මනුෂ්‍යත්වය කෙතරම් අපූරුදැයි ජීවිතයෙන්ම පසක් වන
නිමේෂයන්හි දී මුළු ලොවම බදා වැළඳ ගත හැකි නිරායාස පේ‍්‍රමයකින් සිත ඇළලී යයි.
එවැනි සුන්දර මොහොතවල දී සිත නැළවිල්ලේය. සැනසිල්ලේ ය. වත නිරන්තර සන්සුන් මදහසකි.
ගහකොල,
ඇලදොල, කුරුල්ලන්, සමනලූන්, උඳුපියලිය මල්, කණමැදිරි එළි සමග පවා සිනාසෙන්නට සිත්වෙයි. මෙය උමතුවක්දැයි විටෙක මට සිතේ.
කෙසේ හෝ එවැනි මහා මෙත් කරුණාවකින්, සංහිඳියාවකින් සිත පිරී ගිය තවත් සුන්දර දවසක් පිළිබඳවය මේ මතක සැමරුම...
දෙව්මැදුර අබියස දී තුන්රෝද රියෙන් බසින විට ම දුරුත්තේ
සීතල පවනැල්ල ගත දැවටී හිත නවමු මිහිරියාවක ගිල්වා ලී ය. තේවත්ත බැසිලිකා
දෙව්මැදුර ආසන්නයේම ඇති පරණ පල්ලිය, කුඩා පල්ලිය නැතිනම් ලූර්දු මාතා දෙව්මැදුර නෙත ඉදිරියෙනි. මා එහි පැමිණියේ
හිතවන්ත සොයුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ය. මනාල මහතා ද මා දැන සිටියෙකි.
අරුමයකි. මග දෙපසත්, දෙව්මැදුර පුරාමත් ධවල පැහැ වස්ත‍්‍රයෙන් ඉතා සරලව සැරසුණු පිරිසකි. විවාහ
මංගල්‍යයක වෛවාරණ විසිතුරු වෙනුවට බලන බලන අත මුදු සුදු පැහැය ය. සුදු මුදු සිනා
ය. සාමාන්‍ය කඩදාසියක මුද්‍රණය කර තිබූ ඇරයුම් පතේ පවා ‘‘සරල චාම් ඇඳුමින් සැරසී පැමිණීම අපි ඉතා අගය කරමු.’’ යනුවෙන් සටහන් ව තිබූ බව මගේ මතකයට නැගිණි.
දෙව් මැදුර ද හරි අපූරු ය. වට කළ බිත්ති හෝ මහා දොර
කවුළු නැත. කණුවලින් සුසැදි එය වඩා නිදහස් ව, නිවහල් ව සමස්ත පරිසරය සමඟ අනන්‍ය වෙමින් ස්වර්ගීය සලකුණක් ව, දිළිඳු බවේ
සංකේතයක්ව පවතින්නකි. සුළං රැලි පවා නිදහසේ සක්මන් කරයි.
‘‘ පැමිණියාට ස්තුතියි’’
මම විස්මපත් වීමි. දෙව්මැදුරට පිවිසෙත්ම දෑත් එක්කොට වැඳ
මා පිළිගත්තේ මනමාල මහතා ය. සුදු පැහැ ජාතික ඇඳුමින් සැරසී සිටි ඔහු නිරුවත්
දෙපයින් පැමිණෙන සියල්ලන් වෙත යමින් එලෙසින් ම පිළිගන්නා අයුරු මම බලා සිටියෙමි.
තවත් අරුමයකි. නියමිත වේලාවට ම දිව්‍ය පූජාව ආරම්භ විය.
මනාලි පාර්ශවයේ කිසිදු පමාවක් නැත. කිසිදු සැරසිල්ලක්
නොවු මොටෝ රියකිනි ඈ පැමිණියේ. මනාලිය සිය මව්පියන් සමඟ ගීතිකා නද මැදින් අල්තාරය
අබියසට පැමිණෙන්නීය.
