පිටු

Thursday, January 16, 2014

හිම බිඳිති... හිම බිඳිති .... සුදු මොට්ටු මල් කිනිති...

 

මගේ හිම මල් යාය ගැන කිව්වට පින්තූරයක් ගන්න බැරි වුණානෙ..

මේ තියෙන්නෙ අන්තර්ජාලයෙන් සොයා ගත් පින්තූරයක්..... 

මේ වගේ එක පොකුරට, එක යායට සුදු මොට්ටු මොට්ටු මල් පිපුණම කොයි තරම් ලස්සනක් තියේවි ද? 

අපි පොඩිසිඤ්ඤමරං කියල කියනවා.. දනපති නට්ටං කියලත් කියනවා.. ලොක්කන් නට්ටං කියලත් කියනවලු...

ඒ කාලෙ දනපති නට්ටං ලොක්කං නට්ටං කරල වැඩ පෙන්නුවාද  දන්නෙ නෑ.. 

දැන් නම් හ එළියෙ සිල් ගත්ත උවැසියක් ගානයි... 


17 comments:

  1. ඇත්තටම ලස්සනයි.
    ඔය මල් යායට පිපිනහම කොහොමද කියලා හිතාගත්තෑකි.
    ලස්සන මල් යායක්, සුන්දර විදිහට හිතන කෙනෙක්ගේ නෙත ගැටුනහම කොහොමද කියලා කලින් කවි පෙලෙන්ම හිතා ගන්න පුලුවන්.

    ReplyDelete
  2. ඇත්ත 4ටෝ එකක් තිබුණා නම් මරු.....

    ReplyDelete
  3. හරිම ලස්සණයි. හිම මල් කීවා නම් හරි.:)

    ReplyDelete
    Replies
    1. ''හිම මල්'' ලස්සන නම...

      Delete
    2. හිම මල් කියලා කියන්න අමාරු නිසා හිමාලි කියමුද? යායට පිපුනාම හිමාලියා කියමු.

      Delete
  4. සොබාදහම කියන්නේ කොහොමත් හිත නිවන තැනක්

    ReplyDelete
  5. මම මේ මල් දන්නවා. මම හිතන්නේ අපි කිව්වේ ගඳපාන මල් කියලා වෙන්න ඕනේ. ඒවයේ කටු නැති හින්දා අපි ඉස්සර පොඩි කාලේ මේ ගස් කපන්නත් යනවා.

    ReplyDelete
    Replies
    1. ගදපාන කියලත් අපේ පැත්තෙ කියනව තමයි...

      Delete
  6. දැකලා තීනවා.. ඔය වගේම මල් ජාතියක් මෙහෙත් තියෙනවා.. මම දාපු ෆොටෝ වගයක ඇති මං හිතන්නේ ඒවා..

    ReplyDelete
  7. ඔහොම මල් වර්ගයක් මාත් දැකල තියනවා. අපි ඒවාට කිව්වේ ලෝකපාලු කියල. මේ ඒවා නෙවෙයිද මන්දා.. ඒවායේ කෝටුවක් හෙම ඇනුනොත් හරි විසයි ලු. නමුත් අතක් පයක් කැපුණු වෙලාවක කොළ ටිකක් හපල තිබ්බම ලේ එන එක නවතිනවා.

    ReplyDelete
  8. මම හිතන්නේ මේ ජාතිය වල්පැලෑටියක් කියලා නේද කියන්නේ....

    ReplyDelete
    Replies
    1. වල් පැළැටියක් තමයි.. කැලේට වැවිල තියෙන්නෙ... තිසර හිතුවෙ මගේ මල් වගාවක් කියලද? මට මල් වවන්න වෙලාවක් නැහැනෙ.... තියෙන මල් ටිකත් ලොකු නංගි ඉන්දපු ඒව තමයි...

      Delete
  9. මේ මල් මාත් දැකලා තියනවා . අපි පොඩි කාලේ මට මතකයි මේ පොට්ටු පොඩි කරනවා එතකොට පොඩි සද්දයක් එනවා .

    ReplyDelete
  10. ලස්සනයි තරෑ! අපි පොඩි කාළේ අපේ ගෙදර දෙපැත්තෙම ඉඩම් වල ගෙවල් තිබුනේ නෑ. තිබුනේ ලඳු කැලෑ. ඒ අතරත් මට මතකයි තාත්තලා කියනවා පොඩිසිඤොමරං කියලා පඳුරැ විශේෂයක් තියෙනවා කියලා. ඒ පඳුරැනම් වඳ කරන්න බැරිව කොන්ක්‍රීට් පවා පලාගෙන යන ශාඛයක්. ඒවයේ මල් ගැනනම් මතකයක් නෑ. ඔයා කියන්නටත් ඒකමද දන්නෑ.
    කෙසේ වෙතත් ඔබට ජය!!

    ReplyDelete
  11. පොඩි සිඤ්ඤෝ මරං.....ධනපති නට්ටං...ලොක්කන් නට්ටං.....ලෝක පාලු....ගඳපාන......හිමමල්....හිමාලි...

    මලට මල පනියි මෙච්චර නම් තියෙනවා කියලා දන්නවා නම්.

    ReplyDelete
  12. ලස්සනයි ඇත්තෙන්ම...

    ReplyDelete
  13. ඇත්ත ෆොටෝ එකකුත් දාන්න අක්කේ. ඕවා කැලේ වගේ වැවුනම දනපතියොත් නට්ටන් වෙනවද දන්නේ නෑ වඳ කරගන්න බැරුව

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...