අපගේ ‘තීර්ථය’ කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකනයට පැමිණි විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් යුවළගේ සහ අප දයාබර දයානන්ද රත්නායක සොයුරාගේ ඇරයුම අනුවයි ඊයෙ ආනන්ද කුලරත්න ශාලාවේ ‘‘මාරම්බරී” ප්‍රසංගය සමඟ දැහැන්ගත වන්නට හැකිවුණේ. ඇත්තටම අතිශය සොඳුරු ගී දැහැනක්... පැය තුනක්, අසුරු සැනක් වූ බවයි හැඟීම...
එඩ්වඩ්ගේ ගී හඬ ජීවිතය
සමඟ මෙන්ම මෙතෙක් මා කළ වැඩ සමඟ ද කොතරම් සමීපව බැඳී පවතිනවාද යන්න මට සිහිපත්
වුණේ ‘මාරම්බරී’ අතරතුර... බ්ලොග්
ලොව තුළ මේ දිනවල රැළි සරැළි නංවන ගී දහසයේ අම ගී නදී දහරට වෙනසක් කරමින් මං
හිතුවෙ මගේ ජීවිතයේ විවිධ මතක සටහන් සමඟ බැඳී පවතින, ඒ වගේම මම ඉතාම ප්‍රිය කරන එඩ්වඩ්
ජයකොඩි සහෘදයාගේ ගීත 16 ක් ඔබ වෙත ගෙන එන්න..
1997 වසරෙ තමයි මම ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ (ළක්‍රිවී)
ව්‍යාපාරයේ අනුශාසිකාවක් විදියට සම්බන්ධ වෙන්නෙ. මුල්ම අනුශාසක පුහුණුව පැවැත්වුණේ
කුලියපිටිය සත්පහන ශාලාවෙ. සෙනසුරාදා උදෑසන සුපුරුදු විදියට භාවනාවක් කෙරෙනවා පැය
භාගයක. මේක වෙනස් විදියක වැඩක්. පැය භාගයක හිත එකඟ කරගැනීමක් සහ ඉන්අනතුරු ව
සංවාදයක්.. නිවැරදි භාවනා ක්‍රමය නොවෙන්න පුලුවනි. නමුත් අපි ළමා, තරුණ
වැඩසටහන්වලදි හැම උදෑසනකම පැයක් මේ වැඩේට වෙන් කරනවා. එදා භාවනවා මෙහෙයවූයෙ ළක්‍රිවීයේ
ජ්‍යෙෂ්ඨ අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක්. ඒ නිලන්ති අක්කා සහ බර්නි අයියා.. ඔවුන්
තෝරාගෙන තිබුණේ ගීතයක්... ඒ ගීතය සමාජ, දේශපාලන වටපිටාව සහ පුද්ගල ජීවිතය සමඟ
ගළපාගන්න විදිය තමයි එදා කතා බහේදි මතුවුණේ... මෙන්න ඒ ගීතය... ( ගී දාසයේ අංක 01.
)
රන් හිරු
මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතවෙනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතවෙනවා
සයුරේ පැන් තොට
සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කළ කීදේ හිත හඩවනවා
නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ
මට මතක හැටියට ඒ 1998
වසර. ගමේ පල්ලියෙ තරුණ සමිතියෙන් අපි නත්තල් කැරොල් ගායනා වැඩසටහනක් කළා. මේක
ටිකක් වෙනස් විදියක වැඩක්.. නත්තල් ගීතිකා පමණක් නෙවෙයි. ගීත කිහිපයකුත් වැඩසටහනට
එක් වුණා. ඒ හැම ගීයකටම හැඳින්වීමක් එක්ක. අනිත් කාරණේ මේ එක තැනක කළ වැඩසටහනකුත්
නෙවෙයි. ගම් කිහිපයක් සහ නගරය ආවරණය වන විදියට තැන් කිහිපයක කළ වැඩක්... එයට
ඇතුළත් වූ මා කැමති ගීතයක් මේ... ගයන්නේ එඩ්වඩ් සමඟ චරිතා. ( ගී දාසයේ අංක 02 )
පන්සලේ
පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ්
පෙනේ ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ
මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ
නැති කමයි රජ
වුනේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ
හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ
නැගෙව් මියැදුනත් හාමතේ
වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ
ජීවිතේ
වේදනාවෙන් සදාකල් ගෙවූ
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
පරපුරක් බිහි
කරව් මාවතේ තනි නොවූ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - රෝහණ වීරසිංහ
ළක්‍රිවී ව්‍යාපාරය
තුළ අනුශාසකවරුන් වෙනුවෙන් ත්‍රෛමාසිකව එළිදක්වන සඟරාව තමයි ‘සබඳ‘. මගේ අනුශාසක
ජීවිතයේ මුල් අවුරුදු කිහිපයේ ළක්‍රිවි කාර්යාලයේ වැඩ කරමින්, අධ්‍යාපන කමිටු
සභාපති ධූරයත් දරමින් සබඳ සඟරාව සංස්කරණයටත් වැඩි දායකත්වයක් දුන්නෙ බර්නි අයියා.