ඒ නම් මා මුළු ජීවිතකාලයට ම දුටු සරල ම, සුන්දර ම මනාලිය ය.
සාමාන්‍ය සුදු ඔසරියකින් සැරසී සිටි
ඇය පුංචි මල් කිනිත්තක් පමණක් හිස ගවසා ඇත්තී ය. වේලය බිම අමදින තරම් දිගු නැත.
පළඳනා ද සුදු පැහැයෙනි. ඉතාම සරල ය. ආලේපන ගැල්වූ බවක් නොපෙනෙන තරම් ය. කුඩා සුදු අරලිය
මලින් සහ දෑ සමන් මලින් සැකසූ මල් කළඹක් අත දරන්නී ය. නමුදු ස්වර්ගයෙන් බට දිව්‍යාංගනාවක්
තරමට ඇය සුන්දර ව පෙණුනි. අරුමෝසම් මනාලියන් දැක හුරු පුරුදු නෙත නිවී ගියාක්
වැන්න.
විවාහ මංගල දිව්‍ය පූජාව ද අර්ථවත් ගීතිකාවන්ගෙන්, යැදුමින් පිරිපුන් විය. පළමුවෙනි කියවීම බයිබලයේ මා
ඉතාමත් ප්‍රිය කරන ‘‘ප්‍රේම පාරමිතාව ය.” කොතරම් ප්‍රිය වුව ද, මෙතරම් පෙම් කිරීම
නම් පහසු කටයුත්තක් නොවේ.
‘‘ප්‍රේමය........
ඉවසිලිවන්ත ය. කරුණාවන්ත ය.
ප්‍රේමය........
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟු වන්නේ නැත.
ප්‍රේමය....
අවිනීත නොවේ.
ආත්මාර්ථකාමී නොවේ. හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර
නොගනියි.
ප්‍රේමය...
අනුන්ගේ වරද ගැන ප්‍රීති
නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය... සියල්ල
උසුලයි.
ප්‍රේමයෙහි විශ්වාසයට
ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනික ය.....”
පියතුමාගේ දේශනය ද කලෙකින් අසන්නට ලැබුණු අර්ථවත්
දෙසුමකි. ඒකාකාරී, අරුත් විරහිත දේශනා අසා සිටින්නට නොහැකි කම නිසාම පූජාවලට
සහභාගි වීමද එපා වූ කාලයක එම කෙටි දේශනය
සිත් ගත් බව නොකියාම බැරි ය.
නව යුවල හුවමාරු කර ගත්තේ සුදු මුදු ය. එනම් සුදු යකඩින්
සැදු මුදු ය. රන් තැලි පැළඳවීමක් නොවීය.
විවාහ මංගල්‍යය වෙනුවෙන් කිසිදු උත්සවයක් නොගන්නා බව ද, එකම උත්සවය මෙම දිව්‍ය පූජාව බව ද කියැවිණි. දිව්‍ය
පූජාවෙන් පසුව සියල්ලන්ට තේ පැන් සංග‍්‍රහයක් සඳහා ඇරයුම් ලැබිණි.
කිතුනු ජනතාව අතර සුවිශේෂ අනන්‍යතාවයකින් කැපී පෙනෙන ‘‘පුබුදු’’ කිතුනු
සංඝය සරල අල්පේච්ඡ ජීවිත පැවැත්මක් ගත කරන්නෝ වෙති. ‘‘සුදු මුදු විවාහ’’ ලෙසින් හැඳින්වෙන ඔවුන්ගේ විවාහ මංගල පිළිවෙත් අතිශයින් සරල ය. ඒ පිළිබඳව
අසා තිබුණ ද මම මුල්වරට සුදු මුදු විවාහයක් දෑසින් දුටුවේ අද ය. ණයබරින්
මිරිකෙමින් ජීවිතය එපා කරවන විවාහ මංගල උත්සව වෙනුවට කොතරම් අගනා විකල්පයක් ද සුදු
මුදු විවාහය.
