග් ගැන ඉගෙන ගන්න‍වනේ... අඩුපාඩු හෙමිහිට හදා ගන්න පුළුවන් වේවි... ස්තුතියි නුවන් අදහස් දැක්වූවාට

      Delete
  3. අදමයි පළමුවෙන්ම මේ බ්ලොග් එකට ගොඩ වුනේ. ඔබ අස්වැන්නට ඇවිත් තිබුණ නිසා පාර හොයාගන්න පහසු වුණා.

    දුක් මුසු පුවතක්.. ඒ යළි නොඑන්නම ගිය මිතුරියට නිවන් සුව පතමු. යළි මෙවන් අකල් මරණයක් නොවන්නට. මේක බුදු දහමේ හඳුන්වන්නේ කර්මය ලෙසට. අපි ඊට ඉඩදිය යුතුමයි.

    ඔබේ මිතු දම සදාකාලික මතකයේ රැ‍‍ඳේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අස්වැන්න හරිම සරුසාරයි... මම කියවපු සාරවත්ම බ්ලොග් එකක්.... ඔබ වැනි කෙනෙක් ‍මගේ බ්ලොග් එකට පැමිණීමත් මට සතුටක්.... ස්තූතියි.

      Delete
  4. අපිත් ඒ සොයුරියට නිවන් සුව පතනවා!!!

    ආවොත් මෙලොවට... යායුතුයි හැරදා දිනෙක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගි... මේ වගේ අකල් මරණයක් නොවේවා කියල අපි ප්රාිර්ථනා කරමු...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...