( ඩෙවොන් ගල්හේන ) සෑම සඟරාවකින්ම ගීතයක් හඳුන්වා දුන්නා. බොහොම අර්ථාන්විත සටහනක්
එක්ක වරෙක හඳුන්වා දුන් මේ ගීතය ස්ථිරව, ස්ථාවරව බොහොම ළෙංගතුව මගෙ හිතේ තැන්පත්
වුණා. තීර්ථය ගී රස වින්දන වැඩසටහනත් එක්ක එහි ගේය පද රචකයා දැන හඳුනාගන්නට
ලැබීමත් සතුටක්. ඒ වගේම ‘තීර්ථයේ‘දි, ඉන් සතියකට පසුව නැවත‘මාරම්බරී‘ හිදීත් මේ
ගීතය එඩ්වඩ්ගේ හඬින් සජීවීව අහන්න ලැබීම වාසනාවක් නෙවෙයි ද? ( ගී දාසයේ අංක 03 )
ළඳු ඕවිටි
කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්‍රමය කළු ගල් වී බිම ඇතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්‍රමය කළු ගල් වී බිම ඇතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
2000 වසරේ කැලණිය සරසවියට පැමිණීමත් එක්ක මම ළක්‍රිවී කාර්යාලය සමඟ ජාතික මට්ටමින් සමීපව වැඩ කරන්න පටන් ගන්නවා. නිතර කාර්යාලයට යන්න එන්න ලැබෙනවා. ළමාහඬ පුවත්පතට, සබඳ සඟරාවට, වාර්ෂිකව සම්මේලනයෙදි දෙන ගීත පොතට, ලංකාව පුරා කරන ළමා වැඩසටහන්වලට උදව් කරන්න ලැබෙනවා. මේ අතර ළමා වැඩසටහන්වලදි මව්පියන් ගැන කතා කරන්න එඩ්වඩ් ජයකොඩිගේ ‘කරදිය ගැඹරේ‘ ගීතයත්, නිරෝෂා විරාජිනිගේ ‘සුදු ඇත් පොව්වෙක්‘ ගීතයත් ළක්‍රිවියට හඳුන්වා දෙන්නෙ මවිසින්. නිලන්ති අක්කා විහිළුවට කියන්නෙ තරංගිගේ ගී කියල. තාත්තා කෙනෙකුගේ කැපවීම, ආදරය ගැන දරුවන්ව සංවේදී කරන්න අපි මේ ගීතයත් එක්ක අවුරුදු ගණනාවක් ගනුදෙනු කළා.
‘කරදිය ගැඹරේ‘ කියන්නෙ
එඩ්වඩ් ගෙ පළමු ගීතය. ඔහු වසර නවයක් ගුවන්විදුලියෙ ආධුනික ගී තරඟවලට සහභාගි වෙලා
තියෙනවා. ජයක් ලැබිල නැහැ. වසර හතරක් අත්වැල් ගායනා කරල තියෙනවා. හ්ම්..හ්ම්...
හා..හා.. හෝ...හෝ... ‘මාරම්බරියෙ‘ ඒ අත්දැකීම් පවසන්නෙ සොඳුරු සිනාවක්, විහිළු කතාවක් සමඟ. නමුත් ගායන දිවියේ ඉදිරියට යන්න කළ අපමණ දුෂ්කර ක්‍රියාවන් පිළිබඳව, ඉවසීම සහ කැපවීම පිළිබඳව මහා කතාවක් මේ තුළ තියෙනවා. එක රැයින් තරු උපද්දන රටක සැබෑ තරුවක් වීමේ වේදනාබර අසිරිය ඒ ඉවසීම තුළ තියෙනවා. මේ විදියට ගෙවුණු
වසර 13 කට පසුව ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකදි ජී.එස්.බී. රාණි පෙරේරා ප්‍රවීණ
ගායිකාව එඩ්වඩ් අත ගීතයක් තියනවා. අද මේ ගීතය ගායනා කරන්න කියමින්. ඒ මොහොතේම රෝහණ
ගීතයට තනුවක් යොදනවා... එඩ්වඩ් මේ වචන කිහිපය ගායනා කරන්නෙ බොහොම හැඟීම්බරව...
‘කිරි කැටි පුතුනේ...
කිරි කැටි පුතුනේ‘....