තේ පැන් සංග‍්‍රහය ආරම්භ කිරීමට පෙර නව යුවළ විසින්
දෙව්මැදුරු භූමියේ පැළයක් රෝපණය කරනු ලැබීය. අනතුරුව ඔවුන් පැමිණි අමුත්තන්ගේ සුබ
පැතුම් පිළිගන්නා අතර අපි දන්නා හඳුනන හිතමිතුරන් සමග සංවාද වෙමින් නිදහසේ සංග‍්‍රහය
භුක්ති වින්දෙමු.
විවාහ මංගල්‍යය මෙහෙයවීමේ නිල බලය ලත් ඡායාරූප ශිල්පීන්
නොමැති වීම මහත්ම භාග්‍යයකි. එනිසා ම මනාල යුවලටත් අපටත් රිසි සේ සැරිසරන්නට නිදහස
ලැබුණු අතර හිතවතෙකු කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව, ඉතාම ස්වභාවික හැසිරීම් රටා සිය කැමරා කෝණයට හසුකර ගන්නා
අයුරු දකින්නට ලැබිණි.
සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක දී තිළිණ ලබා දෙන්නේ මනාල
යුවලට ය. නමුත් මේ මංගල උත්සවයේ දී මනාල යුවල විසින් පැමිණ සිටින සැම ට තිළිණයක්
සූදානම් කර තිබිණි. ඒ පළතුරු පැළයකි. කොස්, අඹ, අනෝදා, නෙල්ලි, දොඩම්, රඹුටන්, සැපතිල්ලා, කාමරංගා, බෙලි ආදි වූ බොහෝ පළතුරු පැල වර්ග එහි විය. අපට රිසි පැලයක් තෝරා ගන්නට ඉඩ
ලැබිණි. මා තෝරා ගත්තේ බෙහෙත් නෙල්ලි පැලයකි. ඒ තනියෙන් සිටින අපේ ගෙදර පැල කරනු
සඳහා ය.
මේ නම් අරුම පුදුම මගුලක් ම නොවන්නේ ද?
මම ද නව යුවළ වෙනුවෙන් තිළිණයක් ගෙන ගියෙමි. ඒ පොතකි.
තිළිණය ප‍්‍රතික්ෂේප වන විට ‘‘මේ
පොතක්.. පුංචි මතක සටහනක්..’’ කියන්නට
සිදු විය. සිනාමුවින් තිළිණය පිළිගැණුනේ
ඉන්පසුව ය.
සරල අල්පේච්ඡ දිවි පැවැත්මක සංහිඳියාව අත්දකිනු නොහැකිව
අතෘප්තිකරව ජීවිතය ලූහුබඳින මිනිස් වගට මෙවැනි ආදර්ශමත් මිනිසුන් අසිරියක් ම නොවේද?
2014 ජනවාරි 04
ඇත්තටම හදවතට දැනෙන පුදුම සතුටක් ආව.
ReplyDeleteඅපේ බ්ලොග් ලියන මිතුරකුගේ කෝලම් නටපු මගුල් හෑල්ල කියවල දින කීපයක් යන්න පෙර මෙය කියෙව්වම පුදුම හිතුන තරු.
>>එවැනි මනාලියක්ව මව්පියන් සමග පුදසුන අබියසට පා නගන්නට ඇත්නම්.. ක්ෂණික සිහිනමය සිතුවිල්ලක් සිත මත ඇඳී මැකී යයි.<<
සිතට තරවටු නොකර ඒ වගේ සුන්දර දෙයකට මුහුණ දෙන්න දැන් කාලය හරි නේද.....? :)
සුන්දර සරණ බැදුමක්.. නව යුවළගේ දිවිය පුරාම ප්‍රේමයත් එක්ක මේ අල්පේච්ඡ බව පවතීවා යන්නයි මගේ පැතුම..
Deleteඋපුටනය බලධාරියා විසින් කපා හරින ලදී. නැත්නම් හැමෝම කෙන්ජි අයිය වගේ උපදෙස් දෙන්න පටන් ගනීවි...
හැක්..හැක්...උපුටන ය නේද...?
