‘වියුණු සාහිත්‍යය’ යන්න ආගන්තුක වචනයක් වෙන්න පුළුවන්... නමුත් Blook යන්න සිංහලෙන් හඳුන්වන්නට ඉතාම සුදුසු විදිය මෙය බවයි මගේ හැඟීම.. වියුණු සාහිත්‍යය යන්න මම යොදා ගන්නෙ බ්ලොග් ඇසුරින් මුද්‍රණය වන කෘති හඳුන්වන්නට. ඒ සඳහා සුදුසු හෝ ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමතියි.
ලාංකික අපට ආගන්තුක වුණත් වියුණු සාහිත්‍යය විදෙස් සාහිත්‍යය තුළ නම් දශකයකට එහා අතීතයකට උරුමකම් කියන බව විකිපීඩියා විශ්ව කෝෂය ( Blook ) හෙලිදරව් කරනවා. එය බ්ලූක් යන්න හඳුන්වා දෙන්නෙ මෙහෙමයි.
A blook is printed book that contains or is based on content from a blog.
Blog + Book එකතුවෙන් බ්ලූක් යන්න නිර්මාණය වන්නට ඇති බව උපකල්පනය කළ හැකියි.
..........
මේ වසර තුළ සයිබරීය අවකාශය අතික්‍රමණය කර මුද්‍රිත පෙළක් බවට පත් වූ කෘති දෙකක් පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්... එක් කෘතියක් තිලක සිත බ්ලොග් අඩවියෙහි පළ වූ තෝරා ගත් ලිපි එක් කොට තිලකසිරි ඒකනායක සොයුරා විසින් පළ කළ ‘තිලක සිත’ පොත...
‘‘ජීවිතය කතන්දර ලෙස” එහි තේමාවයි.
වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළ නොවී ඍජුවම බ්ලොග් අඩවියටත් ඉන්අනතුරුව මුද්‍රිත මාධ්‍යයටත් පැමිණි කෘතිය යන අර්ථයෙන් ගත් විට තිලකසිත ලාංකීය වියුණු සාහිත්‍යෙයේ මුල්ම මුද්‍රිත ප්‍රයත්නය වෙන්නත් පුළුවන්. ( මේ පිළිබඳව ඔබ දන්නා තොරතුරු ඇත්නම් සඳහන් කරන්න. )
බෝධිනී ආර් සමරතුංග සොයුරිය අනිත් කොන බ්ලොග් අඩවියේ තෝරා ගත් ලිපි එක් කොට ‘අනිත් කොන’ කෘතිය එළිදැක්වුවා.
''A Doctor's Heart Suthra'' ඒ ඇගේ තේමාව.
කෘතියේ නම සමඟම තේමාවක් බද්ධ වී තිබීම වියුණු සාහිත්‍යයේ අනන්‍ය ලක්ෂණයක් ලෙස ඉදිරියට යන්නත් ඉඩ තියෙනවා.
වියුණු සාහිත්‍යය බ්ලොග් ලෝකයේ අලුත් ප්‍රවණතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම එය සාධනීය වර්ධනයක්.. මේ කෘති දෙකම අත පත් වුණාම දැණුනෙ වෙනස්ම හැඟීමක්. එය සයිබරීය අවකාශයක පළ වන ලිපියක් කියවීමෙන් ලබන්න බැරි ආනන්දනීය හැඟීමක්.
........
වියුණු සාහිත්‍යය බ්ලොග් ලෝකයේ අලුත් ප්‍රවණතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම එය සාධනීය වර්ධනයක්.. මේ කෘති දෙකම අත පත් වුණාම දැණුනෙ වෙනස්ම හැඟීමක්. එය සයිබරීය අවකාශයක පළ වන ලිපියක් කියවීමෙන් ලබන්න බැරි ආනන්දනීය හැඟීමක්.
........
වියුණු සාහිත්‍ය ගමන් මගේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන ලියා තැබීමයි මගේ මේ ලිපියේ මූලික අරමුණ....
තිලක සිත පොත ගැන මා ලියූ සටහනේ අවධාරණය කළ එක් අදහසක් මේ...
‘‘මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකට හෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. ”
‘‘මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකට හෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. ”
- බ්ලොග් අඩවියේ පළ වූ ලිපි අතරින් මුද්‍රිත කෘතියට සුදුසු ලිපි තෝරා ගැනීම සැලකිලිමත්ව සිදු කළ යුතු දෙයක්. එසේ තෝරා ගන්නා ලිපි වුණත් නැවත සංස්කරණය වීම වැදගත්.
- වියුණු සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් බ්ලොග් ලෝකයේ අපට ලබා දිය හැකි දායකත්වයත් සුවිසල් බවයි මම හිතන්නෙ. අපි අතර ඉන්නවා සාහිත්‍ය කලා කටයුතුවල ප්‍රවීණයින්, දක්ෂයින්, නිර්ලෝභීව දායකත්වය දක්වන සොයුරු සොයුරියන්. ඉහත කෘති එළිදැක්වීම්වලදි පවා ඒ බව මනාව පැහැදිලි වුණා.
- අපි අපිටම පුළුවන් වියුණු පොත්වල කවර හදන්න, පිටු හදන්න, සෝදුපත් කියවන්න, සංස්කරණ කටයුතුවලට දායක වෙන්න.
- මෑත කාලයේ මගේ අත්දැකීම් අනුව කෘතියක් සමාජගත කරන්න, අලෙවි කරගන්න යම් ශ්‍රමයක් දරන්න වෙනවා. එය ලේඛකයාට තනිව කළ හැකි කටයුත්තක් නොවෙයි. එය සාමූහික කටයුත්තක් විය යුතුයි. බ්ලොග් ලෝකයේ සහෝදරත්වයට මේ සඳහා දියහැකි දායකත්වයත් අතිවිශාලයි.
- පොතක් මිල දී ගන්න, කියවන්න. ඒ පොත ගැන අදහස් පළකරන්න. තම තමන්ගේ සයිබර් අවකාශය තුළ ඒ පොත් වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න අපට හැකියි.
( ඔබේ අදහස් සහ යෝජනා එක්කරන්න.)