‘මේ වචන ටික තමයි මගේ
ආත්මය. මේ වචන ටිකට මම මගේ ආත්මයෙන්ම ආදරෙයි.‘ ඔහු කියනවා. ( ගී දාසයේ අංක 04 )
කරදිය ගැඹරේ
තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යඳඩු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
දුම් රොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යඳඩු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
දුම් රොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
පද රචනය - ප්‍රේමකුමාර ජයවර්ධන
තනුව - රෝහණ
වීරසිංහ
ළමා විය කොයිතරම් සුන්දර ද? කොයි තරම් වටිනවද? මොන තරම් දුෂ්කරතා අභියෝග තිබුණත් අපි ජීවිතය ධෛර්යයෙන් ජය ගත යුතුයි නේද යන්න දරුවන් එක්ක කතා කරන්නට අපි එඩ්වඩ්ගේම තවත් ලස්සන සින්දුවක් යොදා ගත්තා. ඒ තමයි අඹ යහළුවෝ නාට්‍ය යේ තේමා ගීතය. ‘මාරම්බරී‘ සංගීත ප්‍රසංගයත් දරුවන්ව අමතක නොකර ලස්සනම ළමා ගීත කිහිපයක කොටස් එකට එකතු කරල දරු දැරියන්ගේ නර්තන අංග සමඟ එක් කළ විශේෂ ගීත රංගනය අගනා වැඩක් බවත් මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි. ( ගී දාසයේ අංක 05 )
කටු අකුලේ මල්
ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ
තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ සුදු වළා පාවෙනා
ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ රන්මිණි පහනයි
අනාථ දෑසේ කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ හසරැලි උයනයි
තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා
කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ
ගී පද : බන්දුල නානායක්කාරවසම්
ගීත මියැසිය : ආනන්ද ගමගේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ
තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ සුදු වළා පාවෙනා
ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ රන්මිණි පහනයි
අනාථ දෑසේ කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ හසරැලි උයනයි
තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා
කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ
ගී පද : බන්දුල නානායක්කාරවසම්
ගීත මියැසිය : ආනන්ද ගමගේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්
‘ගන්නකො කෝල් එකක්. ලස්සන සින්දුවක් අහන්න.‘ කෙටි පණිවිඩයක් තැබුවා.
එසැණින් ඇමතුම සම්බන්ධ වුණා. මම අතිශය ආදරය කරන ගීතයක්. එහා කොණ ඔහුත් ඒ ගීතය රස
විඳින්නට ඇති. ගීතයේ නිමාවත් එක්ක දුරකථනය ක්‍රියා විරහිත උණා. බැටරිය පණ අදිමින්
උන්නේ. සුසුමක්.. ( ගී දාසයේ අංක 06 )
ළවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..
ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු අප එය නොවී පමා
පියවර මැන යමු..යොදුන් ගෙවා..
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්..අපේ ලොවේ..
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව - එඩ්වඩ් ජයකොඩි
ළක්‍රිවියේ එක් වාර්ෂික තේමාවක් වෙන්නෙ ‘සලකමු මව්පිය බැතියෙන් සැමදා‘. මෙතනදි මව්පියන්ට ආදරය, ගෞරවය දක්වන්න ළමා මට්ටමින් කළ හැකි දේවල් ගැන අපි කතා බහ කරනවා. ‘කවද හරි දවසක ඉගෙනගෙන, ලොකු රස්සාවක් කරලා, තෑගි භෝග අරන් ඇවිත් අම්මල, තාත්තල බලන එකම නෙවෙයි සලකනවා කියන්නෙ. පුංචි ඔයාලට පුලුවන් දැන්ම ඉඳලම ඔයාලගෙ අම්මල, තාත්තලට සලකන්න.‘ එහෙමයි ඒ කතා බහ ඇරඹෙන්නේ. එතනදි අපි දරුවන්ට කතා කරන්න මේ ගීතයත් සම්බන්ධ කරගත්තා. ඇත්තටම චිත්ත රූප මවමින් බොහොම සංවේදීව ජීවිතයට ළං කරගන්න පුළුවන් ගීතයක් මේ. මේ ගීතයත් මාරම්බරිය පොහොසත් කළා. ( ගී දාසයේ අංක 07 )
කැරකෙන රෝදේ පුංචි
කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ
කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ
කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ
පද රචනය - සිරිල් සමරකෝන්
තනුව - කළණි පෙරේරා
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ
කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ
කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ
පද රචනය - සිරිල් සමරකෝන්
තනුව - කළණි පෙරේරා
‘මාරම්බරී‘ සැරසූ මේ ගීතයත් මං හරිම ආදරය කරන ගීතයක්... ( ගී දාසයේ අංක 08 - ඉතිරි අට පසුවට )
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා
පද රචනය - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ වීරසිංහ