Delete2 + 0 + 1 + 4 = 7
මේ අවුරුද්ද කාටත් සුභයි...
යමක් කරගත්තොත් මේ අවුරද්ද තමා... :).
අමුතු පරිසරයකට ගියා හිත.........
ReplyDeleteමම ඒ පරිසරය හැබැහින්ම වින්දා මල්ලි.. ඒ හිතට දැණුනු අපූර්වත්වය වචනවලට නැගිය නොහැකි තරම්...
Deleteමේක හැබෑවටම ශ්‍රී ලංකාවේ වුනා නම් ඒක අදහන්න වටිනවා....!!!!!
ReplyDeleteලංකාවේ තරම් එපා කරපු මඟුල් ගෙවල් ලෝකේ කොහෙවත් නෑ මට නම් හිතෙන්නේ. ඒවා අස්සේ තියෙන හිස්කම දැක්කම එන්නේ කලකිරීමක්. හොඳම ෆොටෝග්‍රැපර්, වීඩියෝග්‍රැපර්, හොඳම හොටෙල් එක, හොඳම රං ආභරණ මිසක් වෙන දේවල් අද විවාහ මඟුල් වල දකින්න නෑ නේ.
මම නම් මට ලංකාවේ විවාහ මංගල්‍යයක් කියද්දි පුදුම අසහනයකට පත්වෙන්නේ. ඒ තරම් වදයක් වෙලා දැන් ඒක. මේ රටවල් වල නම් තවම බොහෝ විට චාම් ආදරය පිරිච්ච උත්සව තියෙනවා.
මම දැන් පුළුවන් තරම් වෙඩින් මග අරින්නෙ මහා කන්දොස්කිරියාව මැද්දෙ වාඩිවෙලා පැය ගාණක් ඉන්න බැරි කම්මැලිකමට...
Deleteකියන්න බැරි වුණා.. මේක හැබෑවටම ශ්‍රී ලංකාවෙ තමයි වුණේ... 2014.01.04 වෙනිදා..
Deleteඑහෙනම් ඔයාට අදහන්න සිද්ධ වෙනවා.
Deleteචාම් බව කියන දේ හරිම ලස්සනයි.. කවදා හරි මමත් ගන්න ආසා මෙහෙම වෙඩින් එකක් :)
ReplyDeleteතව දෙයක් මේ හිතලුවක් නෙවී නේද?
Deleteඇත්තම ඇත්ත නගා...
Deleteඔයා මනමාලි වෙන දවසට මමත් එනවා අනිවාර්යයෙන්ම...
පුබුදු සුදු මුදු විවාහ ක්‍රමයට පදනම දැම්මේ චන්ද්‍ර කීර්ති කුලරත්න කියන ශ්‍රේෂ්ට මිනිසා යි. ඊට ඔහුව මෙහෙයවූ දැවැන්ත චරිතය ගරු ඔස්කා අබයරත්න පියතුමයි. 1981 වසරේ ඉඳලා මේ දේ අප අටරේ සිදු වෙනවා. දැනට යුවල් 2000 ක් වත් මේ විදිහට විවාහ වෙලා ඇති. කිතු දන පුබුදුවේ අරමුණ නම් මේ සමාජ රැල්ල නිසා පීඩනයට පත් වෙච්ච දිළිඳු ජනතාවට සමාජමය නිදහසක් අත් පත් කර දීමයි! මේක නිකම් style එකක් නෙමෙයි. මේක කිතුනු සමාජමය වගකීමක් හැටියටයි පුබුදුව සලකන්නේ.
Delete//සරල අල්පේච්ඡ දිවි පැවැත්මක සංහිඳියාව අත්දකිනු නොහැකිව අතෘප්තිකරව ජීවිතය ලූහුබඳින මිනිස් වගට මෙවැනි ආදර්ශමත් මිනිසුන් අසිරියක් ම නොවේද? //
ReplyDeleteමිනිස්සුන්ට ඇයි බැරි මෙහෙම හිතන්න.. ඇත්තටම හරිම සුන්දරයි :)
මම මේ ගැන ලියන්න හේතුවත් ඒකමයි... මේ මහපොලවෙ මෙහෙම දේවල් වෙනව කියන එක අදහා ගන්නත් අමාරුයිනෙ...
