ඔහු කලිසම් සාක්කුවල ඔබා ගත් අත් ඇතිව, නමා ගත්
හිස ඇතිව නිහඬවම ඇවිද යනු මා දැක තිබිණි. දිවිහිමියෙන් රකින්නේ යැයි සපථ කරගත්තාක්
වැනි ඒ මුනිවත නිසා ම මා ද ඔහු සමඟ එක වදනක් හෝ හුවමාරු කරගෙන නොතිබිණි.
‘‘අක්ක, දන්නවද අර අළුතෙන් ඇවිත් ඉන්න මහත්තයා
කවි සින්දු ලියන එක්කෙනෙක්. ලස්සන සින්දු ලියල තියෙනවා. පොතක්ම තියෙනවා. ඔයා
ඉල්ලගෙන බලන්නකො.‘‘
ලැබුණු ඔත්තුව අනුව මම ඔහු සොයා ගියෙමි.
‘‘හේමසිරි මහත්තයා ලස්සන සින්දු ලියල තියෙනවා
කියල ආරංචියි.. මටත් දෙන්නකො ඒ පොත බලන්න.‘‘ ප්‍රථමවරට සුහද පිළිසඳරකට දොරගුළු හැර ගතිමි. සිනා මුහුණින් ඔහු බෑගය හැර
පොත මා අත තැබුවේය.
මම ඇස් නළලේ රන්දා ගතිමි.
‘‘මේ සින්දුව!!!! ...... මේ සින්දුව ලිව්වෙ සර්
ද? මං කැමතිම සින්දුවක්..‘‘
ඔහු හිනැහී හිස සැලුවේය.
පොතේ නම ද එය ම විය. ‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ - හේමසිරි ගුණතුංග.
ස්නේහයේ නගරයයි සිත මගේ..
මාවතක් හෝ නොවූ රාගයේ..
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
යෞවනේ නිල් නුවන් සේ රැකී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් - දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...
‘‘ස්නේහයේ නගරයයි සිත මගේ‘‘ ගී පද එකතුව 1996 වසරේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ වූවකි. පොත පිටුවෙන් පිටුව පෙරලාගෙන යන විට තවත් මගේ සිත ඇද බැඳ ගත් සොඳුරු ගීත රැසක් හමු විය.
සිලිං බිලිං කූරු වළලු - පාට හතේ මාල පබළු
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා...
නීලා වික්‍රමසිංහ ගයන මේ ගීතය කොයි තරම් අපූරුද? පද ගැළපුම කොතරම් හෘදයාංගම ද? ළමා වැඩසටහන්වලදී අපි කොතරම් මේ ගීතය ගැන කතා කර ඇත්ද? මා ඉදිරිපිට සිටින්නේ ඒ ගීතය ලියූ මිනිසා ය. මම විස්මපත්ව සිටියෙමි.
ඔහු ලියූ ගීත අතරින් බොහොමයක් ගයා ඇත්තේ අමරසිරි පීරිස් විසිනි. අළුත් පාලමත් එක්ක වෙනස් වුණු තමන්ගේ ජීවිතය ගැනත්, ගමේ ජීවිතය ගැනත් තොටියකුගේ සිතුවිලි මේ ගීතය තුළ කොතරම් සංවේදී ලෙස ගොනු වී ඇත්ද?
කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..
එගොඩට යන්නට.. එගොඩට යන්නට..
ඉර ගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ .. ඔහෙ තිබුණාවේ
කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ..
අමරසිරි පීරිස්, මැණික් ජයසේකර ගයන මේ ගීතයත් ‘සල් සමන් සුගන්ධිනී‘ සල් සමන් සුගන්ධයක් තරමටම හිතට සමීප ය..
සල් සමන් සුගන්ධීනී වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් විලේ
වැදි සනුහරේ සෙනේවන්තයෙකුගේ කී ගාන හඳුන් පොත එළිදරව් කරන මේ ගීතය ගී මී විත විඳින සහෘද මනසට ආගන්තුක නොවනු ඇත.
මී පැණි දී රිදී ගන්ට
ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට
වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන
සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන්
වහන් වෙයන් ගෝමරියේ........
දිය පොජ්ජක් ඇන්න යන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ........
අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ..
මැණික් ජයසේකරගේ හඬින් ගැයෙන මේ ගීතයත් හද බැඳී සොඳුරු ගීතයක්ම නොවේද?
බිඟු රෑන වගේ මල් යාය ට
පහන වගේ හැන්දෑවට
නුඹ නැති දා මගෙ හිත පාළුයි
යන්න එපා මං හරි යාලුයි....
ප්‍රේමණීය ගීත මෙන් ම මානව ප්‍රේමය මුසු වුණු විවිධ තේමාවන් යටතේ ලියැවුණු ගීත ද සොඳුරුය.
ජීවිත මානයේ හදවතට දැනෙන, මනස කලම්බන විවිධ තේමාවන් තම ගීතයට පසුබිම් කරගන්නා ඔහු ගේය පද රචනය සඳහා අතිශය සරල ළගන්නා සුළු රමණීය බස් වහරක් යොදා ගනියි.
නමුත් ගී පද රචකයන් අතර ‘‘හේමසිරි ගුණතුංග‘‘ යන නම මගේ මතකයේ රැඳී නොතිබිණි. මේ තරම්ම ගීතයට පෙම් බඳින, ගීත සමඟ ම ජීවත් වෙන, ගීත පිළිබඳව සොයා බලන මගෙන් පවා ඒ නම ගිලිහී තිබිණි. ලැජ්ජාසහගත හැඟීමකින් මම මිරිකී ගියෙමි.
‘‘මම ඉතින් මාධ්‍ය පස්සෙ යන්නෙ නැහැ, මගේ නම කියවගන්න. මගේ වැඩ කොටස කරල පැත්තකට වෙලා ඉන්නවා. අද කාලෙ මාධ්‍යවල ගී පද රචකයගෙ නම කියන්නෙත් නැහැනෙ.‘‘

‘‘කලා මාධ්‍යයන් අතරින් ගීතය ජන හදට වඩාත් සමීප බැවින් එහි අන්තර්ගතය ජනතාව ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා ගීත රචකයෙකුට තම නිර්මාණ මගින් සුවිශේෂ සමාජ මෙහෙවරක යෙදෙන්නට පුළුවන්.
මානව හිතවාදීව සමාජය දෙස බලන ගීත රචකයා ප්‍රේමයේ සුන්දරත්වයත්, අයුක්තියේ අසාධාරණයේ හා වේදනාවේ අසුන්දර පැත්තත් තම නිර්මාණවලට හසුකර ගන්නවා.
ගීත රචකයාගේ ප්‍රධාන මෙවලම වචන යි. ඔහුට කාව්‍යමය භාෂාව ඔසුවක් ලෙසත්, අවියක් ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ නිසා වෙසෙසින්ම අයුක්තියට හා අසාධාරණයට එරෙහි වීමේ දී එම අදහස තම ශ්‍රාවකයාට දිය යුත්තේ මනා සංයමයකින් යුතුවයි. ඔහුගේ සංකල්පනාවන් ආවේගාත්මක නොවීම මෙහිදී ඉතා වැදගත්.
මා විසින් සංගීතය නිර්මාණය කළ හේමසිරිගේ පද රචනා තුළ එම ගුණය නොඅඩුව දකින්නට පුලුවන්. මා හේමසිරි දකින්නේ නව අනුභුතීන් සොයා යන නව පරපුරේ නිර්මාණශීලී ගීත රචකයෙක් හැටියටයි.‘‘