Deleteඅනික ඉදිරියෙදි මංගල්ල ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අවම වියදමකින් ලස්සන මංගල්ලයක් කරන්න අදහසක් ගන්නත් පුුළුවන්නෙ...
මේකට මොනවා නම් කියන්නද අක්කේ.. කියන්න දෙයක් නෑ.. ඔයා දන්නවා ඉතින්.. හිතට කියන්න බැරි හැඟීමක් ආවේ කියවන් යද්දී..
ReplyDeleteමංගල්ල හීන දැක දැකනෙ ඉන්නෙ නේද?
Deleteමගෙත් ගෙදරට පැමිණීම හෙවත් හෝම් කමිං එක නම් බොහොම සරල විදිහට ගත්තා... මගුල් උත්සවය සංවිධානය කෙරෙන්නේ මනමාලිගෙ පැත්තෙන් නිසා සාමාන්‍ය මට්ටමේ උත්සවයක් තිබ්බා... ඒ වගේ තැනකදි දෙමාපියන් සහෝදර සහෝදරියන්ගේ හිත් නොරිදවා වැඩ කරන්නත් ඕනෙනේ... ඒ නිසා අපි කැමති දේවල්ම කරන්න ලැබෙන්නේ නෑ..
ReplyDeleteමේ වගේ වැඩ හැමෝටම කරන්න අමාරුයි නම් තමයි තිසර.. දෙන්නගෙ අවබෝධය වගේම පවුල්වල තේරුම් ගැනීමත් ඕනනෙ...
Deleteතමන්ගෙ තාත්තගෙ තුන්මාසෙ දානෙට දුප්පත් පවුලකට විදුලිය අරන් දුන්න සහෝදරයෙකුත් මනමාල පාර්ශවයේ ඉන්නවා....
මේවා එක්තරා විදියක සමාජීය, අධ්‍යාත්මික විප්ලව..
හරිම ලස්සන මංගල උත්සවයක්!!!
ReplyDeleteපියතුමාගේ දේශනය නම් හරිම අර්ථවත්. මේ සැබෑ සිද්ධියක් නේද? හිතාගන්ටත් අමාරුයි වගේ.
ඒ පොඩ්ඩි පියතුමාගේ දේශනය නෙවෙයි... බයිබලයෙන් උපුටා ගත් කොටසක්.. 1 කොරෙන්ති 13 පරිච්ඡේදය....
Deleteපියතුමා දේශනය කළේ ප්‍රේමය පදනම් කර ගෙන තමයි... අර්ථවත් කෙටි දේශනයක්
සරල,චාම් බව කොයි තරම් ලස්සනද කියන අර්ථවත් මංගල්‍යක්.මෙහෙම එකකට සහභාගී වෙන්න වුණත් වසනාවත් තියෙන්න ඕනේ ඇති.
ReplyDeleteඒක නම් ඇත්ත...
Deleteඒ අතින් මං හරිම වාසනාවන්තයි.. සරල සුන්දර මිනිසුන් මහා පිරිසක් ඇසුරු කරන්න ලැබිල තියෙනවා...
//සරල අල්පේච්ඡ දිවි පැවැත්මක සංහිඳියාව අත්දකිනු නොහැකිව අතෘප්තිකරව ජීවිතය ලූහුබඳින මිනිස් වගට මෙවැනි ආදර්ශමත් මිනිසුන් අසිරියක් ම නොවේද? // සත්තකින් ම ඔව් තරූ.
ReplyDeleteඇත්තටම... මේවයි ඓශ්චර්යයන්.....
Deleteඋපනුපන් පරම්පරා ගාණක් ණයකාරයො කරල, දුප්පතාව තව තවත් අගාධයට ඇද දාල කරන දේවල් නෙවෙයි...
මේ කාලේ ඔය වාගේ මංන්ගල උත්සවයක් අහන්ඩත් පුදුම හිතෙනවා. අද කාලේ කරන්න හදන්නේ දෙවන මනාල මනමාලියෝ අසූවකට වඩා වැඩියෙන් දාගෙන ලොකු හෝටලයක ගන්න මඟුල් නෙහ්..
ReplyDeleteඒ නව යුවලට නිදුක් නිරෝගී වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා !!
මේ ලියන රටාව මරු. මංජුල වෙඩිවර්ධනගේ පොතක් කියවන්නා වගේ. ලස්සනයි..
''ඒ නව යුවලට නිදුක් නිරෝගී වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා !!..''
Deleteස්තුතියි මල්ලි සුබපැතුමට.. ඔයාගෙ වෙඩින් එකත් මෙහෙම ගමු ද?
ශා... මරු අදහසක් !
Deleteබොහෝ කලකින් ආවත්, මේ ලිපිය කියවා හිත පහන් වුනා. මෙලෙස සිතන තරුණ පිරිසක් සිටින එකත් භාග්‍යයක් මේ රටේ. බොහෝමයක් පිරිස මේවා ගැන වගක් නෑ. ඇත්තටම වටිනවා මේ අදහස්
ReplyDeleteපාපැදියකින් වැඩට යන්න කැමති වෛද්‍යවරියක් මෙවැනි සරල සරණ බැදුමක් ගැන හිත පහන් වීම පුදුමයකුත් නෙවෙයි...
Deleteඔයත් එවැනිම වටිනා තරුණියක් තමයි නංගි ....
මහ හයියෙන් හිනාවෙන්නෙ මහ හයියෙන් හඩන මිනිස්සු තරු..!
ReplyDeleteඒක ඇත්ත.... ජීවිතයෙන්ම අත්දකිමි..
Deleteවිය යුත්තේ මෙයයි. රටට නය වෙලා සෝබන කරලා මගුල් නටනවාට වැඩිය මෙවැන්නක් කරන්නන් සැබෑ මිනිසුන්.
ReplyDeleteණයවීම.. වගේම අර්ථයක් නැති නාස්තිය...
Deleteඒ සියල්ලෙන් බැහැර වුණු මේ මංගල්‍යය ආදර්ශයක් අපි හැමෝටම
හුඟක් වටිනා කතාවක්
ReplyDeleteමමත් මේ විවාහ උත්සවයට සහබාගි උනා. මනමාල මහතාත් මනමාලි මහත්මියත් මේ සඳහා විශාල කැපකිරීමක් කරලා තියෙනවා. කතාව මගේ FB එකෙත් share කලා
සහභාගි වූ කෙනෙක් අදහස් දැක්වීමත් අගෙයි.. මෙය ප්‍රබන්ධයක් නොවන බව පැහැදිලි වෙනවනේ එයින්...
Deleteබොහොම ස්තුතියි...
මම මාධව මගේ විවාහය කිතු දන පුබුදු සුදු මුදු විවාහයක්. 2002 ඔක්තෝම්බර් මාසයේ 19 දින. දෙපාර්ෂයේම සියලු කටයුතු සඳහා වියදම රු 85000.00 ක ටත් අඩුවෙන්. සංග්‍රහය සංවිධාන දෙපාර්ෂවයේ පුබුදු සංඝයෙන්. මල් සැරසිලි සියල්ල නෙලුම් හා සුදු අරලිය මලින්. මම ජාතික ඇඳුමින් බිරිඳ සුදු ඔසරියෙන් හරිම සුන්දර ඒත් ගාම්භීර මොහොතක්.
ReplyDeleteකිතු දන පුබුදු සුදු මුදු විවාහයේ අවස්ථා කීපයක් කැමරා ඇසින් https://plus.google.com/photos/103887811783849485618/albums/5966507670663376529?authkey=CP7Z2-r2p-e0Dg
ඇඳුම් සඳහා වියදම රු.1800.00 දෙදෙනාගේ මුදු සඳහා වියදම රු.300.00යි
Deletevery good Madhawa... oba wage aya samajayata, visheshayen katholica sabavata adarshayak... jesu pihitai...
Deleteස්තුතියි! ජෙසු පිහිටයි!
Delete-මාධව
බෙහෙවින් ස්තුතියි අදහස් දැක්විම ගැන... විවාහ මංගල්‍යය ගැන හිත කරදර කර ගනිමින් වෙහෙස වෙන බොහෝ දෙනෙකුට මේ විවාහ උත්සව ආදර්ශයක් වේවා..
ReplyDeleteවඩා වැදගත් වෙන්නෙ මුදුවේ වටිනාකම කෙවෙයි, ආදරය සහ තේරුම් ගැනීම නේද?
ඡායාරූප ටිකත් නැරඹුවා ලස්සනයි... සරලයි...
සැබෑවක් මුදුවේ ආර්ථිකමය වටිනාකම අඩු වූ තරමට එහි අධ්‍යාත්මික වැඩි වේ යයි අපේ මතය. නැතිනම් එය අපේ අතේ හදවත හා බැඳී ඇඟිල්ලේ තිබෙන කාලයට වඩා කාලයක් බැංකුවේ තියෙන කාලයක් නිසයි මම එය සඳහන් කලේ. වඩා වැදගත් ඒ හා බැඳී අධ්‍යාත්මික වටිනා කමයි. -- මාධව
ReplyDeleteබොහොම හොඳ කියමනක්!
Deleteමේ දැන් තියෙන ජහුටා වෙඩින්ග්ස් දකිනකොට...මම මේ කියවන්නේ තරු දැකපු හීනයක්ද කියලා හිතුනා..ඔවුන්ට මගේ උනුසුම් සුබ පැතුම් දෙන්න.
ReplyDeleteමගේ හීනයක් නොවන බව පැහැදිලියි නේද? මේ විවාහ මංගල්‍යයට සහභාගි වූ කෙනෙකුත් අදහස් දක්වල තියෙනවනේ....
Deleteනව යුවළත් මේ ලිපිය දකින නිසා අනිවාර්යයෙන්ම ඔබේ සුබපැතුම ඇස ගැසේවි.. ස්තුතියි ඔබට..
me wedding eke photo ekak obata beleemata me sight ekata yanna
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=779687122043176&set=a.629557903722766.1073741826.100000056871042&type=1&theater
https://www.facebook.com/supun.chanaka.98/media_set?set=a.381848935158703.100705.100000007983944&type=3
ReplyDeletehttps://www.facebook.com/profile.php?id=1234453349&sk=photos&collection_token=1234453349%3A2305272732%3A69&set=a.2688311367051.2105937.1234453349&type=3
This comment has been removed by the author.
ReplyDeletemama dekka hodama godak cham sudu mudu wiwaha mangalaya tama thabarawila sangaya taruna nayakayattaya gatta WASANTHA AIYYA ge sha ROSY AKKA ge mangalaya.mama danna wihitiya ta wasantha aiyya ta hoda loketa pennen lassan mangalayak ganna thibuna namuth aiyya hema nokara sarala cham mangalyak gatte.jesu phitai
ReplyDeleteආගම මොකක් වුණත් එහෙම සරල ව විවාහ වෙන අය අතරින් පතර ඉන්නවා අක්කේ.. හරිම ආදරයක් ඇති වුණා මේ ලිපිය කියවද්දි ඒ යුවළ ගැන.එහෙම අයට දෙවියොත් ආශිර්වාද කරනවා.අපේ අම්මයි තාත්තයිත් විවාහ වෙද්දි උත්සව අරන් නැහැ.ඒ දෙන්නට වෙඩින් ෆොටෝස් නැහැ.මුදු නැහැ.ඒත් මං දැක්ක ආදරෙන්ම ඉන්න දෙන්නා තමයි ඒ..
ReplyDeleteහරිම අපූරුයි අක්කෙ!
ReplyDeleteIncrease your blog stat using >> RED FEED >>
ReplyDelete